මිනිස් මනස හැක් කිරීම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මිනිස් මනස හැක් කිරීම

ඉදිරියේදී ඕනෑම පුද්ගලයකුගේ මොලය හා මනස ආක්‍රමණය කර එය පාලනය කිරීමට හැකි ක්‍රමවේදයක මුල් අධියරේ පරීක්ෂණ සාර්ථක වී ඇති බව කැලිෆෝර්නියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් හෙළිකර තිඛෙනවා.

ඔවුන් එය පරිගණක භාෂාවෙන් අර්ථ දක්වා ඇත්තේ මිනිස් මනස හැක් කිරීමක් ලෙසයි. සිරුරට කිසිවක් සම්බන්ධ කර නොතිබියදී ඕනෑම අයකුගේ මොළයේ පාලනය හිමි කර ගැනීමට මෙයින් හැකියාව පවතින බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙම පරීක්ෂණය සිදුකර තිබුණේ මීයන් යොදා ගනිමින්. එහිදී විදුලි ආලෝකය මුල් කර ගනිමින් හා ඇල්ගී වර්ගයක් භාවිතා කරමින් එම මීයන්ගේ මොළයේ පාලනය සියතට ගැනීමට පර්යේෂකයින් සමත්ව තිබුණා.

ඒ අනුව විධාන හරහා එම මීයන් ක්ෂණිකව නිදි ගැන්වීම හා ඔවුන් අප්‍රිය කරන ආහාර පවා අනුභවයට සැලැස්වීම මෙහිදී සාර්ථකවූ පර්යේෂණ අතරට ඇතුලත්. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේදී පර්යේෂණ සදහා යොදාගත් මීයන්ගේ මොළයට විවිධ හානිකර තත්ත්වයන් ඇතිව තිබූ බවයි පැවසෙන්නේ. එබැවින් එම හානිකර තත්ත්වයන් මැඩලමින් ඉදිරියේදී මිනිස් මනස හා මොළය හැක් කළ හැකි අනාගතයක් බිහිවනු ඇති බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා හෙලිකර තිඛෙනවා.

එය සාර්ථක වුවහොත් දරුණු පරාධකරුවන්ගේ සැලසුම් අනාවරණ කර ගැනීම ආදියේදී වාසි අත් වන අතර ලෝකයේ පුද්ගලිකත්වයටද සීමා මතුවනු ඇති. එසේම අපරාධකරුවන් අතට එම තාක්ෂණය අත්වුවහොත් බරපතල තත්ත්වයන්ද ඇති විය හැකි බවයි පර්යේෂකයන් ඉගි කරන්නේ.

MjgzNDI1Ng.png


MjgzMzYyMw.jpeg


3AEEFE6A00000578-0-The_group_used_a_wireless_power_system_to_switch_the_implants_on-a-27_1480613414779.jpg


lankaanews
 
  • Like
Reactions: jempyz

ddr5

Member
Jul 31, 2015
52
4
0
Colombo
Man helmot 2 order kara, Tax gahanna , ganan yanna kalin.

:P:P:P
 

Attachments

  • 02061c70732f2dc13a22ea049f99db08.jpg
    02061c70732f2dc13a22ea049f99db08.jpg
    35 KB · Views: 59
  • 1073482938-x-men_L03.jpg
    1073482938-x-men_L03.jpg
    24 KB · Views: 51

Similar threads