මිනිස්_බෝම්බයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිනිස්_බෝම්බයක්

මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා



suicide-bomber_gg63398784.jpg



දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය​.


ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය​.


මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි.


මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය​. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්‍ෂිත බවින් ඔහු පීඩා වින්දේය​. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය​. මේ නිසා වයස නවය වන විට ඔහුගේ මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය​.


ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙයි. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල වැඩිහිටි භික්‍ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ.


හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්‍ෂිතිමය අත්දැකීම් නිසාද ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ.


විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි.


මෙම පුද්ගලයාගේ ජීවිත කතාව ඇසීමෙන් පසුව බුද්ධාගම බේරා ගැනීම පිණිස කියා බුදු මගට නොගැලපෙන ලෙසින් ඉතා ප්‍රචණ්ඩ අයුරින් මිනිසුන්ට පහර දීමට යන , කුණුහරප කියන , ගිනි තබාගෙන මිය යන බවට වහසි බස් කියන කසාවත් හැඳියන් ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මොවුන් ළමා කාලයේ මහණව ලිංගික අපයෝජන වල වින්දිතයන්ව තම ක්‍ෂිතිමය අත්දැකීම් සමාජයට ප්‍රක්‍ෂේපණය කරන්නන් බව මගේ සිත කියයි. එම චිත්තය බොදු විරෝධී චිත්තයක් නොවන බව මම දනිමි. එහෙත් ළමා මහණ කිරීම් විසින් උද්ගත කරන සමාජ ශාසන විලෝපනය ගැන බොදුනුවන් විසින් මහත් ගැඹුරින් සලකා බැලිය යුතු බව මම පවසමි.




වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොහෙන් පටන් අරන් කොහෙන්ද ඉවරවුනේ. දෙමව්පියන්ගේ වරදට ඇයි චීවරයට බනින්නේ?


කොහෙද බන් චීවරයට බැනල තියෙන්නේ. චීවර පොරවගත්ත චිවරධරින් විසින් කරපු ලිංගික අඩත්තේට්ටම් පෙන්වා ඇත.

දැන් දෙමවුපියන්ගේ මතටම වරද පටවනවද ?
 
Last edited:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝහෙත් නරක අය ඉන්නවා. මේක ලියපු කෙනා එක් සිද්දියක් මුල්කරගෙන ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. හරියට එකෙක් පිහියෙන් ඇනල මැරුවට, පිහි එපා ඒවා දරුණුයි පාවිචි කරන්න එපා වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ.
    හාමුදුරු පුක්ෂණයට අමතරව හමුදා පුක්ෂණය ගැන ඇයි ඔහු කටකරන් නැත්තේ. හමුදාවටත් බැදෙන්න එපා කොලුකාරයෝ ඉන්නව කියල දැම්මනම් ආටිකල් එක සාධාරණයි.



    රෙප් කපන්න තරම් ෆුක රිදුම් දේ ද මෙතරම්?? :rofl::P
    මිනිස්_බෝම්බයක් 08-19-2016 03:11 PM Ane Gono
    මිනිස්_බෝම්බයක් 08-19-2016 02:51 PM pala arabi wahallu. gode ponnayo
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කෝහෙත් නරක අය ඉන්නවා. මේක ලියපු කෙනා එක් සිද්දියක් මුල්කරගෙන ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. හරියට එකෙක් පිහියෙන් ඇනල මැරුවට, පිහි එපා ඒවා දරුණුයි පාවිචි කරන්න එපා වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ.
    හාමුදුරු පුක්ෂණයට අමතරව හමුදා පුක්ෂණය ගැන ඇයි ඔහු කටකරන් නැත්තේ. හමුදාවටත් බැදෙන්න එපා කොලුකාරයෝ ඉන්නව කියල දැම්මනම් ආටිකල් එක සාධාරණයි.



    රෙප් කපන්න තරම් ෆුක රිදුම් දේ ද මෙතරම්?? :rofl::P
    මිනිස්_බෝම්බයක් 08-19-2016 03:11 PM Ane Gono
    මිනිස්_බෝම්බයක් 08-19-2016 02:51 PM pala arabi wahallu. gode ponnayo


    එහෙම උනොත් මේක ගොතපු කතාවක් වෙනවා. මෙය සත්‍ය සිද්දියක් .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය වගේ දේවල් හමුදාව, පන්සල්, පල්ලි වල වෙනව. ඒ විතරක් නෙමේ තමන්ගෙම ගෙදරදීත් ලමයින්ට මේ වගේ දරා ගත නොහෑකි දේවල් වෙනව. මේකට තියෙන විසදුම දඩුවම් වෑඩි කිරීම සහ දෑනුවත් කිරීම. ඉස්සර ට්ව් එකේ ඈඩ් එකක් ගියා මතකද ලමයින්ට ගහනව නම් හිරිහෑර කරනවනම් කෝල් කරන්න නම්බර් එකක් දාලා. ඒ වගේ වෑඩසටහනක් දරුනුවට ගෙනියන්න ඔනේ. මේ වගේ සීන් එකක් ඈමරිකාවේ පල්ලි වල වෙලා ඒකට විරුද්දව මාදය වේදියො සෙට් එකක් ගේම අරන් ගිහිල්ල හෙන වන්දි සීන් එකක් ගියා. ඒ ගෑන ෆිල්ම් එකකුත් ආවා. එහෙනම් ඉතින් ඒ මාදය සෙට් එක ජාතිද්‍රහියො වුනේ නෑ. වෑරදි කරපු අයට දඩුවම් ලෑබුනා
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පල්ලිය තුලත් ළමයින් ලිංගික අපයෝජනයට ලක් වෙනවා, කෝවිල් වලත් මේවා වෙනවා. අප එලිපිට ආගමික නායකයන් කරන අපයෝජනයන් හෙලිකල යුතුයි. සඟවාගෙන සිටීමෙන් වන්නේ ප්‍රශ්නය තීව්‍ර වීමයි
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Meka mage yaluwek mahana una ema himayanath mey dewal warin berila inna sidda una nokiwata sasanaya dan pihirila okkama hema naha eth mita wada api sitha baliya uthui siyalu sanskarayan anthiyai
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    1 : පන්සල් ,හෝ පල්ලි වේවා මහන දිවියට ඇතුලුවෙන කුඩා දරුවන් අනාරක්ෂිතය. බොහෝවිට ඔවුන් මහන කරන්නේ දුගී නුගත් දෙමවුපියන්ය. එබැවින් ඔවුනට තම දරුවන්ගේ ආරක්‍ෂිතභාවය විමසා බලන්නට තරම් බුද්දිමත් නුවනක් නොමැත. මේ පිළිබඳව මුලිකවම මැදිහත්විය යුත්තේ බුද්ධ සාසන අමාත්‍යංශය වේ. පල්ලි සම්බන්දව ඒ ඒ අමාත්‍යංශය වගකීම් දැරිය යුතු වේ.

    අද මහන වෙන බහුතරය සංසාරයේ අනිත්‍ය දැක මහන දම් පුරන අය නොවන බව අප වටහාගත යුතුය. මා අසා ඇති ආකාරයට අතීතයේදීත් බුදුරජාණන් වහන්සේ තරුණ බික්ෂුන්ට යම් නිතියක් පනවල තිබ්බ වැඩිහිටි බික්ශුන්න් සමග එකම කාමර වල රාත්‍රිය ගත නොකරන ලෙස. ( මගේ මතකයේ ඇති අයුරින් ) අපි පොඩි කාලේ පවා සමාජය ළමයකුගේ ආරක්‍ෂිත තත්වය මැන බැලුවේ ගැහැණු දරුවකු නම් පමණකි. පිරිමි දරුවන් නොසලකා හරින ලදී.

    ( මා මෙතනින් අදහස් කරන්නේ සියලුම පන්සල් වල හෝ පල්ලි වල ළමා අපචාර සිදුවන බවට නොවේ. )