මිනිස්_බෝම්බයක්
මිනිස් බෝම්බයක් වීමට උත්සහ කල සොල්දාදුවා
දුස්සාධ්‍ය විශාදයෙන් පෙළුණු එක් සොල්දාදුවෙකු මා වෙත පැමිණ ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වී සතුරා නැසීමට අවශ්‍යයි කියා ඒ සඳහා ඔහුව හමුදාපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලීමක් කලේය.
ශ්‍රී ලංකා යුද හමුදාව අන්තර් ජාතික යුද නීති වලට අනුව ක්‍රියා කිරීමට බැඳී තිබෙන නිසා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම හමුදාව විසින් නොකරන බව කියා මම ඔහුට පිළිතුරු දුන්නෙමි. එහෙත් මෙම සොල්දාදුවා මට පෙරැත්ත කරමින් ඔහුට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීමට අවශ්‍ය බව කීවේය.
මෙවැනි චිත්තයක් ඔහු තුල පහළ වූයේ දේශප්‍රේමය නිසාද නැතහොත් වෙනත් හේතුව නිසාද කියා බැලීම සඳහා මම එකී සොල්දාදුවා සමග කතා බහ කොට ඔහුගේ තොරතුරු විමසුවෙමි.
මෙම පුද්ගලයා උපත ලබන්නේ ඉතා දිලිඳු පවුලකය. පියා මධුලෝලියෙකි. පියා නිතරම ළමුන් ඉදිරියේ ඉතා බරපතල ලෙසින් බිරිඳට පහර දෙයි. මේ නිසා කුඩා කාලයේ සිට දරිද්‍රතාවයෙන් සහ අනාරක්ෂිත බවින් ඔහු පීඩා වින්දේය. සමහර විට නිවසේ කෑමට දෙයක් පවා නොවීය. මේ නිසා වයස නවය වන විට ඔහුගේ මව ඔහුව පන්සලට භාර දෙන්නේ කෑම ටික හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනය.
ලාබාල වයසේ මහණ වූ මෙම පුද්ගලයා පන්සලේදී වැඩිහිටි භික්ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක්වෙයි. ඔහු පැවසූ පරිදි සමහර රාත්‍රී වල වැඩිහිටි භික්ෂූන් අට දෙනෙකු පමණ ඔහුව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. මෙසේ ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙමින් වසර ගනනාවක් ඔහු පන්සලේ කාලය ගත කරයි. වසර දහ අට වන විට මෙම පුද්ගලයා උපැවිදිව හමුදාවට බැඳේ.
හමුදාවේදී ඔහු අන්‍ය සොල්දාදුවන් සමලිංගික ක්‍රියා සඳහා යොමු කරවා ගැනීමට උත්සහ දරයි. මේ නිසා ඔහුට රාජකාරිමය වශයෙන් ආතති තත්වයක් ඇතිවේ. මෙසේ වසර කීපයක් ක්‍රියාන්විත ප්‍රදේශ වල රාජකාරී කරන විට යුද ආතතිය නිසාද ළමා කාලයේ අත් දුටු ක්ෂිතිමය අත්දැකීම් නිසාද ඔහු තුල විශාදය හට ගනියි. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රතිකාර නොලැබේ.
විශාද තත්වය යටතේ ඔහු ක්‍රියාන්විත රාජකාරී කරයි. මේ හේතුවෙන් වරක් බංකරයකදී තම අවියෙන් ඔහු වෙඩි තබා ගැනීමට උත්සහ දරයි. නමුත් වෙනත් සොල්දාදුවෙකුගේ මැදිහත් වීමෙන් එය වැලකේ. අණතුරුව මෙම පුද්ගලයා යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුව වෙත යොමු කරනු ලබයි.
මෙම පුද්ගලයාගේ ජීවිත කතාව ඇසීමෙන් පසුව බුද්ධාගම බේරා ගැනීම පිණිස කියා බුදු මගට නොගැලපෙන ලෙසින් ඉතා ප්රචණ්ඩ අයුරින් මිනිසුන්ට පහර දීමට යන , කුණුහරප කියන , ගිනි තබාගෙන මිය යන බවට වහසි බස් කියන කසාවත් හැඳියන් ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මොවුන් ළමා කාලයේ මහණව ලිංගික අපයෝජන වල වින්දිතයන්ව තම ක්ෂිතිමය අත්දැකීම් සමාජයට ප්රක්ෂේපණය කරන්නන් බව මගේ සිත කියයි. එම චිත්තය බොදු විරෝධී චිත්තයක් නොවන බව මම දනිමි. එහෙත් ළමා මහණ කිරීම් විසින් උද්ගත කරන සමාජ ශාසන විලෝපනය ගැන බොදුනුවන් විසින් මහත් ගැඹුරින් සලකා බැලිය යුතු බව මම පවසමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග