මිනිසාගේ_ඉදිරි_පරිනාමය

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මිනිසාගේ_ඉදිරි_පරිනාමය

    මිනිසාගේ ඉදිරි පරිනාමය කොහොම වෙයිද?​

    (මුලින්ම කියන්න ඕනේ ඔබ යම් ආගමික විශ්වාස මත පරිනාමවාදය බැහැර කරන කෙනෙක් නම් මේක කියවා කාලය නාස්ති කරගන්න එපා.
    මොකද කොච්චර සාක්ෂි සාධක නවීන විද්යාවෙන් ඉදිරිපත් කරත්, ඔබේ මනස අවුරුදු දෙතුන් දාහක් පරණ ලියවිලි වල තිබු පැරණි මත ඉවත් කිරීමට බැරි ලෙස ශෝධනයට ලක්වී තිබීම.:rolleyes::rolleyes::rolleyes::yes: )


    අද ගොඩ දෙනෙක්ගේ පිළිගනිම තමයි මිනිසා වානරයාගෙන් පරිනාමය වුනා කියන එක.
    පරිනාමවාදය මිලින්ම ඉදිරිපත් කලේ චාල්ස් ඩාවින් මීට අවුරුදු එකසිය පනහකට විතර කලින්.
    ඒ කාලේ මිනිස්සු ඔහුට හිනාවුනත්, දැන් අවුරුදු එකසිය පනහකට පස්සේ ඔහු එදා කියපු හැම
    දේම ඇත්ත බවට පිළිගන්න ශාක්ෂි ඕනේ තරම් ලැබිල තියනවා. ඒ ගැන සාකච්චා කිරීම නෙවෙයි මේ ලිපියේ අරමුණ
    මිනිසා කියන්නේ ඒකජ සයිලයක් පහු ගිය අවුරුදු බිලියන ගණනක පරිනාමයේ අග්‍ර ප්‍රතිපලයක්.
    එත් මිනිස්සු පරිනාමය වෙන එක දැන් නැවතිලාද? නැහැ ,
    මෙතන තියෙන්නේ අනාගතයේ මිනිස්සුන්ට සිදු විය හැකි පරිනාමිය වෙනස් කම් කිහිපයක්.
    මේවා හරියටම මේ අයුරින්ම වේවි කියල කාටවත්ම කියන්න බැහැ ,
    එත් ජාන විද්යාවේ ඇතිවී තිබෙන දියුණුවත් එක්ක,
    එම විද්ද්යාඥයින් අනාගත මානව පරිනාමය ගැන දල අදහසක් දීල තියනවා.​



    1. වෙනස් මිනිස් ජාතින් එකම ජාතියක් වීම

    face.jpg


    අද ඉන්නවා විවිධ ජාතින්, කොකේසියන් ( සුදු ) , නිග්‍රෝ ( කළු) මොන්ගොලොයිඩ් ( චීන , ජපන් ) ,
    මේ ජාතීන්ගේ පෙනුම එකිනෙකාට වෙනස්. අතීතයේ විවිධ දේශගුණ තත්ත්ව සහ භෞතික තත්ත්ව නිසා එම පරිසරයට උචිත ලෙස හමේ වර්ණය වැනි දේවල් වෙනස් වුනා. මේ ජාතින් අතර අවාහ විවාහ සිදු වුනේ ගොඩක් කලාතුරකින්. එත් අද තත්වය වෙනස් , ගොඩක් රටවල බහු සංස්කෘතික පසුබිම නිසා ජාතින් අතර අන්තර් සම්බන්ධතාවය ගොඩක් වැඩි වෙලා, පහුගිය අවුරුදු සිය ඇතුලත විතරක් සැහෙන ආකල්පමය වෙනසක් වෙලා . අද ඇමරිකාවේ සුදු හා කළු විවාහ පුදුමයක් නෙවේ. සමහර මිනිස්සු දැක්කම ඔහු සුදුද , කළුද? නැත්තන් චීන ද? ඉන්දියන් ද? නැත්තන් මේ ඔක්කොගෙම ගේම මිෂනයක්ද කියල කියන්න බැරි තරන් වෙනස්. (උදාහරණයක් : අර රෙස්ලින් ගහන , ෆිල්ම්ස් වල ඉන්න "ද රොක්" :rofl::rofl:)
    ඉතින් තව අවුරුදු දහ දාහකින් විතර සියලු මිනිස්සු එකම ජාතියක් වේවි. සුදු, කළු චීන , හැම ලක්ෂණයක්ම ඔවුන්ට පිහිටාවී.

    2. ප්‍රතිශක්තිය අඩු වීම

    getty_rf_photo_of_sick_boy_with_thermometer.jpg


    මිනිස්සු අද හැම පොඩි ලෙඩටම බෙහෙත් වර්ග පාවිච්චි කිරීම නිසා, ස්වාභාවිකවම මිනිස් සිරුරේ තියන ප්‍රතිශක්ති පද්ධතියෙන් වැඩක් ගන්න එක එන්න එන්න අඩුවෙයි කියල තමයි කියන්නේ. වැඩක් ගන්න එක අඩු නිසා එය ක්‍රමයෙන් දුර්වල වෙලා යයිලු.

    3. ශරීර ශක්තිය හීන වීම

    the_dramatic_decline_of_the_modern_man.jpg


    අද මිනිසුන් තමන්ගේ එදිනෙදා වැඩ වලට ශරීර ශක්තිය යොදන්නේ ගොඩක් අවමයෙන්. ඉස්සර මිනිස්සු මහන්සි වෙලා වැඩ කල නිසා ඔවුන්ට ශරීර ශක්තිය අවශ්‍ය වුනා. අද ගොඩක් දේවල් කරන්නේ යන්ත්‍රානුසාරයෙන්, අනාගතයේ මිනිසුන්ට මේ නිසා ශරීර ශක්තිය තිබීම ජිවත් වීමට අවශ්‍ය අංගයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා ශරීර ශක්තිය අදටත් වඩා ගොඩක් අඩුවෙයි කියන එක තමයි මතය.

    4. උස වැඩි වීම

    colossus-of-rhodes-16.jpg


    පහුගිය ශත වර්ෂ දෙකේ මිනිසුන්ගේ සාමාන්‍ය උස සෙන්ටි මීටර 10කින් පමණ වැඩි වෙලා තියනවා. එකට හේතුව පෝෂණ තත්වයන්ගේ උසස් වීම ,
    මිනිසෙක් උස යන්නේ ඔහුගේ පළමු අවුරුදු 20 තුල පමණයි. එනිසා ළමා කල පෝෂණය වැඩිවීමෙන් උස යාමේ හැකියාව වැඩි වෙනවා, අනාගතයේ මිනිසාගේ ශක්තිය අඩු වුනත් උසින් වැඩි වේවි යයි විශ්වාස කරනවා. එහෙම උනා කියල හිතන්න එපා යෝධයන් වගේ අඩි සීය දෙසිය උස යයි කියල. පොලවේ ගුරුත්වය එක්ක ගොඩබිම ජිවින්ට ලගා කරගත හැකි උපරිම උසක් තියනවා. මිනිසාගේ අට සැකිල්ල අනුව සමබරව සිටීමට උපරිම උසක් තියනවා. මේ හැම දේටම අනුව ඉදිරි අවුරුදු දස දහස ඇතුලත මිනිසුන් ගේ සාමාන්‍ය උස වැඩි වේවි.


    5. රෝම රහිත වීම

    chest-hair-121009.jpg


    මිනිසාගේ සිරුරේ රෝම ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා, සිත දේශගුණයන්ට ඔරොත්තු දීමට රෝම තිබුනත් අද ඇදුම් මගින් ඒ අවශ්‍යතාවය ඉටු වෙනවා, තියන රෝම ටිකත් ලිංගික ආකර්ෂණය වැඩි කරගැනීමට ඉවත් කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්. ඒ රෝම කියන දේ මිනිසාට අනවශ්‍ය දෙයක් වී එය නැත්තටම නැති වී යා හැකි බවයි මතය.


    6. මොලයේ ඇතිවන වෙනස් කම්.

    image-memory.jpg


    ඉස්සර මෙන් නොව, දැන් අපිට යමක් මතක් කරගැනීමට අවශ්‍ය නම් , තොරතුරක් අවශ්‍යනම් කෙලින්ම අන්තර්ජාලයේ ඒ සියලු දේ තිබෙනවා.
    මිනිස් මොලයට සියලු දේ මතක තබා ගැනීමේ අවශ්‍ය තාවයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී මිනිසාගේ මතක ශක්තිය අඩු වේවි.
    එත් අද සමාජය ඉස්සර වගේ සරල එකක් නෙවෙයි, තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉතා සංකීර්ණ දේවල් අපෙ මොලයට විශ්ලේෂණය කරන්න වෙලා තියනවා. කුඩා දරුවකුට ලැබෙන සෙල්ලන් බඩුව පවා ඉතා සංකීර්ණ වෙලා. ඒ නිසා අනාගතයේ මොලයේ විශ්ලේෂණ හැකියාව දියුණු වී , මතක තබා ගැනීමේ හැකියාව අඩු වේවි කියන එක තමයි මතය.

    7. දත් කුඩා වීම

    wisdom_teeth_extracted_by_pompay-d2yo8th.jpg


    ෆොසිල සාක්ෂි අනුව පහුගිය අවුරුදු 100000 ඇතුලත මිනිසුන්ගේ දත් වල ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙන බව තමයි හොයාගන තියෙන්නේ. අනාගතයටත් මේක මෙහෙමම වෙයි. මොකද දැන් මිනිසුන් සකස් කල ආහාර ගැනීමට පුරුදු වී ඇති නිසා ආහාර කොටස් හැපීමට ඇති අවශ්‍යතාවය කෙමෙන් අඩු වී යනවා. විශේෂයෙන්ම නල දත් වැනි මිනිසාට අනවශ්‍ය දත් එන එක සම්පුර්ණයෙන්ම නවතීවි. ඒ වගේම අපේ හකු වල ප්‍රමාණයත් ටිකක් අඩු වේවි කියන එක තමා මතය. විශාල දත් වලින් කෙරෙන ආහාර ඇඹරීමේ ක්‍රියාවලිය නැති විට විශාල හකු වල අවශ්‍ය තාවයක් නැහැ.


    8. කකුල් වල ඇගිලි ප්‍රමාණය අඩු වීම

    559510-four-toes-sticking-out-of-white-cast-shallow-d-o-f.jpg


    මිනිසාගේ ආදිතමයන් ගොඩබිම මත ඇවිදීමට පෙර ජිවත් වුනේ ගස් මත, ඒ නිසා අත් වල මෙන්ම කකුල් වල ඇගිලි වලිනුත් යමක් අල්ලාගැනීමේ හැකියාව පැවතුනා. එකල කකුල් ඇගිලි දැනට වඩා දිගින් වැඩියි. එත් මිනිසා පොලවේ පය තබා අවිදිමත් සමග මේ කියන අවශ්‍යතාවය නැති වී, එන්න එන්නම කකුල් ඇගිලි දිගින් අඩුවී තිබෙනවා. ඔබ දන්නවාද මිනිසාට සමබරව සිටීමට කකුල් වල මහපට ඇගිල්ල පමණක් තිබීම ප්‍රමානව්වත් බව. කාලයත් සමග මහපට ඇගිල්ල හැර කකුලේ අනික් ඇගිලි ක්ෂය වී, අන්තිමට නැතිම වී යන බවට මත පලවී තිබෙනවා.


    මේ කරුණු සියල්ලම සිදු වීම එක උපකල්පනයක් මත රඳා පවතිනවා. ඒ මිනිසා අනාගතයේ ජාන වෙනස් කර මිනිසුන් තැනීම නොකරාවි යන උපකල්පනය. එසේ කළහොත් මිනිසාගේ පරිනාමය ස්වභාවික එකක් නොවී කෘතීම එකක් වේවි. ජාන ඉංජිනේරු තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ අවාසියට පිහිටන ජාන ඉවත් කර, ඉතා හොද ජාන පමණක් සහිත දරුවන් ඩිසයින් කිරීමට ඉඩ තියනවා.

    එත් මේ හැම දේම වීමට තව විශාල කාලයක් යාවි.
    පරිනාමය මගින් යම් සැලකිය යුතු වෙනසක් වීමට අවුරුදු දහස් ගණනක් ගත වෙනවා, එක පරම්පරාවකින් ,දෙකකින් මේ වෙනස හදුනාගැනීම ඉතා අසීරුයි. එක හරියට දේදුන්නක පාට වගේ. රතු පාටේ ඉදන් නිල් පාට අතර මැද තව පාට දහස් ගණනක් තියනවා. ඒ එක පාටකින් තව පාටක් වෙනස් වෙන්නේ ඉතාම සුළු වශයෙන්, එකිනෙක ළඟ පිහිටි පාට දෙකක් ගත්තොත් ඒවා වෙන් කර අදුරගනිමට ගොඩක් අමාරුයි. එත් මේ පින්තුරයේ අන්ත දෙක ගත්තොත් එකක් නිල් , එකක් රතු. එකිනෙකට වඩා සැහෙන්න වෙනස්.

    Blue-Red_256x256.png


    ඒ වගේ තමයි පරිනාමය තේරුම් ගත යුත්තේ. :yes:



    රෙප් අවෂ්‍ය නැහැ, එත් බම්ප් එකක්වත් දාගන යන්න ලියපු මහන්සිය මෙව්වා කරගන්නත් එක්ක :P:P:P


     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔහොම යනකොට ඉස්සරහට පිරිමින්ගේ කොන නැතුව ඉපදෙන්නත් පුලුවන්,
    ආ බොරුද?
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ඔහොම යනකොට ඉස්සරහට පිරිමින්ගේ කොන නැතුව ඉපදෙන්නත් පුලුවන්,
    ආ බොරුද?

    මිනිසුන්ට කොන තාම අවශ්‍යයි මචන් , කොන නැත්තන් එතන හැම ඝන වෙලා සංවේදී තාවය අඩු වෙනවා. :yes::yes: :P:P