මිනිසා තවමත් පරිණාමය වනවාද?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    පරිණාමය කියන ක්රියාවලිය ෆේස්බුක් එකේ පෝස්ට් වලින් කියලා දෙන්න සෑහෙන්න අපහසු වැඩක්. වචන 400 - 500 කට විතරසීමා කරන පෝස්ට් කිහිපයක් තුල මේ අපුරු ක්රියාවලිය ගොනු කරන්නෙ කොහොමද කියන එක නිරන්තරයෙන්ම කල්පනා කරනදෙයක්. ඉදිරියේදි ඒ ගැන ක්රමානුකූලව ලියනවා කියන පොරොන්දුව පිට ලැබෙන ගැටලු වලින් පෝස්ටුවකට ගන්න පුළුවන් පිලිතුරුමේ ආකාරයෙන් ලියනවා. අගක් මුලක් නොමැති වුනත් අඳුරු තැන් ස්වල්පයකට හෝ එලිය වැටෙයි කියලා හිතලා තමයි මේකකරන්නෙ. ඒ නිසා ලියන්නාට අනුකම්පා කර ඉවසීමෙන් කියවන්න කියලා ඉල්ලීමක්.
    රයිට් අද කතාවට එමු. දැන් කිහිප අවස්ථාවකදීම යොමුවුන ගැටලුවක් සහ සයිබර් අවකාශය තුල මා දුටු ගැටලුවක් තමයි පරිණාමය සත්ය නම් මිනිසා තවමත් පරිණාමය වෙනවාද ? එහෙම වෙනවා අපට පෙනෙන්නෙ නැත්තෙ ඇයි ? වැනි ගැටලු. ඒ ප්රශ්නෙ මෙතනදි අහලා වෙනම කතාවකට හැරෙමු.

    සති කිහිපයකට පෙරදී ඔබට මතක ඇති සෙන්ටිනල් නැමැති දුපතට අනවසරෙන් ඇතුළු වුන පුද්ගලයෙකු සෙන්ටිනලීස් ස්වදේශිකජනයාගෙ (ගෝත්රික ජනයා, ප්රාථමික ජනයා වැනි වචන නුතන ලෝකයේදි ව්යවහාරයෙන් පිටුවහල් කරලා තිබෙන්නේ. පෘථෘවියේ ජීවත්වන කිසිම ජනතාවක් ගෝත්රික නැහැ, ප්රාථමික නැහැ. ඒ නිසා ඒ වචන ශබ්දකෝශයේ කොනකට දාන්න) ප්රහාරයෙන්මරණයට පත්වුනා. අන්දමන් නිකෝබාර් දුපත් සමුහයේ දූපතක් තමයි මේ සෙන්ටිනල් දූපත. එතකොට කවුද මේ සෙන්ටිනලීස්ලා ? ඇයි ඒ දූපතට යන්න තහනම් කරලා තියෙන්නෙ ?
    සෙන්ටිනල් දූපතේ පාලනාධිකාරිය යටත් වන්නෙ ඉන්දියාවට. 1956 දි රක්ශිතයක් බවට ඉන්දියානු රජය විසින් මේ දුපත නම්කරනවා. පසුව නියෝග නිකුත් කරනවා සෙන්ටිනල් දූපතට කුමන පුද්ගලයෙකුට හෝ කුමන හේතුවක් මත ඇතුළු වීම තහනම් බවසහ සෙන්ටිනලීස් ජනවර්ගය සමඟ කුමන හේතුවක් මතවත් සන්නිවේදනය හෝ සම්බන්දතා අනවසර බවත්.
    වර්තමානයේදි සෙන්ටිනලීස්ලා තමයි ලෝකයේ වෙන කිසිඳු පුද්ගලයෙකුට සන්නිවේදනය කරලා නැති හුදෙකලාම ජනවර්ග කිහිපය අතරින් එකක් බවට පත්වන්නෙ. සෙන්ටිනලීස්ලා ජානමය වශයෙන් සමාන වෙන්නෙ නෙග්රිටෝ ජනවර්ගයට. නෙග්රිටෝ කියන්නෙමානව පරිණාමයේදි අප්රිකාවෙන් පිටත් වෙලා පිටත ලෝකයට සංක්රමණය වූ අතීත ජනවර්ගයක්. මේ ජනවර්ගය අතරින් වසර හැටදාහකට පමණ පෙරදි අන්දමන් නිකොබාර් කලාපයට පැමිණෙන සංක්රමණිකයන්ගෙන් දූපතක හුදෙකලා වන ජන කොටසක්තමයි සෙන්ටිනලීස්ලා. (දැන් ප්රශ්නයක් එන්න පුළුවන් සෙන්ටිනලීස්ලාව කවුරුත් මුණගැහිලා නැත්තන් ජානමය සබඳතා ගැනදන්නෙ කොහොමද කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි... සෙන්ටිනලීස්ලා වගේම අවට දූපත් සහ කලාපය පුරාම නෙග්රිටෝවරු සංක්රමණය වෙනවා. ඒ අතරින් අදටත් සෙන්ටිනලීස්ලා වගේම ඉතුරු වෙලා තියෙන ජන වර්ග දෙකක් තමයි 'ජරවා' සහ 'ඔන්ගෙ' ස්වදේශිකයන්. ඔවුන් සමඟ පිටත ලෝකය සබඳතා පවතින නිසා ඒ තුලින් සෙන්ටිනලීස් ජාන කිටුව ගැන අදහස ගන්න පුළුවන්)
    දැන් තත්වය මේකයි, නැවත සරල කරොත් සෙන්ටිනලීස්ලා වසර හැටදාහකට පෙර සංක්රමණය වෙලා දූපතකට කොටු වුනා, එදාඉඳන් අද දක්වාම එලෙසමයි. එසේනම් ඔබට දැන් වැටහිය යුතුයි මේ ජනවර්ගය වසර 60000 මෙපිට පිටස්තර ලෝකයක් දැකනැති බව. ඔවුන් දන්නෙ ඔවුන්ගෙ දූපත විතරයි. තවත් විදිහකින් කිව්වොත් මේ ජනතාව ජීවත් වන්නෙ වසර හැටදාහකට පෙරයුගයේ. (මෙතන්ට වෙනකන් තේරෙන්න ඇතිය කියලා මම විශ්වාස කරනවා)
    DE011293-81E9-48CA-8FC3-24BE1AC38644.png

    ඉතුරු පැහැදිලි කිරීමට යමු. දැන් සෙන්ටිනලීස්ලා දූපතේ වසර හැටදාහක් හිරවෙලා ඉන්දැද්දි 'අපි' ... ඒ කියන්නෙ ඔබ මම සහගෝලීයකරණ සංසිද්ධියට අසුවුන සියළු දෙනා ලෝක යුද්ධ දෙකක් පහුකරමින් ඇවිත් තාක්ෂණික දියුණුව, වෛද්ය විද්යාත්මකදියුණුව ආදී එකී මෙකී නොකී සියලු දේම අත්විඳිමින් දැන් ජීවත් වෙනවා. තවත් විදිහකින් කිව්වොත් සෙන්ටිනලීස්ලාව පහුකරලාඅපි වසර 60000 ඉදිරියට ඇවිත්.

    මෙහෙම කියන්නන්. ව්යාධිජනකයන්, ඒ කියන්නෙ අපිට රෝග ඇතිකරන බැක්ටීරියා, වෛරස ආදිය ක්රමයෙන් පරිණාමය වෙනආකාරය ඔබ වීඩියො පට තුල දකින්න ඇති. සෙන්ටිනලීස්ලා පසුකරගෙන වසර හැටදාහක් ඉදිරියට ආපු අපත් සමඟ මේව්යාධිජනකයනුත් වසර හැටදාහක් ඉදිරියට ඇවිත්. ව්යාධිජනකයන්ගෙ ප්රචණ්ඩත්වය (Virulence) ක්රමයෙන් වැඩිවන බව ඔබදකින්න ඇති. මේ ගෙවුණු වසර හැටදාහා තුල ව්යාධිජනකයන් ප්රචන්ඩත්වයෙන් ප්රචණ්ඩත්වයට පත්වන විට අපේ ශරීරයේතිබෙන ප්රතිශක්තිකරණ හැකියාවත් ක්රම ක්රමයෙන් ඒ ව්යාධිජනක ප්රචණ්ඩත්වයට එරෙහිව සන්නද්ධ වුනා. අපි වසරහැටදාහකට ප්රථම හිටපු ව්යාධිජනකයන්ට නෙමෙයි අද මුහුණ දෙන්නෙ. ඊට මුහුණ දීමට ස්වාභාවික ප්රතිශක්තිකරණහැකියාව ක්රමයෙන් පරිණාමය වී තිබෙනවා. අපි ඉන්න පරිසරය තුල පරිණාමය වු ව්යාධිජනකයන්ට මුහුණ දිමට අපේ ස්වාභාවිකප්රතිශක්තිකරණ පද්ධතිය සමත් වෙන්නෙ ඒ නිසයි.
    නැවතත් යමු නෙග්රිටෝ ජනවර්ග වෙතට. ජරවා, ඔන්ගෙ, සෙන්ටිනලීස් යනු අප මුහුණ දුන් ව්යාධිජනකයන්ට මුහුණ නොදීපුහුදෙකලා ජන කොටස්. ඔවුන්ගෙ තවමත් පවතින්නෙ වසර හැටදාහකට පෙර අප සතුව තිබු ප්රතිශක්තිකරණ හැකියාව. එහෙමනම් උපකල්පනය කර බලන්න ඔවුන්ට වඩා වසර හැටදාහක් දියුණු ව්යාධිජනකයන් නෙග්රිටෝ ජන වර්ගයනට පහරදුන්නොත් කුමක් සිදුවෙයිද ? ඒ ආනිසංසය පිටස්තර ලෝකයට විවෘත වුන ඔන්ගෙ සහ ජරවා ස්වදේශිකයන් මේ වන විටඅත්විඳිමින් සිටින්නේ. සරම්ප වැනි රෝග වලින් ඔවුන් බොහෝ දෙනෙක් මිය ගියා. ඒ අපේ ලෝකයෙන් ඔවුන්ට සංසරණය වු විශබීජනිසා. සෙන්ටිනලීස්ලා කෙදිනක හෝ පිටස්තර ලෝකයට මුහුණ දුන්නොත් ඒ සිද්දිය ඔවුන්ටත් සිදුවෙන බව එක් හේතුවක් ඔවුන්වපිටස්තර ලෝකයෙන් සබඳතා නොපැවැත්වීමට. ඉන්දියානු රජය සෙන්ටිනලීස්ලාට තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩදීලාතිබෙන්නේ ඒ නිසා. මේ සිද්ධියම තමයි 15 වන සියවසේ සිට යුරෝපයෙන් විවිධ ස්වදේශිකයන් සොයා ගිය ගමන්වලත් අවසානයවුනේ. රතු ඉන්දියානුවන් ලක්ෂ ගනනින් මිය යෑමටත්, ඇස්ටෙක් වරුන්ගෙ අවසානයටත් මේ හේතු මෙලෙසම බලපෑවා.
    එතකොට මේ කතාවෙන් ගතයුතු දේ කුමක්ද ? පරිණාමික කාල රාමුව සාමාන්යයෙන් වසර මිලියන ගනනනක් ගතවන්නක් වුනත් ඒඅර්ථයෙන් සාපෙක්ෂව කුඩා කාල රාමුවක් වන වසර 60000 තුලදීත් ප්රචණ්ඩ ව්යාධිජනකයන් හා සටන් වදිමින් අපේ අභ්යන්තරස්වාභාවික ප්රතිශක්තිකරණ පද්ධතිය පරිණාමය වෙලා. සාපේක්ෂව අප මුහුණ දුන් පාරිසරික තත්වයන්ට මුහුන නොදුන්සෙන්ටිනලීස්, ජරවා, ඔන්ගෙ, රතු ඉන්දියානුවන්, ඇස්ටෙක්වරු, නිව්ගිනියානු වාසීන්, ඇබොරොජින් , කැරිබියන් දූපත් වාසීන්ගෙප්රතිශක්තිකරණ පද්ධති අප තරම් ශක්තිමත්ව පරිණාමය වී නැහැ. මේ එක් සාධකයක් අප තවමත් පරිණාමය වන බවට. දහස්ගනනක් සාධක අතරින් එක් සාධකයක්.
    ඇන්ඩ්රොයිඩ්, IOS ඩිවයිසයකින් ඔබ මේ ලිපිය කියවන අතරේ නැගෙනහිර ඉන්දීය සාගරයේ හුදකලා දූපතක වසර හැටදාහකටඑහා ලෝකය තුල ජීවත් වෙන තවත් හෝමෝ සේපියානුවෙක් ගිනි මැලයක් අසලට වී ⁣පසුදා අහාර වේල සොයාගන්නා ආකාරයගැන හෝ මහා ශබ්යක් නගමින් අහසේ ඉගිලෙන අමුතු වස්තූන් ගැන කතා කරනවා ඇති. 😊
    #DOE
    Copied
    ------ Post added on Feb 14, 2023 at 8:41 PM
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657

    View attachment 197305

    Patta
     
    • Like
    Reactions: reuse

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    TFS

    TFS
    උන්ගෙ ජාන දැනටත් ගොඩක් දුර්වල වෙලා ඇත්තෙ.
    ඔවු හෙල්දි පොපියුලේශන් එකක් හැදෙන්න ටිකක් ලොකු ජීන් පූල් එකක් ඕන. එහෙම නැත්තං in-breading නිසා ජානගත ලෙඩ රෝග එහෙම ඇවිත් සම්පූර්න පොපියලේශන් එකම කාලෙකදි නැති වෙන්න පුලුවන්
    දැනට චීටා ට එහෙම වෙලා තියෙන්නෙ. දැනට ඉන්න සම්පූර්ණ ගහනය බැලුවත් සස්ටේනබල් වෙන්න ටිකක් අමාරු සීන් එකක් තියෙන්නෙ. ඒ වගේ සිටුවේශන් එකකදි ගොඩ යෑමක් නැහැ.

    E unata katawata kiyanne ape achchila siyalage Immunity eka apita wada wadi kiyalane , eka boruwak me kathawa ekka baluwama
    ඒකට හේතුව ඒ කාලෙ ලෙඩ රෝග පැතිරීම අඩු එක
    ඒ කාලෙ රට රට වල් අතර සෑහෙන අඩුවෙන් ගමන් කෙරුන. ගමකට පිට ගමකින් කෙනෙක් ආවෙත් කලාතුරකින්. එතකොට පිටින් ලෙඩක් එන්න ගොඩක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ

    දැං එහෙම නෙමෙයි දවස ගානෙ රට වටේ යනවා. ගොඩක් වෙලාවට වෙන කොහේන් හරි ගෙනාපු විසබීජ තියන කෙනෙක්ගෙන් හරි පාරෙදි හරි අපිට ලෙඩක් හැදෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියනවා.

    මේ ආටිකල් එකේ තියන සීන් එකට ටිකක් ලඟින් යන ඒව ඕස්ට්‍රේලියාවෙ ආදිවාසීන්ට උනා. ඒ රටට පිටින් මිනිස්සු ගිහින් ඒ ගියපු මිනිස්සුන්ගෙන් බෝ වෙන ලෙඩ වලට ආදිවාසීන්ට immunity එකක් නැතිව ගොඩක් ප්‍රශ්න උනා.

    පරිනාමය ගොඩක් වේගෙන් වෙනවා condition එක අනුව. පොඩ්ඩ ඇත්තං මැරෙන්න පුලුවන් වගේ දරුනු පරිසරේක ඉන්නවා නං පරිනාමය ගොඩක්ම ඉක්මනට වෙන්න පුලුවන්. දැන් අපි ඉන්නෙ පට්ටම favourable කන්ඩිශන් වල ඒක නිසා අපිට ඇත්තටම evolutionary pressure එකක් නැති තරං.
    උදාහරනයක් විදියට කොරෝනා හැදිලා අනවාර්යෙන් මැරෙන වගේ කේස් එකක් ආවා නං, සේරම මැරිලා immunity එකක් තියන අය විතරක් ඉතිරි වෙනවා, ඒ වගේ දේවල් නිතර නිතර වෙනවා නං ගොඩක් ඉක්මට අලුත් ලක්ශන ඇතිවෙන්න පුලුවන්.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉස්සර කිරිය මතක් උනා බන්.🥲මේ වගේ ත්‍රේඩ් එකක් දැන් කිරියෙ වැටෙන්නෙ කලාතුරකින්.🙄හුඟක් උන් දේශපාලුවන්ගෙ පු# ලොවන්න ත්‍රේඩ් දානවා විතරයි.😏ෆට්ට ත්‍රේඩ් එකක් සහෝ 😎
     
    • Like
    Reactions: reuse

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    ශ්‍රීලංකන්ස් ලා නම් තාමත් පරිණාමය වෙනවා. තාම ගල් යුගයේ ඉන්නේ.
     
    • Like
    Reactions: reuse

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඇයි නැත්තෙ... බලපම් දැන් බටහිර, ලින්ග ජාතිම කෙල කොටියක්ව් වගෙ තියෙනවා,,