JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.
බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:
JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්රිය වෙන්න පුළුවන්.
මේ කුමන්ත්රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.
මේ වගේ එක ප්රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?
අංකල් මම ඔට්ටුවක් දානවා ඔයාට මේක ඉවර වෙනකං බලන්න බෑ .. ඊට කලින් ඔයා මේක ක්ලෝස් කරනවා .. හා බොරුද ?



