මිනිසා_දිනවනු_පිණිසා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.





    බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.



    මේ වගේ එක ප්‍රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකටද උඹල ඡන්දෙ දෙන්න කියන්නේ?

    අංකල් මම ඔට්ටුවක් දානවා ඔයාට මේක ඉවර වෙනකං බලන්න බෑ .. ඊට කලින් ඔයා මේක ක්ලෝස් කරනවා .. හා බොරුද ? :cool:

     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10984102_1580509078877932_6542906186212995386_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩක් නෑ ඔය සමාජවාදය ගැන කියෝනකන් :dull:

    අයි වැඩක් නැහැ කියන්නේ ?? කරන්න බැරි දෙයක් කොතනද කියල තියෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩු පිහිටුවන්න අපේ උදව් නෑ - අනුර කුමාර දිසානායක
    රට තුළ රාජපක්ෂ විරෝධී ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පසු බිහිවීම ස්ථිර නිසා ජනතාවගේ අවධානය යොමුවිය යුත්තේ ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම සදහා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
    බිබිසි සිංහල සේවයේ ෆේස් බුක් චැට් වැඩසටහනට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේ මහ මැතිවරණයට පෙර තිබු ආකාරයටම ප්‍රධාන පක්ෂ දෙකේ සිටින පිරිස් එක්වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට මැතිවරණයෙන් පසුද කටයුතු කරනු ඇති බවයි.
    " මේ රටේ ජනතාව දැන් කල්පනා කළ යුත්තේ ආණ්ඩුව පිළිබඳව නෙවෙයි,ඒ ආණ්ඩුව ජනතාවට විරුද්ධව කටයුතු කරන කොට ඒකට විරුද්ධව හඩ නගන්න පුළුවන් ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම,ඒ ප්‍රබල විපක්ෂයේ කාර්ය භාරයට පන පෙවිම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ"
    ආණ්ඩුවට එක් වීමට අදහසක් නැත
    ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම නව ආණ්ඩුවට එක් නොවන බව පැවසූ අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවක් පිහිටුවීමට තම සහය අවශ්‍ය නොවන බවයි ප්‍රකාශ කළේ.
    " ආණ්ඩු පිහිටුවන්න අපේ සහය අවශ්‍ය නැහැ,මෙගොල්ලෝම එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හදා ගනී"
    ජනතා විමුක්ති පෙරමුණට ජන්දය ලබාදීම හේතුවෙන් එකසත් ජාතික පක්ෂයේ ජන්ද ප්‍රමාණය අඩුවී මහින්ද රාජපක්ෂ බලයට පත්වීමට ඉඩ තිබෙන්නේද යන්න පිළිබඳව ෆේස් බුක් හරහා යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසි සේත්ම බලයට පත් නොවන බවට තමන්ට සහතික බවයි.
    " මේ ජන්දෙන් පස්සේ වෙන්නේ රාජපක්ෂ මහත්තය පසෙක තබා අනික් අය එකතු වෙලා ආණ්ඩුවක් හදන එක"
    හිටපු ජනාධිපතිවරයාට අත්වී ඇති ඉරණම ගැන තමන් කණගාටුවන බවත් ඔහුව භාවිතා කර පාර්ලිමේන්තුවට පැමිණීම ඔහු වටේ සිටි පිරිසකගේ බලාපොරොත්තුව වී ඇති බවද අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11899753_10207010618654535_7287465669695385814_n.jpg



    අදත් පිළිකා රෝහල ඉස්සරහ ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න නැතිව වෙවුලන අම්මල අපි දැකල තියනවා.තමන්ගේ බිරිඳ බේරගන්න සැත්කමක් කරන්න ලවුඩ්ස්පීකර් බැදන් නගර මැද්දෙ අයදින සැමියො හමුවෙනවා.දොස්තර මහත්තයා සති දෙකකට බෙහෙත් තුණ්ඩුව ලියල දුන්නම බේත් දෙන කවුන්ටරෙන් දවස් පහකට විතරක් දෙන බෙහෙත් මිට මොලවන් යන ආච්චිලා සීයලා ඕන තරම්.වකුගඩු රෝගෙන් පෙලෙන බොහෝ දෙනා අද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා.මරණ සහතිකේ එන්නේ හඳුනා නොගත් හේතුවක් මත වකුගඩු නරක් වීම හේතු කරගෙන මිය ගියා කියලා..මේ විසි එක්වෙනි සියවසේ අපේ මිනිස්සු හේතුවක් දන්නැතිව මිය යනවා..ඉතිහාසෙ අපි ඕකට කිව්වෙ යකා ගහල මැරෙනව කියලා.මේ තාක්ෂණ ලෝකේ අපේ මිනිස්සු යකා ගහල මැරෙනවා.තාත්තා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න නැතුව රේල්පාරට පනිනවා.අම්මලා කුසට ආපු දරුවව කුසේදිම මරාදානවා, උපන්නොත් හදාවඩාගන්න විදිහක් නැතිව.පාසල් දැරිවියෝ ඉස්කෝලෙ යන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නැතිව එල්ලිලා මැරෙනවා.විදුහල්පති දරුවන්ව දූෂණය කරනව.බාල වයස්කාරයෝ අත්තම්මලව දූෂණය කරනවා.මොකක්ද අපේ රටේ පාලකයො අවුරුදු 70ක් තිස්සෙ අපිට හදල දීල තියන රට?! මේ රටට මෙහෙම තවත් ඉස්සරහට යන්න පුලුවන්ද?! භෞතික දියුණුව විතරද සංවර්ධනේ කියන්නේ?! මේක වෙනස් කරන්න ඕනෙ නැද්ද?! තමන්ගෙ ඇස් ඉදිරිපිට තියන මේ සරළ ඇත්ත තේරුම් ගන්න තව අවුරුදු 70ක්ම ඕනෙද?! එදා අපිට ඇහුම්කන් නොදුන් අය අද ඇහුම්කන් දෙනවා.අද ඇහුම්කන් නොදෙන අය හෙට ඇහුම්කන් දේවි..ඒ දිනය් නුදුරේම් එලැඹේවා!!
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).

    විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.

    මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්‍රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.


    ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.

    කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.

    ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.