මිනිසුන් සිප ගන්නේ ඇයි?
ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබේ.
සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ අතර සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වෙයි.
එසේ නම් බොහෝ මිනිසුන් දෙතොල් සිප ගන්නේ ඇයි?
සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් ප්‍රේමවන්තයින්ට සිය පළමු සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක්!
දෙතොල් සිප ගැනීම බොහෝ යුරෝපීය සමාජ වල ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවද ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා බැහැර කරයි.
සංස්කෘතික බලපෑම
නව අධ්‍යනය මගින් නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168න් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40% ක ප්‍රමාණයක් පමණි.
අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම නව කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර විය.
දඩයම් කිරීමෙන් ජීවත් වන බොහෝ ගෝත්‍රික සංස්කෘති වල දෙතොල් සිප ගැනීම කිසිසේත්ම සිදු නොවන අතර එය ඉතා අප්‍රසන්න සහගත හැසිරීමක් වශයෙනුයි එම ගෝත්‍රිකයන් සලකන්නේ.
දෙතොල් සිප ගැනීමේ ඇරඹුම වසර 3500කට වඩා පැරණි හින්දු සංස්කෘතික ලේඛනයක දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් ලියවී ඇති අතර මෙම ලේඛනය දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් වූ පැරණිම ලිඛිත සාධකයයි.
එම පැරණි සංස්කෘත ලේඛනයට අනුව දෙතොල් සිප ගැනීම හඳුන්වා ඇත්තේ සිය ආත්මය ප්‍රේමවන්තයා සමග හුවමාරු කර ගැනීමක් වශයෙනි.
මීට අමතරව ඊජිප්තුවේ ඉතා ඉපැරණි චිත්‍ර වල දැක්වෙන්නේ දෙතොල් සිප ගැනීමකට වඩා ගැහැණු රූප සහ පිරිමි රූප එකිනෙකා දෙස ලංව බලමින් මුහුණු එකිනෙකාට ආසන්නව තබා ගෙන සිටින ආකාරයයි.
වානරයා ගෙන් පැවත එන මනුෂ්‍ය වර්ගයාගේ මෙම කුතුහලය දනවන හැසිරීම සම්බන්ධ අධ්‍යනය ආරම්භ කිරීමට සුදුසුම ආකාරය, වානර වර්ගයේ චිම්පන්සීන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි.
චිම්පන්සීන්ගේ හැසිරීම අධ්‍යනය කළ ජෝර්ජියාවේ ඉමොරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන්නේ චිම්පන්සීන් සිය සහකරු හෝ සහකාරිය සමග සිප ගැනීම මෙන්ම වැළඳ ගැනීමද සිදු කරන බවයි.
ආකර්ශනීය සුවඳක්
ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම ප්‍රජනන කාර්යයට සිය සිරුර සුදානම් සරු කාලයන්හිදී නිකුත් කරන හෝමෝන මගින් තමන් වෙතින් නිකුත් වන දහඩියට ආකර්ශනීය සුවඳක් එක් කරන බව හෙළි වී තිබේ.
එම දහදිය සුවඳ ආග්‍රහණය කරන සහකරු හෝ සහකාරිය එම පුද්ගලයාට ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බවයි අධ්‍යනය මගින් පෙන්වා දෙන්නේ.
විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව සිප ගැනීම තුළින් සිදු කරන්නේ සහකරුවන්ට එකිනෙකාගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉඩ සැලසීම පමණක් නම් මෙම හැසිරීමට පාදක වන අනෙක් ප්‍රබල හේතුව කුමක්ද?
නව අධ්‍යනය පෙන්වා දෙන්නේ දෙතොල් සිප ගැනීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන ඇතැම් සංස්කෘතීන් විසින් පරපුරෙන් පරපුරට ගෙන යන ප්‍රේමනීය හැසිරීමක් වන බවයි.

kiss