මිනි පෙට්ටියට පොළගෙක් නොමිලේ
මල් ශාලාවකදී සකස් කළ මෘත ශරීරයක් නිවෙසට ගෙනවිත්, මිනී පෙට්ටිය විවෘත කරද්දී එය තුළින් පොළෙඟක් මතුවීමේ සිද්ධියක් පල්ලම කළුකැලේ ප්‍රදේශයේන් වාර්තා වේ.
මේ පොළඟා සිට ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් හලාවත රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය 52 හැවිරිදි අයෙකුගේ මිනි පෙට්ටියේය.
අදාළ තැනැත්තාගේ සිරුර භූමදානයට සකස් කිරීම සඳහා මල් ශාලාවකට භාර දී ඇත.
මල් ශාලාවේදී සකස් කළ මෘත දේහය මිනී පෙට්ටියෙහි තබාගෙන අවමංගල්‍ය ශාලාවේ රථයකින් ගෙනැවිත් උඩු වියන් බැඳ, සේසත් හා පහන් තබා සූදානම් කිරීමෙන් අනතුරුව මල් ශාලා සේවකයන් ද පිටත්ව ගොස් ඇත.
පසුව මියගිය අයගේ ඥාතීන් හා හිතවතුන් මිනී පෙට්ටියේ මතුපිට පියන් හතර විවෘත කරනවාත් සමග, මිනී පෙට්ටිය තුළින් පොළෙඟක් මතුවී ඇත.
මෙම සිද්ධිය නිසා මලගෙදර කලබලකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, පසුව ප්‍රදේශයේ තරුණයන් කීපදෙනෙක් එක්ව පොළඟා උපක්රමශීලීව එළියට ගෙන පහර දි මරා දමා තිබේ.
මල් ශාලාවට භාරදුන් මෘත ශරීරය එහිදී මිනී පෙට්ටිය තුළ තබා සකස් කරන ලද අවස්ථාවේ මෘත ශරීරයට යටින් තබන ලද පිදුරු බෑග් කීපයකින් එකක් තුළ මේ පොළඟා සිටින්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
උපුටා ගැනීම -: srilankamirror.com
repost නම් සොරි..........