මිනීමරුවො අල්ලන News
ශ්‍රී රංගා අත්අඩංගුවට ? : සැරයන් මැරුවාදැයි සැකයක්
රිය අනතුරක් සිදු කර සිය ආරක්ෂකයෙකු මියගිය පසු ඔහු විසින් එම රථය පදවා අනතුරකට ලක්වු බව සදහන් කරමින් ව්‍යජ පොලිස් සටහන් තැබිමේ සිද්ධියකට හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
අදාළ, සිද්ධිය වසර පහකට වඩා පැරණි එකක්වීම නිසා මෙසේ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව පැවසේ.
එම අනතුර 2011 වසරේ මාර්තු 30 වැනිදා සවස සිදුව ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙක් මරණයට පත්ව තිබිණි.
සැරයන් මැරුවාදැයි සැකයක්
කෙසේවුවද, මේ රිය අනතුර අදාළ රිය අනතුරෙන් මරණයට පත් සැරයන්වරයා මරා දැමීමට සිදු කළ එකක්ද යන්න පිළිබඳවද මේවන විට පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
එහිදී මියගියේ ශ්‍රී රංගාගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කල පුෂ්පකුමාර (36759) නැමැති සැරයන්වරයාය.
කෙසේවුවද අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ සැරයන්වරයා විසින් වාහනය පදවන ලද බවය.
සැරයන්වරයාගේ වරදින් අනතුර සිදුවී ඇති බව පෙනී යන බවද පොලිසිය පවසා තිබිණි.
ශ්‍රී රංගා මහතාට මෙහිදී සීරීමක් හෝ සිදු නොවීය.
මෙම සැරයන්වරයාගේ බිරිද කලකට පසුව පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ සිය සැමියා වාහනය පදවා නැති බවත් වාහනය පදවා ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බවත්ය.
සැමියාගේ මරණය හේතුවෙන් තමන්ටත් දරුවන්ටත් ජීවත්වීමට නිවසක් ඉදිකිර දෙන බව එදා මන්ත්‍රීවරයා පොරොන්දුවූවත් එම පොරොන්දුව පවා ඉටුනොකල බව සැරයන්වරයාගේ බිරිද පොලිස් මූලස්ථානයට පැමිණිලිකරමින් සදහන්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පවත්වන ලෙස හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ල යොමුකර ඇත.
පසුව එම පැමිණිල්ල වව්නියාව නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් වී තිබේ.
එම පැමිණීල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන විට මෝටර් රථය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා නොවන බවය.
වාහනය තාප්පයේ ගැටීමෙන් හානිවන්නේ පත්වන්නේ වාහනයේ වම් පස බවත් රියදුරු අසුන පැත්ත හානිවී නැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
වාහනය පැදවූයේ සැරයන්වරයා නම් ඔහුට කිසිදු හානියක් නොවන බවත් හානි සිදුවිය යුත්තේ වම්පස අසුනේ ගමන්කල බව කියන මන්ත්‍රීවරයාට බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
මෙම අනතුරින් පසු එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයාව පොලිස් ආරක්ෂාවක් සහිතව කොළඹට රැගෙන ගිය බව සෙට්ටිකුලම පොලිසියේ එකල ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාද කටඋත්තරයක් ලබාදෙමින් පවසා තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඇමති ආරක්ෂක අංශයේ නිළධාරීන් තවත් කිහිප දෙනෙක් එම මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇත.
ඒ අයද එකල පොලිසියට කටඋත්තර දෙමින් සදහන්කර ඇත්තේ වාහනය පදවන ලද්දේ සැරයන් වරයා විසින් බවය.
එම නිළධාරීන් දැන් පවසන්නේ බලපෑම් මත තමන්ට එවන් කටඋත්තරයක් ලබාදීමට සිදුවුණු බවය.
මෙම අනතුරවීමත් සමග සෙට්ටිකුලම රෝහලේ කාර්ය මණ්ඩලයද පාරට පැමිණ ඇති අතර එසේ පැමිණි රෝහල් සේවකයන් අතර සිටි රෝහල් සාත්තු සේවකයෙක් සාක්ෂි ලබාදෙමින් සදහන්කර ඇත්තේ සැරයන්වරයා සිටියේ වම් පස අසනයේ බවය.
එම පැත්තේ දොර කඩා ඔහුව පිටතට ගත්තේ තමන් බවද ඔහු ප්‍රකාශයක් පොලියට ලබාදී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් එකල පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තාකර ඇත්තේ සෙට්ටිකුලම පොලිසියේ සැරයන්වරයෙකි.
ඉහළ නිලධාරීණ්ගේ බලපෑම් මත වාහනය පදවන ලද්දේ සැරයන්වරයා බව අධිකරණයට කරුණු වාර්තා කරන්නට සිදුවුණු බව ඔහුද මේ වන විට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇතැයි වාර්තා වේ.
- http://www.sinhala.srilankamirror.com/news/item/15797-ranga