මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    වළෙන් ගොඩඑන ලසන්ත ඝාතන අබිරහස

    බලගතු යන්තරය පරදවා කැප්ටිව් බෝල්ට්‌
    පිස්‌තෝලය ජයගත් ලසන්ත ඝාතනය

    අනුර සොලමන්ස්‌


    lasan1.jpg

    ලසන්තගේ අවසන් මොහොත

    පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා සවස ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේදී මගේ පැරණි මිතුරියක්‌ මට හමුවිය. ඇගේ නම සොනාලි සමරසිංහ ය. මෙවර සොනාලි මට හමුවන්නේ වසර අටකට පසුවය. අවසන් වරට නේපාලයේ කත්මණ්‌aඩු නගරයේදී මා හමුවන අවස්‌ථාවේදී සොනාලි ද ලීඩර් පත්‍රයේ සහෝදර පුවත්පත වූ මෝනිං ලීඩර් පත්‍රයේ කතුවරියව සිටියා ය. එසේම, ඇය විවාහපේක්‍ෂිකාවක්‌ ද විය. එම විවාහයේ අනෙක්‌ පාර්ශ්වකරුවා වූයේය. ලීඩර් පත්‍රයේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ය. මම 1984 පටන් ලසන්ත හඳුනමි. ඔහු එම අවුරුද්දේදී දිවයින පුවත්පත් සමාගමේ දි අයිලන්ඩ් පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයට සම්බන්ධ වූයේ Sun පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයෙන් සමු ගෙනය. දිවයින පත්තර කන්තෝරුව පිහිටි කොටහේනේ බ්ලූමැන්ඩල් පාරට අයත් අතුරු පාරක පිහිටි ලසන්තලාගේ ගෙය මට තවමත් මතකය. ඒ ගෙදර සිට දිවයින කන්තෝරුවට ඒමට ඔහුට ගත වූයේ විනාඩි 5 ක කාලයකි.

    දෙදහස්‌ අටෙන් පසු මට විටින් විට ලසන්ත හමුවුවද සොනාලි හමුවීමට නොහැකි විය. එම වසරේදී ඇය ලසන්ත සමග විවාහ වූ බව මම දැනගතිමි. තවත් මාස කිහිපයකට පසු, එනම් 2009 ජනවාරි 8 වැනිදා දෙහිවල අත්තිඩියේදී, මහ දවල්, මහපාර මැද ප්‍රහාරයකට ලක්‌වූ ලසන්ත රෝහලේදී මළේය. ඔහුට ප්‍රහාරය එල්ල කර තිබුණේ Captive Bolt වර්ගයේ පිස්‌තෝලයකින් විය යුතුය. බැටලුවන් සහ ගවයන් ඝාතනය කිරීමට පෙර උන් සිහි නැති කිරීම සඳහා බටහිර ලෝකය මේ පිස්‌තෝලය යොදා ගනී. එය සතාගේ හිස මැදට තබා තද කර කොකා ගැස්‌සූ විට එයින් එළියට ඇදෙන තියුණු උලක්‌ මගින් සතාගේ මහ මොළය විනාශ කරනු ලැබේ. එසේ සිහි නැති කරන ලද සතාගේ ගෙල කැපීම ලෙහෙසිය.

    lasan2.jpg


    ප්‍රහාරයට ලක්‌වීම නිසා දරුණු ලෙස තුවාල ලද ලසන්ත කොළඹ මහ රෝහලට ගෙන යන අතර ඒ දිනවල සමාජයේ බලගතු ස්‌ථරය තුළ සිය නම පතුරුවාගෙන සිටි දිව්‍යමය බලයක්‌ ඇතැයි කියන දොස්‌තර කෙනෙක්‌ ලසන්තගේ භාරකරුවන් අමතා මෙසේ කීවේය. "මං ගාව බලගතු යන්තරයක්‌ තියෙනවා. මේක ලසන්තගේ කොට්‌ටෙ යටින් තියන්න මට ඉඩ දෙන්න. ඒකෙන් පුළුවන් එයාව ආරක්‍ෂා කරන්න. බය වෙන්න එපා. එතකොට ලසන්තට මොකුත්ම වෙන්නෙ නැහැ."



    ලසන්තගේ භාරකරුවෝ අදේවවාදීහු නොවෙති. එහෙත් ඔවුහු භූත බලවේග විශ්වාස නොකළ භක්‌තිමත් කතෝලිකයෝ ය. සොනාලි සමරසිංහ ද භක්‌තිමත් ඇංග්ලිකන් පවුලකට අයත් තරුණියක වූවාය. එහෙත් කරකියා ගැනීමට දෙයක්‌ නැති වූ තැන යන්තරය ලසන්තගේ කොට්‌ටය යටින් තැබීමට ඉඩ දීමට ඔහුගේ භාරකරුවෝ එකඟ වූහ. එදා දොස්‌තර කළේ එක්‌තරා අන්දමක අහඹු ක්‍රීඩාවකි. ලසන්ත ගොඩ ආවොත් ඒ ගෞරවය තම යන්තරයට ලබා දීම දොස්‌තරගේ අරමුණ විය. ඒ කෙසේ හෝ වේවා ලසන්තගේ ජීවිතය බේරන්නට යන්තරයට බැරි විය. Captive Bolt පිස්‌තෝලය ඔහුගේ මොළයට දරුණු ලෙස හානිකර තිබිණි. ඔහු සිහි නොලබාම මිය ගියේය.

    ලසන්ත මියගොස්‌ විනාඩි කිහිපයක්‌ තුළ මම සොනාලි සමරසිංහට දුරකථනයෙන් කතා කළෙමි. එහෙත් එය Switch off කර තිබිණ. අන්තිමේදී සොනාලි දුරකථනය ඔස්‌සේ අල්ලා ගැනීමට මට හැකි වන්නේ සිද්ධියෙන් සතියකට පසුවය. සොනාලි ඒ මොහොතේදී මහත් සේ හැඟුම්බරව සිටියත් ඇගේ කඳුළු තාවකාලිකව අවසන් වී තිබිණ. ඇයට අලුතින් කීමට කිසිවක්‌ මා සතුව නොවූ අතර ඇයටද මට අලුතින් කීමට කිසිවක්‌ නොතිබිණ." ... ඒත් මේ වගේ දේවල් මේ රටට වෙන්න දෙන්න හොඳ නැහැ. ." ඇය බිඳුණු හඬින් කීවා.." මේ වගේ නරක අත්දැකීම් ඉස්‌සර හරි දුර්ලභයි. දැන් තියෙන තත්ත්වයට අනුව මේවා සාමාන්‍ය දේවල් වේගන එනවා..."

    ලසන්තගේ අවසන් කටයුතු සිදුවී දින කිහිපයකට පසු සොනාලිගේ ජංගම දුරකථනයත් සදාකාලිකවම විසන්ධි විය. ලසන්තගේ ආදරණීය වචනවලින් ඒ දුරකථනය ඕනෑවටත් වඩා පිරීගොස්‌ තිබූ බව නොරහසකි. මින්පසු කවදාවත් එවැනි ඇමතුම් ඒ දුරකථනය ඔස්‌සේ සොනාලිට ලැබෙන්නේ නැත.

    ඉන්පසු සොනාලි ගැන කිසිදු ආරංචියක්‌ නැති විය. ඇය ජීවිතය බේරා ගැනීම සඳහා පිටරටකට පලා ගොස්‌ ඇති බව පසුව මම දැන ගතිමි. එය එක්‌කෝ ඔස්‌ටේ්‍රලියාව විය. නැත්නම් ඇමරිකාව විය. ඇයට මේ දෙරටේම බෙහෙවින් තහවුරු වූ පිළිගැනීමක්‌ තිබුණු බව මම දැන සිටියෙමි.

    පසුගියදා නිව්යෝර්ක්‌ නුවරදී හමුවූ විට මම සොනාලිට මෙසේ කීවෙමි. "මට ඕනෑ ලංකාවේ ඔයා ගත කළ අන්තිම දවස්‌ කිහිපය ගැනත් ලංකාවෙන් ගියාට පස්‌සෙ ඔයා ගත කළ මුල් මාස කිහිපය ගැනත් දැනගන්න. මට ඒ විස්‌තර ලියන්න පුළුවන්. ඔයා කැමැතිද කියන්න...?

    "හරිම අමිහිරියි..." සොනාලි සිය විශාල දෑස්‌ විවර කරමින් කීවාය. "කමක්‌ නැහැ. " ඔයා මම ලංකාවට ගියාම මට ප්‍රශ්න ටිකක්‌ හදල ඊමේල් කරන්න. මම ඒවට උත්තර එවන්නම්..."

    ඇගෙන් මා අසන ප්‍රශ්නවලට උත්තර ඉදිරියේදී ඔබට කියෑවීමට හැකිවෙනවා ඇත.

    *************************

    ලසන්ත වික්‍රමතුංග පිළිබඳ අපගේ මතක මේ දිනවල අලුත් වෙමින් පවතී. ඉකුත් අඟහරුවාදා (27 දා) ඔහුගේ සිරුර ගොඩගන්නා ලද අතර ඒ අධිකරණ නියෝගයකට අනුවය. ලසන්තගේ මරණය සිදුවී වසර 8 ක්‌ පමණ ඉක්‌ම ගොස්‌ තිබේ. සාමාන්‍යයෙන් එම්බාම් කර වළ දමන ලද සිරුරක්‌ බෙහෙවින් තැලී පොඩිවී නැත්තේ නම් පොළව යටදී වසර 8 ක්‌ තුළ විශාල වශයෙන් නරක්‌ වන්නේ නැත. එය නරක්‌ වන්නේ වහා දිරන සුළු ගෝනියක, රෙද්දක හෝ පැදුරක ඔතා හෝ කිසිවකින් ඔතන්නේ නැතිව වළ දැමුවොත් පමණි. එවිට එම සිරුර පස්‌වල සිටින ක්‍ෂුද්‍ර ජීවීන් සමග ගැටී කුණු වීමට පටන් ගනී. එහෙත් හුණු හෝ ලවණ සාන්ද්‍රනය වැඩි ප්‍රදේශවල වළ දමන මළ සිරුරු ඉක්‌මනින් නරක්‌ නොවෙයි. හේතුව හුණු හෝ ලවණවල ක්‍ෂුද්‍ර ජීවීන්ට පැවැත්මක්‌ නැති නිසාය. පැdට්‌ර Eඩැරි නමැති කළු ජාතික සටන්කාමියා පිළිබඳ කතාව එයට උදාහරණයකි. ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු කලු ජාතිකයන්ට ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා සිය කෙටි ජීවිත කාලය තුළ (1925 - 1963) මහත් සටනක්‌ කළ අයෙකි. කලු ජාතිකයන්ට මානුෂික අයිතිවාසිකම් දීමට අකැමැති සුදු ජාතික සංගමයක සාමාජිකයකු විසින් 1963 දී ඔහු මරණ ලදී. දින කිහිපයකට පසු ඔහුගේ සිරුර වළ දමන ලද අතර ඔහුගේ බිරිය ඔහුගේ සටන ඉදිරියටම ගෙන ගියාය.

    ඔහුගේ මරණයෙන් වසර 28 කට පසු මෙඩ්ගර් එවර්ස්‌ ගේ දේහය ගොඩගන්නා ලදී. එය අව පැහැ ගැන්වීමකට හැර වෙනත්a නරක්‌ වීමකට ලක්‌ව තිබුණේ නැත. මෙය දිව්‍යමය හේතුවක්‌ හෝ කිසිදු ආශ්චර්යයක්‌ නොවේ. මෙඩ්ගර් එවර්ස්‌ගේ සිරුර තැන්පත් කර තිබුනේ ඝනකම් හුණු බදාමයක්‌ සහිත සොහොන් කුටියකය.

    ඒ කෙසේ වුවද බොරැල්ලේ කනත්තේ සුසාන භූමියේ පිහිටි වළෙන් ගොඩ ගන්නා අවස්‌ථාවේදී ලසන්තගේ සිරුර බහුල ලෙස නරක්‌ වී තිබිණ, ඔහු හඳුනා ගන්නා ලද්දේ ඇඳ සිටි කබායෙනි. ශරීරයේ මාංශමය කොටස්‌ දිරාගොස්‌ තිබූ අතර අස්‌ථිමය කොටස්‌ ඉතිරිව තිබිණ, ඝනකම් කැල්සියම්වලින් සැදුණු අස්‌ථි සාමාන්‍යයෙන් වසර ලක්‍ෂ ගණනක්‌ වුව නොදිරා පැවැතීමට ඉඩ තිබේ. වසර දහස්‌ ගණන් පැරණි මිනීමැරුම් වුව අස්‌ථි පරීක්‍ෂා කර සොයා ගැනීමට වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ට පුළුවන.

    ලබන සතියේ තව කොටසක්‌


    - http://www.divaina.com/2016/10/02/feature30.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    විනිසුරු දුරකථන 'ටැප් කිරීම' ප්‍රබන්ධයක්ද?

    හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මිනීමැරුම් චෝදනාවලින් නිදහස් කළ විනිසුරුවරයාගේ දුරකථනයට රහසේ සවන් දී තිබෙන බවට පළ වන වාර්තා පිළිගත නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කරයි.

    විනිසුරුවරයාගේ දුරකතනයට රහසේ සවන් දී ඇති බව හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය රූපවාහිනී නාලිකාවකට පවසා තිබුණි.
    භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විනිශ්චය මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මෙතෙක් එවැනි කිසිදු පැමිණිල්ලක් කර නැති බවයි, බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දුන්නේ.
    "මේක පුදුම සහගත කතාවක්. විශේෂයෙන්ම චුදිතයාගේ නීතිඥවරයා විනිශ්චකාරවරයා පිළිබඳව ප්‍රශ්නයක් මතු කිරීම සැක සහිතයි," ඔහු සඳහන් කළේ සංදේශයේ උපාලි ගජනායක සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

    දුමින්ද සිල්වාට මරණ දඬුවම

    මාධ්‍යයට තොරතුරු දීම වරදක් නොවෙයි -ශ්‍රේෂ්ඨාධිකරණය


    එවැනි තර්ජනයක් පිළිබඳව නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය තමන් දැනුවත් කර නැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද පසුගිය බදාදා සඳහන් කළේය.
    "තර්ජනයක් තිබෙනවා නම් විනිශ්චකාරවරයා ඒ පිළිබඳව පළමුවෙන් අගවිනිසුරුවරයා දැනුවත් කළ යුතුයි. පසුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඊළඟ ක්‍රියාමාර්ගය ගත යුතුයි. මේ දෙකම නැතුව චූදිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කරන්නේ පිළිගන්න බැරි කතාවක්."
    එබැවින් මෙය ජනතාව නොමඟ යැවීම පිණිස කරන ලද 'කොන්ත්‍රාත්තු වැඩක්' ලෙස පෙනී යන බව පවසන නීතිඥ ලාල් විජේනායක, එය විග්‍රහ කළේ අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය බිඳ දැමීමේ උත්සාහයක් ලෙසින්.
    "අද අධිකරණය, පොලිසිය ඇතුළු සියලු ආයතන දේශපාලන මැදිහත් වීමකින් තොරව නිදහසෙන් කටයුතූ කරන බව හැමදෙනාම දන්නවා," ඔහු පැවසීය.
    මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා දැනටමත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් ඉහත කී ආකාරයේ ප්‍රකාශ මගින් එම අභියාචනයට බරපතල බාධාවක් එල්ල විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

    'විනිසුරුවරුන්ට තර්ජනයක්'


    "බාධාවක් වෙනවා. මේක එක විදියකින් විනිශ්චයකරුවන්ට කරන තර්ජනයක් වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ කවුරුවත් මෙවැනි පිළිගත නොහැකි ප්‍රකාශයක් සිදුකරලා නැහැ."
    භාරත ලක්ෂමන් ඝාතන නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දු කළත්, පද්මිණි එන් රණවක සහ එම්කේඩී මොරායස් යන බහුතර විනිසුරුවරු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු බව තීන්දු කළහ.
    මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

    උපුටා ගැනීම - බීබීසී සංදේශය


    - http://sinhala.lankanewsweb.net/news/item/5704-2016-10-01-10-06-32
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    තාජුඩීන්ගේ යෑයි සැක අස්‌ථි කොටස්‌
    සයිටම්හී තිබී හමුවේ
    හඳුනාගැනීමට ඩීඑන්ඒ පරීක්‌ෂණ


    හේමන්ත රන්දුණු - ඒ. ඡේ. ඒ. අබේනායක - ඔරුවල සරත් ද සිල්වා

    මාලබේ 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තැන්පත් කර තිබූ සැකසහිත ශරීර අස්‌ථි කොටස්‌ තොගයක්‌ ඊයේ (03 දා) සවස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

    අබිරහස්‌ ලෙස ඝාතනය වූ බව කියන රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ සිරුරේ කොටස්‌ සයිටම් වෛද්‍ය විද්‍යාලයට රැගෙන ගොස්‌ ඇති බවට රහස්‌ පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත විමර්ශනය කිරීම සඳහා ඊයේ (03 දා) දහවල් 2.00 ට පමණ රහස්‌ පොලිස්‌ නිලධාරීන් කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමඟ ගොස්‌ සවස 6.00 ට පමණ වනතෙක්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව සැකසහිත අස්‌ථි කොටස්‌ 100 කට අධික ප්‍රමාණයක්‌ පොලිස්‌ භාරයට ගෙන තිබේ.

    මෙහිදී රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුරේ අතුරුදන්ව තිබෙන කලව කොටස්‌ දෙකක්‌ සහ පපුව කොටසක්‌ සොයා ගැනීම සඳහා මෙම පරීක්‌ෂා කිරීම කර තිබෙන අතර එහිදී පොලිස්‌ භාරයට ගත් අස්‌ථි කොටස්‌ අතර තාජුඩීන්ගේ අස්‌ථි කොටස්‌ තිබේද යන්න සොයා බැලීම සඳහා එම කොටස්‌ ඩී. එන්. ඒ. පරීක්‌ෂාවකට යොමු කිරීමට රහස්‌ පොලිසිය කටයුතු සූදානම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්‌ෂ සමීර සේනාරත්න මහතා "දිවයින"ට කියා සිටියේ තම වෛද්‍ය විද්‍යාලයට ගෙන එන ලද අස්‌ථි කොටස්‌ නීත්‍යනුකූලව සටහන් කර භාරගෙන තිබෙන බවයි.

    කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම සෝදිසි කිරීම සිදුකර ඇත.

    එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ සමයේ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් අස්‌ථි කොටස්‌ කිහිපයක්‌ ඉවත් කරගත් බවට චෝදනා එල්ල වී තිබේ.

    තාජුඩීන්ගේ මූලික පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ නියෝගය පරිදි ඉවත් කළ එම අස්‌ථි කොටස්‌ ඇතුළු අස්‌ථි කොටස්‌ පාර්සල් 15 - 20 ක්‌ පමණ ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ධුරයෙන් විශ්‍රාම යැමට දින කිහිපයකට පෙර සයිටම් ආයතනය වෙත රැගෙන ගොස්‌ ඇති බවට ලද තොරතුරු අනුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සයිටම් ආයතනයේ කෞතුකාගාරය හා විද්‍යාගාරය එලෙස පරීක්‌ෂාවට ලක්‌කර තිබේ.

    සයිටම් ආයතනය පරීක්‌ෂා කොට එම සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් හෙට (5 වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා සෝදිසි වරෙන්තුව නිකුත් කරමින් නියෝග කොට තිබුණි.


    - http://www.divaina.com/2016/10/04/news19.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    Lasantha Murder: Intelligence Officer Smuggled To Germany

    by Nirmala Kannangara

    The Army intelligence officer, who is in custody over the murder of the founding Editor of The Sunday Leader, Lasantha Wickrematunge, had been in Germany at the Sri Lankan Embassy, court was informed last week.

    The Mount Lavinia Magistrate last week rejected bail to military intelligence officer Premananada Udalagama.

    ASP CID, B. S. Tissera told the Magistrate that the Ministry of Defence had created a post for Udalagama at the Sri Lankan Embassy in Germany on a temporary basis when the former government was in power.

    The Defence Ministry had sent Udalagama to Germany following Wickremetunge’s murder, claiming that he is being sent to provide security to a certain official at the Sri Lankan Mission in Germany.

    Court was also told that the then Chief of National Intelligence at the Ministry of Defence Kapila Hendawithana, meanwhile, had made a request to the then Foreign Ministry to purchase three tickets for Udalagama’s family – wife and two children to pay a visit to Udalagama in Germany, which the Foreign Ministry had declined.


    However, on an extraordinary circumstance – on the directives of a top official, the Foreign Ministry had purchased the air tickets for Udalagama’s family since it was the school vacation for Udalagama’s offspring.

    It was revealed that Udalagama was given a separate apartment in Germany and the cost of all his food and lodging was paid by the government.

    Court was also informed that the Army is now conducting an investigation against Udalagama for the disappearance of the daily occurrence book (DOB).

    When Tissera informed this in court, Udalagama said that he had submitted the DOB to the CID for the investigation.


    - http://www.thesundayleader.lk/2016/10/03/intelligence-officer-smuggled-to-germany/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    කුරාම් ෂෙයික් ඝාතනය යළි කරළියට

    hqdefault.jpg


    මහින්ද රාජපක්ෂ පාලන සමයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීන්දු කර තිබේ.

    තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය, ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලුම් තම සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද ගොනු කර ඇති අතර විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් අනෙක් අභියාචන පෙත්සමද ගොනු කර ඇත.

    පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි වල්ගම සහ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ යන මහත්මීන් හමුවේ සලකා බැලූ නමුත් ලබන 13වනදා සිට රෝහිනී වල්ගම විණිසුරුවරිය එම විණිසුරු මඩුල්ලේ නොමැති බව පැවසේ.

    කොළඹ මහාධිකරණයේ පැවැති ඔවුන්ට විරුද්ධ නඩුවේ දඬුවම පැනවූයේ එවකට මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය විසිණි.


    - http://www.lankatruth.com/site/inde...8-31/item/2839-කුරාම්-ෂෙයික්-ඝාතනය-යළි-කරළියට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    වතුර ඉල්ලූ වැලිවේරියේ ජනතාවට වෙඩිතැබීම අපරාදයක් – උසාවිය කියයි

    පිරිසිදු ජලය ඉල්ලා ඉකුත් 2013 වසරේ අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේදී කෙරුණු උද්ඝෝෂණයකදී පුද්ගලයින් තුන්දෙනෙකු මියයාම අපරාධයක් බවට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) තීන්දු කළා.

    ඔවුන්ගෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්. අනෙක් පුද්ගලයා මොට ආයුධයකින් හිසට එල්ල වූ ප‍්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

    මෙම සිද්ධියට අදාළව යුද හමුදාව සතු ගිනි අවි 98ක් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

    තවත් ගිනි අවි 42ක් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    ඒ පිළිබඳ වැඩිදුර වාර්තා ලබන ජනවාරි 20 වැනිදා ඉදිරිපත් කරන ලෙසටයි ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.


    - http://nethnews.lk/article/20721
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    ජොස්තර මාෆියාව සමග එක්වී හොර ලෙඩ පෙන්වා ගෙවන වාට්ටුවේ සැප ගන්නා අනුර සේනානායක ඉන් ඉවත් කර සිරකුටියට දාන්නැයි පිටු 40 ක අධිකරණ තීන්දුවක්

    ජොස්තර මාෆියාවේ උදව් සහිතව හොර ලෙඩ පෙන්වා රිමාන්ඩ් සිරගෙදරින් මිදී කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට වී කල් ගෙවන තජුඩීන් ඝාතනයේ සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉන් ඉවත් කර බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා බන්ධනාගාර අධිකාරී වරයාට ඊයේ නියෝග කෙළේය.

    ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට තරම් දරුණු රෝගී තත්ත්වයක් නොමැති බව සඳහන් මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය පිටු 40කින් යුක්තය.

    නීතිය ඉදිරියේ සියල්ලෝම එක හා සමාන බවට මූලික නීතියෙන් පිළිගෙන ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා රෝගය වත්පොහොසත්කම මත තීරණය නොකරන බවත් ජීවත්වීමේ අයිතිය මෙන්ම ප්‍රතිකාර ගැනීමේ අයිතිය සියලු සැකකරුවන්ට පොදු වන අතර ඊට වත්පොහොසත්කම බල නොපාන බැවින් බන්ධනාගාර ආඥා පනතේ 69(1) වගන්ති ප්‍රකාරව ක්‍රියාත්මක කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ රැඳවියන්ගේ ප්‍රතිපත්ති මාලාවට එකඟව ඇති බැවින් මුදල් අය කර‍ වෛද්‍ය පහසුකම් ලබාදීම ඊට අදාළ නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා 2003 වසරේ සිට කිසිම අවස්ථාවක සැකකාර අනුර සේනානායක නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවට වෛද්‍ය වාර්තා මඟින් කරුණු තහවුරු නොවන බවද පැවැසීය.

    මීට අමතරව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා සම්බන්ධව වෛද්‍ය සභාවේ පැවැත්වෙන විමර්ශන ලබන මස 30 වන දිනට පෙර අවසන් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෙත නියම කළේය.

    අදාළ විමර්ශනය සඳහා දැනටමත් මාස 9 ක කාලයක් ගත වී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ජනතාවට යුක්තිය ඉෂ්ට කළ යුතු බව දන්වමින් වෛද්‍ය සභාව වෙත මෙලෙස නියෝගයක් නිකුත් කෙරිණ.

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මරණ දඬුවම් නියම වී ඇති දුමින්ද සිල්වා ද විමල් වීරවංශගේ සොයුරාද ඇතුළු බොහෝ සිරකරුවන් මේ වන විට සිටින්නේ සිර මැදිරි වල නොව බන්ධනාගාර රෝහලේ ඇඳන් මතය.

    මෙම පාදඩ කුමන්ත්‍රණයට සහාය දක්වන්නේ ජොස්තර මාෆියාව ය. ජොස්තර මාෆියාව විසින් නිකුත් කරන ව්‍යාජ රෝග වාර්තා නිසා බන්ධනාගාර කොමසාරිස්වරයාටද කර කියා ගත හැක්කක් නැත.


    - http://www.lankaenews.com/news/4691/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    යාපනයේ 'ආවා' නිර්මාතෘ හමුදා නිලධාරියෙක් !

    යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්‍රදේශයේ කටයුතු කල හමුදා ප්‍රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

    මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදීය.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇත.

    දකුණු ඉන්දියානු චිත්‍රපට :

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී යුධ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ආවා' කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක්ම යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්‍රියාත්මකවන බවයි.

    දකුණු ඉන්දියානු චිත්‍රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය.

    2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.

    යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්‍රියාත්මක වූ බව වාර්තාවී ඇතැයි පැවසු එම නිලධාරියා, එහෙත් එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිසියට වැරදිලා :

    මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබිම සිදුකර ඇති බවත් දැනට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

    'ආවා' කල්ලිය ප්‍රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    විග්නේශ්වරන් විමතියෙන් :

    කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි.

    (කුමුදු කුමාර)


    - http://www.sinhala.srilankamirror.c...na-s-ava-group-was-formed-by-military-officer

    සාගල නැගිට යයි

    2016 ඔක්තෝබර් මස 26 14:48:56 | තරිඳු ජයවර්ධන

    උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගියේය.

    යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් දෙදෙනකු මිය යෑමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීය.

    යාපනයේ අපරාධ කරන යතුරුපැදි කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා සිද්ධි වූ දා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත්, සිසුන්ගේ යතුරු පැදි දෙක මාර්ග බාධකයේ නොනවත්වා ගමන් කර ඉදිරියේ තිබූ ජංගම රථයේ සිටි පිරිස දෙසට පැමිණ ඇති බවත්, ඒ නිසා වෙඩි තබා ඇති බවත්, ඒ මොහොතේ නිලධාරීන්ගේ තත්ත්වයද තේරුම් ගත යුතු බවත් සාගල රත්නායක ඇමැතිවරයා කීවේය. පොලිසිය බේරීමට අහසට වෙඩි තැබූ බව කියන බව ද ඇමැති පැවසීය.

    මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, මෙය කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු කීවේය.

    මෙම සිදුවීම අළලාගෙන ප්‍රශ්න ඇති කිරීමට හැකි නිසා ප්‍රශ්න අවම වන ආකාරයෙන් කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

    ප්‍රශ්නය - මෙම සිදුවීමට තොරතුරු වසන් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඊට පහළ නිලධාරීන් පිරිසක්. පොලිසිය මුලින් ප්‍රකාශ කළේ මාරක රිය අනතුරක් කියලයි. මාරක රිය අනතුරකදී සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකත් ගොස් පරීක්ෂා කළ බැලිය යුතුයි. එවිට මෙය අපරාධයක් බව ඔවුන්ට පැහැදි වෙනවා. නමුත් ඇයි සිද්ධිය වසන් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගත්තේ?

    පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

    ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙනවා පිටුපස සිටි සිසුවා මිය ගියේ හිසට බරපතල හානි සිදුවෙලා කියා. නමුත් ඔහුගේ පැළඳ සිටි හෙල්මටයට හානියක් වෙලා නෑ. එය විසි වෙලත් නෑ. ගලවා තිබූ ආකාරයට ඒ ළඟම තිබෙනවා. කොහෙමද එහෙම වෙන්නේ?

    පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මට පිළිතුරු දිය හැක්කේ සමහර දේවලට පමණයි.

    ප්‍රශ්නය - මේ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ පපුවට සහ උකුලට වෙඩි වැදී තිබෙනවා . ඔබ කියනවා අහසට වෙඩි තැබූ බව. අහසට වෙඩි තිබ්බා නම් කොහොමද පපුවට වෙඩි වදින්නේ?

    පිළිතුර - පටිපස්සෙනුයි වෙඩි තබා තිබෙන්නේ. පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. කිසිවක් වහන්න අපට අවශ්‍ය නෑ.

    ප්‍රශ්නය - ඔබ කියනවා මෝටර් බයිසකල් ගැන්සියක් උතුරේ ක්‍රියාත්මක වන බව. හැබැයි ජනතාව කියන්නේ ඒ මෝටර් සයිකල් ගැන්සිය හමුදා බුද්ධි අංශයේ බවයි. මේ චෝදනාව ගැන මොකද කියන්නේ?

    එම ප්‍රශ්න අසද්දී ඇමැතිවරයා ඊට පිළිතුරක් නොදී නැගී සිටියේය.

    ප්‍රශ්න - ඔබතුමා නිශ්ෂබ්දව සිටීමෙන් අපි ඊට පිළිතුර ඔව් කියා ද ගන්න ඕනා? එහෙම නැතිනම් නෑ කියාද?

    ඇමැතිවරයා නැගිට යමින් ගමන් කීවේ ඊට පිළිතුරක් දිය නොහැකි බවයි.

    මේ සිදුවීමේ සැක මුසු තැන් ගැන ඇසීමට තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව මාධ්‍යවේදීන් කීවත් ඒවාට අසන්නට අවස්ථාව නොලැබිණි. ඇමැතිවරයා පිටවී ගියේය.


    - http://www.lankadeepa.lk/index.php/articles/473023

    Tue, 2014-01-14 News:


    13 Members of dangerous criminal gang in Jaffna–Ava Group arrested



    Colombo, 14 January, (Asiantribune.com):

    Several leading members of ‘Ava Group’ - an underground criminal gang involved in thefts, crimes, kidnapping people for ransom and other criminal activities in the Jaffna district were recently arrested

    According to a police report, so far 13 members of the Ava Group – alleged to be a criminal gang were arrested and taken into custody.

    The criminal gang members were arrested from Atchuvely, Manipay, Kopay and Chunnakam police divisions.

    One Kumaresaratnam Vinothan, aged 21 years from Inuvil also called ‘Ava,’ said to be the leader of the criminal gang that was operating in the district.

    Police have so far taken into possession 9 motor cycles, two hand grenades, 12 swords, knuckles and a few other lethal weapons.

    It is said that the members of the group are of 17 to 30 years group. Investigation revealed that there are are three groups under it leader Ava.

    Reports further revealed that police are on the lookout for a girl described to be in her teens and said to be another leader of the group.

    Ava_3.png

    Ava_1.png

    Ava_2.png




    - Asian Tribune -

    - http://www.asiantribune.com/node/69801
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    සිදුවී තිබෙන සාහසික ක්‍රියා ගැන ගෝඨාභය කියන්නේ කුමක්ද?


    ivan.gif


    වික්ටර් අයිවන්

    රටේ රාජ්‍ය නායකයා සේ ම සේනාධිනායකයා වන ජනාධිපතිවරයා පසුගිය දිනක පසුගිය ආණ්ඩු කාලයේ සිදුවී තිබෙන වංචා හා දූෂණ පිළිබඳවත්, සාහසික අපරාධ පිළිබඳවත් කෙරෙන පරීක්ෂණ හා ඔවුන්ට එරෙහිව කෙරෙන නඩු පැවරීම් පිළිබඳව ලොකු විවේචනයක් කළේය. ජනාධිපතිවරයාගේ එම විවේචනය ජනාධිපතිවරයාට ඡන්දය දුන් ජනතාව අන්දමන්ද කළේය. සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන පරීක්ෂණ පවත්වන ආයතනවල නිලධාරීන්ද අන්දමන්ද කිරීමට හේතුවන්නට ඇති බවට සැකයක් නැත. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ලෙස ජනාධිපතිවරයා අතින් සිදුවූ එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය පෙන්නුම් කිරීමට අසමත්වීම නිසා ඇතිවූ පරිවර්තනයේ ප්‍රධාන බලය ලෙස ක්‍රියා කළ එක්සත් ජාතික පාක්ෂිකයන් අතර ඇත්තේද මහත් කලකිරීමකි. මෙම ජයග්‍රහණයට දායක වූ නිර්පාක්ෂිකයන් තුළ ඇත්තේද කලකිරීමකි. අවසාන විග්‍රහයේදී දැන් ජනතාවට ගනුදෙනු කරන්නට සිදුවී තිබෙන්නේ අත්වල ලේ තවරා ගත් සාහසික ආණ්ඩුවක් සමඟ නොව මොළේ අහිමි කරගත් ආණ්ඩුවක් සමඟය.

    යුද්ධයෙන් පසු


    රටේ ආණ්ඩු පෙරළියක් ඇතිවන අවස්ථාව වනවිට රට තිබුණේ බිහිසුණු අපරාධකාරයන් රජ කරන රාජ්‍යයක තත්ත්වයකට වේගයෙන් තල්ලුවී යන තත්ත්වයකය. පසුගිය ජනාධිපතිවරණයෙන් ආණ්ඩු වෙනසක් ඇති නොවී නම් රට අපරාධකාරයන් රජ කරන රටක තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි.
    යුද්ධයක් කෙරුණු කාලයේදී උතුරේ සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැකීමේ හැකියාවක් දකුණේ ජනයාට නොතිබුණි. ඔවුහු දැනසිටියෝ එහි බිහිසුණු යුද්ධයක් කෙරෙන බව පමණය.
    යුද්ධය ජයගැනීමෙන් පසුව අවලස්සන සිදුවීම් රාශියක් දකුණේද සිදුවිය. රවිරාජ් ඝාතනය කෙරුණේද, ශිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණේද, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේද ජනමාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු හා කුරිරු පහරදීම්වලට ලක්කෙරුණේද බොහෝවිට මහ දවාලේ කොළඹ අධිආරක්ෂිත කලාපය තුළය. එක්නැළිගොඩ අතුරුදන් විය. ලලිත් හා කූගන් අතුරුදන් විය. තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීහු දෙදෙනකුද සැකයට හේතුවන හදිසි අනතුරකින් මරණයට පත්වූහ. ග්‍රීස් යක්කු රට කැළඹුවෝය. කටුනායක වෙළෙඳ කලාපයේදී හා රතුපස්වලදී නිරායුද මහජනයාට බිහිසුණු ලෙස පහර දුන්නේය. අලුත්ගම දර්ගා නගරයේදී මුස්ලිම් මිනිස්සු ද දරුණු පහරදීමකට ලක්වූහ. ඔවුන්ගේ ගෙවල් සිය ගණනක් ගිනි තබා අළු දූලි බවට පත් කළේය. මේ කාලය තුළ 100කට ආසන්න පිරිසක් පැහැර ගෙන ගොස් අතුරුදන් කර තිබේ.
    මේ කාලයේදී සිදුවී තිබෙන සියලු අපරාධ නොවේ නම් ඉන් වැඩි හරියක් ආරක්ෂක හමුදාවන්ට හා එහි බුද්ධි අංශවලට සම්බන්ධ කුඩා කල්ලියක් විසින් කර තිබෙන අපරාධ බව තේරුම් ගැනීමට හැකිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ට පින් සිදුවන්නටය. එම දෙපාර්තමේන්තුව කර තිබෙන පරීක්ෂණ දෙස බැලීමේදී එම පරීක්ෂණ උසස් ප්‍රමිති තත්ත්වයකින් පවත්වාගෙන ගොස් ඇති බවද පෙනෙන්නට තිබේ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පහරදීම් හෝ හිංසාවට ලක් කිරීම් සිදුකර නැත. එම පරීක්ෂණ සඳහා නවීන අපරාධ පරීක්ෂණ තාක්ෂණ ක්‍රමද යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන්ට එහිදී පරීක්ෂණ කරන්නට සිදුවී තිබෙන්නේද සාමාන්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් නොව ආරක්ෂක හමුදාවල හා පොලිසියේ උසස් නිලධාරීන්ටද අදාළවය.

    අපරාධකරුවන් හා දේශපාලකයන්


    දේශපාලකයන් අපරාධකරුවන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ලංකාවේ ඇතිවීම ආරම්භ වන්නේ ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීය. ඒ කාලයේදී දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇති කරගෙන ඒවා පවත්වාගෙන යෑමේ නිදහස දේශපාලකයන්ට ලබාදෙන ලද අතර දේශපාලකයන් ගොඩනගන ලද පුද්ගලික හමුදාවලට බොහෝ විට එකතුවූවෝ ප්‍රදේශවල නමගිය අපරාධකාරයෝය. එසේ පුද්ගලික හමුදාවලට එකතු වූ අයට යුද හමුදාව විසින් අවි පුහුණුවක් ලබාදී ඔවුන්ට අවශ්‍ය ගිනි අවි හා උණ්ඩ ද ලබාදෙන ලදි. ඒ මගින් එම අපරාධකරුවන්ට තමන්ගේ දේශපාලන ස්වාමියාට ආරක්ෂාව ලබාදෙන අතර ඔවුන්ගේ රැකවරණය මත තමන්ට හුරුපුරුදු අපරාධ කටයුතුවල නිරතවීමේ හැකියාවද ලැබුණි. ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන් හා දේශපාලන බලවතා අතර ගොඩනැගී තිබූ එම කිට්ටු මිත්‍රත්වය නිසා ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ටද එම අපරාධකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යන්නට සේ ම එවැනි අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුවිය. මේ තත්ත්වය රටේ සිදුවන අපරාධවල ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවූවා සේ ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති කිරීමටද හේතුවිය. එම තත්ත්වය රටේ දේශපාලකයන් හා අපරාධකරුවන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී රටේ දේශපාලන සංස්කෘතියේද අතිවිශාල පරිහානියක් ඇති කිරීමට හේතුවිය.
    ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී දේශපාලකයන් සිය විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා වැඩි වශයෙන්ම යොදාගන්නා ලද්දේ තමන්ගේ පුද්ගලික හමුදාවේ සේවය කරන අපරාධකරුවන්ය. ඊට අඩු ප්‍රමාණයකට පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් යොදා ගත් අවස්ථා තිබුණි. දේශපාලකයන් දෙන ලැයිස්තුවලට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම ප්‍රතික්ෂේප කළ නිර්භීත හමුදා නිලධාරීන් ද එදා සිටි බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය.

    දේශපාලකයන් හා හමුදා කල්ලි

    උතුරේ යුද්ධයත් සමඟ එතෙක් පැවති මෙම ප්‍රවණතාවේ අලුත් වෙනසක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. දකුණේ තිබුණු එල්ටීටීඊයට සම්බන්ධ ජාලය අඩපණ කිරීමට හමුදාවල බුද්ධි අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහිදී ජංගම දුරකතන සම්බන්ධතාද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඒ සමඟ සමහර බුද්ධි අංශ නිලධාරීන් දේශපාලකයන් සමඟ අනවශ්‍ය තරමට කල්ලි ගැසී ක්‍රියාකිරීමක්ද සිදුවිය. දේශපාලන බලධාරීහු තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා තමන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන සමහර බුද්ධි අංශ නිලධාරීන් යොදා ගත්තෝය. දේශපාලකයන් එසේ කරන විට ඔවුන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන නිලධාරීහු තමන්ගේ පුද්ගලික ආත්මලාභය සඳහා ද අපරාධවල නිරත වූහ. කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගත්තෝය. බොහෝවිට තමන්ගේ අරමුණු සපුරා ගැන්මෙන් පසු ඔවුන් මරා දැම්මෝය. දේශපාලන බලධාරීන්ට ඔවුන් කරන අපරාධ පෙනුණද ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තිබුණු නිසා ඔවුන් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා හැර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබුණි.
    මේ තත්ත්වය වෙනස් වනුයේ ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුවය. ආණ්ඩු පෙරළියක් ඇතිවීමෙන් පසුත් වෙනත් බොහෝ අංශවල දේවල් සිදුවූයේ පරණ පුරුදු විදියටය. රාජපක්ෂලා නැවත බලයට පත්වුවහොත් කියන බිය හැම තැනම තිබුණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට පාලන බලය අහිමිව තිබුණද රාජ්‍ය නිලධරතන්ත්‍රය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කිරීමේ හැකියාව ඔහුට තිබුණි. රාජපක්ෂ රෙජීමයේ නායකයා පරාජය කෙරුණද රෙජිමේන්තුව පරාජය කිරීමක් සිදු නොවීය. රෙජිමේන්තුව නව පාලනයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළේය. මෙම තත්ත්වයෙහි වෙනසක් පෙනෙන්නට තිබුණේ අල්ලස් හෝ දූෂණ, මූල්‍ය අපරාධ හා අපරාධ පරීක්ෂණ අංශවල පමණය. මේ අංශ අතරින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුව තිබූ සාහසික අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණවල අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කළේය.

    තාජුඩීන්ගේ මරණය

    සිදුවී තිබුණු වෙනත් බොහෝ අපරාධ මෙන් නොව තාජුඩීන්ගේ මරණය සලකන ලද්දේ ඔහු ගමන් ගනිමින් තිබූ රිය ගිනි ගැනීමෙන් සිදුවූ මරණයක් ලෙසය. එහෙත් තාජුඩීන්ගේ මරණය අහිංසක මරණයක් නොව සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව සොයා ගන්නා ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ නිසා ඔහුගේ වළ දමා තිබූ සිරුර ගොඩ ගන්නට සිදුවූ අතර දෙවැනි වරටත් ඒ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් තියන්නටද සිදුවිය.
    පළමු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබුණේ විෂයෙහි ප්‍රමුඛ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසිනි. දෙවැනි පරීක්ෂණය සිදුකරන ලද්දේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙනුවට ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මගිනි. පළමු පරීක්ෂණයට අනුව මරණය සිදුවී තිබුණේ සිහිනැතිවීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්න නිසා ඇතිවූ කාබන් මොනොක්සයිඞ් ආඝ්‍රාණය වීම නිසාය. දෙවැනි පරීක්ෂණයේ එක් තීන්දුවක් වූයේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවමින් සිට නැති බවය. තාජුඩීන්ට පහර දී ඔහු දුර්වල කිරීමෙන් පසුව ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. එහි එන තවත් තීන්දුවක් වනුයේ ඔහුගේ මරණය සිදුවී තිබෙන්නේ පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා බවය. ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් පැවති කාලයේදීය. මළසිරුරේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන් වී තිබෙන බවද සොයා ගන්නා ලදි.
    තාජුඩීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළියේ ආගරපතනින් සොයා ගන්නා ලදි. මේ සිද්ධියේදී පළමු මරණ පරීක්ෂණය සිදු කළ නාමධාරී අධිකරණ වෛද්‍ය නිලධාරියා සිද්ධියේ සත්‍යය වසන් කළ බව පැහැදිලිය. පොලිස් බලධාරීන්ද සිද්ධියේ ඇත්ත වසන් කළේය. සත්‍යය වසන් කිරීමේ චෝදනාව යටතේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. රටේ එදා පැවති කුරිරු හා අශීලාචාර වටාපිටාව ඒ ආශ්‍රයෙන් තේරුම් ගැනීම අමාරු නැත.

    ප්‍රගීත් එක්නැළිගොඩ

    එක්නැළිගොඩ සිද්ධියේදීද ඔහුට කුමක්වීද යන්න ජනතාව දැන සිටියෝය. ආණ්ඩුව රටට අනියම් ලෙස කීවේ ඔහු පිටරටකට පලා ගොස් එහි ජීවත් වන බවය. ඔහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වූයේ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා ඔහු කොළඹ බත්තරමුල්ලේදී පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙන බවය. මෙම පැහැරගෙන යෑමේ වැඩසටහන ක්‍රියාත්මක කළ ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා හමුදා බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟද සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකි. තමා කොළඹ බත්තරමුල්ලේදී එක්නැළිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගිය බව එම නිලධාරියා පිළිගෙන තිබේ. එක්නැළිගොඩ ගිරිතලේට ගෙනයෑමෙන් පසු ඔහු ප්‍රශ්න කිරීම සඳහා භාරදී ඇත්තේ එම හමුදා කඳවුරේ සාජන් මේජර් රන්බණ්ඩාටය. ඔහුද ඒ බව පිළිගෙන තිබේ.
    ප්‍රශ්න කිරීමෙන් පසුව එක්නැළිගොඩ නිදහස් කර යවන ලද බවට සාක්ෂි නැත. ඉන්පසුව ඔහුට කුමක් වීද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ඔහු පැහැරගෙන ගිය නිලධාරියාය. එහෙත් ඔහු ඒ ගැන කතා කරන්නේ නැත. පරීක්ෂකයන් ඇති කරගෙන තිබෙන උපකල්පනය වී ඇත්තේ එක්නැළිගොඩ අක්කරෙයිපත්තුවට ගෙන ගොස් මරාදමා තිබෙන බවය. එම උපකල්පනයට ඔවුන් පැමිණ ඇත්තේ කඳවුරේ ප්‍රධානියාගේ ජංගම දුරකතනය හා දුරකතන කුලුනු මගින් කරුණු පරීක්ෂා කිරීමේදී ඔහු අක්කරෙයිපත්තුවට ගොස් තිබෙන බව සොයා ගැනීම නිසාය. ඒ ගැන කරුණු වැඩිදුර තහවුරු කරගැනීම සඳහා අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් නිල රාජකාරි සටහන් පොත්වල තිබෙන සටහන් ඉල්ලා ඇතත්, හමුදාව ඒවා ලබාදී නැත. පරීක්ෂකයන්ට එම පරීක්ෂණය සිදුකරන්නට සිදුවී තිබෙන්නේ හමුදාවේ අවහිර මැද්දේය. නඩුව විමසන විනිශ්චයකාරවරයාද උසාවියේදී ඒ ගැන හමුදාපතිට චෝදනා කළේය. අක්කරෙයිපත්තු හමුදා කඳවුරෙන් තොරතුරු නොලැබුණු විට මෙම නිලධාරියා අක්කරෙයිපත්තුවට එම නිශ්චිත කාලයේදී පැමිණ තිබේදැයි දැනගැනීම සඳහා අක්කරෙයිපත්තුවල තිබෙන ඉන්ධන හලේ පොත් පරීක්ෂා කර තිබෙන අතර අදාළ නිලධාරියා ඉන්ධන ලීටර් 30ක් ඉන්ධනහලෙන් ලබාගෙන ඇති බව ඉන්ධන පිරවුම්හලේ පොත් ආශ්‍රයෙන් තහවුරු කරගෙන තිබේ.

    ලසන්ත ඝාතනය සැඟවීම සඳහා කරන ලද ඝාතන

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව කෙරෙන පරීක්ෂණයෙන්ද හෙළිදරව් වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ එය හමුදා බුද්ධි අංශය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතනයක් වන බව පමණක් නොව එම ඝාතන සිද්ධියේ ඇත්ත වසන් කොට මහජනයා තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා අහිංසක මිනිසුන් දෙදෙනකු ඝාතනය කරන ප්‍රතිපත්තියක් බුද්ධි අංශය විසින් අනුගමනය කර තිබෙන බවය.
    කොළඹ අත්තිඩියේදී ලසන්ත ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වැනිදාය. 2009 ජනවාරි 27 වැනි දින අත්තිඩිය ඇලේ ගිල්වා තිබියදී ටේ්‍රල් වර්ගයේ මෝටර් බයිසිකලයක් අත්අඩංගුවට ගන්නා ලදි. එයට ඵධ 9637 යන ව්‍යාජ අංකය යොදා තිබුණු අතර එන්ජිමේ තිබූ අංකය අනුව එහි නියම අංකය වූයේ උඡ්‍ය’ 5665 විය. එම නියම අංකය අනුව මෝටර් බයිසිකලයේ හිමිකරුවා වූයේ පරසිවම් ත්‍යාගරාජා නමැත්තෙකු බව සොයා ගන්නා ලදි. ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝගයක් මත රඳවා තබා ගත්තේය. හිමිකරුවා කියා තිබුණේ එම මෝටර් බයිසිකලය විනෝද් කුමාර වීරසිංහම් නමැති පුද්ගලයකුට ඊට අවුරුදු දෙකකට පමණ ඉහතදී විකුණා තිබුණු බවය. එම පුද්ගලයා ගැන කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වී තිබෙනුයේ එම පුද්ගලයා චෙට්ටිකුලම්වල පුද්ගලයකු බවත් එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එම මෝටර් සයිකලයේ ගමන් කරමින් සිටියදී (එය සිදුවී ඇත්තේ ලසන්ත ඝාතනය කෙරුණු දිනට පසු දිනය.) හමුදා ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදුව එම ජීප් රථයෙන් පැමිණි හමුදා සෙබළෙකු විසින් ඔවුන් දෙදෙනාගේ මෝටර් සයිකලය රැගෙන ගොස් තිබෙන බවය. අත්තිඩියේ ඇළේ තිබී හමුවී ඇත්තේ එම මෝටර් සයිකලයයි.
    මෝටර් සයිකලේ ගමන් ගත් දෙදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේදී ඒ දෙදෙනා අනුරාධපුරයේ ගම්මිරිස් වැව ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී හිසට වෙඩි තබා මරා දමා තිබෙන බව සොයා ගන්නා ලදි. එම මරණ දෙකේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මළසිරුරු දෙකේ ඡායාරූප හා හිස්කබල් දෙක තමන් වෙත තබාගෙන තිබෙන අතර පසුගිය දිනක එම පුද්ගලයන් දෙදෙනාගේ පවුලේ අය ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබේ. දේවල් සිදුවී තිබෙන්නේ කොතරම් බිහිසුණු හා කුරිරු ආකාරයටද යන්න ඉන් තේරුම්ගත හැකිය. දෙමළ මිනිසකුට අයිති මෝටර් බයිසිකලයක් දියේ ගිල්වීමට අවශ්‍ය වූයේ එය දෙමළ මිනිසකු කරන ලද ඝාතනයක් බව පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ නිසා විය හැකිය. ඒ සඳහා එම මෝටර් බයිසිකලය උදුරාගෙන එහි ගමන් ගත් දෙදෙනා නොමරා සිටීමේ හැකියාවක් තිබියදී එහි ගමන් ගත් දෙදෙනා මරා දැමීමෙන් පෙනෙන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා මිනිසුන් මැරීම ඔවුන්ට ඒ කාලයේ ඉතාමත් සාමාන්‍ය දෙයක් වී තිබුණු බවය.


    ලසන්ත ඝාතනය

    ලසන්ත ඝාතනයෙන් කලකට පසුව මහින්ද රාජපක්ෂ පාලන කාලයේදීම හමුදා බුද්ධි අංශයේ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඉන් පුද්ගලයන් කිහිපදෙනෙකු ලසන්ත ඝාතනය කළේ තමන් විසින් බව පිළිගෙන තිබේ. ඒ සමඟ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නේ නම් ලැබුණු නියෝග මත තමන් විසින් කරන ලද වෙනත් ඝාතනයන් ගැනද තමන්ට කරුණු හෙළිදරව් කරන්නට සිදුවන බව ඔවුන් කියා තිබේ. ඉන්පසු ඒ සියලුදෙනා නිදහස් කර තිබෙන අතර ඉන් තිදෙනෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විදේශ අමාත්‍යාංශය මගින් එම අමාත්‍යාංශයේ මුදලින් ජර්මනියට යවා තිබේ. දැන් ලසන්ත ඝාතනයට හා උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එසේ ජර්මනියට යවන ලද පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකි.
    ලසන්ත ඝාතනය සඳහා යොදාගෙන තිබෙන්නේ මස් පිණිස ඇති කරන සතුන් මැරීම සඳහා යොදා ගන්නා බෝල්ට් ගන් නමින් හැඳින්වෙන ආයුධයයි. ලසන්තගේ මරණය සිදුවූ අවස්ථාවේදී ඔහුට ප්‍රතිකාර කළ මහාචාර්ය මොහාන් ද සිල්වා වාර්තා කර තිබෙනුයේ එය වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් නොවන බවය. රස පරීක්ෂකවරයා කියන්නේද වෙඩි තැබීමක් සිදුවී ඇති බව පිළිගැනීමට හේතුවන කිසිදු සාක්ෂියක් නැති බවය.
    ආරක්ෂක හමුදාවන්ගේ බුද්ධි අංශවලට අයත් සමහර පුද්ගලයන් දේශපාලන බලවතුන්ගේ අරමුණු වෙනුවෙන් බිහිසුණු ක්‍රියා කරන අතර තමන්ට මුදල් ඉපැයීම සඳහා පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ ක්‍රියාදාමයකද නිරත වී සිටි බව පෙනේ.

    කප්පම් සඳහා පැහැර ගැනීම

    රාජපක්ෂ පාලන කාලයේදීම ගුවන් හමුදා බලගණ නායක නිශාන්ත ගජනායක නමැති නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ චෝදනාව යටතේය. ඉන්පසු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් එම්.එන්.ඩී.එස්. මුණසිංහ (නේවි සම්පත්) නම් නිලධාරියා මිනිසුන්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැරගෙන ගොස් මරා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ (2009 මැයි 28 වැනිදා) එම නාවික හමුදාපතිවරයාමය. එම ලුතිනන් කමාන්ඩර්වරයා නාවික හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධාන පුද්ගලයෙක් විය. මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමේ කල්ලියක් ඔහු පවත්වාගෙන ගියේය.
    එම ලුතිනන් කමාන්ඩර්වරයාගේ කප්පම් කල්ලිය 2008 සැප්තැම්බර් 6 වැනිදා දෙහිවල නිවසක සිටියදී පුද්ගලයන් පස්දෙනකු පැහැර ගෙන ගියේය. පැහැර ගනු ලැබූ මෙම තරුණයන් පස්දෙනා ක්‍රෙඩිට් කාඞ්පත්වලින් මුදල් ලබාගන්නා ජාවාරමක් පවත්වාගෙන ගිය අය බව කියනු ලැබේ. ඔවුන් පැහැරගෙන ඇත්තේ ඔවුන් ළඟ තිබෙන මුදල් ලබාගැනීමේ අරමුණින් හා අනුන්ගේ ක්‍රෙඩිට් කාඞ්වලින් මුදල් හොරට ලබාගැනීමේ තාක්ෂණය ඔවුන්ගෙන් දැනගැනීම සඳහාය. පැහැරගනු ලැබූ මෙම කණ්ඩායමට අයත්ව සිටි රජීව් නාගනාදන් නමැත්තා වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා 2008 සැප්තැම්බර් 16 වැනිදා එක්සත් රාජධානියට යෑමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි තරුණයෙක් විය. පැහැර ගැනීමෙන් පසු ඔවුන් පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්ථානයක රහසිගතව රඳවාගෙන සිටියේය. මෙම කප්පම් කල්ලිය නාගනාදන් නිදහස් කිරීම සඳහා නාගනාදන්ගේ පියාගෙන් රුපියල් කෝටි 5ක කප්පමක් ඉල්ලා සිටියේය. තම පුතා පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටින්නේ නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා විසින් බව පියාට දැනගන්නට ලැබීමෙන් පසු ඔහු නාවික හමුදාපතිවරයාට ඒ බව පැමිණිලි කළේය.
    නාවික හමුදාපති තම පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තැනකට යන්නේ ඔහු කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගන්නා කල්ලියකට නායකත්වය දෙන බව කරුණු සහිතව දැනගන්නට ලැබීම නිසාය. ඔහුගේ එම පැමිණිල්ල සමඟ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ නාවික හමුදාවෙන් පලා යන අතර ඒ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිල කාමරය සීල් තබන්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේය. ඔහු ඉදිරියේ සීල් තබන ලද නිල කාමරය විවෘත කොට එය පරීක්ෂාවට ලක් කරන ලදි. එහිදී පැහැර ගන්නා ලද තරුණයන් පස්දෙනාගේ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් 5 සොයා ගන්නා ලදි. ඒ සමඟ ගිනි අවි සහ උණ්ඩ තොගයක්ද දඬුවම් මුදලාලිගේ ලක්ෂ ගණනක මුදල් හා වවුචර් පොත් ද සොයා ගන්නා ලදි.

    පුද්ගල ඝාතන

    තවදුරටත් කෙරුණු පරීක්ෂණවලින් ආවරණය වූයේ පැහැර ගන්නා ලද මෙම පුද්ගලයන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු මරා ඔවුන්ගේ මළසිරුරු කෑලිවලට කපා ඒවා කැලණි ගඟේ ගිල්වා ඇති බවය. එම සිරුරු කොටස් කැලණි ගඟට ප්‍රවාහනය කර ඇත්තේ නාවික හමුදාවට පසු ආරක්ෂාව සපයන ඩිෆෙන්ඩර් රථයෙනි. නාගනාදන් නමැති වෛද්‍ය ශිෂ්‍යයාද ත්‍රිකුණාමලයට ගෙන ගොස් 2009 අප්‍රේල් 24 වැනිදා මරා දමා තිබේ.
    නාවික හමුදාවේ බුද්ධි අංශයේ සාහසික ක්‍රියා ගැන දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය. වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයට වෙන් කර තිබූ පරිශ්‍රයක කෑලි 72කට කපන ලද වෑන් රථයක් ඇති බව කඳවුරේ බලධාරීන් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් කළේය. රජයේ රස පරීක්ෂකවරයා එහි චැසි අංකය සොයා ගන්නා ලදුව වෑන් රථයේ හිමිකරුවා කව්දැයි හඳුනාගන්නා ලදි. ඔහු වැල්ලම්පිටියේ බක්කිලි සාමි නමින් වන ධනවත් පුද්ගලයෙකි. ඔහු හා ඔහුගේ මස්සිනා අතුරුදන් කර තිබුණේ මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටියදීය. ඒ වනවිට ඔහුගේ ශරීරයේ තිබූ රන්මාලවල හා මුදුවල තිබී ඇති රත්තරං ප්‍රමාණය රන් පවුම් 45කි. ළඟ තිබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8කි.
    පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් වෙඩි තබා මරා දමා තිබුණේ නාවික හමුදාවේ බුද්ධි අංශය විසිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේද, එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරන්නේද, උපාලි තෙන්නකෝන්ට අමානුෂික ලෙස පහර දෙන්නේද හමුදා බුද්ධි අංශය විසිනි. පෝද්දල ජයන්තට හා කීත් නොයාර්ට කරන ලද අමානුෂික පහරදීම ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. රතුපස්වල සිදුවී ඇති සාහසිකකම් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිද්ධිය මෙහෙයවා ඇති බව පෙනෙන්නේද යුද හමුදාවේ බුද්ධි අංශයයි. තෝරාගත් දෙමළ මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ ප්‍රදේශ ගණනාවක් කැළඹූ ග්‍රීස් යකා ගැන හෝ දර්ගා නගරයේ සිදුවූ බිහිසුණු ක්‍රියා ගැන තවමත් පරීක්ෂණ ආරම්භ කර නැත. ලලිත් හා කූගන් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනද පරීක්ෂණ ආරම්භ කර නැත. ඒ හැම තැනකම අඩු වැඩි වශයෙන් බුද්ධි අංශයේ හෙවණැල්ල තිබෙන බව සොයාගතහොත් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේද නැත.

    ගෝඨාභය ගැන

    මෙම තත්ත්වය ආරක්ෂක හමුදාවල ගෞරවයට හේතුවන තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ආරක්ෂක හමුදාවන්ට අයත් පුංචි කල්ලියක් දේශපාලන බලවතුන්ගේ වුවමනාව මත සාහසික අපරාධවල යෙදී තිබෙන අතර ඒ සමඟ මුදල් උපයා ගැනීම සඳහාද සාහසික ක්‍රියාවල යෙදී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. මේ තත්ත්වය වර්තමාන සේනාධිනායකයා වගකිවයුතු නැතත් එම අවලස්සන තත්ත්වය ගැන සොයා බැලීමේ වගකීමක් එම සේනාධිනායකයාට තිබෙන්නේය. සේනාධිනායකයාගේ අනුකම්පාව ලැබිය යුතුව තිබෙන්නේ මෙම අපරාධ කළවුන්ට නොව එම අපරාධකාරයන්ගේ රුදුරු ගොදුරු බවට පත්වූ අහිංසකයන්ටය.
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැනද මෙහිදී කිවයුතු වැදගත් දෙයක් ඇත්තේය. ඔහු උතුරේ යුද්ධය හරහා බිහිවූ වීරයෙකි. යුද්ධයෙන් පසුව කොළඹ නගරය ලස්සන කිරීම සඳහා ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහු මුදල් සොරකම් කළ තක්කඩියකු ලෙස තවමත් සනාථ වී නැතත්, යුද්ධයෙන් පසුව දකුණේ සිදුවී ඇති සාහසික දේවලට විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ විසින් කර තිබෙන සාහසිකම්වලට එම විෂය භාරව සිටි ප්‍රධානියා වශයෙන් ඔහු වගකිව යුතුය. රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ වැනි අය ඝාතනය කිරීමේ වුවමනාවක්, බුද්ධි අංශවලට තිබිය නොහැකිය. ඔවුන්ට ඒ ඇණවුම් දෙන ලද්දේ කා විසින්ද? ජනමාධ්‍යවේදීන්ටද පහරදීමේ වුවමනාවක් බුද්ධි අංශවලට තිබිය නොහැකිය. සිදුවූ මෙම සාහසික සිද්ධීන් ගැන සාධාරණ පරීක්ෂණවලට නොගියේ ඇයි? ඊට ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු නැද්ද? තාජුඩීන්ගේ මරණයට වාහනයේ සිදුවූ ගිනි ගැනීමක් නිසා සිදුවූ දෙයක් ලෙස තහවුරු කෙරුණේ කෙසේද?
    රටේ පිටකොන්දක් ඇති ජනමාධ්‍යවේදීන් නැතිකම ගැන ගෝඨාභය සතුටු විය යුතුය. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගන්නා කිසිවෙක් ඔහුගේ ආරක්ෂක පාලනය යටතේ සිදුවූ සාහසිකකම් ගැන ප්‍රශ්න කර නැත. ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපතිකම ගැන සිහින මවන්නට පෙර ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වශයෙන් තමන් යටතේ පැවති තමන්ට සමීප ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් සිදුකර තිබෙන සාහසික ක්‍රියා සිදුවූයේ කෙසේද කියා පැහැදිලි කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ යායුත්තේ ඉතිහාසයේ කුණු කූඩයටද නැතිනම් රජගෙදරටද යන්න තීරණය වනු ඇත්තේ එම ලිට්මස් පරීක්ෂාවෙනි.


    - http://ravaya.lk/?p=26378
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    බුද්ධි අංශ නිලධාරියාගේ දිවිනසාගැනීම ඝාතනයක්ද?

    සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළේ තමා යැයි සඳහන් කරමින් පසුගිය 14වනදා සිය දිවිනසාගත් කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ පදිංචි හිටපු යුධහමුදා බුද්ධි අංශ සැරයන් ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ ඇඟිලි සටහන් ලබා ගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණු සමග සැසඳු බවත් ඒවා එකිනෙක නොගැලපුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27වනදා අධිකරණයට දැනුම් දී ඇත.

    වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බවට පවසමින් දිවිනසාගත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයාගේ නිවස පරීක්ෂා කළත් ඔහු දිවිනසා ගැනීමට පෙර ලියුමක් ලිවීමට යොදාගත් කොපි පොතේ පිටුව ඇතුළත් විය යුතු බව සැක කළ හැකි පොතක් හෝ ඒ සඳහා යොදා ගත් පෑන හෝ සොයාගැනීමට නොහැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

    මොහු අවසන්වරට ලියූ බවට සැක කෙරෙන ලියුම අනුව හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තම රාජකාරියට පටහැනිව අපරාධ සිදු කර ඇති බවට තහවුරු වන බවත් හමුදා බුද්ධි අංශයේ රාජකාරිය වන්නේ තොරතුරු ඒකරාශී කිරීම හා කලමණාකරණ කිරීම වුවද දිවිනසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට පිලිගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් අපරාධද සිදු කර ඇති බව යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

    මොහු සියදිවි නසාගැනීමට පෙර ඔහු අවසන්වරට සේවය කළ හමුදා කඳවුරෙන් ලද කැඳවීමකට අනුව දින තුණක් එම කඳවුරේ සිටි බවත් එහි සිට පැමිණ ඔහු දැඩි කලකිරීමකින් සිටි බවත් එම හමුදා සෙබලාගේ බාල සහෝදරයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

    හෙළිදරව් වෙමින් පැවති ලසන්ත ඝාතනයේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අරමුණෙන් ඝාතකයන් මෙම විශ්‍රාමික යුධහමුදා බුද්ධි අංශ සැරයන්වරයාව ඝාතනය කළේදැයි මේ අනුව රට තුළ සැකයක් පැනනගිමින් තිබේ.


    - http://www.lankatruth.com/site/inde...-බුද්ධි-අංශ-නිලධාරියාගේ-දිවිනසාගැනීම-ඝාතනයක්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    ‘‘ප්‍රකාශ පරස්පරයි : අන්තරේ දෙන්නාගේ මරණය සැකයි‘‘

    නීතීඥවරිය උසාවියට කියයි


    ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු සැක කටයුතු ලෙස මිය යෑමේ සිදුවීම ගැන රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්කි සම්පින්ඩන එකිනෙක පරස්පර බව මිය ගිය සිසුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නාය.

    ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විට සිසුන් දෙදෙනා අත පය සොලවනවා දුටු බවට පොලිසිය ප්‍රකාශ ලබා දී ඇතැයි ද, එම සිසුන් දෙදෙනා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගිය බවට හා ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇතැයි ද, උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා මිය යෑමේ සිදුවීම සම්බන්ධ පැමිණිල්ල අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය රහස් පොලිසියේ සාක්කි සම්පිණ්ඩන ඇසුරෙන් එම සැකකටයුතු තැන් මතු කළාය.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.

    මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධ වැරදි වාර්තාවක් දුරකතන සේවා සමාගමක් ලබා දුන් බවත්, ඒ ගැන නීතිමය කටයුතු කරන ලෙස මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, රහස් පොලිසිය එම සමාගමට නඩු පවරනවා වෙනුවට මෙය අතපසුවීමක් බවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, නඩුවක තීරණාත්මක සාධයක් වන දුරකතන වාර්තා අතපසුවීමකින් වැරදිය නොහැකි බවත් නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

    මෙතෙක් කළ විමර්ශන අනුව සැකකටයුතු යමක් අනාවරණය වී නැතැයි ද, ශ්‍රීපති සූරියආරච්චි සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක අත්දැකීම් අනුව බලන කළ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවට සැකයක් නැතැයි ද රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

    කෙසේ වෙතත් මේ සිදුවීමේ සැකකටයුතු යැයි කියන තැන් ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය පෙන්වා දුන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රහස් පොලිසියට නියෝග කළේය.

    වැඩිදුර කඳවීම දෙසැම්බර් අට වැනිදාට කල් තැබිණි.

    නඩු විභාගය දැක බලා ගැනීමට මිය ගිය සිසිත ප්‍රියංකර සිසුවාගේ ඥාතීහු ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.


    - http://www.lankadeepa.lk/index.php/articles/481219
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    රවිරාඡ් ඝාතනයේ ගිනිඅවිය ගිරිතලේ
    නාවුක හමුදා කඳවුරේ එකක්‌

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රොහන්ත අබේසූරිය

    ඒ. ඡේ. ඒ. අබේනායක

    නාරාහේන්පිට මාතා පාරේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් මහතා හා පොලිස්‌ සැරයන් ලක්‌ෂ්මන් ලොකුවැල්ල මහතා ඝාතනය කිරීමට උපයෝගි කරගත් ගිනි අවිය ගිරිතලේ නාවුක හමුදා කඳවුරට නිකුත් කොට තිබූ ගිනි අවියක්‌ වන්නේ යෑයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා ඊයේ (22 දා) මහාධිකරණ විශේෂ ජූරි සභාවට පෙන්වා දුන්නේය.

    එම නඩුවේ විත්තිකරුවන් හයදෙනා අතරින් දෙදෙනකු කරුණා අම්මාන් පාර්ශ්වයේ නියෝජනය කළ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් මේ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති විත්තිකරුවන් තිදෙනා නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස කටයුතු කළ අය වන්නේ යෑයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා පැමිණිල්ල වෙනුවෙන් දේශනය පවත්වමින් පෙන්වා දුන්නේය. එකී ඝාතන සඳහා යොදාගත් ගිනි අවිය ඇතුළු ගිනි අවි 150 ක්‌ ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරෙන් කරුණා අම්මාන් පාර්ශ්වයට ලබා දී ඇති බවත් ඒ අනුව එම ඝාතන කරුණා අම්මාන් පාර්ශ්වයේ ත්‍රස්‌ත්‍රවාදීන් හා විත්තිකාර හිටපු බුද්ධි අංශ නිලධාරීන් එක්‌ව දියත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ ලෙසට මේ වන විට අනාවරණය වී ඇති බවත් රොහන්ත අබේසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    නඩරාජා රවිරාඡ් ඝාතනය විභාගයට හත් දෙනකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක්‌ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේදී විවෘත අධිකරණයේදී සිදු කළ කුසපත් ඇදීමකින් ඊයේ තෝරා ගත්තේය. අධිකරණයේ නියෝගයෙන් කැඳවා තිබූ සමථ මූල මණ්‌ඩල සාමාජිකයන් 15 දෙනකු අතරින් එකී සාමාජිකයන් 7 දෙනා තෝරාගත් අතර රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන අංශ නිලධාරිනියන් 6 දෙනකුගෙන් හා නිලධාරියකුගෙන් සමන්විත එකී විශේෂ ජූරි මණ්‌ඩලයට පැමිණිල්ල හා විත්තිය විරුද්ධත්වය නොදැක්‌වීම නිසා එකී විශේෂ ජූරි සභාව ඉදිරියේදී අද (23 දා) පෙරවරුවේ සිට සාක්‌ෂි විභාගය පැවැත්වීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා තීරණය කළේය.

    2006.11.10 වැනිදා සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ස්‌කොට්‌ලන්ඩ් පොලිසිය සමඟ එක්‌ව පරීක්‌ෂණ පැවැත්වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ගාමිණි සෙනවිරත්න, ප්‍රදීප් චන්දන හා ප්‍රසාද් චන්දන කුමාර යන නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු හය දෙනකු එකී ඝාතනයේ සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබුණි. ඒ අනුව විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරීමට පියවර ගෙන තිබුණි.


    - http://www.divaina.com/2016/11/23/news28.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    Army intelligence officers killed Lasantha: CID

    Sunday Leader Editor Lasantha Wickramatunge was shot dead by Army intelligence officers, CID Inspector Nishantha Silva told Mount Lavinia Magistrate Mohammad Sahabdeen today.

    He said this while presenting the investigative reports on an Army intelligence officer who was arrested on charges of abducting and detaining the driver who drove Mr. Wickramatunge’s vehicle at the time of his killing.

    Earlier, at an identification parade held at the Mount Lavinia Court premises, the driver had identified the Army intelligence officer as the person who abducted and detained him after Mr. Wickramatunge's killing.

    Mr. Wickramatunge was shot on the head in broad daylight by two gunmen who had arrived on a motorcycle.

    They had forced his vehicle to stop before shooting him dead at Attidiya on January 8, 2009. (Dayaratne Pathirana)

    - http://www.dailymirror.lk/article/Army-intelligence-officers-killed-Lasantha-CID-119701.html
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ එක්කම් මේ ආන්ඩුවේ ගොන් පාට් ටිකකුත් පුලුවන්නම් හොයලා දාපන්. anyway good post machan. BUMP
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    Thajudeen murder has new CCTV footage

    By Ruwan Laknath Jayakody - Dec 3, 2016

    Closed-circuit television footage obtained from a source at the scene of Sri Lanka rugby player Wasim Thajudeen’s murder has revealed the image of an individual, and police are now hoping his family would be able to shed some light on the unidentified suspect.
    This new revelation comes via footage obtained from the scene of the crime. Previous footage and images sent overseas showed no positive identification of persons in it.
    Investigations into the killing of Thajudeen could most probably be concluded by the first quarter of next year, according to police.
    Representing the Thajudeen family, attorney-at-law A. Sathar M. Misbah said that by February or March next year, the matter could most probably be resolved.
    He further said that three or four civilian suspects and certain police officers, including those attached to the special security division are scheduled to be taken in for questioning.
    Elsewhere, statements made by former Colombo Chief Judicial Medical Officer Dr. Ananda Samarasekara with regard to the lack of procedures pertaining to the disposal of medical evidence such as bones was refuted in Court by the Ministry of Health, whereby the existence of set procedures were confirmed.
    In the absence of a Stay Order preventing Dr. Samarasekera’s arrest, the Criminal Investigation Department has been ordered by Court to arrest him (Dr. Samarasekara) based on the evidence and as per the provisions in the Code of Criminal Procedure and Police Ordinance in this regard.
    Meanwhile, one of the suspects, former Deputy Inspector General of Police Anura Senanayake is to be questioned in relation to the State sponsored killing in Rathupaswela of protesters whose crime was to ask for water.

    - http://nation.lk/online/2016/12/03/transport-fortress-in-fort.html