මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියේ දුරකථන වාර්තාවට ප්‍රධාන පුද්ගලයින්ගේ නම් පෙලක්

    on 30 May 2018.

    අධිකරණය රග මඩලක් කිරීමට ඉඩ නොදිය යුතු බව, ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය අධිකරණයේ අද කැදවූ අවස්ථාවේදී අවධාරණය කළා.

    යම් යම් පුද්ගලයින් නීතීඥ මණ්ඩලයට ඉදිරිපත්ව ප්‍රකාශ ලබා දෙමින් අධිකරණය මුලා කිරීමට උත්සාහ කිරීම ප්‍රධාන නීතීඥයින් විසින් නතර කළ යුතු බව ද අතිරේක මහේස්ත්‍රත්වරයි අද කියා සිටියා.

    කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩු වාරයේ දී නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට හිටපු හමුදාපතිවරයෙකු ද සම්බන්ධ බවයි. එමෙන්ම කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද මේ ද සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව අජිත් ප්‍රසන්න ප්‍රකාශ කළා.

    ඒ අනූව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව ද විත්තිපාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් මේජ්ර් අජිත් ප්‍රසන්න කියා සිටියා. මහේස්ත්‍රාත්වරයි ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කිරීම අධිකරණය අපහාසයට ලක් කිරීමක් මෙන්ම නොමග යැවීමක් බවයි. ඒ අනූව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ, කරූ ජයසූරිය මහතාගේ පසුගිය දා මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවයි. එමෙන්ම, වැඩිදුර තොරතුරු ඇතුළත් දුරකථන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා. කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, කීත් නොයාර් පැහැරගැනීම මාධ්‍යවේදී ලලිත් අලහකෝන් සහ ක්‍රිශාන්ත කුරේ විසින් දැනුවත් කළ බවයි.

    ඒ අනූව ඔහුව නිදහස් කර දෙන ලෙස ද කරූ ජයසූරිය මහතාගේ ඉල්ලා තිබෙන බවයි, ඔහුගේ ප්‍රකාශයේ දී කියා ඇත්තේ. එමෙන්ම, එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අමතා කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ, කීත් නොයර්ව නිදහස් කරන ලෙසයි. නිදහස් නොකළහොත් රජයේ අමාත්‍යධුරයෙන් ඉවත් වන බව ද කරූ ජයසූරිය මහතා විසින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන් දුරකථන වාර්තාවට අනූව ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේම නම් සටහන්ව තිබෙනවා. ඒ අනූව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව ද එම වාර්තාවේ සදහන්. මාධ්‍යවේදී ලලිත් අලහකෝන් විසින් කීත් නොයාර් පැහැරගැනීම ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ද එහි සදහන්. පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්ද විතාරණට ද, ඔහු විසින් දැනට රක්ෂිත භාරයේ පසුවන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට ද දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. තවද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව ද එහි සදහන්.

    කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරයෙකු කිසිදු සම්බන්ධයක් නැති අතර කිසිදු උපදෙසක් ද නොලැබුණ බව ද මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා
    . කීත් නොයාර් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටින බැවින් මෙම සිද්ධිය ඉදිරියට ගෙන යාමට නොහැකි බව විත්තියේ නීතීඥ රවී මතුගම මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, කීත් නොයර් මහතා නොමැතිව මෙමනඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇති බවයි.


    - http://www.rupavahininews.lk/index.php/local-news/16463-2018-05-30-09-19-41
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Lasantha murder: Client was an 'unwilling accomplice' -counsel

    2018-06-02 16:52:07

    When the Lasantha Wickramatunga murder trial was taken up for hearing, counsel for the second suspect told Mount Lavinia Magistrate Mohamed Mihal that his client, former Mount Lavinia Police Crimes branch OIC Tissasiri Sugathapala, is not a part of the offence but an unwilling accomplice.

    Defense Counsel Rasika Weeratunga, appearing with Isuru Karaliyadda and Chandra Jagoda for the second suspect, told the Mount Lavinia Magistrate that his client was a suspect in the case due to death threats he had received from the third suspect, Prasanna Nanayakkara, who was the Senior Gazette Officer for the Western Division at the time.

    He said although Sugathapala, his client, had performed his duties according to protocol and conducted investigations into the case, it was DIG Nanayakkara who had instructed him to destroy vital evidence by removing the pages of the GCIB and the Field Note Book belonging to late Sunday Leader Editor Lasantha Wickramatunga.

    The Counsel further submitted that when Sugathapala refused to destroy evidence DIG Nanayakkara had threatened him saying he was following a directive from the then IGP and that he would also be killed like Lasantha if he does not adhere to the directive given to him.

    The Counsel said Sugathapala had handed over the GCIB and the Field Note Book belonging to Wickramatunga to Nannayakara, but despite destroying the vital evidence he had secretly photocopied and preserved the evidence that helped the CID to obtain concrete proof against those behind the assassination.


    He requested court to consider these facts and to grant bail to his client.

    Senior State Counsel Janaka Bandara requested permission from the Magistrate to submit into evidence and provide photo copies of the statements made in camera by the second suspect and SP Hemantha Adikari to the prosecution.

    The first suspect, military intelligence officer Premananada Udalagama, is out on bail

    The CID arrested the former OIC Sub Inspector Sugathapala for concealing and destroying information pertaining to the murder of Wickramatunga. Further inquiries were fixed for June 12.

    - http://www.dailymirror.lk/article/L...-an-unwilling-accomplice-counsel--150738.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කමල් ගුණරත්න බදාදා සීඅයිඩීයට
    විශේෂ පුවත් 5 DAYS AGO
    ලබන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට දැනුම් දී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
    කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ තානාපති කාර්යාලයේ සේවකයෙකුට පහර දී ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. 2013 නොවැම්බර් මාසයේදී සිදු වී ඇති මෙම අපරාධය හේතුවෙන් මියගොස් ඇත්තේ අයි.ඩී. නිමල් රූපසිංහ නැමැත්තාය.

    කමල් ගුණරත්න 2012 වසරේදී බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත්කර යැවූ අතර නිමල් රූපසිංහ නැමැත්තා අවස්ථා කිහිපයදී කමල් ගුණරත්නගෙන් තමාට තාඩන පීඩන සිදුවන බවට සිය දියණියට දුරකතනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2013 නොවැම්බර් 02 වැනිදා ඔහු අවසන් වරට සිය දියණිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා නැවත ලංකාවට පැමිණෙන බවයි. එහෙත් ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි වූ අතර පසුව වාර්තා වූයේ ඔහු අශ්වයෙකු එල්ල කළ පා පහරක් හේතුවෙන් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් දියණිය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යංශය පවසා ඇත්තේ තානාපති කාර්යාලයට නොදන්වා ඔහු සේවය හැරගොස් ඇති බවයි.

    මෙම ඝාතනය මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් සිදුව ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් කමල් ගුණරත්නට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම තානාපති කාර්යාලයෙන් පිටතදී සිදුව ඇති බැවින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව තිබේ. තානාපති කාර්යාලය තුළ සිදුවූයේ නම් එය මෙරට අධිකරණ බලසීමාවට අයත් සිදුවීමක් වන බැවින් මෙරට පොලීසියට සෘජුවම මැදිහත්වීමේ ඉඩක් පවතී.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ පිළිබඳව බ්‍රසීල පොලීසියෙන් විමසීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි වාර්තා වන්නේ.


    - https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/30610-කමල්-ගුණරත්න-බදාදා-සීඅයිඩීයට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කමල් ගුණරත්නගේ කටඋත්තරයෙන් පසු රහස් පොලීසිය බ්‍රසීලයෙන් කරුණු විමසයි

    විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගිය බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ ඔහුගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අප ඒ බව පසුගිය 09 වැනිදා වාර්තා කළෙමු.

    ඔහු බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගත් අතර රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ කමල් ගුණරත්න රහස් පොලීසිය වෙත පැමිණ කිසිදු චකිතයක් නොමැතිව සිය ප්‍රකාශය ලබා දුන් බවයි. ඔහු අදාල සිදුවීම සැහැල්ලුවට ගෙන කටයුතු කරන බවක් ද පෙනී යයි.

    මෙයට හේතු වී ඇත්තේ මෙම ඝාතනය බ්‍රසීලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පිටතදී සිදුව තිබීමයි. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසියට පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී යම් සීමාවක් තුළ කටයුතු කිරීමට සිදුව තිබේ. තානාපති කාර්යාල සීමාවෙන් පිටත සිදු වූ සිදුවීමක් හෙයින් එම පරීක්ෂණ සෘජුවම බ්‍රසීල රජයට සහ බ්‍රසීල පොලීසියට පැවරෙන අතර බ්‍රසීල පොලීසිය සැලකෙන්නේ ලොව දූෂිතම පොලීසියක් ලෙසයි.

    මේ බව හොඳින්ම දන්නා කමල් ගුණරත්න තමන්ගේ ගැලවීම පිළිබඳව දැඩි විශ්වාසයකින් පසු වේ.

    කෙසේ වෙතත් බ්‍රසීල රජයෙන් මේ පිළිබඳව විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ හරහා බ්‍රසීල පොලීසියේ සහාය ලබා ගැනීමට නියමිතය. එහෙත් ඒ සඳහා බ්‍රසීල රජයෙන් සහ අන්ත දූෂිත බ්‍රසීල පොලීසියෙන් සහායක් ලැබේද යන්න පිළිබඳව සැක සහිතය. කෙසේ වෙතත් මෙම තානාපති කාර්යාල සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නතර නොකරන බවයි රහස් පොලීසිය පවසන්නේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාභිෂේක කිරීමේ මෙහෙයුමේ ඉදිරි පෙළ සෙනෙවියෙකු වන කමල් ගුණරත්න වරක් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවකට පක්ෂ වන සියලු දෙනාගේ හිසට වෙඩි තැබිය යුතු බවයි. තුවක්කුවෙන්, වෙඩි උණ්ඩයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට උත්සාහ කරන කමල් ගුණරත්නලා ක්‍රියාවෙන් ද ඔප්පු කරන්නේ එයම බවට මෙය එක් උදාහරණයක් පමණි.

    මීට පෙර කොළඹ ප්‍රසිද්ධ පාසලක් වෙත කඩාපැන මුස්ලිම් සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් ද කමල් ගුණරත්නට චෝදනා එල්ල වූ අතර ඔහු සිය දේශපාලන බලපෑම් සහ නිළ ඇඳුමේ බලපෑම මත එම සිද්ධිය සමථයකට පත්කර ගත්තේය. සිය ආරක්ෂකයන්ද සමග අදාල පාසල වෙත පැමිණි කමල් ගුණරත්න සාමාන්‍ය පෙළ විභාගය මුහුණ දෙමින් සිටි අදාල සිසුවාට තර්ජනය කර පහර දී තිබිණි. පසුව ඔහු එම සිසුවාගේ දෙමව්පියන් බියවද්දා සිද්ධිය යටගැසූ අතර දෙමව්පියන් ද හමුදා බලයට එරෙහිව යාම ඔළුව කලු ගලේ ගසා ගැනීමට යාමක් ලෙස සලකා සමථයකට පැමිණීමට එකඟ විය.

    ගෝඨාභයගේ බලඇණියේ සිටින පෙරමුණේ රාළලාගෙන් බහුතරයක් මෙවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ය. එදා එම අපරාධවලට නියෝග දුන් සහ ඔවුන්ව ආරක්ෂා කළ ගෝඨාභය පෙරමුණේ තබා ගනිමින් කමල් ගුණරත්නලා, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සුහදතාවය, දූෂණ-වංචා පිටුදැකීම, නීතියේ පතිව්‍රතාව ගැන දේශනා පවත්වමින් සිටී. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වෙඩි උණ්ඩයේ සහ ගිනි අවියේ බලය බව මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් ද අවබෝධ කරගෙන සිටී. කුමාර වෙල්ගමලා, වාසුදේවලා ගෝඨාභයට එරෙහිව දැඩි විරෝධයක් අවුළුවන්නේ එබැවිනි.


    - https://lankanewsweb.net/sinhala/පු...ෙන්-පසු-රහස්-පොලීසිය-බ්‍රසීලයෙන්-කරුණු-විමසයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිළධාරීන් හරවා එව්වේ ඇයි ?

    විශේෂ පුවත් 2 DAYS AGO

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබූ බව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි. එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩින් මහතා, ලසන්ත ඝාතන සිදුවීම පිළිබඳව රහස් පොලිස් කණ්ඩායම ඉදිරියේ මෙම තොරතුරු හෙළිකර තිබේ.
    පසුගිය ජුනි 11 වැනිදා සිසිර මෙන්ඩිස් මහතා අදාල ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන් අතර එහිදී ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගැනීමේ උත්සාහය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

    ලසන්ත ඝාතනය කළ 2009 වසරේ ජනවාරි මාසයට පෙර එනම් පෙර වර්ෂයේ දෙසැම්බර් මාසයේ 25 වැනිදා නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා තමන්ව අමතා ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් බවයි සිසිර මෙන්ඩිස් රහස් පොලීසියට ප්‍රකාශ කර තිබෙන්නේ. ලසන්ත වික්‍රමතුංග මහතා විසින් අරලියගහ මන්දිරයේ ඉදිකර ඇති රහසිගත භූගත බංකරයක් සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතේ තොරතුරු පළකිරීම මෙම අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුවයි.

    ගෝඨාගේ ඕඩරයක්

    කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බැවින් සිසිර මෙන්ඩිස් මහතා තම ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ නියෝගය එතරම් ගණන් ගෙන නොමැත. ඉන්පසු දෙසැම්බර් 26,27,28 යන දිනවලද අශෝක විජේතිලක මහතා දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ ලසන්ත වික්‍රමතුංග කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඔහුට එරෙහිව පැමිණිල්ලක් හෝ නොමැතිව අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්න සිසිර මෙන්ඩිස් මහතා විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස අශෝක විජේතිලක මහතා පවසා ඇත්තේ මෙය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් බවයි. ඒ නිසා පැමිණිල්ලක් අනවශ්‍ය නොවන බව පවසමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකර තිබේ.


    ඒ අනුව තමා ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගැනීමට ගිය බවත් ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට පත්වීමට සූදානම් වූ බවත් සිසිර මෙන්ඩිස් මහතා රහස් පොලිස් නිළධාරීන් ඉදිරියේ පවසා ඇත. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී තමන් ඇමතූ අශෝක විජේතිලක මහතා, ලසන්තව අත්අඩංගුවට නොගෙන ආපසු හැරී එන ලෙස දුන් දැනුම්දීමට අනුව තමන් නැවතත් පැමිණි බව ද ඔහු හෙළිදරව් කර ඇත.

    ලසන්ත කියන්නෙ කවුද ?

    ලසන්ත ඝාතනයෙන් වසර කිහිපයකට පසුව අදාල සිදුවීම පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙරළා මාධ්‍යවේදියාගෙන් විමසා සිටියේ 'ලසන්ත කියන්කේ කවුදැ'යි කියාය. ලසන්ත මහමග වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව ඔහු පිළිබඳව ගෝඨාභයලාට අමතක වුවද රටට අමතක වී නොමැත.

    අද නීතියේ, අධිකරණයේ ස්වාධීනත්වය, පොලීසියේ ස්වාධීනත්වය පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශන පවත්වන ගෝඨාභයලා එදා නීතිය, පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි භාවිතා කළේ මෙසේය. අද තමන්ව අත්අඩංගුවට පත්වීම වැලැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන ගෝඨාභයලා එදා රාජපක්ෂලාට එරෙහිව යන ඕනෑම පුද්ගලයෙකු පැමිණිල්ලක් නොමැතිව පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ එලෙසයි.

    ලසන්ත වික්‍රමතුංග මහතා සිය පුවත්පතෙන් හෙළිකළ පරිදි අරලියගහ මන්දිරය තුළ රහසිගත, සුඛෝපභෝගී භූගත බංකරයක් ඉදිකර ඇති බව මීට ඉහතදී මාධ්‍ය විසින් වාර්තා කළ අතර එම බංකරයේ ඡායාරූප පවා නිකුත් විය. මහජන මුදල් වියදම් කරමින් පාලකයන් සිදුකරන එවැනි ඉදිරිකිරීම පිළිබඳ රටට හෙළි කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරයයි. එහෙත් නීතිය වල්වැදී තිබූ පසුගිය රාජපක්ෂ යුගයේදී එය පුද්ගලයෙකුට සිය ජීවිතය අහිමි කරගැනීමට තරම් බරපතල වැරැද්දකි.

    අද තමන්ගේ දෑත් පිරිසිදු බව පුනපුනා කියන රාජපක්ෂලාගේ, ලසන්ත ඝාතනයට ඇති සම්බන්ධය ඔප්ප කිරීමට මෙය ප්‍රබල සාක්ෂියකි. මේ වනවිට ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහුගේ දියණියගෙන් ද රහස් පොලිස් නිළධාරීන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඉදිරියේදී එම ඝාතන පරීක්ෂණ කඩිනමින් සිදුවනු ඇත.


    - https://lankanewsweb.net/sinhala/පු...ගුවට-ගන්න-ගිය-පොලිස්-නිළධාරීන්-හරවා-එව්වේ-ඇයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    “නේවි සම්පත්” CID අත්අඩංගුවට

    යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් ඝාතනය හා තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකු වන හෙට්ටිආරච්චි මුදින්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    - http://www.itnnews.lk/2018/08/14/21624/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මහින්ද රාජපක්ෂ සිකුරාදා රහස් පොලිසිය හමුවට!

    හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන සිකුරාදා (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව එම කැඳවීම සහිත ලිපිය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.

    හිටපු ජනාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

    පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී කීත් නොයාර් මහතාට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම නිසා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිළධාරීන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි.

    එහිදී රාජපක්ෂ පාලන සමය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා පැහැරගැනීම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබුණි. එම සිදුවීම් එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටද මේ දක්වා කර ඇති පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත.


    - https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/31740-මහින්ද-රාජපක්ෂ-සිකුරාදා-රහස්-පොලිසිය-හමුවට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත

    12/08/2018

    අරුණ ජයවර්ධන

    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දැන් විභාග වෙමින් පවතියි. ඒ අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු මේ පිරිස මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් වී මරණ දඬුවම ලබා ඇත්තෝය. අගවිනිසුරු පියසාත් ඩෙප්, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ මලල්ගොඩ යන පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අභියාචනය විභාග වන්නේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවට එරෙහි අභියාචනයක් විභාග කෙරෙන්නේ පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් පමණක් නිසාය.

    2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡුන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැුස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත.

    මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප‍්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය.

    රාජපක්‍ෂ සුරතලා


    භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂවල ප‍්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප‍්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීවරයාය. මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. එදා රාත‍්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්‍ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි. ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි.

    මේ සියල්ල අනුව, භාරත ලක්‍ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක‍්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්‍ෂග‍්‍රාහීවය. ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වුණේත් ඒ විදියටමය.

    දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප‍්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප‍්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ.

    අහිංසක දුමින්ද

    භාරත ලක්‍ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප‍්‍රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග‍්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය.

    ‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප‍්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්‍ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප‍්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි.

    තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය.

    හිරු හා මව්බිම

    අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප‍්‍රබන්ධ කරන ලද ප‍්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත.

    මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය.

    ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය.

    අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්‍ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප‍්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්‍ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය.

    ඒ අනුව, සමස්ත චිත‍්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

    මුණගැහීම වළක්වන්නට

    මහාධිකරණයේදී සාක්‍ෂි දුන්, දුමින්ද සිල්වාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියකු වූ උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර, 2011 ජනවාරි සිට දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක කටයුතු භාරව සිටියේය. සිය සාක්‍ෂියේදී ඔහු, රාජපක්‍ෂවරුන්ගේ අලූත් සුරතලකු වූ දුමින්ද සිල්වා හා පරණ දේශපාලන නායකත්වය වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අතර කොළොන්නාවේ දේශපාලන අධිකාරිය සඳහාවූ බලඅරගලය විස්තර කළේය. භාරත ලක්‍ෂ්මන් හා දුමින්ද සිල්වා කිසිම පොදු ස්ථානයකදී මුහුණට මුහුණ හමුවීමක් සිදුවීම වැළැක්වීමට තමා පෞද්ගලිකවම උත්සාහ ගත් බවද සාක්‍ෂිකරු කියාසිටියේය. එක් අවස්ථාවකදී දුමින්ද සිල්වාට නොදන්වාම භාරත ලක්‍ෂ්මන් හමුවීමට ඔහුගේ නිවෙසට ගිය මේ පොලිස් නිලධාරියා, එසේ මුහුණට මුහුණ හමුනොවීමට වගබලාගන්නා ලෙස භාරත ලක්‍ෂ්මන්ගෙන් ඉල්ලා සිටියේය. භාරත ලක්‍ෂ්මන්ද ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ අතර, මේ නිසා තමා ඇමතීමට නියමිතව සිටි දේශපාලන රැුස්වීම්වලට පවා නොයන්නට තරම් ඔහු සැලකිලිමත් වූයේය. මේ සාක්‍ෂියෙන් පැහැදිලි වන්නේ කුමක්ද? භාරත ලක්‍ෂ්මන් මුහුණට මුහුණ හමුවුණොත්, දුමින්ද සිල්වාගේ පැත්තෙන් විය හැකි අනතුර ගැන යම් පූර්ව අදහසක් මේ උපපොලිස් පරීක්‍ෂකවරයාට තිබුණු බව නොවේද? එහෙත්, අවාසනාවකට මෙන්, මේ පොලිස් නිලධාරියා, ඝාතනය සිදුවුණු මොහොතේදී දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක කණ්ඩායමේ නොසිටියේය.

    පුංචි පොලිසියක්

    ගෝඨාභය රාජපක්‍ෂගේ නියමය මත, දුමින්ද සිල්වාගේ ආරක්‍ෂාව සඳහා ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 10දෙනකු අනුයුක්ත කර තිබුණි. ඒ මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කර සිටි නිලධාරීන් 3කට අමතරවය. මේ ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන් සඳහා පිස්තෝල 9ක්, එක් රිවෝල්වරයක් හා මිරිහාන පොලිසියේ නිලධාරීන් තිදෙනාට ටී56 ගිනි අවි දෙකක්ද නිකුත් කර තිබුණි. අන් කිසිම සාමාන්‍ය මන්ත‍්‍රීවරයකුට නොලැබුණ අන්දමට තිබුණු මේ ආරක්‍ෂාව පෙනුණේ, ‘පුංචි පොලිසියක්’ ලෙසය.

    තනි සිද්ධියක් නොවේ.ක‍්‍රියා දාමයකි. භාරත ලක්‍ෂ්මන් ඝාතනය එදා ඇතිවුණු හුදෙකලා සිද්ධියක් නොවේ. ක‍්‍රියාදාමයකි. පැමිණිල්ලේ ස්ථාවරයත් නීතිමය තත්ත්වයත් ගොඩනැගෙන්නේ එම ක‍්‍රියාදාමය මතය.

    එදා පළාත් පාලන මැතිවරණය පැවැති දිනයයි. දුමින්ද සිල්වා ඇතුළු විත්තකරුවන් එදා මුලින්ම එකතුවුණේ තමිල්නාඩු වත්ත නම් ස්ථානයකදීය. නඩුවට හේතුවන ‘නීති විරෝධී රැුස්වීම’ ආරම්භවන්නේ එතැන සිටය. ඊට එකතුවුණු සියලූම දෙනා ඒ අනුව නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝය. ඉන්පසු පිරිස කන්දේ විහාරය නම් ස්ථානයකට ඔවුහු ආහ. ඉන්පසු මේ පිරිස වාහනවලින් රාජසිංහ විදුහල ආසන්නයට පැමිණියෝය. රාජසිංහ විදුහල අසළදී තරුණයකුට, දුමින්ද සිල්වා ඇතුළු මේ ‘නීති විරෝධී රැුස්වීමේ’ සාමාජිකයන්ගෙන් කෙනෙක් පහර දුන්නේය. එතැනින් පසු ඔවුහු රාහුල විiාලයේ පැවැති ඡුන්ද මධ්‍යස්ථානය අසළට ආහ. ඉන් පසුව ඝාතනය සිදුවුණු හිඹුටාන ප‍්‍රදේශයට ආවෝය. තමිල්නාඩු වත්තෙන් ආරම්භවුණු නීති විරෝධී රැුස්වීම මෙලෙස තැන් කිහිපයකට ගියේය.

    නීති විරෝධී රැස්වීම

    දණ්ඩ නීති සංග‍්‍රහය අනුව, යම්කිසි නීති විරෝධී පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව කටයුතු කරන අවස්ථාවක් නීති විරෝධී රැස්වීමකි. එම නීති විරෝධී රැුස්වීමට සහභාගි වුණු සියලූම දෙනා, එහිදී සිදුවන සියලූ අපරාධවලට, තම තමන් පෞද්ගලිකව කළාක් මෙන් වගකිව යුතුය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැහැදිලි කළේ, නීති විරෝධී රැුස්වීම ආකාර දෙකකට පවතින බවය. ඒවා නම්, වරද මුල් කරගත් නීති විරෝධී රැුස්වීම් හා පුද්ගලයා මුල් කරගත් නීති විරෝධී රැුස්වීම් වශයෙනි. නීති විරෝධී රැුස්වීම්වල කලාතුරකින් දක්නට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ නායකත්වයක් තිබීමයි. මේ සිදුවීම් දාමයේදී දුමින්ද සිල්වා, මේ නීති විරෝධී රැස්වීමට නායකත්වය දුන් බව සාක්‍ෂිවලින් තහවුරු වී තිබේ.

    අධිචෝදනා පත‍්‍රයේ තිබුණු චෝදනා නගා තිබුණේ, මේ නීති විරෝධී රැුස්වීම ගමන් කළ විවිධ ස්ථානවලදී එහි සාමාජිකයන් සිදුකළ අපරාධ සම්බන්ධයෙනි. රාහුල විදයාලය අසළ සිදුවීම සම්බන්ධයෙන්, කැරලි ගැසීමේ වරද, එම ස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් දමිත් සුරංගගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම, ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ මධුෂානි පතිරණ සාපරාධි ලෙස බියගැන්වීම යන චෝදනා එල්ලවී තිබුණි. හිඹුටාන අපරාධ ස්ථානයට අදාළව භාරත ලක්‍ෂ්මන් ඇතුළු 4දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, භාරතගේ ආරක්‍ෂක නිලධාරියකු වුණු උපපොලිස් පරීක්‍ෂක ගාමිණීට වෙඩි තබා මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා නගා තිබුණි. ඉහත සියලූම චෝදනාවල පසුබිම, ගිනි අවි පෙන්වා ඡුන්දදායකයන් සාපරාධී ලෙස බියගැන්වීම වෙයි.

    ඡන්දදායකයන් බියගැන්වීම


    නීති විරෝධී රැස්වීම ආරම්භ වුණු තමිල්නාඩු වත්තේ, එක ළඟ පිහිටා තිබුණු ඡුන්දපොළ දෙකක් අතර, ඡුන්දය ආරම්භ වූ මොහොතේ සිට පැය හතරකට අධික කාලයක්, දුමින්ද සිල්වා නමැති ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පුටුවක් තබා හිඳගෙන සිටියේය. ඔහු කළේ කුමක්ද? ඡුන්දපොළවලට යන ඡුන්දදායකයන්ට, එජාපයට ඡුන්දය නොදෙන ලෙසත්, ආණ්ඩු පක්‍ෂයට ඡුන්දය දෙන ලෙසත්, එජාපයට ඡන්දය දෙන්නට ආවා නම් ආපසු හැරී යන ලෙසත් බලපෑම් කිරීමයි. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු දුමින්ද සිල්වා දෙපස ටී56 ගිනිඅවි අත දරාගෙන හිඳ ඇත. නිල ඇඳුමක්වත් නැති ටී56 දරා සිටින දෙදෙනකුද තබාගෙන ජනතාවගේ රහස් ඡන්දයේ වටිනාකමට නිගා කළ මේ පුද්ගලයා, නිදහසේ ඡුන්දය දැමීමට ඇති අයිතියටද බාධා කළේය. හිරුටවත්, මව්බිමටවත් මේ අපරාධය පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ප‍්‍රවෘත්තිවල ඒ ගැන සඳහනක්වත් නැත.

    එම ස්ථානයට ආ ප‍්‍රදේශයේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු දුමින්ද සිල්වා එතැනින් ඉවත්කිරීමට උත්සාහ දරා තිබේ. පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු පැමිණ, ‘මන්ත‍්‍රීතුමාගේ ක‍්‍රියාකලාපය නිසා ඡුන්දපොළවල් අවලංගු වීමේ අවදානමක් තිබෙන බව’ දුමින්ද සිල්වාට කීවේය. ඉන්පසු දුමින්ද සිල්වා එතැනින් ඉවත්ව, අසළ පිහිටි රමේෂ් යන අයගේ නිවෙසට ගොස් මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය.

    සවස 2.45ට පමණ, තමිල්නාඩු වත්තෙන් පිටත්වී මේ නිති විරෝධී රැුස්වීමේ සාමාජිකයෝ වාහන ගණනාවකින් රාහුල විiාලය අසළට ආවෝය.

    ටී56 මාරුකිරීම

    කන්දේ විහාරය ආසන්නයේදී, තමාගේ රියට ඉදිරියෙන් ගමන්ගත් ලෑන්ඞ් රෝවර් රථයේ එක ටී56 ගිනිඅවියක් පමණක් තිබෙනු දුමින්ද සිල්වාට දැනගන්නට ලැබිණ. ඒ ගැන ඔහු තම රියේ සිටි දෙමටගොඩ චමින්ද (3 විත්තිකරු) නම් පාතාල සාමාජිකයාගෙන් විමසුවේය. එවිට දෙමටගොඩ චමින්ද හා ඉදිරි රියේ සිටි අනුර තුෂාර ද මෙල් (1 විත්තිකරු) රියවලින් බැස, දුමින්ද සිල්වාගේ රියට පසුපසින් පැමිණි වෑන් රියේ තිබුණු ටී56 ගිනිඅවිය 1 විත්තිකරු වෙත ලබාදී තිබේ. අවිය ගත් ඔහු යළිත් ඉදිරියෙන් තිබුණු ලෑන්ඞ් රෝවර් රියට ගොඩවී ගමන්කොට තිබේ. මෙලෙස ගිනිඅවිය මාරු කළේ කුමක් සඳහාද?

    රාහුල විදයාලයේ ඡුන්දපොල අසළදී මේ මැරයෝ පිරිස මහජනතාව බියගැන්වීම යළි ආරම්භ කළහ. නීති විරෝධී රැුස්වීමේ සාමාජිකයෝද එහි සිටි ගැහැනුන්ට හා පිරිමින්ට පහර දුන්හ. ඒ මොහොතේ, ටී56 ගිනිඅවිවලින් සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකු එහි සිටියත්, සිය අවිවලින් වෙඩි නොතබා, මේ මැරයන් පාලනය කරගැනීමට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ මේ සාමකාමී මැදිහත්වීම නොසැලකූ දුමින්ද සිල්වාගේ එක් මැරයෙකු කළේ කුමක්ද? එක් නිලධාරියකුගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කරන්නට තරම් චණ්ඩිකමක් පෙන්වීමයි. යම් හෙයකින් මෙම නිලධාරීන් සිය ගිනිඅවි පාවිච්චි කළා නම් එතැන විය හැකිව තිබුණු විනාශය කොතෙක් විය හැකිද?

    කොන්ද පණ නැති පොන්නයෝ

    මේ අවස්ථාවේදී පහරකෑමට ලක්වුණු කාන්තාවෝ, ‘ගෑනුන්ට ගහන පිරිමි පොන්නයෝ, කොන්ද පණ නැති පිරිමි’ කියමින් බැනවැදුණෝය. තමන්ට ශක්තියෙන් සමාන හෝ වැඩි පුද්ගලයකුට පහරදීම සාමාන්‍ය පුද්ගලයකු කළත්, ආයුධ සන්නද්ධව සිටිමින්, නිරායුධව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් මේ පාතාල මැරයන් පිරිස හැඳින්විය යුත්තේ කෙසේද? හිරු හා මව්බිම කියන විදියට, සත්ගුණවත් දුමින්ද සිල්වා උපාසක මහතා හා ඔහුගේ උපාසක නඩය ලෙසද?

    කොහොම නමුත් අවසානයේ දුමින් සිල්වා හා මැරයන් දමනය කරගන්නට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවිය. දුමින්ද සිල්වා ඇතුළු මැරයෝ තම වාහනවල නැගී එතැනින් ඉවත්ව ගියහ. පහර කෑ කාන්තාවන්ගේ කෝපය, තමන් ආරක්‍ෂා කර නොගැනීම ගැන, විශේෂ කාර්ය බලකා පොලිස් නිලධාරීන් වෙතද එහිදී එල්ලවිය. ‘පොන්න පොලිස්කාරයෝ, ගෑනුන්ට සත්තුන්ට වගේ ගහලා යනකං බලාගෙන හිටියා.’ කියමින් ඔවුහු නිලධාරීන්ටද දොස් කීහ. තමන් ගිනිඅවි භාවිත කළේ නම් සිදුවිය හැකිව තිබුණු විනාශය, කාන්තාවන් පහරකෑමට වඩා ඉතා භයානක බව පොලිස් නිලධාරීන් පැහැදිලි කළ පසු, ඔවුන් නිහඬවුණු බවද සාක්‍ෂිවලදී පැහැදිලි කොට තිබේ.

    එතැන සිටි කාන්තාවන් අතර ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳද එක් අයෙකි. දුමින්ද සිල්වා තමාට පහරදී තමාගේ් ඇඳුමෙන් කොටසක්ද ඉරාදැමූ හැටි ඇය සාක්‍ෂි දෙමින් පැහැදිලි කර ඇත. අවසානයේ ඇය බේරාගත්තේ වෙනත් ඥාති කාන්තාවක විසින්, අසළ තිබූ යකඩ වැටකට ඇය මුවා කරගැනීමෙනි. එහෙත්, විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ, ඇය සුරූපී කාන්තාවක නිසා, දුමින්ද සිල්වා ඇය ගැන ආකර්ෂණයෙන් ඈ වෙතට ගොස්, ‘නංගී ඔයා කාටද ඡුන්දේ දැම්මේ’ යනුවෙන් කුළුපගව විමසුවා පමණක් බවය. එහෙත් ඉදිරිපත්වුණු සාක්‍ෂි අනුව, රාහුල විදුහල අසළ පහරදීම්වලට දුමින්ද සිල්වා නායකත්වය දෙමින් පෞද්ගලිකවම මැදිහත්වී තිබේ. ඒ නිසා රාහුල විදුහල ආසන්න සිදුවීම ගැන නගා ඇති චෝදනාවලට දුමින්ද සිල්වා පැහැදිලිවම වැරදිකරුය.

    ඒ මොහොත එළැඹිණි

    රාහුල විදුහලෙන් නික්මී ඉන්පසු ඔවුන් පැමිණියේ ඊට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි අවසන් වෙඩි තැබීම සිදුවුණු තැනටය. හිඹුටානටය.
    මහාධිකරණයේදී පැමිණිල්ලේ එක් වැදගත් සාක්‍ෂියක් වුණේ, පොලිස් කොස්තාපල් ලසන්ත වනසුන්දරගේ සාක්‍ෂියයි. ඔහු දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ පිස්තෝලයක්ද අතැ’තිව ගමන් කොට තිබේ. හිඹුටාන ඝාතන ස්ථානයේදී ඔවුන් ගමන් කළ රථයට පිටුපසින් දුමින්ද සිල්වා සිටි ලෑන්ඞ් ක‍්‍රෑෂර් රථය ආවේය.
    ඒ මොහොත එළැඹිණි. උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර වරෙක මැදිහත්වී, වුවමනාවෙන්ම වළක්වාගන්නට මහත් පරිශ‍්‍රමයක් ගත් බිහිසුණු මොහොතයි ඒ. දුමින්ද ගමන් කළ දිසාවට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් භාරත ලක්‍ෂ්මන් ජීප් රථයකින් පැමිණියේය. භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්‍ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි.
    එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දෙන ලද්දේ, දුමින්ද සිල්වාට එසේ තුවාල වීමටත් පෙර, ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැුස්වීමේ පරමාර්ථය භාරත ලක්‍ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බවයි.
    භාරතට ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු, ගිනි අවි සහිතව ආරක්‍ෂාවට ලබාදී තිබුණි. කරන ලද විමර්ශනවලදී හෙළිවුණේ, දුමින්දට වෙඩි තබන ලද්දේ එම ආරක්‍ෂකයන් දෙදෙනාගෙන් කෙනකු බවය.

    ආරක්‍ෂකයා වෙඩි තබයි

    ඒ ආරක්‍ෂකයා කළ දේ නිවැරදිය. තම ප‍්‍රභූවරයා වෙත එල්ලවූ ප‍්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා ඔහු කළ දේ නීත්‍යනුකූලද, සිය රාජකාරිය නිසි පමණින් ඉටුකරමින් කරන ලද්දක්ද වෙයි. ප‍්‍රභූවරුන් සඳහා ආරක්‍ෂාව සැපයීමේදී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය විස්තර කෙරෙන චක‍්‍රලේඛ උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියා සිය යුතුකම්, වගකීම හා පුද්ගලික ආරක්‍ෂාව යන සිද්ධාන්ත තුළ ක‍්‍රියා කිරීමේදී දුමින්ද සිල්වාට තුවාල සිදුවුණු බවයි.
    දුමින්දට වෙඩි වැදීමෙන් පසු අවට සිටි පිරිස ක්‍ෂණයකින් එතැනින් ඉවත්වුණු අතර, අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා (1 විත්තිකරු) තම අත තිබුණු ගිනි අවියෙන් අහසට වෙඩි තබන්නට විය. එකෙණෙහි සරත් බණ්ඩාර නමැති විත්තිකරු එම ගිනිඅවිය උදුරාගෙන භාරත ඇතුළු ඔහුගේ පිරිස දෙසට දිගින් දිගටම වෙඩි තැබීය.

    තවත් පාතාලයෙක්

    දුමින්ද සිල්වා සතුව නිල පිස්තෝලයක් තිබේ. එය මන්ත‍්‍රීවරයකු වන ඔහුට රජයෙන් ආරක්‍ෂාව සඳහා සපයන්නකි. මේ පිස්තෝලය කිසිවකුට හදිසියකදී තියාගන්නට දෙන්නටවත් අදාළ මන්ත‍්‍රීවරයාට නීතියෙන් තහනම්ය. එහෙත් ඒ මොහොතේ දුමින්දගේ පිස්තෝලය තිබුණේ ඔහු ළඟ නොවේ. 10 වැනි විත්තිකාර ගලගොඩ ළඟය. මේ ගලගොඩ, හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. ඔහුට විරුද්ධව කොල්ලකෑමේ වරද සඳහා නඩු දෙකක් පානදුර හා අවිස්සාවේල්ල මහාධිකරණවල විභාග වෙමින් පැවැත්තේය. දුමින්ද සිල්වා ළඟ සිටි තවත් පාතාල මැරෙයකි මේ ගලගොඩ.
    දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සැණින් ගලගොඩද තමා සතුව තිබුණු දුමින්ද සිල්වාගේ පිස්තෝලයෙන් භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තැබීය. එයින් ආරක්‍ෂක නිලධාරියාගේ බාහුවකට, වම් ඇසට, හා මොළයට මාරාන්තික තුවාල සිදුවිය. එසැණින්, දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක, 1 විත්තිකාර අනුර ඇතුළු අන් අය ටී56 ගිනිඅවි භාවිත කරමින් භාරත ලක්‍ෂ්මන් දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන ලදි. භාරතගේ අතේ කිසිම අවියක් තිබුණේ නැත. ඔහු සමග එතැන ඝාතනය වුණු අනෙක් තිදෙනා වන දමිත ජයතිලක, මනිවේල් කුමාරස්වාමි හා මොහොමඞ් අස්මි යන අය අතද කිසිම ගිනිඅවියක් තිබුණේ නැත. ඔවුහු පස්දෙනාම සිටියෝ නිරායුදවය. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවූයේ භාරත ලක්‍ෂ්මන් සමග ඒ මොහොතේ එකට ගමන් ගනිමින් සිටි පාපයටය.
    ඇත්ත වශයෙන්ම වෙඩි තැබීම ඇරඹීමත් සමග භාරත ලක්‍ෂ්මන් ජීවිතාරක්‍ෂාව පතා එම ස්ථානයේ පිටුපසට දිවගියේය. ඔහු දුවමින් සිටින විට පිටුපසින් එළවමින් ටී56 ගිනිඅවියකින් වෙඩිතබා තිබේ. අවම වශයෙන් වෙඩි පහරවල් 24ක් මේ පසුපස හැරී දුවමින් සිටි නිරායුද මිනිසාගේ සිරුරේ පිටුපසට වැදී තිබුණේය.

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113

    එල්ටීටීඊයෙන් ගත් අවි

    අපරාධ ස්ථානයේ තිබී ටී56 වර්ගයේ හිස් පතොරම් කොපු 27ක් පොලිසිය භාරයට ගන්නා ලදි. ටී56 ගිනි අවියක මැගසින් එකක වරකට ගබඩා කළ හැකි පතොරම් සංඛ්‍යාව 30කි. ඒ අනුව, සම්පූර්ණ මැගසිනයකින් මේ අවස්ථාවේ වෙඩි තබා ඇත. ඒ සියලූම පතොරම් නික්මී ඇත්තේ එකම ගිනි අවියකින් බව රස පරීක්‍ෂකවරයා තහවුරු කළේය. එම ගිනි අවිය, 2011 නොවැම්බර් 1වැනිදා සොයාගත්තේ 3 විත්තිකාර දෙමටගොඩ චමින්දගේ භාරයේ තිබියදීය. එහි අනුක‍්‍රමික අංකය සොයා බලන විට, එය යුද හමුදාවට නිකුත් කරන ලද ගිනි අවියක් බව තහවුරු විය. 2000 අපේ‍්‍රල් 22 දින යුද හමුදාව හා එල්ටීටීඊ සංවිධානය සමග අලිමංකඩදී සිදුවුණු ගැටුමකදී එල්ටීටීඊ සංවිධානය විසින් රැගෙන ගොස් තිබුණු අවියකි ඒ. නඩුවේදී සාක්‍ෂි දුන් බි‍්‍රගේඩියර් ගමගේ නම් හමුදා නිලධාරියා ඒ බව තහවුරු කළේය. එල්ටීටීඊය පැහැරගෙන ගොස් තිබිණු ගිනි අවියක් දෙමටගොඩ චමින්ද අතට ආවේ කෙසේද? මහාධිකරණය ඉදිරියේ මේ ප‍්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේදී 3 විත්තිකරු ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණු නමුත් එවැන්නක් සිදුනොවීය.

    දුමින්දට වෙඩි වැදීම

    දුමින්ද සිල්වාගේ අයියාගේ හිරු නාලිකාවත්, මව්බිම ඇතුළුව ඔවුන් සමග ව්‍යාපාරික සන්ධානවල සිටින අනෙකුත් මාධ්‍යත්, ඉහළින් උපුටා දක්වන්නේ, සිද්ධිය ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදුණු බවයි.
    පසුගිය ජූලි 29 වැනිදා මව්බිම පුවත්පතට ‘ගාමිණි මුලින්ම දුමින්දගේ හිසට වෙඩිතැබීමත් සමග බහින්බස් වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා’ මැයෙන්වූ ලිපියක, එහි ලේඛක කමල් මහේන්ද්‍ර වීරරත්න මෙසේ කියයි.
    ‘හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්‍ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් දෙකෙන් දුමින්ද සිල්වා මළකඳක් මෙන් ඇදවැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වුණේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වැදගත් සිදුවීමක් විය.’
    මේ වාක්‍යවලින් දුමින්ද සිල්වා හිතෛෂී මාධ්‍යකරුවන් මහජනතාවට පෙන්වන්නට හදන්නේ, වෙඩි තබාගැනීම ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදී මළකඳක් සේ වැටුණු බවය. ‘එහෙම නම් කොහොමද භාරත මැරුවායැයි කියා දුමින්දට මරණ දඬුවම දෙන්නේ?’ ඔවුන් හිතාමතාම ජනතාව අවුලට දමන්නේ එම ප‍්‍රශ්නය හරහාය. බැලූ බැල්මට ඇත්තය. මුලින්ම වෙඩි වැදුණේ දුමින්දට නම්, මිනිමැරුමට දුමින්ද වැරදිකරු වෙන්නේ ඇයි?

    ප‍්‍රශ්නයේ අනෙක් පැත්ත

    මේ ප‍්‍රශ්නය පමණක් ගත්විට එය සාමාන්‍ය ජනතාව නොමග යවනසුලූය. ඒ එහි නීතිමය අනෙක් පැත්තක් තිබෙන නිසාය. ඒ අනෙක් පැත්ත මේ අය වුවමනාවෙන්ම හංගන නිසාය. ඔවුන් නැවත නැවත කියන්නේ තමන්ට වාසි සහගත කෑල්ල පමණක් නිසාය.
    දුමින්දට එරෙහි චෝදනාවල ප‍්‍රධාන තර්කයක් වන්නේ නීති විරෝධී රැුස්වීමක් අරඹා ඊට නායකත්වය දෙමින්, අපරාධකාරී ක‍්‍රියාවල යෙදුණ දුමින්ද සිල්වා, එම නීති විරෝධී රැුස්වීමේ ප‍්‍රතිඵල හැටියට සිදුවුණු හැම අපරාධයකටම වගකිව යුතු බවයි.
    උදාහරණයක් මගින් මෙසේ පැහැදිලි කළ හැකිය. කොල්ලකෑමක් සඳහා කොල්ලකරුවන් 5 දෙනකු ගියායැයි සිතමු. කොල්ලකෑම ආරම්භයේදීම ප‍්‍රතිප‍්‍රහාරයක් මගින් එක් කොල්ලකරුවකු තුවාල වී එම ස්ථානයේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී, සෙසු කොල්ලකරුවන් විසින් එම අපරාධය කළත්, තුවාල ලද කොල්ලකරුද ඒ අපරාධ වගකීමට බැඳීසිටියි. තුවාල ලද නිසා තමා කොල්ලකෑමට වගකිව යුතු නැතැයි තර්කයක් ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන්නකි.
    ඉංග‍්‍රීසි නඩු තීන්දුවකින් දක්වන්නේ, යම් කෙනකු යම් ඉලක්කයක් වෙත ඊතලයක් මුදාහැරීමෙන් පසුව, එම ඊතලය මුදාහැරීම ගැන පසුතැවිලි වී එය ඉලක්කයට නොවැදේවා කියා ප‍්‍රාර්ථනා කිරීමෙන් කිසිම පලක් නැති බවයි. කළ යුතුව තිබුණේ ඊතලය මුදාහැරීමෙන් වැළකීමය.

    දුමින්ද වගකිව යුතුයි

    ඒ නිසා, මහාමාර්ගය හරස්කොට, භාරත ලක්‍ෂ්මන් වෙත ප‍්‍රහාරය ආරම්භ කළ දුමින්ද සිල්වාට අතරමගදී වෙඩි වැදීම නිදහසට කාරණයක් හැටියට ගත නොහැකිය. ප‍්‍රථමයෙන් වෙඩිවැදුණේ කාටද යන කරුණ මෙහිදී අදාළ නොවේ. භාරත ලක්‍ෂ්මන්ට පහර දී, ඔහුගේ ආත්ම ආරක්‍ෂාවේ අයිතිය ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට ක‍්‍රියාත්මක කිරීමට පදනම සකස් කරන ලද්දේ, දුමින්ද සිල්වා විසින්ය. එනිසා ඔහුට වෙඩි වැදීමෙන් පසුව වුවද, සිදුවුණු සමස්ත ක‍්‍රියාවලියටම ඔහු වගකිව යුතු වෙයි.

    චමින්ද පැනයයි

    3 වැනි විත්තකාර දෙමටගොඩ චමින්ද නම් පාතාල සාමාජිකයා ඝාතනය සිදුවුණු දිනට පසුදිනම ඉන්දියාවට පලාගියේය. එහෙත්, ලංකා රජයේ දැනුම්දීමක් අනුව ඉන්දියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව, 2011 ඔක්තෝබර් 13 දින ලංකාවට පිටුවහල් කරන ලදි. මෙසේ ‘පිටුවහල් කරන ලද’ ගුවන් මගියකු සාමාන්‍යයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරදිය යුතුය. එහෙත්, එවැනි භාරදීමක් සිදුනොවීය. ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් මගියකු හැටියට ගුවන් තොටුපොළෙන් පිටතට එන්නට චමින්දට හැකිවිය. බලධාරී කිසිවකුගේ විශාල බලපෑමකින් තොරව එවැනි දෙයක් කිරීම පහසු නොවේ.
    නඩුවේදී සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු, ඔහු සාමාන්‍ය මගියකු ලෙස ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බව තහවුරු කළහ. එහෙත් ගුවන් තොටුපොළෙන් නික්ම එද්දී කටුනායක 18 කණුව අසළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සිඅයිඞීයට හැකිවිය. චමින්ද නියම ක‍්‍රමවේදයට පටහැණිව, නිරුපද්‍රැතව ගුවන් තොටුපොළට පැමිණීම පිටුපස අදිසි බලවත් හස්තයක් තිබෙන බවට අනාවරණය වුණු බවත්, ඒ ගැන තම උසස් නිලධාරීන්ට දැන්වූ විට, තමන්ට පවරා ඇති වැඬේ හරියාකාරව කරන ලෙසත් ඊට පරිබාහිර වැඩ නොසොයන ලෙසත් ඔවුන් තමන්ට උපදෙස් දුන්නේයැයි සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු කීහ.

    විකෘති වාර්තා කිරීම

    වැදගත් වන්නේ, මේ සිදුවීම් දාමය ගැන දුමින්ද සිල්වාගේ මාධ්‍ය මෙහෙයුම්කාරයන් කළ විකෘති වාර්තා කිරීමය. දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩුවේ තීන්දුවවත්, විනිසුරුවරුන්ගේ මතයවත් නොවේ. එහෙත් ඒවා එලෙස මවාපාන්නට කටයුතු කිරීමෙන්, මහජනතාව නොමග යැවීමට තැත්කරනවාට අමතරව, ගත යුතු තීරණය ගැන අධිකරණයට බලපෑම් එල්ල කිරීමක්ද සිදුවෙයි. හිරු නාලිකාව සිය ප‍්‍රවෘත්තිවලදී පෙන්වන්නේ, විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යම් සිද්ධිමය කරුණු, ‘අධිකරණය ඉදිරියේ ඔප්පුවුණු’ ඒවා හැටියටය. ඒ තුළින් දැනදැනම ජනතාවගේ මෙන්ම විනිසුරුවරුන්ගේද මනස ව්‍යාකුල කිරීමට උත්සාහයක් ගැනේ.

    මාධ්‍යවේදීන්ට කප්පම්

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති තවත් සිත්ගන්නාසුලූ කරුණක් තිබේ. එනම්, මෙම අභියාචනයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කිසිම කරුණක් මුද්‍රිත මාධ්‍යවල පළනොකිරීමට රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරුය. දුපතක් ගැන කියන ජාතිකවාදී සතිඅන්ත පුවත්පතක දේශපේ‍්‍රමය ඇඟ පුරා උලාගෙන වෛරී වාර්තාකරණයක යෙදෙන, මලක නමක් ඇති මාධ්‍යවේදියකු විසින් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මුදල් ගෙන, විවිධ ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන්ට රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් ඒ සඳහා කප්පම් ගෙවා ඇති බවයි.
    විත්තියේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කියාපාන කරුණු අධිකරණය ඉදිරියේ ඔප්පුවූ කරුණු නොවේ. ඒවා ඔප්පුවූ කරුණු වන්නේ නම්, විනිසුරන් සිටිය යුතු නැත. අධිකරණ පද්ධතියක්ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිතු හිතූ බොරු කියන නීතිඥවරුන් පිරිසක් හා ඔවුන් කියන බොරු නිතර දෙවේලේ විසුරුවා හරින ටෙලිවිෂන් හෝ ගුවන්විදුලි නාලිකාත් පුවත්පතුත් පමණකි.
    ඉහත ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී පැමිණිල්ල විසින් අවධාරණය කළ කාරණා කිහිපයකි. මේවා විත්තිකරුවන්ගේ පදයට නටන මාධ්‍යවලින් කියන්නේ නැත. එනිසා ජනතාව, අනෙක් පැත්ත නොදැන ඝාතකයන් පාතාලයන් ගැන අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත්, ඇත්ත ඊට වෙනස්ය.


    - http://www.anidda.lk/දුමින්ද-සිල්වා-මිනීමරුව/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Sri Lanka navy chief funded mass-murder suspect: CID

    Aug 15, 2018 19:35 PM GMT+0530

    ECONOMYNEXT - Sri Lanka's chief of defence staff Admiral Ravindra Wijegunaratne gave half a million rupees in cash to help the main suspect in the abduction and murder of 11 children escape arrest, the Colombo magistrate was told Wednesday.

    Colombo Fort Chief Magistrate Lanka Jayaratne ordered the bank of Ceylon to provide details of a navy account from which 500,000 rupees had been given to Hettiarachchi Mudiyanselage Chandana Prasad Hettiarachchi alias Navy Sampath last year to escape the police net.

    “There is incriminating evidence against Admiral Wijegunaratne’s role (when he was navy commander) in allowing the accused to evade arrest,” the police Criminal Investigations Department (CID) told the magistrate.

    She ordered the bank to release details of transactions of the account between March and May last year. At the time of his arrest, had in his possession several fake identity cards, including one which he is believed to have used to obtain a passport.

    The magistrate granted permission to further interrogate the suspect on his connections and those who helped him to briefly flee the country. He was remanded in custody till August 29.

    In the meantime, Wijegunaratne who is currently the senior most military officer in the country faces imminent arrest on charges of aiding and abetting a murder suspect as well as destroying evidence.

    On a previous court hearing, the magistrate had told the CID that there was no impediment for them to arrest any individual, however highly placed they may be.

    The CID has uncovered chilling details of how children and young men of wealthy families were abducted for ransom by a gang of navy officers, allegedly led by Hettiarachchi, and subsequently killed after holding them at naval facilities in Colombo and Trincomalee between 2008 and 2009.

    The alarm was raised by the then navy commander , Admiral Wasantha Karannagoda who complained to the CID during the former regime of president Mahinda Rajapaksa. However, the case has dragged with powerful political interests protecting the suspects, police said.

    Police said the current navy chief was not implicated in the abductions or the murders, but he was accused of shielding the suspects and providing them cash and protection.

    Several other navy intelligence officers, including former navy spokesman D. K. P. Dassanayake who were arrested in connection with the murders have now been released on bail.

    Admiral Wijegunaratne was caught on camera in December 2016 assaulting a television journalist at the Hambantota harbour, but despite a huge public outcry, President Maithripala Sirisena granted him an extension of service and later promoted him CDS.

    His successor Travis Sinniah took office in August last year pledging no forgiveness for his officers who may have committed crimes taking the cover of the island's drawn out separatist war. But Sinniah, regarded as one of the most honourable officers in service, was terminated in just two months after he was denied an extension of service.

    (COLOMBO, August 15, 2018)

    - https://economynext.com/Sri_Lanka_navy_chief_funded_mass_murder_suspect__CID-3-11557.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    pg08_2.jpg

    pg08_2.jpg


    - http://epaper.sundayobserver.lk/?id=08&tday=2018/09/02
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    නන්දසේන...ඔයා...????? දෙයිහාඳුරුවනේ,..... බයහිතෙනවා කියහන්කෝ ඉතින් !!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    දුමින්දගේ මරණ දඬුවම තහවුරුයි

    තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

    මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (21) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

    අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

    හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්රීකවරයෙකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්රේනමචන්ද්රි මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

    එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013 මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 349 දරණ ගුවන් යානයෙනි.

    සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

    ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්ත පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය. ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

    ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

    දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

    අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය. ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

    දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.


    - http://www.lankadeepa.lk/top_story/දුමින්දගේ-මරණ-දඬුවම-තහවුරුයි/10-538332
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    සිරිලිය රථයේ මානව ජෛව කොටස් පරීක්ෂාවට

    Saturday, ඔක්තෝබර් 20, 2018 - 01:00
    සිරන්ජනි කුමාරි

    රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගෙන ඇති බව කියන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත සිරිලිය සවිය ව්‍යාපෘති කටයුතු සඳහා පරිත්‍යාග කරන ලද ඩිෆේන්ඩර් රථයේ මානව ජෛව කොටස් හෝ වෙඩි ද්‍රව්‍ය තිබේ දැයි යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ‍ඊයේ (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය.

    තාජුඩීන් නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති ඩබ්ලිව්. පී. කේ. ඒ. 0642 දරන ඩිෆේන්ඩර් රථය දැනට රහස් පොලිසිය භාරයේ තිබෙන බවත් මේ වාහනය තාජුඩීන් ඝාතනයට පෙර පැහැර ගැනීමට ලක් කළ වාහනය බවට සාක්කි ලැබී ඇති බැවින් මේ වාහනයේ ‍මානව ජෛව කොටස් ඇඳුම් කොටස් හෝ වෙඩි ද්‍රව්‍ය තිබේද? යන්න පරීක්ෂා කොට එසේ ඇත්නම් එය විශ්ලේෂණය සඳහා සුරක්ෂිතව තබන ලෙසට දන්වමින් මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයා වෙත නියෝග නිකුත් කළේය.

    රහස් පොලිසිය විසින් මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කෙරිණ.

    හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා විසින් 2011/8/11 සිරිලිය ව්‍යාපෘතිය සඳහා මුදා හැර තිබුණ ද එම ව්‍යාපෘතිය සඳහා කිසිම අවස්ථාවක රථය ලබා නොදුන් බවටත් මේ රථය යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිය පුද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇති බවට කරුණු වාර්තා වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ.

    යෝෂිත රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 2012 වර්ෂයේ දෙසැම්බර් මස මැද භාගයේ දී සී. එස්. එන්. මාධ්‍ය ජාලයේ අලෙවි විධායක ඩීන් නැමැත්තා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ගරාජයකින් මේ රථය කළු පැහැ ගැන්වීම සිදු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා ‍කර තිබිණ.‍

    2015 ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 20 හෝ 21 යන දිනක දී ජනාධිපති ලේකම් කාර්යාලයේ කුලසේකර නැමැත්තාගේ නිවෙසේ දමා ගොස් තිබූ බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දන්වා තිබිණ. සැකකටයුතු ඩිෆෙන්ඩර් රථ දෙකක් හෝමාගම හබරකඩ ඇති බවට 2016/3/3 රහස් පොලිසියට ලද තොරතුරක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

    ඩබ්ලිව්. පී. කේ. ඊ. 3671 හා ඩබ්ලිව්. පී. කේ. ඒ. 0642 දරන ඩිෆෙන්ඩර් රථ දෙක සම්බන්ධයෙන් 2015/2/18 විමර්ශන ආරම්භ කර ඇත.

    රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ නමට රථ ලියාපදිංචි වී ඇති බවත් 2015/2/20 සිරිල් සෙවණ හබරකඩ හෝමාගම ලිපිනයේ කළු පැහැති ඩිෆෙන්ඩර් රථය රහස් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවත් මේ රථය 2011 මැද භාගයේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ දැනුම් දීමෙන් සුදු පාට ඉවත් කර නිල් වර්ණය යෙදු බවත් එය විජයකුමාරතුංග මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 5, රිලයබල් මෝටර්ස් නමැති ස්ථානයෙන් සිදු කර ඇති අතර, නැවත 2012 දෙසැම්බර් මැද භාගයේ දී ඩීන් නැමැත්තාට දුන් උපදෙස් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ ගරාජයකින් කළු වර්ණය ගැන් වූ බවට අධිකරණ වාර්තාවේ සඳහන්ය.

    ජනපති කාර්යාලය මඟින් ඉන්ධන ඇතුළු නඩත්තු සඳහා ගෙවීම් සිදු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

    නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල හැව්ලොක් පෙදෙසේ දී 2012/5/17 අලුයම් කාලයේ දී වාහනයක් තුළ දී පිලිස්සී මිය ගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය වූ බව පවසන රහස් පොලිසිය තාජුඩීන් පැහැර ගැනීමට මේ ඩිෆෙන්ඩර් රථය යොදා ගත් බවට සාධාරණ සැකයක් මතු වී ඇති බැවින් එම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස මේ ඩිෆෙන්ඩර් රථය නම් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පාට වෙනස් කිරීම සම්බන්ධ නඩුවේ නඩු භාණ්ඩයක්ව තිබෙන ඩිෆෙන්ඩර් රථය තාජුඩීන්‍ නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කෙරිණ.

    මේ ඩිෆෙන්ඩර් රථය දැනට රුපියල් ලක්ෂ 50ක බැදුම්කරයක් මත 2016/5/4 වන දින අධිකරණය විසින් රතුකුරුස සංවිධානයේ නියෝජිතයකු වෙත මුදා හැර තිබූ අතර, දැනට රහස් පොලිසිය භාරයේ වාහනය ඇත.


    - http://www.dinamina.lk/2018/10/20/පුවත්/62363/සිරිලිය-රථයේ-මානව-ජෛව-කොටස්-පරීක්ෂාවට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    A love triangle that exposed Sri Lanka’s worst kidnap murder ring

    By Our Police Correspondent

    Mar 06, 2019 18:29 PM GMT+0530

    ECONOMYNEXT – A love triangle may have helped trigger investigations into what has become Sri Lanka’s worst abduction and murder case by a rouge unit under former navy chief Wasantha Karannagoda, the Supreme Court was told.

    Documents filed in the highest court suggest that the horrendous kidnappings and killings took place right under the nose of Admiral Karannagoda who was initially the complainant, but later turned out to be one of its main suspects.

    The alarm was raised in May 2009 when Karannagoda complained to the police against his own Aide de Camp, Lieutenant Commander Sampath Munasinghe with whom he had a personal issue.

    Karannagoda accused Lt. Commander Munasinghe of collaborating with terrorists, but in the initial police complaint there was no mention about the abductions and killings carried out by navy personnel. However, the navy’s intelligence unit had weeks earlier informed Karannagoda about the gruesome goings on.


    The love triangle came out into the public domain when the mother of a victim filed a petition with the Supreme Court on Tuesday. She wants to be a party against Karannagoda’s application seeking an order to prevent his imminent arrest.

    The court has been told that Karannagoda was driven by a personal animosity against Sampath Munasinghe who was having an illegal affair with his wife Asoka Karannagoda.

    Mrs. Saroja Naganathan, whose young son Rajiv was abducted by men under Karannagoda and later killed, asked the court not to grant an order in favour of the former navy chief.

    The police Criminal Investigations Department wants to arrest him as the 14th suspect in the killing of 11 young men who are from the Sinhala, Tamil and Muslim communities.

    The CID investigations in addition to written assurances by the army, navy and the air force found that none of the victims had any links with terrorism. The abductions had been carried out purely with criminal intent to extort money from their wealthy parents.

    Karannagoda’s fundamental rights application was put off for Thursday after one of the three judges on the original bench – Priyantha Jayawardena – recused himself.

    Saroja Naganathan maintains that Karannagoda was responsible for the murder of her son as well as several other young people between 2008 and 2009. Police have uncovered evidence in respect of 11 victims, but the actual number is said to be three times more.

    She says that Karannagoda first complained against his ADC, Sampath Munasinghe, only to spite him because of an illicit affair he was having with the navy chief’s wife Asoka.

    “…evidence have elicited allegations and counter allegations against

    Lieutenant Commander Sampath Munasinghe, who also alleged that the initial

    complaint made by the Karannagoda was due to an illicit affair that Sampath Munasinghe had with Karannagoda’s wife and one of the wife’s relations.




    “The complaint made by the Karannagoda was not in respect of the abduction of the children,” according to the nine-page petition filed before the Supreme Court by attorney, President’s Counsel J. C. Weliamuna on Tuesday on behalf of Mrs. Naganathan.

    Colombo Fort Magistrate Ranga Dissanayake has already impounded the retired admiral’s passport last month after police named him the latest suspect in the botched abductions for ransom carried out between 2008 and 2009.

    Karannagoda is accused of conspiring to commit offences under sections 296 and 338 of the Penal Code which carries the death penalty on conviction. He is also accused under sections 199 and 200 relating to failure to inform the authorities about a crime and providing misleading information.

    However, in his Supreme Court petition, Karannagoda has said he had informed the then defence secretary, Gotabhaya Rajapaksa, about the abductions. This is the first time that Rajapaksa’s involvement in the case was brought to light by any of the suspects.


    CID detectives have already uncovered chilling details of how men directly linked to Karannagoda carried on a lucrative “white van operation” abducting children of wealthy business families and killing them after extorting money from them.

    One of the naval officers had used a car from the victims and given it as a birthday gift to his wife. While investigating the abduction of the young men, the CID stumbled on another double murder of businessmen carried out by a naval unit which operated from the Welisara camp. A van stolen from those two victims had been cannibalised, but police were able to trace some of the parts.

    There were reports of some navy personnel meeting with mothers of the victims and forcing them to part with their gold jewellery in exchange for the return of their children, a promise which was never kept.

    Two months ago, the country highest-ranking military officer, Admiral Ravindra Wijegunaratne, was granted bail under strict conditions that he will not interfere with witnesses and the investigators probing his cover up of the abductions and the murders.

    Admiral Wijegunaratne has become the first military chief to remain in service while on remand.

    Wijegunaratne had influenced the police Inspector-General Pujith Jayasundara to transfer the CID’s lead detective handing the case, Inspector Nishantha Silva, according to a letter the IGP wrote in ordering Silva’s transfer recently. However, following an international outcry, the transfer was cancelled and Silva was reassigned to the case.

    Wijegunaratne is accused of helping the escape of Chandana Prasad Hettiarachchi, a navy intelligence officer and chief suspect in the murders. Hettiarachchi, who is separately accused of involvement in the 2006 murder of a Tamil legislator, was captured in August.

    Prosecutors also told the court that Wijegunaratne and his bodyguards tried to abduct a key witness, another navy officer Lt. Commander Laksiri Galagamage, who had previously testified against him.






    The identified 11 victims:
    Kasthuriarachchi John
    Thyagarajah Jegan
    Rajiv Naganathan
    Soosaipullai Amalan
    Soosaipillai Roshan
    Kasthuriarachchi Anton
    Prageeth Vishvanathan
    Thilakeshwaran Ramalingam
    Moahmed Dilan
    Mohamed Saajid
    Ali Anwar


    The 14 accused are:
    1) Sampath Nilantha Munasinghe
    2) Ranasinghe Pedige Sumith Ranasinghe
    3) Thilakarathnage Lakshman Udayakumara
    4) Nalin Prasanna Wickremasuriya
    5) Thammita Ihalaghedara Dharmadasa
    6) D. K. P. Dassanayake
    7) Kithsiri
    8) Muthuwa Hennadige Mendis
    9) Kasthuriarachchige Gamini
    10) Chandana Prasad Hettiarachchi
    11) Sanjeeva Prasad Dilanka Senaratne
    12) Imbulana Liyanage Upul Chaminda
    13) Anton Fernando
    14) Wasantha Karannagoda

    (Colombo, March 6, 2019)


    - https://economynext.com/A_love_tria...ka’s_worst_kidnap_murder_ring-3-13650-10.html
     
    Last edited: