මිනීමරු ඔර්කා වරු ..

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මිනීමරු ඔර්කා වරු ..

    p { margin-bottom: 0.08in; }a:link { }
    කව්ද මේ ඔර්කා (Orca) කියන්නේ?

    Killer Whale
    කියන්නේ එහම්ත් නැතිනම් මිනීමරු තල්මසා කියන මෙන්න මේ ඩොල්ෆින් පවුලට අයත්

    දැවන්තයා ට.
    586331.jpg


    ගොඩබිම වනාන්තරයේ රජා කවුද කියල ඇහුවොත් සිංහයා කියනවා වගේ මුහුදේ රජා කව්ද කියලා දන්නවද?
    මුහුදේ රජු ලෙස බොහෝ දෙනෙක් සුදු මෝරා (.Great White) සැලකුවත් නවතම පරීක්ෂණ වාර්තා අනුව මුහුදේ ආධිපත්‍ය මිනීමරු තල්මසා ටයි හිමි වී තියෙන්නේ .



    Great White
    107982.jpg




    තනි විලෝපිකයෙක් ලෙස සුදු මොර බිහිසුණු වුවත් කණ්ඩායම් ලෙස සැරිසරන ඔර්කා රංචුවකට විශාල සුදු මෝරෙක් වුවත් පහසු ඉලක්කයක්. ඔර්කා මසුන් සෑම විටම ඩොල්ෆින් කුලයේ අනිත් මසුන් මෙන් රංචු වශයෙන් ජීවත් වන පිරිසක්.

    ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම මිනීමරු තලමසා ආඩි 32 ක් දිගින් හා බර ටොන් 10 වෙලා තියෙනවා.මෙච්චර ලොකු වුනාට මේගොල්ලන්ට නොට් 30 (56 km/h) ක වෙගේයෙනුත් පිහිනන්ඩ පුළුවන්.පැටියෙක් අවුරුදු 15 දී පමණ ලිංගික පරිනාමයට පත් වෙනවා .සාමන්යෙන් වසර 40 ක් පමණ ආයු කාලයක් තිබුනත් ඇතැම් ඔර්කා වන වසර 90 ක් පමණ ජිවත් වූ අවස්තාද වාර්තා වෙනවා.මෙසේ වාර්තා වූ එක මත්සයෙක් Old Tom ලෙස හැදින්වෙනවා .

    Old Ton in Eden

    296923.jpeg


    ගිනිකොන දිග ඔස්ට්‍රලියානු Eden වරායට 1840 සිට 1930 දක්වා මෙයා පැමිණි බව සදහන් වෙනවා. 1930 දී මියගොස් සිට හමුවූ මෙයාගේ ඇට සැකිල්ල අදටත් Eden Killer Whale Musiumහි සුරක්ෂිතව තබා තියෙනවා.


    293694.jpg



    මුහුදේ ඉන්න ඕනෙම සතෙක් මෙයට ආහාරයට ගන්න පුලුවන් වුනත් බහුල ලෙස මෙයා ආහාරයට් ගන්නේ මඩුවන්, දැල්ලන් , හුරුල්ලෝ වැනි රංචු වශයෙන් ඉන්නා Sardine වර්ගවල කුඩා මාළුන් තමයි. නමුත් සිල් මසුන්,වොල්රුස් , තල්මසුන් ,මෝරුන් මෙනම් වෙනත් වර්ග වල ඩොල්ෆින් මාලුන්ද මෙයාගේ අහාර වට්ටෝරුවට අයත් වෙනවා



    මෙන්න කැමරාවේ සටහන් වූ අළු තල් (Gray Whale) මසෙකුට පහර දී අහාරයට ගන්න ඔර්කා කණ්ඩායමක් .මෙහි ඇති විශේෂත්වය වන්නේ කණ්ඩායමේ සියල්ලන්ම් එකවර පහර නොදී කුඩා කණ්ඩායම් වශයෙන් වරින් වර පහර දීමයි.(බලන් ගියාම SF mission මෙයාලත් දන්නවා වගෙයි)



    5539whale.jpg



    14817whale2.jpg

    32633whale3.jpg



    29803whale%204.jpg



    60193whale%20ani.gif



    මෙන්න ඩොල්ෆින් ලට දෙන ගේම . මේගොල්ලන්ගේ පොඩි කැත පුරුද්දක් තියෙනවා ඒ තමයි අල්ලගන්න සත්තු ටික වෙලාවක් උඩ දදා සෙල්ලම් කරන එක.



    67638dolphin1.jpg



    8516dolphin2.jpg



    මඩු වෝ අල්ලදී මේගොල්ලෝ අපුරු වැඩක් කරනවා . ඒ තමයි කණ්ඩායමේ එකෙක් ගිහින් ඉස්සෙල්ලම මාදුවගේ විෂ කටුව තියෙන වලිගයෙන් අල්ල ගන්න එක. එතකොට් මඩුවට පහර දෙන්ඩ විදිහක් නැති වෙනවා. එක්කෙනෙක් වලිගයෙන් අල්ලගෙන් ඉන්නකොට අනික් කට්ටිය ගේම දෙනවා .


    47822ray2.jpg




    39477rays.jpg



    සිල් ලාටත් සොරිම තමයි . වෙරළේ ඉන්නේ සිල් මලු අල්ලන්ඩ මෙයාල වෙරලටම එනවා .

    31425seal.jpg



    85078seal2.jpg



    26260seal3.jpg



    28668seal4.jpg



    කැත සෙල්ලම .....

    14940seal%20play.jpg




    මන්න මේක ලෝක ප්‍රසිද්ධ පින්තූරයක් .එකත් බලලම ඉන්ඩකෝ


    81389pengun.jpg



    එතකොට මේයාට ඇයි මිනීමරු තල්මහ කියන්නේ. මේයා මිනිස්සුන්වත් කනවද?මුහුදේ ඉන්න ඔර්කා මාළුන්ගෙන් මිනිස්සුන්ට සිදුවූ පහරදීම් කිහිපයක් ගැන වාර්තා තිබුනත් ඒ කිසිවක් මාරක අනතුරු ලෙස සටහන් වෙන්නෙ නෑ. ඒවා බොහෝ විට වැරදි හදුනාගැනීම් නිසා සිදුවූ ඒවා ලෙසයි පිළිගැනෙන්නේ. මිනීමරු කියන නම මෙයාට දෙන්ඩ හේතුව ලෙස මෙයාගේ තියෙන බිහිසුණු පෙනුම සදහන් කරන්න පුළුවන්.
    නමුත් මිනිසා විසින් තනු තටාක තුල ඉන්නා ඔර්කා මාළුන් පහර දීමෙන් මිනිස් මරණ ගණනාවක් වාර්තා වෙලා තියෙනවා.මෙන්න ළඟදීම 2010 ඔර්කා පහර දීමෙන් මරණයට පත් වූ ඩොල්ෆින් මසුන් පුහුණු කරන්නියක් වන Dawn Brancheau.



    77055dawn-brancheau-240.jpg






    මිනීමරු තල්මසා ගැන ටිකක් ඉගෙන ගත්තනේ . මේගොල්ලන්ගේ එක්කෙනක් ඉන්න Free Willy කියන ෆිල්ම් එක බලල නැත්නම් හොයාගෙන බලන්ඩ නියම කතාවක් තියෙන්නේ. Michel Jackson ගේWill you be there ප්‍රසිද්ධ සින්දුව තියෙන්නේ මේ ෆිල්ම් එකේ.



    41948g_free-willy.jpg



    අනික් කට්ටියටත් බලන්ඩ BUMP එකක් දාගෙනම යන්ඩ.


     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස් නිසාද මේ දියට සම්බන්ධ ඒවම දාන්නේ :D. කොහොම උනත් නියමයි. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ඔයාගේ thread වලින් :yes:.

    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එකනේ එකයි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩාක් ස්තුත්යි සහෝ... හැමදාම අලුත් දෙයක් ඉගන ගන්නවා මේ Thread වලින්.:yes::yes::yes:

    තව දෙයක්, ඔයා සත්තුත් එක්ක කථා කරන රහස දැන ගත්තට පස්සේ, ඔය මෝලට පොඩ්ඩක් තේරුන් කරලා දෙන්න අර "උඩ ද දා " ආතල් ගන්න එක නම් හරි කැත වැඩක් කියලා:P. උගේ අනිත් ඔක්කොම හොදයි.. එත් අරක නම් මහා:angry:
    4+
     
    Last edited: