මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    1291.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    "ආණ්ඩුව සමග සහයෝගයෙන් ඉන්න" - ගෝඨා නිදහස් පක්ෂයට කියයි

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නිදහස් පක්ෂය පියවර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඉකුත් මහ මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

    එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.


    - See more at: http://offair.nethfm.com/article/24911

    බයවෙලා සොන්නයව පෝරකේට යවයි කියල
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ජනාධිපති කොමිසම ගෝඨාගෙන් පැය 5 ක්‌ ප්‍රශ්න කරයි

    හේමන්ත රන්දුණු

    රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ මුදල් අවභාවිතය, හමුදාව සතු අවි ආයුධ ඇවන්ගාර්ඩ් ආයතනයට නොමිලේ ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම ඊයේ (24 වැනිදා) පැය 5 ක්‌ ප්‍රශ්න කර ඇත.

    මෙම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්‌ථා කීපයකදීම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී තිබිණි.

    ඒ අනුව ඊයේ පෙරවරු 10.30 ට පමණ රාජපක්‍ෂ මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.

    රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් නීත්‍යානුකූල නොවන ආකාරයට අධ්‍යක්‍ෂවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ද රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වී ඇත.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 550 දෙනකු මැතිවරණ කටයුතු සඳහා යෙදවීම, ඒ වෙනුවට සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් පිරිසක්‌ රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ සේවය සඳහා යෙදවීම, එම ගනුදෙනුව සම්බන්ධයෙන් රජයේ මුදල් රුපියල් හැටහය ලක්‍ෂයක මුදලක්‌ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    එමෙන්ම යුද හමුදාවේ සහ පොලිසියේ අවි ආයුධ 3457 ක්‌ ඇවන්ගාර්ඩ් ආරක්‍ෂක අංශයට ලබාදීම, ඒ වෙනුවෙන් කිසිදු මුදලක්‌ රක්‌නා ලංකා ආරක්‍ෂක අංශය වෙත ලබා නොගැනීම, බලපත්‍ර නොමැතිව අවි ආයුධ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත චෝදනා එල්ල වී ඇත.


    - http://www.divaina.com/2015/08/25/news07.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට නියෝග දුන්නේ ගෝඨාභය බව හමුදා කටකින් පනී: එය දැනගත් ගෝඨා රටින් පැනීමට යයි

    ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අත් අඩංගුවේ පසුවන හමුදා සැකකරුවෙකුගෙන් හෙලි වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ප්‍රගීත් පැහැර ගැනීමට ආ හමුදා ඔත්තු කරුවන්ට “ මේක සෙකට්‍රිගේ ඕඩර් එකක් ඒ හින්දා ප්‍රවේසමෙන් කරන්නැයි “ ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න උපදෙස් දුන් බවත් ‘සෙකට්‍රිගේ ඕඩර් එක‘ නිසා ඊට වැඩි අවධානයක් දිය යුතු බැවින් ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දෙදෙනා ප්‍රගීත් පැහැර ගෙන යද්දී අතර මගට පැමිණ එය නිවැරදිව සිදුවීදැයි පරීක්ෂා කළ බවත් හෙලිදරව් වී තිබේ.

    හමුදා ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දෙදෙනා දැන් ගොතන බොරුව නම් ප්‍රශ්න කිරීමෙන් පසු ප්‍රගීත් රැගෙන යෑම සඳහා කෝප්‍රල් ජයලත්ට බාර දුන් බවත් එහිදී ප්‍රගීත් අත් අඩංගුවෙන් මිදී පැන ගිය බවත් ය. මෙහිදී රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ එසේ පැන ගියා නම් තම අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු පැන යෑම ගැන කෝප්‍රල් ජයලත්ට දුන් දඬුවම කුමක්ද යන්නයි. ඒ ගැන ලුතිනන් කර්නල්ලා නිරුත්තර වී ඇත. ප්‍රබෝධ සිරිවර්ධන ප්‍රගීත් පැහැර ගැනීමට පෙර ඔහු හමුවීම සඳහා වෙනත් පුද්ගලයෙක් ලෙස දඹුල්ලේ ගොවිපොලටද පැමිණ තිබේ.
    ලුතිනන් කර්නල් ගෝඨාගේ තවත් අපරාධ වලට හවුල්

    මේ අතර ගෝඨාභයගේ නියෝග මත ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න තවත් පැහැරගැනීම් සහ ඝාතන මෙහෙයවා ඇතැයිද හෙලි වී තිබේ. ඒ අනුව පෝද්දල ජයන්ත පැහැර ගැනීම ද ෂම්මි කුමාරරත්න විසින් මෙහෙයවන ලද්දක් බව හෙලි වී තිබේ. කෙසේ නමුත් පෝද්දල ඝාතනය කිරීමට පෙර කකුල් කඩා දැමීමෙන් පසු අතැර දැමීමට සිදුවිය. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනයට ගිනි අවිය ලබා දී ඇත්තේ ද ෂම්මි කුමාරරත්න බව හෙලි වී තිබේ. සිරස මාධ්‍ය ආයතනයට ක්ලේමෝ ප්‍රහාර එල්ල කර ගිනි තබා ගිය කණ්ඩායම මෙහෙයැවූයේ ෂම්මි කුමාරරත්න දැයි සැක කෙරේ.

    කෙසේ වෙතත් ලංකාවේ සිදුවූ දහස් ගණනක් පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලින් මේ දක්වා වගකිව යුතු අය අල්ලා ගන්නට හැකි වූයේ ප්‍රගීත් ගේ සිද්ධියේදී පමණක් නමුත් එයින් විශාල අපරාධ ප්‍රමාණයක සුල මුල හෙලිකර ගත හැකි වෙතැයි අපරාධ පරීක්ෂකයෝ විශ්වාස කරති.
    ඝාතකයන්ට දඬුවම් දී හමුදාවේ නම සුද්ධ කර ගැනීමට හමුදාවේ වැඩි කැමැත්ත

    රාජපක්ෂලාගේ මිනීමරු නීතිවිරෝධී නියෝග වලට අවනතව අහිංසකයන් පැහැරගෙන ඝාතනය කරමින් සමස්ථ හමුදා කීර්ති නාමයේ අසූචි තවරන ලද සට්ටැඹි හමුදා ලොක්කන් රහස් පොලිසියට අල්ලා දීමට හමුදාව තුල ඇත්තේ විශාල නැඹුරුවක් බව පැවසේ. හමුදා ලොක්කන් කිහිප දෙනෙක් පමණක් ඝාතකයන් වසන් කිරීමට තැත් කළද අනෙකුත් විශාල පිරිසක් නිවැරදි තොරතුරු දෙමින් රහස් පොලිසියට විශාල සහායක් දෙමින් සිටිති.

    ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ හමුදා ප්‍රධානියෙක් කීවේ ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන්නැයි ඇමරිකාව වැනි බලවත් රටවල් අපට බල කරමින් සිට දැන් එය අභ්‍යන්තර පරීක්ෂනයක් දක්වා ලිහිල් වී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාවේ රොත්තක්ම රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් නිසා බවයි. අපට අපේ වැරදි කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් දීමට හැකියාවක් තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියෙන් පෙන්වා දීමෙන් හමුදාවේ පමණක් නොව රටේම නම සුද්ධ වනු ඇතැයි ඔහු පැවසීය.
    ජනාධිපතිවත් විකුණලා

    මේ අතර ප්‍රගීත් පැහැරගෙන ඝාතනය කිරීමට නියෝග දුන් පුද්ගලයා ලෙස අද හෙටම තමා අත් අඩංගුවට පත්වනු ඇතැයි යන බිය මත ගෝඨාභය රටින් පැන යෑමට සූදානම් වන බව පැහැදිලිය. ඊට බලවතුන්ගේ අනුග්‍රහයක් තිබේ දැයි සැක පහල වන්නේ ඊයේ(27) ඔහුගේ ගමන් බලපත්‍රය නිදහස් කිරීම නිසා ය. එම නිදහස් කිරීම ගාලු අධිකරණය මගින් සිදුකළද ඊට විරෝධතාවයක් නොපාන්නැයි පොලිසියට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම් බස්නායක බවද දැනගන්නට ඇත. ආරක්ෂක ලේකම් වරයා පවසා ඇත්තේ ‘මේක එච්ඊගේ ඕඩර් එකක්‘ යනුවෙනි. ‘එච්ඊ‘ යනු ජනාධිපතිවරයා ය. ආරක්ෂක ලේකම් එසේ කී පසු ඇත්තටම ජනාධිපති නියෝගයක් දී ඇත්දැයි පොලිසිය ජනාධිපතිගෙන් අහන්නට නොයන නිසා ආරක්ෂක ලේකම් ජනාධිපතිවරයා වික්කා දැයි නොදනී. මන්ද යත් ඔහු සිතා මතා බොරු ගොතන්නෙක් බව ලංකා ඊ නිව්ස් වෙත අවස්ථා දෙකකදීම හෙලි වී ඇති නිසා ය. ලිඛිතව නියෝග ලබා නොදෙන්නේ නම් එවැනි නියෝග ඉටු නොකිරීමේ රාජකාරිමය පුරුද්ද පසුගිය කාලය පුරාම ලංකාවේ රාජ්‍ය සේවයෙන් ගිලිහී ගොස් ඇති බැවින් මෙවැනි වනචාරී ක්‍රියා සාමාන්‍ය දේ බවට පත් වී තිබේ. කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුතු ගෝඨාභය අල්ලා ගැනීමට පෙර කවුරුන් හෝ ඔහුට රටින් පැන යන්නට සිතා මතා ඉඩ දෙන්නේ නම් එතරම් තුච්ඡ ක්‍රියාවක් තවත් නැත.


    - http://www.lankaenews.com/news/2590/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    එක්‌නැලිගොඩ ඝාතනයට සැක හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනාත්

    හේමන්ත රන්දුණු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස්‌ රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

    එක්‌නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්‌තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක්‌ ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

    මාසික වැටුපක්‌ ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක්‌ තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි.

    මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස්‌ ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක්‌ කප්පම් මුදල් ලබා ගෙන ඇත.

    මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස්‌ කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.


    - http://www.divaina.com/2015/08/28/news06.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ නවතන්නැයි මහින්ද ජනපතිගෙන් ඉල්ලයි: ජනපති එක හෙළා බෑ කියයි

    ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පරීක්ෂණ නවතා දමන්නැයි පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් එක හෙලා ඉවත දමා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මැතිවරණයෙන් පසුව දිනක ජනාධිපති මෛත්‍රී හමු වූ මහින්ද රාජපක්ෂ ඉල්ලා ඇත්තේ එකම ඉල්ලීමක් වන අතර එය නම් ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඝාතන පරීක්ෂණ නවතා දමන ලෙසයි. ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඊට නියෝග දුන් ගෝඨාභයද ඒ පසුපස සිටින තමාද හෙලිදරව් වෙතැයි බියෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

    නමුත් ජනාධිපතිවරයා මහින්ද රාජක්ෂගේ ඉල්ලීම ඉවත දමා තිබියදී රාජපක්ෂලාගේ සට්ටැඹියෙක් වන වත්මන් අාරක්ෂක ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කිරීමට සට කපට කුමන්ත්‍රණයක යෙදී සිටින බව ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත හෙලිදරව් කරමු.


    - http://www.lankaenews.com/news/2584/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ගිරිතලේ කඳවුරේ වධ දී මැරූ පුද්ගලයන්ගේ සිරුරු අනුන්ගේ සොහොන් කොත්වල පියන් හැර සඟවලා

    මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සුදුවෑන් රථ වලින් පුද්ගලයන් පැහැර ගෙන ගිරිතලේ හමුදා කඳවුරේ පවත්වාගෙන ගිය වධකාගාරය හා ඝාතකාගාරය වෙත රැගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කර ඝාතනය කෙරුණු විවිධ පුද්ගලයන්ගේ සිරුරු පිටස්තර ප්‍රදේශවල සොහොන් කොත්වල පියන් නිරාවරණය කර ඒවා තුළ සඟවන ලදැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.

    මහින්ද රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ හිතෛෂී අමාත්‍යවරයෙකු වූ ‘ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසන ආකාරයට සුදුවෑන් භීෂණයේ නියමුවා එවකට හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ය.

    සුදුවෑන් රථ වලින් විවිධ මිනීමරු කණ්ඩායම් යොදා පැහැර ගත් මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, ඉඩම් හා දේපල හිමි වැවිලිකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්, රාජපක්ෂ පාලනයට එරෙහි දේශපාලන ක්‍රියාකාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් පළමුව ඇස් බැඳ ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ගොස් තිබේ.

    ඉන්පසුව එම හමුදා කඳවුරේ ඔවුන් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලීම මෙම මිනීමරු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ක්‍රියාත්මක කරන ලද රාජකාරියක් විය.

    මේ මිනීමරු කණ්ඩායම් සඳහා වෙන වෙනම ජංගම දුරකථන සිම්පත් ලබාදී තිබුණ අතර, එම සිම්පත් එක් එක් පැහැර ගැනීම් ක්‍රියාන්විතය සඳහා පමණක් භාවිතා වන අයුරින් සීමාකර තිබූ බව හෙලිවී තිබේ.

    කප්පම් මුදල් ලැබුණහොත් පමණක් අදාළ පුද්ගලයන්ගේ ඇස් බැඳ දමා ඔවුන්ව ඈත පාළු ප්‍රදේශවලට ගෙන ගොස් මුදා හැර ඇති අතර කප්පම් මුදල් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන්ට ඔවුන්ගේ දේපල පැවරූ බවට හිස් සින්නක්කර සාධන පත්‍ර (ඔප්පු) වලට අත්සන් ලබාගෙන පසුව මුදාහරිනු ලැබූ බව ද හෙළි වී තිබේ.

    කප්පම් මුදල් ලබාදීමට හෝ දේපල පැවරීමට අපොහොසත් වන පුද්ගලයන්ව කෘෘර වධ හිංසා වලට ලක්කර ඝාතනය කර ඔවුන්ගේ සිරුරු සොහොන් කොත් පිහිටි සොහොන් පිට්ටනි කරා ගෙනගොස් සොහොන් කොත් පියන් නිරාවරණය කර ඒවා තුලට බහා සඟවා ඇති බව ද වාර්තා වේ.

    නිල නොවන අතිශය රහසිගත වාර්තාවකින් හෙළිවී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔහු ලියූ රාජපක්ෂ පවුල ගැන පොතේ පිටපතක් ගෝඨාභය වෙත රහසිගතව ලබා දුන් ‘වෙබ් ගොඩේ ෆාදර්‘ යයි තමා විසින්ම හඳුන්වා ගන්නා පෘතුගීසි වාසගමක් සහිත ද්‍රෝහියා වධකාගාර හමුදා නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් ප්‍රශ්න කිරීම් වලට ද සහාය වී ඇති බවයි.

    පසුව ප්‍රගීත් ඝාතනය කරුණා අම්මාන් හා චම්පික රණවක පිට පවරා රාජපක්ෂවරුන් ශුද්ධ කර ප්‍රගීත් එල්ටීටීඊ කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කරමින් සිටින්නේද මෙකී පෘතුගීසි සම්භවයක් ඇති ‘වෙබ් ගොඩේ ෆාදර්‘ ම ය.


    - http://www.lankaenews.com/news/2585/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ලසන්තගේ Note book එක ගැන හිටපු පොලිස්පති පොතක් පෙරළයි!

    ඝාතනයට ලක්වූ ‘සන්ඩේ ලීඩර්' හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග, 2009 ජනවාරි 08 වෙනිදා තමා පසුපස හඹා ආ මිනීමරුවන්ගේ වාහන අංක නුහුරට වමතින් ලියන ලද සටහන් සහිත පොත පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව එවක හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.

    තමා පසුපස සැක සහිත වාහන කිහිපයක් පැමිණෙන බවට ‘සන්ඩේ ලීඩර්' කතුවරයා ඔහුගේ සමීප මිතුරෙකු වූ වත්මන් එජාප සභාපති මලික් සමරවික්‍රම මහතාට දැන් වූ විට ඔහු උපදෙස් දී ඇත්තේ වහාම එම වාහනවල අංක ලියාගෙන තමාට දන්වන ලෙසයි. මලික්ගේ උපදෙස් අනුව දකුණතින් රථයේ සුක්කානම හසුරවමින් වමතින් නුහුරු ආකාරයට ලසන්ත වික්‍රමතුංග මහතා එම වාහනවල අංක තම සටහන් පොතේ සටහන් කර තිබේ. නමුත් එම අංක මලික්ට පෙරළා දැනුම් දීමට ප්‍රථම ඝාතකයන් විසින් ‘සන්ඩේ ලීඩර් ' කතුවරයාව බිලිගෙන ඇත.

    මෙසේ අංක ලියන ලද සටහන් පොත ගල්කිස්ස පොලීසිය විසින් තම භාරයට ගෙන එය ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ලැයිස්තු ගත කොට (PR) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබියදී, එම සටහන් පොත වහා රැගෙන එන ලෙස මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම සටහන් පොත නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට රැගෙන යාමට ප්‍රථම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මේසය උඩ මෙම පොත තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

    ලසන්තගේ සටහන් පොත තමා විසින් එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට භාර දුන් බව එවක මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දී තිබේ. ඔහුගේ කට උත්තරය අනුව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාව CID ය වෙත කැඳවා ඇති අතර ඔහු පලමුව පවසා ඇත්තේ තමා ලසන්තගේ සටහන් පොත එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් බවයි. පසුව කටඋත්තරය කියවා අත්සන් කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කපා හරින ලෙස ඉල්ලා ඇත.

    කෙසේ නමුදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ සටහන් පොත මූළස්ථාන පොලිස් පරීක්ෂකගේ මේසය මත තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපය වෙනත් තාක්ෂණයක් ඔස්සේ විශාල කොට එහි සඳහන් අංක ලබා ගැනීමටයි. කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොතට අත්වූ ඉරණම පිළිබඳව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා හොදින් දන්නා බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/1989-note-book
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ෆොන්සේකා මහතා 09දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ආණ්ඩු සමයේ සිදුකල බරපතල වංචා දුෂණ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් වී නොමැති කරුණු කාරනා රැසක් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කිරීමට නියමිත බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප්‍රකාශකයකු කියා සිටියේය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් හෙලිනොවූ කරුණු රැසක් ෆොන්සේකා මහතා සිය කතාවේදී අනාවරණය කිරීමට තීරණය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/11368-2016-02-07-05-00-29
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ගෝඨාගේ ලැජ්ජාව කෝ?


    ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ මාධ්‍ය මර්දනය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. බහුතරයක් මාධ්‍ය ආයතන ගෝඨාගේ නම සඳහන් කරන ලද්දේ ද ඉතා ම ප‍්‍රවේශමෙනි. ලසන්ත, එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහර දීම් මෙන් ම මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම් ද එවකට සුලබ විය. වරක් තමාව විවේචනය කළා යැයි කියමින් ගෝඨා එකවර වෙබ් අඩවි 5ක් තහනම් කළේ ය. ඒ අතරින් එක් වෙබ් අඩවියක් වන්නේ කලම්බු ටෙලිග‍්‍රාෆ්ය. (Colombo Telegraph)

    පසුගිය දිනෙක ගෝඨාගේ නිල ෆේස්බුක් ගිණුමේ උපුටා දක්වා තිබුණු ප‍්‍රවෘත්තියක් දුටු මාධ්‍ය සගයෝ බොහොමයක් සිනාසෙමින් කතා කළේ දැන් ගෝඨාගේ මතකය හොඳට ම නැති වී ලැජ්ජාව බල්ලට ගොස් තිබීම පිළිබඳව ය. ගෝඨා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබුණේ තමා සම්බන්ධයෙන් වෙබ් අවියක් පළ කර තිබූ පුවතකි. විශේෂත්වය වූයේ එම පුවත උපුටාගෙන තිබුණේ ඔහු විසින් ම තහනම් කළ ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියෙන් වීමයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    රවිරාජ් ඝාතකයන්ට ගෝඨාගෙන් කෝටි 5 ක්



    බුද්ධි අංශ කොස්තාපල් අභයරත්න සාක්කි දෙමින් කියයි

    යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය.

    මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා කරුණා පාර්ශ්වය වෙත ලබා දුන් බවත් මෙම ඝාතනය නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩූල් හා කරුණා පාර්ශ්වයේ වැරන්ගේ දැනුවත්කමින් සිදු වූ බවට හෙතෙම වැඩිදුරටත් සාක්කි දෙමින් පැවසීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය.

    මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා.

    තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා.

    2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා.

    කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ්ටි හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි.

    2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්‍රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා.

    විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා.

    මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා.

    ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට ‍වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා.

    ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා.

    ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා.

    ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා.

    මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ.

    සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්‍රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා.

    තවත් අයෙක් හිටියා. ඔහු ජනාත් රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා.

    වැඩිදුර විභාගය ලබන මස 2 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එතෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකළේය. ඇසින් දුටු සාක්කි අංක 4 වැනි ඇන්ජලෝ රෝයි මහතාට ලබන 2 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වීය.


    - http://www.dinamina.lk/?q=2016/02/27/පුවත්/රවිරාජ්-ඝාතකයන්ට-ගෝඨාගෙන්-කෝටි-5-ක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    පැහැරගැනීම්වලට යොදාගත් වාහන කැබලි කරලා

    වැලිසර නාවික හමුදා කඳවුරේ කරන ලද පරීක්ෂණයකදී, 2009 වසරේදී ත්‍රිකුණාමලයේදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාමට උපයෝගී කරගත් ඩිෆෙන්ඩර් රථ දෙකෙහි කොටස් එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පොලිසියේ නිලධාරින් විසින් සොයාගෙන ඇතැයිද පැහැරගෙනගොස් මරා දමන ලද තරුණයකුට අයිති බව කියන මෝටර් සයිකලයක කොටස් රාශියක්ද හමු වී ඇතැයිද වාර්තා වේ.

    මෙම අපරාධය සඳහා උපයෝගී කරගත් වාහනවල කොටස් ගලවා වෙන්කර ලේඛන අස්ථානගත කර ඇති බවද රහස් පොලිසියට අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

    අධිකරණයේ අවසරය ඇති වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම අමතර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යමින්, කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් කිහිප දෙනෙකු ගෙන් රහස් පොලිසිය මේ වනවිට කට උත්තර ලබාගෙන ඇතැයිද පැවසේ.

    රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ හා මුස්ලිම් තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු චෝදනා එල්ලවී තිබේ.


    නාවික හමුදාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.


    - http://www.lankatruth.com/site/inde...em/663-පැහැරගැනීම්වලට-යොදාගත්-වාහන-කැබලි-කරලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ගෝඨාගේ හිටපු ලේකම් රටින් පනී

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ සිටි අතිරේක ලේකම් ලෙස කටයුතු කළ දමයන්ති ජයරත්න රහසිගතව ශ්‍රී ලංකාවෙන් පළා ගොස් තිබේ.

    ඇය මෙලෙස රටින් පළා ගොස් තිබෙන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමට ගිනිඅවි බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීම ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් බරපතළ වංචා සහ දූෂණ විමර්ශනය පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිසම මගින් නොතීසි ලබා සිටියදී බව පැවසේ.

    රක්නා ලංකා ආරක්ෂණ සමාගම සම්බන්ධයෙන් විමර්ශන සිදු වන අවස්ථාවේදී මීට පෙරද ඇය රහසිගතව ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබූ අතර පසුව අවස්ථාවක ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණ තිබිණි.

    යහපාලන ආණ්ඩුව විසින් ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස පත් කරනු ලැබූ අතර එම අමාත්‍යංශය භාර ඇමතිවරයා වන වජිර අබේවර්ධනටද ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයකි.

    මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී ඇය විදේශගත වීමට අවසර ඉල්ලා ඇති අතර එය ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටකද පුරවැසිභාවය දමයන්ති ජයරත්න මහත්මියට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

    - ලංකා ටෘත්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජපක්ෂ නඩයේ පතුරු හැරීම

    ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඓතිකාසික මංගල කතාව



     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ගෝඨා සෙබළකු මැරූ හැටි ෆොනී කියයි ?



    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ සිටින සමයේ දී සිදු වූ සෙබළ මරණයක් පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ ය.

    ඒ අද පැවති විශේෂ මාධ්‍ය හමුව අතරතුර දී ය.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා සිංහ රෙජිමේන්තුවේ සිටින කාලයේ දී සෙබළ කණ්ඩායමක් රැගෙන වනාන්තරයට ගිය බවත් එය යුද්ධය සඳහා සම්බන්ධ ගමනක් නොවන බවත් ෆොන්සේකා මහතා පැවසුවේ ය.

    එහි දී එක් සෙබළෙකුට පපුවේ අමාරුවක් සෑදී රෝගී වූ අවස්ථාවේ දී එම සෙබළාව බිම දිගේ ඇදගෙන යන ලෙස රාජපක්ෂ මහතා අනෙක් සෙබළුන්ට අණ කළ බවත් එසේ ඇදගෙන යන අතරතුර දී ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ රෝගී සෙබළාට පයින් පහර දෙමින් ගමන් කළ බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේ ය.

    අවසානයේ රෝගී වූ සෙබළා මියගිය බවත් එහි දී කෝපයට පත් වූ අනෙක් සෙබළුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහර දුන් බවත් පැවසූ ෆොන්සේකා මහතා, මෙවන් සිදුවීමක් සිදුවුවහොත් එයට සම්බන්ධ නිලධාරියෙකුගේ හමුදා ජීවිතය එතැනින් අවසාන විය යුතු නමුත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන බලපෑම මත ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් යුධ හමුදාව තුළ රැඳී සිටි බවත් ප්‍රකාශ කළේ ය.

    තමා හෙළිදරව් කළ මෙම සිදුවීම බොරු නම් ජන මාධ්‍ය ඉදිරිපිට දී ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බවත්, මෙම චෝදනා ඔප්පු කිරීමට තමා සතුව සාක්ෂි පවතින බවත් හිටපු හමුදාපතිවරයා අවධාරණය කළේ ය.


    - http://www.sinhala.srilankamirror.com/news/item/12411-sarath-fonseka