මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    වැලිකඩ සංහාරයේ වගකිව යුත්තන්ට ළඟදිම බැට



    වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    අදාළ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගත් නියාමකයන් 500 දෙනෙකුට පත්වීම ලිපි ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී ඊයේ (24 දා) පැවැති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසීය.

    2011 වසරේ දී සිදුවූ මෙම සිද්ධිය නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේදී කළු පැල්ලමක් එකතු කරගත් බව ඔහු එහිදී පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවාහිදී අනුමත කරගත් මානව හිමිකම් කඩවීම පිළිබඳ යෝජනාව තුළ ප්‍රධානම බරපතළ චෝදනාව වී තිබෙන්නේ මෙම සිදුවීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හහතා , නියොජ්‍ය පොලිස්පත් අනුර සේනානායක හා ඇතුළු පොලීසියේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වී තිබිණි.


    - http://www.lankadaily.com/latestnews/item/7039-2015-05-25-03-46-55
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සුදුවෑන් සොන්නය දැන් රජයේ සේවකයෙක් වෙලා
    දැන් එතකොට යුද්දේ කළා කියල පොතක් ලියව ගත්තේ
    මුගේ ගෑණිද යුද්දේ කලේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඇවන් ගාඩ් තවත් කෙරුවාවක් හෙළිවෙයි

    විශ්‍රාම වැටුපට මුවා වී සේවක අර්ථසාධක අරමුද කොල්ල කෑමට රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කළ අවස්ථාවේදී ඊට එරෙහිව පැවැති විරෝධතාවයට 2011.05.30 දින සිදු කළ පොලිස් වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක මහතාගේ අවසන් කටයුතු ඉතා සූක්ෂම ලෙස ඇවන් ගාඩ් ආරක්ෂක සමාගම මැදිහත් වී සිදු කළ බව චානකගේ සොහොයුරා වන තිළිණ මධුෂාන් කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් ප්‍රකාශ කර තිබේ.

    වසර හතරක් ගතවී ඇතත් සිය සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට නොගැනීමත් ඒ සඳහා සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වීමටත් එරෙහිව කටුනායක පොලීසිය ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරත වී තිබේ. එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඇත්තටම මගේ මල්ලි මිය ගිය මොහොතේ සිට අවසන් කටයුතු සිදු කරන තෙක් ඒ සියලු කටයුතු බාර ගෙන සිදු කළේ ඇවන් ගාඩ් සමාගම. මම ඇත්තටම හිතුවේ ඇවන් ගාඩ් සාමාගම ආරක්ෂක සේවයක් කියලා.

    මෙම අවස්ථාවට රොෂේන චානකගේ මව වන ඩබ්. එම්. එස්. කාන්ති මහත්මියද සහභාගී වී සිටි අතර ඇය ප්‍රකාශ කර සිටියේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කිසිවක් පිළි නොගන්න බවත් රොෂේන් චානකට වෙඩි තැබූ ඇවරියවත්ත වටරවුමට මේ වනවිට හතලිස් අට වතාවක් පැමිණි බවත්ය.

    ඝාතකයින් දඬුවම් දීමටත් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කළේය.


    - http://www.lankatruth.com/home/sinh...:2015-06-03-11-07-48&catid=41:local&Itemid=74
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    සුදුවෑන් සොන්නය දැන් රජයේ සේවකයෙක් වෙලා
    දැන් එතකොට යුද්දේ කළා කියල
    පොතක් ලියව ගත්තේ
    මුගේ ගෑණිද යුද්දේ කලේ

    අම්මටහුඩු එතකොට ලන්කාවෙ හමුදාව රජයෙ සෙවකයො නෙවේද?රටෙ හමුදාවත් පුද්ගලිකකරනය කරලද? උබ මාර සොයාගෑනීමක්නෙ කරලතියෙන්නෙ.

    :P:P
     
    Last edited:

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    වැලිකඩ සංහාරයේ වගකිව යුත්තන්ට ළඟදිම බැට



    වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.



    2011 වසරේ දී සිදුවූ මෙම සිද්ධිය නිසා රට ජාත්‍යන්තරය ඉදිරියේදී කළු පැල්ලමක් එකතු කරගත් බව ඔහු එහිදී පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජිනීවාහිදී අනුමත කරගත් මානව හිමිකම් කඩවීම පිළිබඳ යෝජනාව තුළ ප්‍රධානම බරපතළ චෝදනාව වී තිබෙන්නේ මෙම සිදුවීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මිනීමරු ලන්කා හමුදාව මරා දෑමු අහින්සක සිරකරුවන්ගෙ චායාරුප කිහිපයක්
    1748304002jail3.jpg

    walikada01lankatruth.jpg

    :P:P:P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොන්සලා බොරුවට උඩ පනිනවා ගෝඨාවයි , කරන්නාගොඩයි ඇතුලට දානවා කියලා , ඔය එක ගූ පොන්නයෙක්ටවත් ඕක කරන්න හම්බෙන්නෑ. එහෙම කරන්න ගියොත් අන්තිමට වෙන්නේ රෙන්න පුකේ බෙටිත් නැතුව යන එක
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ටහිකේඊ!! පට්ට පතුරු ශාක්ශියක් අනිවාර්යයෙන් නඩුවක් දෑම්මොත් ඉත්තෙරුවෙන්ම ඔප්පු වෙනවා.
    මුගෙ මොලෙ තියෙන්නෙ කොහෙද මන්දා?

    :lol::lol::lol:

    එල්.ටී.ටී.ය අපේ හමුදාවට ක්ලේමෝ ගහල තියෙන්නෙත් ගෝඨාගෙන් ඉල්ලන් වෙන්න ඇති. රංජන් සොන්නයට හොඳටම පිස්සු , ඕකා අපේ පැත්තේ සංවිධායක වෙලා ආවේ. ඕකවා පොන්නය වගේ ගෙදර යවනවා ඊලග ඡන්දෙන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඊවා ගැන වැඩිදුර දැනගන්න

    ඊවා වනසුන්දර ගෝඨාභයගේ නඩුවේදී ගෝඨාභයට පක්ෂපාතීව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු දිනෙක නොදුන් ආකාරයේ තීන්දුවක් දුන් අතර ජනමතය ඊට එරෙහිව නැගී ඒමත් සමග බැසිල් රාජපක්ෂගේ මූලික පෙත්සම් නඩුව ඇසීමෙන් පුද්ගලික කාරණා මත කියා ඉවත් වූවාය.

    ඊවා වනසුන්දර යනු විනිසුරු වෘත්තියට තබා සැබෑ විනිසුරුවරයෙකුගේ නිවසක මෙහෙකාරකමකටවත් නුසුදුසු කෙතරම් රාජපක්ෂවාදී පංචස්කන්ධයක්දැයි දේශය පුවත්පතට ඇය විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක පහත සඳහන් ඇයගේම ප්‍රකාශ වලින් වටහා ගත හැකිය.

    ‘‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.

    මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත‍්‍රශීලීත්වයෙන්ම කතා කළා.

    ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත‍්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’

    මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සුන්දරිය ඊවා වනසුන්දර 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතටය. ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි.

    ‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමග එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. … ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත‍්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා…’

    2014 ජූලි 6වැනි ඉරිදා - page 29
    - http://deshaya.lk/component/blog_calendar/?year=2014&month=07&modid=62&start=3

    ඊවා සහ රෝහිනී විනි-සොරුන් සම්බෝධි විහාරයේ කළ රහසිගත සාකච්ඡා පටිගත කරලා: අලස්ට අවාසි තීන්දුවක් දුන්නොත් පටිගත කළ කතා හෙළිකරනවා යැයි බ්ලැක්මේල් කිරීමට යයි
    - http://www.lankaenews.com/news/2025/si
     
    Last edited:

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    2006 දී ශ‍්‍රි ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේදීදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් තමන්ගෙන් ප‍්‍රශ්න කිරීම ගැන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පැහැදිලි කිරීමක් කරයි.

    ඒ සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

    මිග් ගනුදෙනුව පිළිබඳ පැහැදිලි කිරීමක්.

    2006 දී ලංකා ආණ්ඩුව විසින් මිග්-27 ප‍්‍රහාරක යානා කිහිපයක් මිලදී ගැනිමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ගනුදෙනුව සිදුකිරීමට දින කීපයකට පෙර බි‍්‍රතාන්‍ය විජිතයක් වන වර්ජින් දුපත් හි බෙලිමීසා හෝල්ඩින්ස් සමාගම නමින් විවෘත කරන ලද රහසිගත බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන බව පසුගිය ඉරිදා එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතකද තවත් වෙබ් අඩවියකද පලවිය. ඊනියා ”මිග් ගනුදෙනුව” ගැන ලිපි පලවී ඇති ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ඉකුත් අවුරුදු 9 පුරාම විටින් විට මේ මාතෘකාව මාධ්‍යයේ සාකච්ඡ වුණි. ආණ්ඩු පෙරලියත් සමඟ අපගේ විරුද්ධවාදීන් මේ කාරණය නැවතත් කරලියට ගෙනවිත් තිබෙන නිසා මිග් ගනුදෙනුව සැබවින්ම කුමක්දැයි මහජනතාවට විස්තර කර සිටිමට මෙය උචිත අවස්ථාවක් යැයි මම සිතමි. මෙකී මාධය නිවේදනයේ සඳහන් සියලූම ලියවිලි ගල්කිස්සේ දිස්ත‍්‍රික් උසාවිය සතුව තිබෙන බවද සැලකිය යුතුය.

    2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් මිග්-27 යානා දෙකක්ද එක් මිග්-23 යානාවක්ද මිලදීගත් අවස්ථාවේදී ඒවා සැපයීම සඳහා 2000 ඔක්තෝබර් 24 වන දා ගිවිසුම් අත්සන් කරන ලද්දේ සිංගප්පූරුවේ ඞී.එස්. ඇලයන්ස් නැමැති කොම්පැනියේ ටී.එස්. ලී නැමැත්තෙකු සමඟය. මිග් ගුවන් යානා නිපදවන්නේ සිංගප්පූරුවේ නොවේ. අපගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වූයේ සියලූම අවි හා යුධමය ආම්පන්න සෘජුවම නිශ්පාදකයාගෙන්ම මිලදී ගෙන අතරමැදියන්ව ඉවත් කිරිමයි.
    2006 වසරේ දී නව මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනිමටත් ගුවන් හමුදාව සතුව පැවති තවත් මිග්-27 යානා 3ක් හා මිග්-23 යානාවක් සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කිරීමටත් අවශ්‍ය වූ විට අපි යුක්රේනයේ මෙම මිග් යානා නිපදවන ”යුක්රින්මාශ්” නැමැති සමාගම සෘජුවම සම්බන්ධ කර ගත්තේය. ”යුක්රින්මාශ්” සමාගම 2006 පෙබරවාරි 06 වනදා අපගේ ආරක්‍ෂක අමාත්‍යංශයට ලියමින් එම ගුවන් යානා මිලදි ගැනිමට හා අලූත්වැඩියා කිරීමට මිල ගනන් ඉදිරිපත් කල පළමු ලිපියේ මෙම ගනුදෙනුව මූල්‍ය සමාගමක මැදිහත් වීමෙන් සිදුකරන බවත් සියලූ ගෙවිම් එකී මූල්‍ය සමාගමට සිදුකල යුතු බවත් පවසා තිබුණි. මෙකී ගනුනෙුව සම්බන්ධ ගිවිසුම අත්සන් කොට දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම අප වෙත දන්වන බවද එම ලිපියේ සඳහන් විය.
    2001-2004 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවද මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙකී යුකරින්මාශ් සමාගමෙන් විමසීම් කර තිබුණි. යුක්රින්මාශ් සමාගම 2003 අපේ‍්‍රල් 22 වනදා එවක ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මහතාට මිල ගනන් දන්වමින් එවා තිබූ ලිපියේද එම ගනුදෙනුව සඳහා මූල්‍ය සමාගමක් මැදිහත් වන බවත් සියලූ ගෙවිම් එම මූල්‍ය සමාගමට කලයුතු බවත් ගිවිසුම අත්සන් කර දින 3ක් ඇතුලත එම මූල්‍ය සමාගමේ නම ශ‍්‍රී ලංකාවට සපයන බවත් කියා තිබුණි. යුක්රින්මාශ් සමාගම මාරපන මහතාට එම ලිපියේ සඳහන් කළ මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය 2006 අපට එවූ ලිපියේ සඳහන් ක‍්‍රමවේදයට වචනයක් පාසා සමානය.
    යුක්රින්මාශ් සමාගමේ අධ්‍යක්‍ෂක වරයෙකු වන ඞී.ඒ. පෙරිගුඩෝව් මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශය වෙත ලිපියක් ලියමින් විස්තර කර සිටියේ යුක්රින්මාශ් යනු සම්පූර්ණයෙන්ම යුක්රේන රජයට අයත් සමාගමක් බවත් ඒ රටේ නීතියට අනුව ඔවුන්ට ණයට භාන්ඩ සැපයීමට නොහැකි බවත්ය. අප ඉල්ලා සිටි පරිදි අවුරුදු දෙකකින් ගෙවිමට ණයට භාන්ඩ සැපයීමට නොහැකි නිසා බෙලිමීසා හෝල්ඩින්ස් නැමැති මූල්‍ය ආයතනයක් එම ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයනු ඇති බව ඔහු කියා සිටියේය.
    2006 ජූලි 26 වනදා මිග්-27 ප‍්‍රහාරක යානා 4ක් මිලදි ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලූතිවැඩියා කිරීමටත් ගිවිසුම් අත්සන් කල විට එයට පාර්ශව තුනක් සම්බන්ධ විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කාර පාර්ශවය විය. යුක්රින්මාශ් සමාගම විකුණුම්කාර පාර්ශවය විය. බෙලිමීසා හෝලිඩින්ස් සමාගම සියලූ ගෙවිම් ලබා ගන්නා පාර්ශවය විය. මේ පාර්ශව තුනම ගිවිසුමට අත්සන් කොට තිබේ. මෙම ගිවිසුම ලංකාවේත් යුක්රේනයේත් රජයේ ආයතන දෙකක් අතර සිදු කෙරුනු, යුක්රේන හා ජාත්‍යන්තර නීතිය යටතේ නිතිමය බන්ධනයක් ඇතිකරන ගිවිසුමක් වේ.
    මෙකී ගිවිසුමේ 23.1 වගන්තියට අනුව බෙලිමීසා හෝලිඩින්ස්් සමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැනුම්කාර පාර්ශවයත් විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාල සියලූම ගෙවීම් බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට ලැබිය යුතු බවත් පැහැදිලිව සඳහන් විය.
    2006 ජූලි 31 වනදා යුක්රින්මාශ් සමාගම විසින් මෙම මිග් යානා මිලදි ගැනීමට හා අලූත්වැඩියා කිරීමට අදාල ඉන්වොයිසිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එවු විටද ලංකා බැංකුව විසින් මුදල් ගෙවිය යුත්තේ බෙලිමීසා හෝලිඩින්ස් සමාගමට බව නැවත වතාවක් සඳහන් විය.
    විදේශීය රටක රජයට අයත් ආයතනයක් සමග ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුමක් අත්සන් කල විට ගැනුම්කරුවා මුදල් ගෙවිය යුත්තේ විකුණුම්කරුවා නිර්දේශ කරන ආකාරයටය. බෙලිමීසා හෝල්ඩින්ස් සමාගමට මුදල් ගෙවීම කිසිසේත්ම රහසක් නොවන්නේ ඔවුන්ද මෙකී ගිවිසුමට අත්සන් කල පාර්ශවයක් වන නිසාය. අපි මෙම මිග් යානා සෘජුවම යුක්රේනයේ නිෂ්පාදකවරුන්ගෙන්ම මිලදී ගත් අතර ගෙවු මුදලට ලැබිය යුතු සියල්ල අපට ලැබුනි. මෙම ගුවන් යානා යුද්ධයේදී භාවිතා වූ අතර යුද්ධය ජයගැනිමෙන් පසු තවමත් ඒවා ගුවන් හමුදාව සතුව පවතී. මෙම මිග් ගුවන් යානා මිලදි ගැනිම සම්බන්ධයෙන් රහසිගත කුමක් හෝ සිදුවී ඇති බව ජනතාවට ඒත්තුගැන්වීමට කරන මේ උත්සාහය මාගේ නම කෙලසිමට දිගු කාලයක් මුලූල්ලේ පවතින ප‍්‍රයත්නයක කොටසකි. යුධ ජයග‍්‍රහණය අවමානයට ලක් කිරීමේ උවමනාවක්ද මෙය පසුපස ඇත. බොරුවක් නැවත නැවතත් කීමෙන් එය සත්‍ය බවට පත් කිරිමට උත්සහ දරන විවිධ පාර්ශව වල ප‍්‍රචාරයන් වලින් නොමග නොයන මෙන් මම ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

    ගෝඨාභය රාජපක්‍ෂ
    හිටපු ආරක්‍ෂක ලේකම්


    :P:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ගෝඨාගේ නිළි හුටපටය නැවතත් එළියට

    6f37918316c428e83362ed5eebb78719_L.jpg


    ආරක්ෂක අමාත්‍යංශයේ වරප්‍රසාද ලැබූ ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් අදාල අමත්‍යංශයේ වාහන හා වැටුප් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් පවතින බව වාර්තාවේ.

    මේ සම්බන්ධයෙන් වන ලිපිගොනුවක් ආණ්ඩුවේ ඉහලම නිලයක් දරනු ලබන පුද්ගලයෙක් වෙත ලැබී ඇති අතර ඒ අනුව ඔහු මෙම තොරතුරු මූල්‍ය අපරාධ අංශය හා අල්ලස් කොමිසම වෙත ලබාදීමට නියමිත බවද වාර්තාවේ.

    රාජ්‍ය නිලධාරියෙකු ලබන ඉහල වැටුප් තලයක් හා වටිනා බෙන්ස් රථයක් මැය සතු කොට තිබූ අතර මේ සදහා වගකිව යුත්තා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවද අදාළ ප්‍රබලයා සදහන් කොට සිටී.

    -http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/945-2015-06-04-11-47-57
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ගෝඨාභය වනාතට විසිකළ මිනිස්සු අනාථයි

    අහස් කුස මුහුණ වෙනස් කරමින් අව්වටත් වැස් සටත් දෙකටම ගැළපෙන හැඩතල මවමින් තිබුණා. අපි වනාතේ අනාථ වෙච්ච මිනිසුන් සොයා ගෑටුවා. පුංචි අය සෙල්ලමට තනන ‘බිල්ඩින් බ්ලොක්ස්’ වැනි රටාවකට තට්ටු ගෙවල් එක පේළියට සීරුවට පෙනුණා.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සන්ධියේදී කළ ‘සහස්පුර’ මහල් නිවාස ඒ අතර වැඩිමහල්ව පෙනුණා. අදටත් ඒ පෙදෙස හඳුන්වන්නට ඇති පහසු නාමකරණය ‘සහස්පුර’ යන්නයි. අපි ඉන්නේ ‘සහස්පුර’ ය. සහස්පුරට මායිම්ව ඉදිකළ ගෝඨා මහල්, විමල් මහල් නිවාස ව්‍යාපෘතිවලට මුහුණලාය.

    ඊට පෙර කිවයුත්තක් ඇත. මේ සියල්ල පිහිටියේ වනාතේ බවය. වනාත මේ වනවිට අපට හුරු පුරුදු ඉමකි. නිතර ආ ගිය තැනකි. ගෝඨාභය රාජපක්ෂ කොළඹ තැනින් තැන නිවාස බිමට සමතලා කරමින් ඒ පිරිස් බලහත්කාරයෙන් ගෙන එන්නට හැදූ හිරගෙවල් ඉදිකොට ඇත්තේ මෙහිය. ඒවා ඉදිකරන කලද කුරුබිලියෙන් රිංගා අපි මේවායේ සැබෑ තතු හෙළි කළෙමු. එහෙත් ඒවා එතරම් සත්‍ය ලෙස අවබෝධ කර ගන්නට මේ මිනිසුන්ට ඉස්පාසුවක් නොවූයේ උන් හිටි තැන් අහිමි වූ යන එන මං නැති වූ කල මේවාට රිංගන්නට සිදුවූ නිසාය.

    ‘අපිව හිරේ දාලා. අද අපිට යන එන මං නෑ. කියන්න කෙනෙක් නෑ. කුලිය ගන්න නම් වෙලාවට එනවා. අපි ගෙවන්නේ නැහැ. සල්ලි ගෙව ගෙවා මේ අපායේ ලගින්න අපිට ඕනෑ නෑ. අපි අද වුණත් ලෑස්තිියි මේවා දාලා යන්න. ටෙලිිවිෂන්වල පෙන්නුවේ ටයිල් දාලා හරි ලොකු කාමර. ඇතුළට ආපුවාම ඉස්පිරිතාලයක කාමරයක් වගේ. මේක ඇත්තටම ඉස්පිරිතාලයක් වගේ. අපි දුප්පත් වුණත් ඒ තැන්වල ඉන්න කොට සතුටින් ජීවත් වුණා. අද ඒ ඔක්කොම ඉවරයි. අපේ පාරම්පරිකව හිටපු තැන් සමතලා කරලා මේවාට ගෙනත් දාලා අපේ ජීවිතම නැති කළා. මේවාට හෙණ හතම ගහන්න ඕනෑ. අපිට කළ දේටම මේ රාජපක්ෂලාට සාප වෙන්න ඕනෑ. අපි ඒ තරම් දුකක් විඳින්නේ.’

    එකවර ඇත්ත කටවල් දහ පහළොව අතරින් එක හඬින් ඇහෙන ශබ්දය එබඳුය. එක් අයකුට නිදහසේ කතා කළ නොහැක්කේ එකම කතාව හැමෝටම කියන්නට ඇති නිසාය. එකකු පටන් ගත් විට උද්ඝෝෂණයක සටන් පාඨ කියන්නා මෙන් අනෙක් කටවල්ද එයම මතුරමින් සිටිති. අපගේ කන් පිරී ඉතිරී යන තරම්ය.
    මේ තැන සහස්පුර ළඟ ගෝඨාභය හැදූ ‘නෙත්සර උයනය.’ නෙත් පැහැර ගන්නා කිසිදු දසුනක් එහි දැකගත නොහැකි විය. තට්ටු එකොළහක් උසට ගියද එහි ජීවිත හරිම මිටිය. පහළ හැම තැනකම බුලත් කෙළය. අයින්වල මුත‍්‍රා ගඳය. ලිෆ්ට් එකේ ඇත්තේද එම ගඳමය. ඒ එහි වෙසෙන මිනිසුන්ගේ වැරදිය. එහෙත් ජීවිතයම වැරදුණු කල මේ පොඩි දෑ හදා ගන්නට ඔවුහු වෙහෙසෙත්ද?

    ‘ගෝඨාභය කිව්වේ මේ ගෙයක් මිලියන හතක්, ලක්ෂ 70ක් වටිනවා, අපිට හොඳ වැඩියි කියලා. මුන්ට හෙණ ගහන්න ඕනෑ. අපි බේස්ලයින් පාරේ ඉඳලා ආවේ. අපේ පරම්පරා ගාණක් එතන හිටියේ සතේට ඔරු යන කාලෙත් මම එහේ. එහේ ගෙදර අපිට වර්ග අඩි හයසිය ගාණක් තිබුණා. අද මොනාද තියෙන්නේ. වර්ග අඩි 380ක් හුචක්කු කාමර දෙකක්. ලක්ෂ 70 අපට දුන්නා නම් පර්චස් දහයක් අරගෙන තට්ටු තුනක ගෙයක් ගහගන්නවා. අපි කැමැත්තෙන් නෙමෙයි ආවේ. අකමැත්තෙන්. ඉන්න තැන ඩෝසර් කළා. පාරට වැටුණු අපිට කිව්වා දැන්ම යනවා. නැත්නම් ඒ ගෙවලූත් නැතිවෙයි කියලා. මේ ඇවිල්ලා ඉන්නේ. මොනාද දැන් නැතිවෙන්න තියෙන්නේ. දැන් සේරම නැතිවෙලා ඉවරයි. අපි ඉන්නේ හිරේ.’

    ටී.බී. ජයා අපේ පරම්පරාව. ටී.බී. බණ්ඩි ජයායි හඳුන්වා දුන් ඔහු කතාවට ඇඞ් දමනවාට පවා විරුද්ධයි.
    ‘මමයි කතා කරන්නේ. කට වහනවා.’ ඔහු පොදු නියෝජනය තමන්ට භාර ගත්තේ එක සීරුවට ඇහෙන කටවල් අඩි හප්පා වළකාලමින්ය. ඒ එක මහලක්ය. එකළොස් වන තට්ටුව සම්පූර්ණ ජරාජීර්ණ වෙලාය. බිත්තිවල පොතු ගොස් හෙළුව මතුවෙලාය. කොන්ක‍්‍රීට් වෙනුවට එහි ඇත්තේ යකඩ තහඩුය. යකඩ බට ගිල්වා බලා ප‍්‍රමිතියකට ඉදිකළ බිත්ති අටවන තට්ටුවේ සිට හැඩාකාරව ඉරිතැලිලාය. මේවා කොයිවෙලේ කඩා වැටෙයිදෝ බියෙන් සැවොම හූල්ලති. එකළොස් වන තට්ටුවට ඉහළින් තහඩු වහළ ඉරට ළංව ගිනියම් කරන්නා සේ එම තට්ටුවම රත් කරමින් එහි වෙසෙනවුන් කර කුට්ටම් කරමින් සිටී. පහළ අගාධය පොඩි එකකුට නොව ලොකු එකකුට වුව බිය දනවන්නකි. එහෙත් වැට අනාරක්ෂිතය. එහි තරම වැඩිකල් නොගොස් එළිවීමටද ඉඩ ඇත.

    ‘අපි ආවේ එළු පට්ටිය වත්තෙන්. අදටත් ඒ වත්ත නිකං තියෙනවා. අපිව එලවලා ඩෝසර් කළා. අදත් ඒ වත්ත එහෙම්මමයි. අපිව ආයේ එහේ ගිහින් දානවා නම් අපි ගෙවල් හදා ගන්නම්. මේ දුක විඳින්න බෑ. මේ කාමර කොයිවෙලේ කඩා වැටෙයිද බයයි බිත්ති පුපුරලා. සතියට දවසක් ලිෆ්ට් තුනම කැඩිලා. එතකොට තට්ටු එකොළහම නගින්න ඕනෑ. මේ ළඟදි වයසක උන්දෑ කෙනෙක් මළා පඩි පෙළ නැගලාම හාට් ඇටෑක් ඇවිත්. මිනිය තියාගන්න තැනක් නැහැ. මේ අඩි හයයි අටේ සාලේ මිනිය තියන්න බෑ. ප‍්‍රජා ශාලාවක් දෙනවා කිව්වා ඒ මුකුත් නෑ. මේක උයනක් කිව්වේ. ඒවාට ඉතින් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මාස හයට මෙහෙම නම් අවුරුද්දක් යනකොට මොනවා වෙයිද? ඒ මදිවට ඉතිරි 50,000 ගන්න එනවා. සත පහක් දෙන්නේ නෑ.’ ෆාතිමා කීවාය.

    ‘ඇඳුමක් වේල ගන්න තැනක් නැහැ. අපි ලොකු ගෙල්වල හිටියේ. මෙහෙට එනකොට අල්මාරි ඇඳවල් කුණු කොල්ලයට විකුණලා ආවේ. ඇයි මේවායේ ඉඩ නෑ. දැනුම් නොදී වතුර කපනවා. තට්ටු අටක් බැහැලා යන්න ඕනෑ වතුර උස්සගෙන එන්න. ලිෆ්ට් එක කොයි වෙලේත් වැඩ නැහැ. ළඟඳි ඇතුළෙම හිරවුණා. ළඟදි මිනියක් ලිෆ්ට් එකේ දාගෙන ගියා. මිනිය එක්ක තව කෙනෙක් ගියේ බොහොම අමාරුවෙන්. ඇඳුමක් වනලා ගෙට ගිහින් එනකොට ඇඳුම නෑ. පුදුම දුකක් විඳින්නේ.’
    ප‍්‍රියන්ති කියා අවසන් වත්ම තවකෙක් කට අරී.

    ‘සෙරෙප්පු දෙක ගලවලා ආපුවාම සෙරෙප්පු දෙක උස්සනවා. ටයිල් අල්ලලා නියම කාමර කිව්වාට මෙන්න මේ කාමරවල තත්ත්වේ.’ ඔහු අප ගෙට කැඳවාගෙන ගොස් කාමරය පෙන්වයි. කුඩා කාමරයකි. ඇඳකට එහි ඉන්න මදිය.

    ‘ටොයිලට් එක ඇතුළේ හැරෙන්න බෑ. ඔක්කොම ඒ ඉඬේ. උදේට ටොයිලට් ගියොත් අනෙක් අයට නාන්න නෑ. නානවා නම් ටොයිලට් යන්න බෑ. මේවා එපාවෙලා. දැන් මිනිස්සු ගෙවන එක නතර කළා. මොනාටද මේ විදිහට දුක් විඳිනවාට අපි ගෙවන්නේ. අපි ඉන්න හිටින්න තැන් නැතිව ආවා නෙමෙයි. අවුරුදු හැට හැත්තෑව හිටපු ඉඩම්වලින් අපව එලෙව්වේ. අපේ ඡුන්ද තියනවා. වරිපනම් ගෙවනවා. ඒත් අනවසරලූ. දැන් මොනාද තියෙන්නේ. වැසිකිළි බට ජොයින්ට් කරපු තැන්වලින් උතුරනවා. ගෙවල්වල ඉන්න බෑ. ජනෙල් ගැලවිලා හුළඟට වැටෙනවා. ඒවා අල්ල ගන්න බෑ. ඒවා අපිට කරගන්නලූ. නඩත්තුවට මාසික ගාස්තුවකුත් ඉල්ලනවා. පිට වෙන තැනක් දෙන්න. කියන්නවත් කෙනෙක් එන්නේ නැහැ. ළඟදි හර්ෂ ද සිල්වා ඇමතිතුමා ආවා. එයත් ඇවිල්ලා අපිට සුදුලූනු පොඩි කරලා ගියා. අපෙන් ගත්තු 50,000 ආයෙ දෙනවා කීවා. හොඳයි නේද? කෝ අත්පුඩි ගහන්න කියලා ඇමතිම කියනවා. මේ ජාති විහිළු අපට ඇතිවෙලා. ඊළඟට කියනවා, හැබැයි මේවා නඩත්තු කරන්න ඕනෑ හින්දා මාස්පතා ගාණක් ගන්නවාලූ. මිනිස්සු බෑ කියලා ඒ අයට හූ කියලා එලෙව්වේ. මේ අය බලයට එනකොට කිව්වේ මේවා කුකුල් කූඩුවලිනුත් සල්ලි එකතු කරනවා. අපි සතපහක් දෙන්නේ නෑ. ඒ මොකද අපේ ඉඩමුත් අරගෙන අපි කුලී ගෙව ගෙවා ඉන්න ඕනෑද?’

    නිශ්ශංක කීවේ දැඩි ස්ථාවරයක හිඳිමිනි.

    ‘අපි මුල් පනස්දාහ දෙන්න පොලියට ගත්තේ. ඒ පොලී වැල් පොලී වෙලා ගෙවනවා. වැල්ලවත්තේ අපි හිටියේ. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ වැල්ලවත්තේ. දැන් ඉස්කෝලේ යන්නම විශාල මුදලක් හොයන්න ඕනෑ. එකපාරටම අපිව මෙහාට ගෙනත් දාලා අපිව අනාථ කළා.
    තවත් අයෙක් දැක්වූ අදහස් එබඳුය.

    ‘අපි එළු පට්ටිය වත්තේ. මගේ මහත්තයා කළේ ගරාජ් එකක්. අපිව මෙහෙට ගෙනත් දැම්මාම මහත්තයගේ රස්සාව නැතිවුණා. මාස තුනක් යන එන මං නැතිව හිටියේ. අපේ ගෙදර පවුල් තුනක් ඉන්නවා. මායි මහත්තයායි ළමයිනුයි එක කාමරයක. නංගියි මහත්තයායි ළමයිනුයි තව කාමරයක. අම්මයි තාත්තයි නංගියි සාලේ. අපි මීට ඉස්සර ලොකු ගේක හිටියේ. ඒ ජීවිතය එක්ක අද ඉන්නේ අපි අපායක.’ ෆාතිමා රිෆ්රා තව දුක් අඳෝනාවක් පිට කළාය.

    තව බොහෝ දෙනෙක් කතා කළෝය. සැවොම කියනුයේ වෙසෙන්නට බැරි බවය. පහසුකම් නැති බවය. හෙට හෝ වෙන තැනක් දෙන්නේ නම් යන බවය. මේ නිවාස හදන කලම අපි මේ බාල ප‍්‍රමිතිය ගැන ලියූවෙමු. එහෙත් එදා අයගේ බලයට මේ කතා ඇසුණේ නැති තරම්ය. එහෙත් අද මාස හයක් යන තැන මේ මහල් නිවාසයේ බිත්ති පුපුරලාය. ජරාජීර්ණ වෙලාය. ළඟදී හැදූ එකක්ද යන්න නොසිතෙන තරමට සවුත්තු වෙලාය. මෙහි වර්ග අඩි 380ක කාමර දෙකයි, කුඩා සාලයයි, කුස්සියයි, කක්කුස්සියයි ඇතුළත්ය. පවුල් දෙක තුන මෙහි වාසය කරති. එක පවුලක සාමාජික පිරිස පහට වැඩිය. එදා වේල හම්බ කරගෙන කෑ මෙහි බහුතරයට අද වේලක් පිරිමසා ගැනීම ලෙහෙසි නැත.

    ඇතැම් ගෙවල් දුන් අයුරුමය. බඩු බාහිරාදිය නැත. ඇතැම්හු හුණ්ඩුව වුව පිළිවෙළට තියාගෙන ඇත. ඒ කිසිවෙක් සතුටින් මෙහි නොවෙසෙති. ඉන්දියාවේ මේ ක‍්‍රමයට උපරිම යන උස තට්ටු පහ බවත් මෙහෙටද උචිත එපමණයි කී කල ගෝඨාභය නෑ තට්ටු එකොළහක් ඕනෑයි කී බවත් පැවසේ. අද තට්ටු අට මට්ටමේදී ගොඩනැගිල්ල වට රවුමටම පුපුරා ගොස්ය. තට්ටු අටෙන් උඩ ඉන්නා අය මේ පැල්ම දෙස බලමින් අනියත සිහිකරන තැනට වැටී ඇත. මේ බව දැනුම් දුන් විට පැමිණ කර ඇත්තේ පැලැස්ටර් දමා පැල්ම වැසීමය.

    මෙහි වෙසෙන සැම වෙසෙනුයේ දුක් ගොඩකය. ඔවුන්ට ගොඩඒමක් නැති තරම්ය. සැම ‘සහස්පුර’ අගයති. ඒ එම නිවාස වර්ග අඩි 600ත් 500ත් අතර ඉදිකර ඇති බැවිනි. එපමණක්ද නොව එහි පදිංචි වනවිට ගත් මුල් 25,000 ඇරුණු කොට නැවත අය කිරීම් සිදුකර නොමැතිය. අනෙක් අතට විමල් වීරවංශ හැ¥ ගෙවල් ගැනද මේ අය දොසක් නොකියති. ඒවාද ඉඩකඩ ඇතිව ශක්තිමත් මට්ටමේ පවතී. කුකුල් කූඩු අටවා ඇත්තේ ගෝඨාභයය. ඒ ඔහු මේ මිනිසුන් ගැන සිතූ මට්ටමයය. තම හමුදා බලය පාවිච්චි කරමින් මේ මිනිසුන් බියගන්වා උන්හිටි තැන් සමතලා කොට ගෙනත් දැමූ තැන අපායක් නම් එහි වේදනාව වචන කළ හැකිද? පෙනුමට මේ ජීවිත හොඳයැ’යි උපකල්පනය කළ හැකිය. එහෙත් ඇතුළට එය ඔවුන්ට කන් දෙන්නට හැකිනම් එහි යටින් ඇති ඛේදවාචකය හඳුනාගත හැකිය. එදත් ඔවුන්ගේ උන්හිටි තැන් නැති වන විට කතා කරන්නට බොහෝ නොවූහ. කතා කළේ අතළොස්සකි. අද ඒ අයද නැතිය. මේ මිනිසුන්ගේ ප‍්‍රශ්න පැටව් ගසා ඇත්තේ දැන්ය. ඒවාට පිළියම් සෙවීම ලේසි පහසු නැත. දැන් ඔවුන් අල්ලපු වත්තත් පය ගහපු වත්තත් දෙකම නැති ගාණය. කොතරම් කතා කළද ඇසෙන්නේ එකම කතාවය. එනම් මෙහෙන් කොහාට හෝ නිදහසේ ඉන්නට ගිහින් දාන්න යන්නය. හෙට ඔවුන්ට කුමක් වනු ඇත්ද?


    - http://ravaya.lk/?p=7149
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ගෝඨා බය වෙයි...
    තමා දේශපාලනයට නොපැමිනෙන බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාෂ කොට ඇත. අළුත් පක්ෂ පිහිටවමින්, අගමැති කමට පවා ඉදිරිපත් වීමට සිහළ උරුමය සමඟ රහස් කුමන්ත්‍රණ කරමින් සිටි ඔහු, මෙම තීරණයට එළඹ ඇත්තේ, බන්ධනාගාරයේ සමූහ ඝාතන වාර්ථාව අනුව අත් අඩංගුවට පත්වීමේ බොහෝ ඉඩ කඩ ඇති බැවිනි.

    මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ පොලිස් ඒකකය මගින් සිඳු කරණු ලබන පරීක්ෂණ මගින් ඔහු අත් අඩංගුවට ගැනීම අත් හිටවමින් අධිකරණය නියෝගයක් නිකුත් කළද, පසුව ප්‍රකාෂ කළේ වෙනත් පරීක්ෂන මගින් වරදකරු වුවහොත් අත් අඩංගුවට ගැනීමට කිසිඳු බාදාවක් නොමැති බවයි.


    - http://sinhala.lankanewsweb.net/news/17341-2015-06-15-03-56-00
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    දෙමළ තරුණයන් 35ක් පැහැරගෙන මරාදැමූ නාවිකයන්ටත් තවම නඩු නෑ.


    කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව ප්‍රදේශයන් වලින් දෙමළ තරුණයින් 35 ක් පැහැර ගෙන ගොස් ඔවුන්ව නිදහස් කිරිම සදහා මුදල් ලබා ගෙන පසුව ඝාතනය කළ යැයි චෝදනා ලැබ සිටින නාවික හමුදා නිලධාරින් 14 දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පාරීකෂණ කටයුතු මේ වන විට අවසන් ව ඇති නමුත්

    ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රිය මාර්ග ගැනීම තව දුරටත් ප්‍රමාදවෙමින් පැවතීම විමතියට කරුණක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ වන විට ඊට අදාල පරීක්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.



    එම දෙමළ තරුණයින් පැහැර ගැනිම, කප්පම් මුදල් ලබා ගැනිම හා පසුව අතුරුදහන් කිරිම් සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩි.කේ.පි. දසනායක ද චෝදනා ලැබ තිබේ.

    කපිතාන් ඩි.කේ.පි. දසනායකට අමතරව තවත් නාවික හමුදාවෙ නිලධාරින් තිදෙනෙක් හා ඔවුන්ගේ අණදිම මත ක්‍රියාත්මකවු සෙසු නිලයන්හි නිලධාරින් 14 දෙනෙක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කරුණු සොයා ගෙන ඇත.


    2008-2009 කාල සීමාවෙදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ තිබි සොයා ගත් හිස නොමැති පුද්ගල මල සිරුරු 4 ක් හා දිවයිනේ නොයෙකුත් ස්ථාන වලින් සොයා ගත් අපරාධකරුවන් නොමැති ඝාතනය කර දමා ගොස් තිබු පුද්ගලයින්ගේ ඝාතනයන් මෙම නාවික හමුදාවෙ කණ්ඩායම විසින් සිදු කර ඇතැ.

    රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය සුදු වැන් භීෂණයේම කොටසක් ලෙස මෙම ක්‍රියාවලියද සිදුව ඇතැයි පැවැසේ. වත් පොහොසත් කම් ඇති පවුල් වල තරුණයන් මෙලෙස පැහැර ගෙන යාමට ලක්ව තිබූ අතර ඒ සමයේදී ව්‍යාපාරිකයන් ‍රැසක්ද මෙලෙස පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සිදුව තිබිණි.

    පැහැර ගන්නා තරුණයින් පාතාල ක්‍රියාවන්ට, ත්‍රස්තවාදි ක්‍රියාවන්ට හෝ මත්කුඩු ජාවාරමට උදව් කර ඇති බවත් ඔවුන් නිදහස් කිරිමට මුදල් අවශ්‍ය බව එම තරුණයින්ගේ පවුල් වලට දන්වා පසුව මුදල් ලබා ගෙන ඔවුන්ව ඝාතනය කර තැන් තැන්වල දමා යෑම මෙම කණ්ඩායමෙ පිරිස් සිදු කර ඇති අතර, ඔවුන් එලෙස සිදු කර තිබෙන්නේ එම ඝාතකයන් පාතාල කණ්ඩායම් අතර ගැටුමක් නිසා සිදුවුවක් බව පෙන්වා පරික්ෂණ නොමග යැවීමට ගත් උත්සහයක් බව රහස් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.


    විවිධ පොලිස් ස්ථාන වෙතට තරුණයින්ගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් 2010 වසරේදි සිය විමර්ශන කටයුතු ආරම්බ කරනු ලැබුවද දේශපාලන අධිකාරියේ බලපෑම මත ඒ අත්හි‍ටුවන ලදී.

    එක් තරුණයෙක් නිදහස් කිරිම සදහා මෙම කණ්ඩායම රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා අතර මුදල් ලබා ගෙන ඇත. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික අධි සහයක ලෙස කටයුතු කල "නේවි සමිපත්" නැමැත්තෙක්ද මෙම කණ්ඩායමෙ ඉදිරි පෙල අණ දෙන්නෙකු මෙන් කටයුතු කර ඇතැයි වාර්ථා වෙයි.

    හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ යුධ හමුදාවට සහය පල වන ආකාරයේ ප්‍රවෘත්ති පල කරන මාධ්‍යවේදින් 7 දෙනෙක් පැහැර ගැනිමට සැලසුම් සකස් කල බවට චෝදනා එල්ල වුයේද මෙම නේවි සමිපත්ට වන අතර, ඔහු එලෙස සැලසුම් සකස් කරමින් සිට ඇත්තේ නාවික හමුදාවේ ප්‍රධානියාගේ උපදෙස් මත බවටද පසුව හෙලි විය.


    - http://www.lankadaily.com/latestnews/item/7458-35
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට ජොන්ස්ටන් : දමිළ තරුණයන් ඝාතනයට හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ: රවිරාජ් ඝාතනයට ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට හොඳටම සාක්කි තිබියදී නීතිපති බම්බු ගහනවාද?

    රාජපක්ෂ රෙජීමයේ ඍජු නියෝග මත සිදුකරන ලද රටේ ආන්දෝලනාත්මක ඝාතන සහ ඝාතන කුමන්ත්‍රණ රැසක සියළු පරීක්ෂන මේ වන විට අවසන් වී ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු රෙජීමයේ බලවත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නියමිත උපදෙස් දීම මාස ගණනාවක් තිස්සේ පමා කිරීම නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    ලංකා ඊ නිව්ස් මීට අදාල එක් පුවතක් පසුගිය මැයි 25 දා “පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව“ මැයෙන් පළ කළ අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානියෙක් ප්‍රකාශ කෙළේ ලබන මාසය එනම් මෙම ජුනි මාසය අවසන් වීමට පෙර එම උපදෙස් ලබා දී සැකකරුවන් අත් අඩගුංවට ගැනීමට ඉඩ හසර සලසන බවයි.

    නමුත් දැන් ජුනි මාසය අවසන් වීමට ඇත්තේ තව සති දෙකක් වුවද නීතිපති දෙපාර්තමේන්තුව රවිරාජ් ඝාතනය ගැන නිහඬව සිටිනවා පමණක් නොව තවත් ප්‍රධාන ඝණයේ අපරාධ කිහිපයක් සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල නීතිමය උපදෙස් දීම පවා පමා කරමින් සිතා මතා කල් මරමින් සිටී.
    නීතිපතිගේ පමාව නිසා සැකකරුවන් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට නොහැකිව හිර වී ඇති අපරාධ විමර්ශණ සොච්චමක් මෙසේය.

    1) නැගෙනහිර දමිළ තරුණයන් 28 ක් කප්පම් ගැනීමට පැහැරගෙන අතුරුදහන් කිරීම

    මෙහි තරුණයන් 6 ක් පැහැරගෙන අතුරුදහන් කිරීම ගැන සාක්ෂි සනාථ වී තිබේ. ලිපි ගොනුව නීතිපති වෙත යවා මාස 3 කි. ඍජු සැකකරුවන් වන නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ කට උත්තර මත ඔවුන්ට නියෝග දුන් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් දීම නීතිපතිවරයා විසින් කල්මරමින් සිටී.

    2) පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය

    මෙම ඝාතනයට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුගේ සාක්ෂි මත ඉතිරි සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් දීම කල් මරමින් සිටී. මේ අතර රිමාන්ඩ් භාරයේ සිටින කොස්තාපල් වරයාට තර්ජනය කරමින් සහ විශාල අල්ලස් මුදල් පොරොන්දු වෙමින් ඔහුගේ සාක්කිය වෙනස් කිරීමට රාජපක්ෂ රෙජීමය කටයුතු කරමින් සිටී. නීතිපති කල්මරමින් සිටින්නේ එකී කාරිය ඉෂ්ඨ වනතුරුද යන්න ගැන බරපතල සැක පහල වී තිබේ.

    3) පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම

    මෙය පුදුමාකාර අපූරු සිද්ධියකි. පෙර කී අපරාධ රෙජීමය විසින් කරන ලද ඒවා වූ නමුත් මෙය තමන්ටම එරෙහි අපරාධයක් රෙජීමය විසින් වසන් කර අපරාධකරුවාට දඬුවම් නොදී ඔහුව බ්ලැක් මේල් කර ඔහු ලවා තමන්ට අවශ්‍ය අපරාධ රාශියක් කර ගැනීමේ මල්ටි අපරාධයකි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඔහු ඝාතනය කිරීමට එල්ටීටීඊ නියෝජ්‍ය බුද්ධි අංශ නායක කපිල් අම්මාන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන සාමාජිකයන් දෙදෙනෙකු යොදවා ඇත. සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් ඒ දෙදෙනාය. මොවුන් මෙහෙයැවූයේ විදේශයක සිට රාජේෂ් නමැත්තෙකි. එකී රාජේෂ් නමැත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උදව් ලබා ගැනීමට ඔහු සමග කරන ලද දුරකථන සාකච්ඡා සියල්ල අපරාධ පරීක්ෂකයන් සතුව ඇත. මහින්ද රාජපක්ෂ ඝාතනයට උදව් කිරීම වෙනුවෙන් රාජේෂ් ජොන්ස්ටන් ප්‍රනාන්දුට කෝටි 5 ක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන් රුපියල් කෝටියක් පිටකොටුවේ බෝගහ අබියසදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෝටර් රථය තුලදීම ලබා දී තිබේ. මරාගෙන මැරෙන දෙදෙනා වූ සිවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රෂාන් මහින්ද රාජපක්ෂ අබියසට ප්‍රවාහනය කිරීමේ වගකීම ජොන්ස්ටන් ප්‍රනාන්දු බාරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රහාරකයන් දෙදෙනා සමග සාකච්ඡා කර ඇත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ අංක 16 දරණ ස්ථානයේදී ය. තවත් විස්තර බොහෝය. සියල්ලටම නොබිඳිය හැකි සාක්ෂි තිබේ.

    මේ සියලු කරුණු යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු සොයා ගත් කරුණු නොවන අතර 2009 දී H/4765/2009 දරණ බී වාර්තාව මගින් අධිකරණයට ගොනු කරන ලද කරුණුය. ඉන්පසුව එකළ එය F/45210 යටතේ එවක නීතිපති මොහාන් පීරිස්ටද කරුණු වාර්තා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමට උපදෙස් පතා තිබිණ. නමුත් රාජපක්ෂ රෙජීමය කෙළේ අපරාධ පරීක්ෂනය මොහාන් ලවා නවතා මෙම සාක්කි පෙන්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු බ්ලැක් මේල් කරමින් එජාපයට එරෙහිව යෙදැවීමයි. පසුව ඔහුට රෙජීමයේ වෙළඳ ඇමැති ධූරය වැනි බලවත් ඇමැතිධූරයක් දී ඔහු හරහා තමන්ට අවශ්‍ය ඩීල් දමා ගනිමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කර ගැනීමයි.

    මෙවැනි දේවල් නවකතාවකවත් අසා නැති තරමේ මාෆියා වැඩ ය. ඉතාලි මාෆියාව, ජපාන මාෆියාව, රුමේනියානු මාෆියාව පරදන මැදමූලන මාෆියාවේ වැඩ ය.

    මොහාන් පීරිස් නීතිපතිවරයා විසින් පෙර කී ලිපි ගොනුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරන ලද නමුත් අපරාධ පරීක්ෂකයන්ද සූක්ෂමව නීතිපතිවරයා වෙත යවා ඇත්තේ මුල් පිටපත් තමන් සතුව තබා ගෙනය. ඒ අනුව යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු යලිත් වතාවක් ඉහත කී අපරාධය සම්බන්ධ ලිපිගොනුව නව නීතිපති යුවන්ජනගේ කාර්යාලයට යවා තිබේ. දැන් මාස 3 කි. එ් ගැනද උපදෙස් නොදී කර අරිමින් සිටී. ජොන්ස්ටන් සතොසේ සිල්ලර වංචාවකට නොව රටක ජනාධිපතිවරයෙක් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම යටතේ අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන්නේ කව්ද?


    - http://www.lankaenews.com/news/2109/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ගෝඨා ඉස්සූ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෝටි ගණනක් වටිනා විදුලි බල්බ පද්ධතිය ගැන සීඅයිඩියට පැමිණිලි කරන්නැයි අගවිනිසුරු මාර්ෂල්වරයාට නියෝග කරයි

    (ලංකා ඊ නිව්ස් -2015.ජුනි.29, ප.ව.11.30) ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ්‍රී ලංකාවට චීන රජයේ ආධාර මත ලැබුණු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ හා අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිලි සංකීර්ණය මෙරටට මිල කළ නොහැකි දායාදයක් වී තිබුණත් එහි සවිකර තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට අග විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා විසින් නියෝග කර ඇති බව වාර්තාවේ.

    ලංකා ඊ නිවුස් විසින් ඉකුත් ජුනි 07 වෙනිදා පළමුවරට වාර්තාකළ මෙම මහ පරිමාණ සොරකම සම්බන්ධයෙන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ වසන්න සමරසිංහ මහතා විසින් ද අල්ලස් කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යෙදී ඇත.

    අග විනිසුරුවරයාගේ එකී නියෝගය ලත් මාර්ෂල් නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා වන අතර ඔහු යුද හමුදා සේවයේ කර්නල් ධූරයේ හෝ බ්‍රිගේඩියර් ධුරයේ ක්‍රියාකළ අයෙකු වීම විශේෂත්වයක් වේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිත්‍රානුකූල උත්සව අවස්ථා පැවැත්වෙන පස්වන මහලේ පිහිටි ශාලාවේ සවිකර තිබූ මෙම රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි බල්බ පද්ධතිය මොහාන් පීරිස් අග විනිසුරුධුරය දරන අවධියේදී සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු මේ පිළිබඳව සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

    උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී මෙම සොරකම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

    උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතාගේ සභාපතිත්වයෙන් සමන්විත වන අතර ඊට අභියාචනාධිකරණ සභාපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ද, මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක්ද, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ද ඇතුළත්ව සිටී.

    මෙහිදී අදාළ අතුරුදන් විදුලි බල්බ පද්ධතිය සම්බන්ධයෙන් විමසීමක් සිදුවී ඇති අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාව මත එකී විදුලි බල්බ පද්ධතිය ඉවත්කරගෙන ගොස් තිබුණු බවට කරුණු අනාවරණය වී තිබේ.

    මෙම විදුලි බල්බ පද්ධතියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙසට උපරිමාධිකරණ සංකීර්ණයේ මාර්ෂල්වරයාට උපරිමාධිකරණ කළමණාකරණ මණ්ඩලය විසින් නියම කර ඇති අතර ඒ අනුව ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලීමෙන් පසු අග විනිසුරුවරයා විසින් ඉහත නියෝගය මාර්ෂල්වරයාට ලබා දී තිබේ.