මිනීමැරුමක්ද ? සිය දිවි නසාගැනීමක්ද ?
මේ කතාව 1987 අපරාධ විද්‍යාව පිලිබඳ ඇමෙරිකානු ඇකඩමියේ ඒ කාලෙ සභාපති වුනු ඩොන් හාර්පර් මිල්ස් කියන කෙනා අපරාධ විද්‍යාවේදී තීන්දු ගැනීමේදී, විවිධ දෘශ්ඨි කෝණ වලින් බැලීමේ වැදගත්කම පෙන්වා දෙන්නත් තීන්දු ලබා දීමේ අසීරු බව හා සන්කීර්ණ බව පෙන්වා දෙන්නත් එයා විසින්ම නිර්මාණය කරපු අපූරු රසවත් කතාවක්.
ඔන්න එහෙනම් කතාව
රොනල්ඩ් ඕපස් කියන පුද්ගලය පතරොම් තුවක්කු වෙඩි පහරකින් ජීවිතක්ශයට පත් වෙනවා. එයාගෙ ඔලුවට තමා මේ වෙඩි පහර වැදිල තියෙන්නෙ.ඒත් පුදුම කාරණේ තමා මෙයාට මේ වෙඩි පහර වැදිල තියෙන්නෙ තට්ටු 10ක ගොඩනැගිල්ලක 10 වෙනි තට්ටුවෙන් පහලට පනිද්දි.
මෙයා ගොඩනැගිල්ලෙන් පනින්න කලින් තමන් සිය දිවි හානි කරගන්නව කියල ලිපියක් ලියලා තමා පැනල තියෙන්නෙ.ඒත් මෙයාවත්, වෙඩි තියපු කෙනාවත් දැනගෙන ඉදල නැහැ ගොඩනැගිල්ලට පහලින් ආරක්ශිත නෙට් එකක් තිබුන කියල ( නෙට් එක තිබිල තියෙන්නෙ ගොඩනගිල්ලෙ ජනේල පිරිසිදු කරන අයගෙ ආරක්ශාවට ) වෙඩි පහර වැදුනෙ නැත්තම් රොනල්ඩ් ජීවත් වෙන්න ඉඩ තිබුනා.මේ නිසා මරණ පරීක්ශක හිතුව මේක මිනී මැරුමක් කියල.

#
#
#
#
#
පොඩ්ඩක් හෝව්..තාම ඉවර නෑ..
රොනල්ඩ්ගෙ ඔලුවට මේ වෙඩි පහර වැදිල තිබුනෙ 9 වෙනි තට්ටුවෙ ජනේලෙකින්. 9 වෙනි තට්ටුවෙ ඉඳල තියෙන්නෙ වයසක ජෝඩුවක්.මේ වෙලාවෙ මේ දෙන්න රණ්ඩු වෙවී ඉදල තියෙන්නෙ.මේ වයසක මනුස්සය රන්ඩු වෙන හැම වෙලාවෙම තමන්ගෙ බිරිඳව බය කරන්නෙ පතරොම් තුවක්කුවක් පෙන්නල..එදත් ඉතින් පුරුදු විදිහටම මෙයා තුවක්කුව අතේ තියගෙන ඉදල.එදා මිනිහගෙ තරහ වැඩිකමට වැරදිලා මිනිහ අතින් තුවක්කුව පත්තු වෙලා..තුවක්කුව අල්ලගෙන හිටියෙ තමන්ගෙ බිරිඳ පැත්තට වුනාට වෙඩිල්ල වැදුනෙ ජනේලෙන් එලියෙ වැටෙමින් ඉඳපු රොනල්ඩ්ගෙ ඔලුවට ( වයසයිනෙ ඉතින් ).පොලීසිය ජෝඩුවගෙන් කට උත්තර ගනිද්දි වයසක මනුස්සය කියල තියෙන්නෙ තමන් තුවක්කුව පුරවල තිබ්බ කියල දැනගෙන හිටියෙ නැහැ කියල..ඒ නිසා මරන පරීක්ශක හිතුව මේක වැරදීමකින් වෙච්ච මරනයක් කියල..
හරිනෙ.. එහෙනම් දැන් කේස් එක ක්ලෝස් නෙ?? තාම නෑ
සිද්දිය දැක්ක සාක්ශිකාරයෙක් කියනව එයා දැක්කලු සති තුනකට විතර කලින් ඒ වයසක මනුස්සයගෙ පුතා පතරොම් තුවක්කුවට උණ්ඩ පුරවනව.ඒකට හේතුව වෙලා තිබ්බෙ පුතා අම්මත් එක්ක, ඒ කිව්වෙ වයසක මනුස්සයගෙ බිරිඳත් එක්ක වෙච්ච දේපල ආරවුලක්. තාත්තගෙ අමුතු පුරුද්ද දන්න පුතා තුවක්කුව පුරවල තියෙන්නෙ රන්ඩු වෙන වෙලාවක තාත්තා අතින් වැරදිලා තුවක්කුව පත්තු වෙලා අම්මා මැරුනට පස්සෙ දේපල පවරගන්න පුලුවන් වෙයි කියන චේතනාවෙන්.කලින් වයසක මනුස්සයගෙ අතින් වැරදීමකින් වෙච්ච ඝාතනයට දැන් මේ පුතත් වග කියන්න ඕනේ.
දැන් තමා නියම සීන් එක තියෙන්නෙ..
රොනල්ඩ් ඕපස් සිය දිවි හානි කරගන්න හේතුව වෙලා තිබ්බෙ ( ලියුමක් ලියලනෙ පැන්නෙ ) තමන් විසින් තමාගෙ තාත්තා ලවා අම්මා ඝාතනය කිරීමට හදපු සැලැසුම අසාර්ථක වීම...

ඔව්..ඔයාල හිතුව හරි...වයසක මනුස්සයගෙ තුවක්කුවට පතරොම් පිරෙව්ව ඔහුගෙ පුතා වෙන කවුරුත් නෙවෙයි, එයා තමයි රොනල්ඩ් ඕපස්..

ඒ නිසා මරන පරීක්ශක අන්තිමේදි තීරනය කලාලු මේක සිය දිවි නසා ගැනීමක් කියල..
ඔයගොල්ලො හිතන්නෙ මොකක්ද?
මේක මිනී මැරුමක්ද ? සිය දිවි නසා ගැනීමක්ද ?
මූලාශ්‍රය :- Wikipedia,Snopes