සිය දිවි නසා ගැනීම.....
දිනක් වෛද්‍යවරයකුට හිසට වෙඩි වැදී මියගිය රොනල්ඩ් නම් තරුනයකුගේ මරන පරීක්ශනය කිරීමට සිදු විය.
පසුව සොයා ගත් කරුනු අනුව රොනල්ඩ් සියදිවි හානිකර ගැනීම සඳහා බිල්ඩිමක 10 වන තට්ටුවෙන් පහලට පැන ඇත. ඔහු බිමට පැනීමට පෙර ලියා තැබූ ලියුමකින් එය සනාත විය. පහලට වැටෙන විට 9වන තට්ටුවේදී ජනේලය හරහා ආ වෙඩි පහරින් ඔහු එසැනින් මරනයට පත් විය.
වෙඩි තැබූ පුද්ගලයාවත්, මියගිය පුද්ගලයාවත් 8වන තට්ටුව අසල දමා තිබූ ආරක්ශිත දැල ගැන දැන නොසිටියහ. බිල්ඩිමේ වැඩකරමින් සිටි පිරිසකගේ ආරක්ශාව පිනිස එම දැල දමා තිබිනි. මේ දැල හේතුවෙන් රොනල්ඩ් හට සියදිවි හානිකර ගැනීමේ අවස්තාවක් නොවීය. මේ කරුණු සලකා බැලූ වෛද්‍යවරයා මෙය සිය දිවිනසා ගැනීමක් නොව, මිනීමරුමක් බව තීරණය කලේය.
වෙඩි පහර එල්ල කර තිබුනේ 9වන තට්ටුවේ පදිංචිව සිටි වයස්ගත පුද්ගලයකු විසිනි. සිය බිරිඳ සමඟ බැන වදිමින් සිටි ඔහු ඇයට තර්ජනය කරමින් තුවක්කුව එල්ල කල විට ඉලක්කය වැරදීමෙන් ජනේලය හරහා ගොස් සියදිවි නසා ගනිමින් සිටි රොනල්ඩ් හට මරු කැඳවීය. මෙ මහලු මිනිසා හට මිනීමැරුම පිලිබඳ චෝදනා එල්ල කල විට, ඔහුත් ඔහුගේ බිරිඳත් එකහෙලා කියාසිටියේ තුවක්කුවේ පතුරම් තිබූ බව ඔවුන් දැන නොසිටි බවයි. දිගු කාලයක් තිස්සේම පතුරම් රහිත තුවක්කුවෙන් සිය බිරිඳට තර්ජනය කිරීම ඔහුගේ පුරුද්දක් බව අසල් වැසියෝද තහවුරු කලහ. එබැවින් ඔහුට මිනීමැරුම කිරීමට චේතනාවක් නොතිබුනි. වැරදීමකින් පතුරම් දමා තිබූ තුවක්කුවෙන් වැරදීමකින් වෙඩි වැදී රොනල්ඩ් මිය ගොස් ඇත.
තව දුරටත් පරීක්ශන පවත්වද්දී සති 6කට පමන කලින් ඔවුන් දෙදෙනාගේ පුතා විසින් එම තුවක්කුවට පතුරම් දමා තිබූ බව හෙලි විය. සිය මව විසින් තමන්ට ලබා දෙන මුදල් නවතා දැමීම හේතුවෙන් හිත් තැවුලට පත් පුතා, පියාගේ හැසිරීම ගැන දන්නා හෙයින් මවගෙන් පලි ගැනීමට තුවක්කුවට පතුරම් දමා ඇති බව සැක කෙරිනි. පතුරම් දැමූ තැනැත්තා ඒ පිලිබඳව අවබෝධයෙන් සිටි හෙයින්, රොනල්ඩ්ට කෙලින්ම වෙඩි නොතැබුවද, රොනල්ඩ්ගේ මිනී මැරුමට වරදකරු විය යුතුය.
කතාවේ හාස්‍ය ඇති වන්නේ මෙතනිනි. රොනල්ඩ් යනු මේ වයසක දෙපලගේ පුතුය. සිය මව මරා දැමීමට සැලසුම් කිරීමෙන් සිත් තැවුලට පත් රොනල්ඩ් 10වන තට්ටුවෙන් පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කලේය. අවසානයේ ඔහුගේ මරනයට ඔහුම වගකිව යුතු බැවින් වෛද්‍යවරයා සියදිවි හානිකර ගැනීමක් ලෙස වාර්තාව නිම කලේය.
(උපුටා ගැනීමකි.)