මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය කළා - යුද හමුදාපති

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මිනුවන්ගොඩින් ආරම්භ වූ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3106 දෙනෙක් හඳුනාගැනිනි. ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 136 දෙනෙකු පමණක් බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

    අද (16) පෙරවරුවේ 'දෙරණ අරුණ' වැඩසටහන එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    "ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ල මිනුවන්ගොඩින් පටන් ගත්තාම ඒක 3106කින් සීමා කරන්නට අපිට හැකියාව ලැබුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ගම්පහ ප්‍රදේශයෙන් යම්කිසි ආසාදිතයෙකු හමුවන්නෙත් මේ දෙවැනි රැල්ලෙත් දෙවැනි කොටසක් ලෙස තමයි. නැත්නම් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ වුණාට මිනුවන්ගොඩ පොකුරේ මිනුවන්ගොඩින් ආරම්භ වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන් අපි පාලනය කර තිබෙනවා. මේ 3106න් අදට රෝහල්වල ඉන්නෙ 136 දෙනෙකු පමණයි. ඉතුරු සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ හඳුනගන්නකොට පළවෙනි දවසෙම දාහකට අධික සංඛ්‍යාවකට ආසාදනය වෙලා ඉවරයි. ඒ කියන්නේ දෙදහසකට විතර ආසාදනය වෙලා තිබ්බා. ඒක 3106කින් නතර කර ගැනීමට අපිට හැකිවුණා. දෙවැනි රැල්ලේ දෙවැනි පොකුරක් ලෙස වාර්තා වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත රෝගීන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම පිළිබඳව ඔවුන්ට තිබුණු ප්‍රායෝගික අපහසුතා ගැන දැනුම්දීලා තිබුණා. මේ ගැන සළකා බලා තමයි නිවෙස් නිරෝධායනයට යොමු කරන්න කටයුතු කළේ," යනුවෙන් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


    adaderana
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    1*0VMnhgPBPJ4eke2ANAVH7g.gif
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Boru baila katunayaka zone eke corona leddu innawa ambanakata.habai pcr test karanna mattu wena nisa
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හිහි ජෝක්ස් තමා නේ..බලපංකො ගෑණියෙක් පාලනය කරන තායිවානේ දීල තියෙන ගේම..දවස් 200 ගාණකින් කොරෝනා කාරයෙක් රට අැතුලෙන් හම්බවෙලා නෑ..ඔන්න රටවල්..

    https://elakiri.com/threads/තායිවානයේ-දවස්-200-කටත්-වඩා-කොවිඩ්-අසාධිතයෙක්-නැති-වීමට-හේතු.1962372/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිහි ජෝක්ස් තමා නේ..බලපංකො ගෑණියෙක් පාලනය කරන තායිවානේ දීල තියෙන ගේම..දවස් 200 ගාණකින් කොරෝනා කාරයෙක් රට අැතුලෙන් හම්බවෙලා නෑ..ඔන්න රටවල්..

    https://elakiri.com/threads/තායිවානයේ-දවස්-200-කටත්-වඩා-කොවිඩ්-අසාධිතයෙක්-නැති-වීමට-හේතු.1962372/
    කුහක කතා නොකිය ඉදපන් පොන්ස්, තායිලන්තෙ මිනිස්සු හරියට ආණ්ඩුව කියන දේ අහනව ඒකට එපේ උන් පාරෙන් යන්ඩ එපා කීවම ඇලකට පැනල පීනන් ගිහින් හරි වටේ යනව,
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    කුහක කතා නොකිය ඉදපන් පොන්ස්, තායිලන්තෙ මිනිස්සු හරියට ආණ්ඩුව කියන දේ අහනව ඒකට එපේ උන් පාරෙන් යන්ඩ එපා කීවම ඇලකට පැනල පීනන් ගිහින් හරි වටේ යනව,
    You better learn to read. ¯\_(ツ)_/¯
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    සර් කාරයා අනාගතේ මිනිහට අභියෝගයක් වෙනවයි හිතෙන අයවලුන් පීචන් කරමින් යනව

    කලින් මිනිහ ඇත්ත ඇත්ත විදිහට දකින්නට බැරි තරුණ සෙට් එකක්ම හැදුවා බුකියට එහෙම ගියාම ඔව්න්ව බලාගන්න පුළුවන්