මියගිය රාජාට පණ දුන් හැටි - වෙනමම කතාවක්.

මියගිය රාජාට පණ දුන් හැටි - වෙනමම කතාවක්.

1 කොටස මෙතනින් බලන්න..:yes:

http://www.elakiri.com/forum/showthread.php?p=14250064#post14250064

ඊයෙ 1 කොටස දැම්මට පස්සෙ තමයි දැනගත්තෙ මේක repost කියලා :sorry:. blacktulip member මේ ගැන කලින්ම thread එකක් දාලා තියෙනවා. ඉතින් මම තව විස්තර කියන එක තේරුමක් නෑ. මෙන්න ඒ යළුවගෙ thread එකෙන් කතාව ඔක්කොම දැනගන්න පුළුවන්.

http://www.elakiri.com/forum/showthread.php?t=1411857

මෙන්න මගේ ගානේ තව pics ටිකකුයි අමතර කතාවකුයි :yes:..

රාජා ඇතා යළි සකසන ආකාරය

118qo.jpg


083bl.jpg


අවසානයේ රාජාගේ අනුරුව තැන්පත් කැර ඇති ආකාරය

112011075.jpg


රාජා ඇතා සිටින 1000 නෝට්ටුවේ ඇත්ත කථාව ඔබ දන්නවාද? :)

මොනර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක් බව ඔබ දැන සිටියාද?
ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතා‍ව මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.
කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය..


1000note.jpg


මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ‍ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

ස්තූතිය කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට.
උපුටා ගන්නා ලද්දේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි.


රාජා ඇතාට අනතුර සිදුවුන හැටිත් කියන්න ඕන. බීමත් රියදුරෙකු පැදවු හමුදා ජිප් රථයක් ඇතාගේ පිටුපස කොටසේ වැදීම නිසා අස්ථි බිඳ වැටි ඇති නිසා තමයි ඔහු රෝගී වෙන්න හේතුව. :(
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක ඒ දවස් වලම පත්තරේ දැක්කා.....
    කලින් පෝස්ට් එකත් බැලුවා.....
    ඔයාගේ පෝස්ට් එකත් බැලුවා....
    තව කී පාරක් රී-පෝස්ට් උනත් මම නම් නොබලා ඉන්නෙ නෑ....
    ඒ තරම් වටින සත්වයෙක් අපේ රාජා....
    දළඳා වහන්සේව වඩම්මවද්දි පාවාඩය එලුවෙ නැත්නම් ඉස්සරහට අඩියක් තියන්නෙ නෑ.
    මාලිගාවට යන කෙනෙක් රාජා ව බලන්න අමතක කරන්න එපා.
     
    nice work :)
    Miss. Dee :P

    :D

    මේක ඒ දවස් වලම පත්තරේ දැක්කා.....
    කලින් පෝස්ට් එකත් බැලුවා.....
    ඔයාගේ පෝස්ට් එකත් බැලුවා....
    තව කී පාරක් රී-පෝස්ට් උනත් මම නම් නොබලා ඉන්නෙ නෑ....
    ඒ තරම් වටින සත්වයෙක් අපේ රාජා....
    දළඳා වහන්සේව වඩම්මවද්දි පාවාඩය එලුවෙ නැත්නම් ඉස්සරහට අඩියක් තියන්නෙ නෑ.
    මාලිගාවට යන කෙනෙක් රාජා ව බලන්න අමතක කරන්න එපා.

    ඒක ඇත්ත...ස්තුතියි...:)


    :rolleyes: