මියන්මාරයේ හමුදා ආණ්ඩුව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මියන්මාරයේ හමුදා ආණ්ඩුව

    වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය. මොණරා, ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය.
    මිලිටරි ආණ්ඩුවේ ජෝතිර්වේදියාට අනුව අදාළ සංඛේතයට එරෙහිව හූනියම් කිරීමෙන් අදාළ පක්ෂයේ බලය හීන කළ හැකිය. ඒ අනුව අදාළ මිලිටරි ආණ්ඩුවේ නායකයින්ට යකදුරා කියා සිටියේ ඉටි වලින් තැනු මොණරෙකු අව්වේ තබා එම ඉටි රුව ඉර එළියට දිය වෙන තුරු යාග හෝම පවත්වන ලෙසයි. යාගය පවත්වන දිනය උදා විය. ආණ්ඩුව ඉටි මොණරාද සමඟ අදාළ යාගයට සූදානම් විය. නමුත් දිනය පුරාම වර්ෂාව පතිත විය.යාගය මුළුමනින්ම අසාර්ථක විය.
    ඉන් පසු අදාළ යකදුරා කියා සිටියේ මඩවලින් මොණරෙකු නිර්මාණය කරණ ලෙසත් එම මඩවලින් තැනු මොණරා ස්වභාවික වර්ෂාවට දියවන තෙක් පූජා පවත්වන ලෙසත්ය. දිනය උදා විය. පෙර දින කිහිපය පුරාම ඇදහැළුණු වර්ෂාව ක්‍ෂණිකව නතර විය. මිලිටරි ආණ්ඩුවේ තම දෙවන හූනියම් උත්සාහයද මුළුමනින්ම අසාර්ථක විය. මෙම සිදු වීම රටේ සෑම තැනකම ක්‍ෂණයෙන් පැතිර ගිය අතර එය මිලිටරි ආණ්ඩුවට එරෙහිව තිබු මතවාදය තවත් ශක්තිමත් කළා පමණක් නොව මිලිටරි ආණ්ඩුව හාස්‍යයට ලක්විය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    යටගිය දවස සාගරයක ඇටයක් නම් වූ දේශයක පරසි නම් වූ රජ්ජුරුකෙනෙක් රාජ්ජය කරන කල්හි මෙවැනිම සිදුවීම් සිද්දවිය

    උත් ආව මිලිටරි රාජ්ජයක් පිහිටුවන්න
    මැරුම් නොකා බේරුනේ අනු නවයෙන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යටගිය දවස සාගරයක ඇටයක් නම් වූ දේශයක පරසි නම් වූ රජ්ජුරුකෙනෙක් රාජ්ජය කරන කල්හි මෙවැනිම සිදුවීම් සිද්දවිය

    උත් ආව මිලිටරි රාජ්ජයක් පිහිටුවන්න
    මැරුම් නොකා බේරුනේ අනු නවයෙන්
    :P:P:P:D:D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    තවත් රටක මේ යුගයේදීම සිටි බලවත් රජකු ලෙස පෙනී සිටි බල ලෝභී පාලකයෙකුද තම බලය තවත් ශක්තිමත් කරගෙන වැඩි කාලයක් රජකම් දැරීම වෙනුවෙන් අසල්වැසි රටක දේවාලයක් සරණ යන්නට විය. මෙයඉන් ඔහු හාස්‍යයට පත් උනා පමනක් නොව මසක් ගත වන්නට පෙර රජකමද අහිමි විය
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවත් රටක මේ යුගයේදීම සිටි බලවත් රජකු ලෙස පෙනී සිටි බල ලෝභී පාලකයෙකුද තම බලය තවත් ශක්තිමත් කරගෙන වැඩි කාලයක් රජකම් දැරීම වෙනුවෙන් අසල්වැසි රටක දේවාලයක් සරණ යන්නට විය. මෙයඉන් ඔහු හාස්‍යයට පත් උනා පමනක් නොව මසක් ගත වන්නට පෙර රජකමද අහිමි විය
    :rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තවත් රටක මේ යුගයේදීම සිටි බලවත් රජකු ලෙස පෙනී සිටි බල ලෝභී පාලකයෙකුද තම බලය තවත් ශක්තිමත් කරගෙන වැඩි කාලයක් රජකම් දැරීම වෙනුවෙන් අසල්වැසි රටක දේවාලයක් සරණ යන්නට විය. මෙයඉන් ඔහු හාස්‍යයට පත් උනා පමනක් නොව මසක් ගත වන්නට පෙර රජකමද අහිමි විය

    යටගිය දවස:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මටත් රාජපක්ෂ ආන්ඩුව එක එක ඒවා මතුරලා කන්න බොන්න දෙනවා.පිදේනි ගෙනෙල්ලා දානවා.ආමි එකේ එවුන් ටිකක් තමයි ඒවා කරවන්නේ. :frown: