මියන්මාරයේ හමුදා ආණ්ඩුව
වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය. මොණරා, ඇය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය.
මිලිටරි ආණ්ඩුවේ ජෝතිර්වේදියාට අනුව අදාළ සංඛේතයට එරෙහිව හූනියම් කිරීමෙන් අදාළ පක්ෂයේ බලය හීන කළ හැකිය. ඒ අනුව අදාළ මිලිටරි ආණ්ඩුවේ නායකයින්ට යකදුරා කියා සිටියේ ඉටි වලින් තැනු මොණරෙකු අව්වේ තබා එම ඉටි රුව ඉර එළියට දිය වෙන තුරු යාග හෝම පවත්වන ලෙසයි. යාගය පවත්වන දිනය උදා විය. ආණ්ඩුව ඉටි මොණරාද සමඟ අදාළ යාගයට සූදානම් විය. නමුත් දිනය පුරාම වර්ෂාව පතිත විය.යාගය මුළුමනින්ම අසාර්ථක විය.
ඉන් පසු අදාළ යකදුරා කියා සිටියේ මඩවලින් මොණරෙකු නිර්මාණය කරණ ලෙසත් එම මඩවලින් තැනු මොණරා ස්වභාවික වර්ෂාවට දියවන තෙක් පූජා පවත්වන ලෙසත්ය. දිනය උදා විය. පෙර දින කිහිපය පුරාම ඇදහැළුණු වර්ෂාව ක්ෂණිකව නතර විය. මිලිටරි ආණ්ඩුවේ තම දෙවන හූනියම් උත්සාහයද මුළුමනින්ම අසාර්ථක විය. මෙම සිදු වීම රටේ සෑම තැනකම ක්ෂණයෙන් පැතිර ගිය අතර එය මිලිටරි ආණ්ඩුවට එරෙහිව තිබු මතවාදය තවත් ශක්තිමත් කළා පමණක් නොව මිලිටරි ආණ්ඩුව හාස්‍යයට ලක්විය.