''මියුනිච් සංහාරය''

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ''මියුනිච් සංහාරය''

    ඔලිම්පික්‌ ඉතිහාසයේ
    ''මියුනිච් සංහාරය''


    d6-1.jpg
    1972 වසරේ 20 වැනි ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල පැවැත්වූයේ බටහිර ජර්මනියේය. ''හදවතක්‌ සහිත මහා නගරය'' ලෙස ජර්මානුවන් විසින් හඳුන්වනු ලබන මියුනිච් පුරවරයේ ක්‍රීඩා උළෙල සඳහාම අක්‌කර 740 ක්‌ පමණ වූ බිම් පෙදෙසක්‌ පුරා පැතිරෙන පරිදි ඔලිම්පික්‌ ක්‍රීඩා ග්‍රාමය ඉදිකොට තිබිණි. ක්‍රීඩකයන්ට මෙන්ම නරඹන්නන්ටද සියලු සැප පහසුකම්වලින් කිසිදු අඩුවක්‌ නොවන පරිදි මෙහෙයුම් කටයුතු ද සිදුවිය. ලෝකයේ නන් දෙසින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩකාවෝ 12000 ක්‌ පමණ මීට සහභාගි වූහ.

    1972 අගෝස්‌තු 26 වැනි දින ඔලිම්පික්‌ උළෙල ඇරැඹුණේ ජාතීන් 124 ක සහභාගිත්වයෙනි. ජර්මනියේ පැවැත්වූ දෙවැනි ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල වූ කලී මෙයයි. මීට ප්‍රථම 1936 දීද හිට්‌ලර්ගේ ආධිපත්‍යය යටතේ 11 වැනි ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල පවත්වා තිබුණේ බර්ලින් පුරවරයේය. 1972 දී පැවැති උළෙලට සහභාගිවීම සඳහා ඊශ්‍රායලයේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්‌ඩායමක්‌ද පැමිණ සිටියහ.

    ක්‍රීඩා උළෙල ඇරැඹීමට දින කීපයකට පෙරාතුව ඔවුහු මියුනිච් නගරයට සැතපුම් 11 ක්‌ පමණ දුරකින් වූ කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියහ. ඒ වූ කලී හිට්‌ලර්ගේ පාලන සමයේදී යුදෙව්වන් සිරකොට තැබූ ස්‌ථානයකි. ක්‍රීඩකයන්ගෙන් සමහරෙක්‌ එවකට මැරුම් කෑ යුදෙව්වන්ගේ නෑදැයෝ වූහ. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුහු ඒ මියගිය ඥතීන්ට ගෞරව කළහ. එහෙත් එදිනට සති දෙකකට පසු ඔවුන්ට අයත් වන ඉරණම ගැන කිසිවක්‌ ඔවුහු දැන නොසිටියහ.

    d6.jpg
    ඇරැඹුණදා පටන් පුරා දින දහයක්‌ සාමාන්‍ය පරිදි ක්‍රීඩා තරග පැවැත්විණි. සුපුරුදු පරිදි සැප්තැම්බර් 04 දින රාත්‍රියේ ඊශ්‍රායල් ක්‍රීඩකයෝද ඔලිම්පික්‌ ගම්මානයේ ඔවුනට හිමි ගොඩනැගිල්ලේ තම කාමරවලට වී නිදා ගත්හ. සැප්තැම්බර් 05 වැනිදා පෙ. ව. 4.30 ට අවිගත් අට දෙනෙක්‌ ඔවුන්ගේ කුටිවලට කඩා වැදුණහ. ඔවුන් වනාහි පලස්‌තීන ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වන ''බ්ලැක්‌ සැප්තැම්බරයෙහි'' ක්‍රියාකාරිකයන්ය. ඊශ්‍රායල් ක්‍රීඩකයෝ සමහරෙක්‌ මොවුනට එදිරිව සටන් වැදුණහ. එහි ප්‍රතිඵලය වූයේ කුටිය තුළදීම ක්‍රීඩකයන් දෙදෙනකු මරා දැමීමය. ජනේලයකින් පැනගත් දෙදෙනකු බේරී පලාගිය අතර නව දෙනකු ත්‍රස්‌තයන්ගේ ග්‍රහණයට හසුවිය.

    මෙසේ ප්‍රාණ ඇපයට ගත් නවදෙනා මුදාහැරීම සඳහා කොන්දේසි කීපයක්‌ ඉදිරිපත් කෙරිණ. ඒවා කඩදාසියක ලියා කවුළුවකින් එළියට දමන ලදී. කොන්දේසි ලෙස සඳහන් කර තිබුණේ ඉල්ලීම් තුනකි.

    1. ඊශ්‍රායලයේ සිරමැදිරිවල රඳවා තබා ඇති සිරකරුවන් 234 දෙනා නිදහස්‌ කළ යුතුය.

    2. ජර්මනියේ සිරගත කොට ඇති දෙදෙනකු මුදාහැරිය යුතුය.

    3. ඒවා ඉටු කිරීමෙන් පසු ඔවුනට (ත්‍රස්‌තවාදීන්ට) බටහිර ජර්මනියෙන් පිටවීමට ඉඩදිය යුතුය.

    මෙම ඉල්ලීම් ඉටුකිරීමට අවසන් කාලයක්‌ද ප්‍රකාශ කර තිබුණේය.

    සාකච්ඡා කිරීමෙන් පසු අවසන් වේලාව ප. ව. 5.00 දක්‌වා දිගු කර ගත හැකි වුවද කොන්දේසි කිසිවක්‌ ලිහිල් කිරීමට ත්‍රස්‌තවාදීහු එකඟ නොවූහ. ඊශ්‍රයාලයද මේ අතර ප්‍රකාශ කරමින් කියා සිටියේ සිරකරුවන් නිදහස්‌ කිරීම එක හෙළාම ප්‍රතික්‍ෂේප කරන බවයි. එකඟත්වයක්‌ දෙපාර්ශ්වයෙන්ම සිදු නොවීම නිසා බටහිර ජර්මන් ජනාධිපති හා ආණ්‌ඩුව ඉල්ලීමක්‌ කරමින් පැවැසුවේ ඕනෑම මුදල් ප්‍රමාණයක්‌ ගෙන ක්‍රීඩකයන් නිදහස්‌ කරන ලෙසය. එහෙත් ත්‍රස්‌තවාදී ගරිල්ලන් කිසිදු බුරුලක්‌ දැක්‌වූයේ නැත.

    අවසානයේදී එම ගරිල්ලන් අටදෙනාත් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූ ක්‍රීඩකයන් නව දෙනාත් හෙලිකොප්ටර් දෙකකින් හමුදා ගුවන්තොටුපළක්‌ වෙත ගෙන යන ලදී.

    මෙහිදී ඊශ්‍රායල් ක්‍රීඩකයන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක්‌ ඇරැඹියේ ජර්මන් පොලිසියයි. ජර්මන් පොලිස්‌පති මැත්ප්‍රඩ් ස්‌ප්‍රායිබර්ග් ගේ ප්‍රකාශයට අනුව එහි ගියේ ගිනි අවි රැගත් පොලිස්‌ භටයන් පස්‌ දෙනකු පමණි. මෙහිදී පාර්ශ්වයන් දෙක අතරේවූ වෙඩි හුවමාරුවෙන් ත්‍රස්‌තවාදීන් දෙදෙනකු හා එක්‌ පොලිස්‌ භටයෙක්‌ පළමු වටයේදී මිය ගියේය. මේ අතර සන්නද්ධ රථ ගුවන් තොටුපළට පැමිණියේය. එවිට ඉතිරිව සිටි ත්‍රස්‌තවාදීන්ට වැටහී ගියේ තමනට ගැලවීමක්‌ නැති බවය. එවිට එක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ එක්‌ හෙලිකොප්ටරයකට පැන ඒ තුළවූ ප්‍රාණ ඇපකරුවන් හතර දෙනකු ඝාතනය කළේය. තවකෙක්‌ අනෙක්‌ හෙලිකොප්ටරයේ වූ ප්‍රාණ ඇපකරුවන් පස්‌දෙනා ඝාතනය කළේ තම අතවූ මැෂින් තුවක්‌කුවෙනි. මෙහිදී ඇතිවූ සටනේදී තවත් ත්‍රස්‌තයෝ තිදෙනෙක්‌ මරුමුවට පත්වූහ. ඉතිරි තිදෙනා අත්අඩංගුවට ගැනිණ.

    සියල්ල අවසන් වන විට ඊශ්‍රායල් ජාතික ප්‍රාණ ඇපකරුවන් (ක්‍රීඩකයන්) 11 ක්‌ද ත්‍රස්‌තවාදී ගරිල්ලන් 05 ක්‌ද ජීවිතක්‍ෂයට පත්වී තිබිණි. තිදෙනකු අල්ලා ගන්නා ලදී.

    මියගිය ඊශ්‍රායල් ජාතිකයන් 11 දෙනාගේ නම් මෙසේය.

    1. මල්ලව පොර තීරක යොසෙෆ් ගට්‌ප්‍රොන්ඩ්

    2.මල්ලව පොර පුහුණුකරු මෝෂේ වෙයින්බර්ග්

    3. බර උසුලන යොසෙෆ් රොමානෝ

    4. බර උසුලන ඩේවිඩ් බර්ගර්

    5. බර උසුලන සේවි ෆ්‍රිඩ්මන්

    6. මල්ලව පොර ක්‍රීඩක ඉලයිසර් හල්ෆින්

    7. ධාවන පථ පුහුණුකරු අමිට්‌සුර් ෂාපිරා

    8. වෙඩි පුහුණුකරු කේහාට්‌ ෂොර්

    9. මල්ලව පොර ක්‍රීඩක මාර්ක්‌ ස්‌ලෙවින්

    10. කඩුලු පැනීමේ පුහුණුකරු ඇන්ඩි්‍ර ස්‌පිට්‌සර්

    11. බර උසුලන විනිශ්චයකරු යාකොව් ස්‌ප්‍රින්පර්

    ත්‍රස්‌තවාදී පලස්‌තීනුවන්ගේ සිරුරු පහ ලිබියානු රජය විසින් භාරගන්නා ලදී. එහිදී ඔවුන් වීරයින් ලෙස සලකා එම සිරුරු භූමදාන කරන ලද්දේ පූර්ණ හමුදා ගෞරවාචාර සහිතවය.

    අත්අඩංගුවට ගන්නා ලද ත්‍රස්‌තවාදීන් තිදෙනා නීතිය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි. එහෙත් ඔවුන් බටහිර ජර්මනියෙන් පිටමං කෙරුණේ බැලැක්‌ සැප්තැම්බර් සංවිධානයේ තවත් සාමාජිකයන් දෙදෙනකු ජර්මන් ලුප්තන්සා මගී ජෙට්‌ ගුවන්යානයක්‌ පැහැර ගෙන ඔවුන් තිදෙනා නිදහස්‌ නොකරන ලද්දේ නම් යානය පුපුරවා හරින බවට ඔක්‌තෝබර් 29 දින කරන ලද තර්ජනය නිසාය. නිදහස්‌ කෙරුණු ඔවුන් මහත්වූ හරසරින් පිළිගන්නා ලද්දේ ලිබියාවය.

    පසුව විවිධ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරුණේ මෙම යානය පැහැර ගැනීම බටහිර ජර්මනිය හා බ්ලැක්‌ සැප්තැම්බර් කල්ලිය අතර වූ සම්මුතියක්‌ මගින් සිදු කළ ප්‍රෝඩාවක්‌ බවයි. ඊට හේතු වශයෙන් දක්‌වා තිබුණේ අදාළ ගුවන් තොටුපළේදී සිදු කළ අසාර්ථක මෙහෙයුම පිළිබඳ විස්‌තර ලෝකයාට අනාවරණය වෙතැයි ජර්මානුවන් බියට පත්වීමය (ත්‍රස්‌තවාදීන් තිදෙනා නඩු විභාගයකට යොමු කළහොත්).

    සැප්තැම්බර් 9 දා ඊශ්‍රායෙල් ගුවන්යානා සිරියාවේ හා ලෙබනනයේ පලස්‌තීනුවන්ට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කෙරුනේ ඊට පළිගැනීමක්‌ වශයෙනැයි (ක්‍රීඩක ඝාතනයට) සැලකේ (පුවත්පත් ඇසුරෙනි)

    ආරියපාල මුදලිගේ
     
    • Like
    Reactions: Mr.Truth

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේ සිද්දිය ගැන හදපු ෆිල්ම් එකකුත් තියෙනවා නේද ? Thanx machan...