ආදරණීය ඥාති වරුනේ මිත්‍රවරුනේ පසුගිය වෙසක් දවසේ උදෑසන
මගේ පුතාට වෛරස් උණ හැදිල ප්‍රතිකාරද ලබා දින තුනකට පසුව සුව අතට හැරෙමින් තිබුන අතර 2023/05/07 දින මොරටුව ලුනාව මංසන්ධියේ එළිමහන් වේදිකාවෙ බොදු බැති ගී ප්‍රසංගයක සින්ඳුත් පහක් කිව්ව 2023/05/08 වනදා සවස් කාලයේ ඇතිවූ බඩේ කැක්කුමක් රාත්‍රි කාලය වන විට තරමක් දුරට වැඩිවූ අතර ප්‍රතිකාර සඳහා පුද්ගලික වෛද්‍ය ආයතන දෙකතුනකටම ඉදිරිපත් කලා. එහෙත් ප්‍රතිකාර සඳහා මැලිවූ ඔවුන් රෝහලක නේවාසිකව ප්‍රතිකාර කරනා ලෙස දැනුවත් කලා.
ඒ අනුව වේරහැර KDU වෙත ඉදිරිපත් කලා නමුත් එම රෝහලේ ඇඳන් අවසන් බව පවසා අපව ප්‍රතික්ෂේප කලා පසුව ජයවර්ධනපුර රෝහලට යෑමට තීන්දු කළත් පුතා විසින් ඒ හැටි ලොකු අපහසුතාවක් නැති බව පැවසීම හේතුවෙන් කලුබෝවිල රෝහලට අංක දෙක වාට්ටුව වෙත 09 වෙනිදා අලුයම 01 වනවිට ඇතුල් කලා.
එහිදී වෛද්‍ය පරීක්ෂාවෙන් පසු බොහෝ වේලාවකට පසු අලුයම හතර හමාරට සේලයින් සවිකර ලේ සාම්පලයක් ලබාගත්ත පසුව හයට පමන එම සේලයින් සැපයුමද විසන්ධි කලා නැවත උදේ හත හමාරට පමන නැවත වරක් සේලයින් සවිකර උදේ අටට පමන එයද ගලවා දැමුන අනතුරුව වෙනත් රෝහලකට (ඔහුට හුරු පුරුදු වැලිසර රෝහල වෙත) යායුතු යැයි අපි තීන්දු කලා.
එහෙත් කලුබෝවිල රෝහලේ දෙකේ වාට්ටුවෙන් වෙනත් වාට්ටුවකට මාරු කල බවත් ස්කෑන් එකක් එක්ස්රේ එකක් ලබාගත යුතු බවත් ඒ සඳහා සූදානම් වන ලෙස පැවසුව. ඉතිං එතෙක් නිසි ලෙස සාත්තුවක් ප්‍රතිකාරයක් නැතුව සිටි අපට එම ප්‍රකාශය සතුට ගෙන දුන් අතර වෙන කොහේවත් රෝහලකට නොගිහිං එහිම රැඳෙන්නට තීන්දු කලා.
නමුත් වාට්ටු මාරුව සිදුවන්න එදින දහවල් දොළහ පමන වූ අතර අති විශාල රෝගීන් සංඛ්‍යාවක් සහිත ඇඳක්වත් නැති එක ඇඳේ දෙන්න බැගින් සිටින අංක එක වාට්ටුව වෙතට මාරුකලා. කබලෙන් ලිපට වැටුණු අප සිදුවන දෙයක් දෙස බලා සිටීමට සිදුවුනා ක්‍රමයෙන් 09 වෙනිදා රාත්‍රියද උදාවූ අතර ස්කෑන් පරීක්ෂාවට රැගෙන නොයන්නෙ ඇයිද ඇසූවිට රැගෙන යෑම සඳහා සේවකයෙක් පැමිණෙන තෙක් සිටිය යුතු බව පැවසුව.
පසුව රාත්‍රි හතට පමන ස්කෑන් පරීක්ෂණයට රැගෙන ගොස් පැමිණ එම බාග ඇඳේම පුතාව තැබුව. යළිත් රුධිර පරීක්ෂණයකට රුධිරය ලබාගෙන ප්‍රතිජීවක සමඟින් සේලයින්ද ලබාදුන්න.
ස්කෑන් එකේ වාර්තාව ලබෙද්දි බඩේ කැක්කුමට කිසිම හේතුවක් නැති බවත් බඩේ දෝසයක් නැති බවත් පැවසුව. පසුව ඇන්ටිබයිටික් එකක් දෙන්න තියෙනව කියල එන්නතක් දීල යනවිට මම ඇසුව මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියල.
එවිට ඒක ඩොක්ටර් ගෙන් අහන්න කියල ගියා ඊට පස්සෙ ඩොක්ටර් ගෙන් ඇහුවම එයා කිව්ව ලොකු ඩොක්ටර් ගෙන් අහන්න කියල කිසිම කෙනෙක් හරි විස්තරයක් දුන්නෙම නෑ
පසුව රාත්‍රි වනවිට උගුර කසන්න පටන් ගත්ත තවත් රෑ වෙද්දි උගුර රිදෙන්න ගත්ත අනතුරුව කැස්ස සමඟ කිවිසුම් යන්න ගත්ත තවත් රෑ වෙද්දි උගුර හොඳටම රිදෙන්න ගත්ත.
දැඟේ දැවිල්ලක් මතුවන බව පුතා කිව්ව.
එක ඇඳේ දෙන්න තුන්දෙනා බැගින් මහ විශාල සෙනඟ ගොඩක් මැද හිරවෙලා අසරණව ප්‍රතිකාර ලබද්දී ආබාධ තත්ත්වයක්ද ඇති දරුවට යම් විෂබීජයක් ශරීරගතවන බවක් මට එවෙලේ සිතුනත් ඒ වෙනුවෙන් කලහැකි දෙයක් නැති වුනා .රාත්‍රියේ කල එන්නතෙන් පසුව එක්තරා විදියක අස්වාභාවික ලක්ෂණ පෙන්වන්න පටන් ගත්ත.
ක්‍රමයෙන් 10 වෙනිදාත් වූ අතර දරුවා නොයෙක් ආකාරයේ අපහසුතා පෙන්වන්න පටන් ගත්ත ඒ බව සියලු දෙනාටම කිවුවත් අති විශාල රෝගීන් සංඛ්‍යාවක් සහිත කාර්ය බහුල වාට්ටුව තුල අප වෙනුවෙන් නිසි පිළිතුරු නොමැතිව ඉතාම අසරණ වූ කාලිංඟ විඩෙන් විඩේ ඉතා අපහසු ලක්ෂණ පෙන්වන්නට පටන් ගත්ත.
එහෙත් දරුවාට ඇඳක් හෝ ඔක්සිජන් සැපයුක් හෝ අඩුම තරමෙ පාන්දර 03 නේ සිට හිස කැරකෙන බව පැවසුවට පරීක්ෂාවක් වූයේද නැත. අලුයම යාමයේ බෙහෙත් ලබා දෙන වාරයේදී නැවත එන්නතක් ලබා දීමත් සමඟින් කාලිංඟගේ තත්ත්වය ඉතාම අවුල් සහගත වුනා. ඒ ගැන කියන හැම වාරයකම නර්ස්ල කිවුවෙ ලොකු ඩොක්ටර් ආවම කියන්න කියල විතරයි වෙන මොකවත් කලේ නෑ.
පසුව 10 වෙනිද උදේ හතහමාර පමන වන විට කාලිංඟට හිස කැරකෙන තත්ත්වය වැඩිවී සිහිමද ගතියක් සමඟ කම්පන තත්ත්වයක් දක්වාද පැමිණෙමින් තිබුණ ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ බොහෝ අමාරු වූවාට පසු ප්‍රෙෂර් චෙක් කලා එය හතළිස් හය දක්වා අඩුවී තිබූ අතර දරුවා සිහිවිකලෙන් විකාරයෙන් කියවන්න පටන් ගෙන ඔක්සිජන් ධාරිතාවයද පහල ගොස් තිබුණ. මේ සියල්ල වෙන්න පටන් ගත්තෙ උදේ යාමයේ ලබාදෙන බෙහෙත් මුරයෙදි කල එන්තත් සමඟයි.
එහෙත් ඒ මොනව වුනත් අර හිටපු ඇඳ බාගයේම ඉන්ඳවූ අතර කිසිඳු සුව පහසුවකට ලක් කලේ නෑ ඒවන විට උදෑසන අටත් පසුව තිබුණ. පසුව ඉතාම අසීරුම තත්ත්වයට පැමිණි පසු දහවල් 01ට පමන ඇඳක් ලබාදී වැඩ පටන් ගත්ත එවිට නම් ප්‍රධන වෛද්‍ය වරිය යැයි සිතිය හැකි කෙනෙක් අපිට බැනවදිමින් ඔය ලමෙයගෙ නාසයට විෂබීජ යනව ඒක නිසා ඔය සාත්තුවට ඉන්න කෙනා ඔතනින් ඉවත් වන්න කියල....
පුදුමය නම් එතෙක් රෝගීන් #තවානක් මැද සිටිනා විට මේ වෛද්‍ය වරිය එලෙස විෂබීජ යන අයුරු නොදැක්කේ ඇයි කියා සහ එතෙක් වෙලාවක් මේ වෛද්‍ය වරිය හිටියෙ කොහේද කියාය.
කෙසේ වෙතත් ඉතාම දුර්වලව මුලු ශරීරය පුරාම දරුණු ලෙස ශරීරගතව තිබූ විෂබීජයක් හෝ වෙනත් යම් දෙයක් පැතිරයමින් සිටි අතර ඔහුගෙ අත්පා වලින් රුධිර සාම්පල ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයට පත්ව තිබුණ.
අනතුරුව බෙල්ලේ බල නහරයකින් බට තුනක කැනියුලා එකක් දැමිය යුතු බව පවසා ඒ සඳහා සූදානම් වූ වෛද්‍ය වරු දෙදෙනා සහ හෙදියන් පැය දෙකකට වැඩි කාලයක් ඒ සඳහාද වැය කලත් ඔව්න්ට එය දිගින් දිගටම වැරදුණා. කරගත නොහැකි වුනා.
එතනදිත් තවදුරටත් බරපතල කාලය කාදැමීමක් සිදුවුනා.
ඒ සඳහා හතර දෙනෙක් තදින් තද කරල අල්ලගෙන හිටිය. එයින් දැඩි තෙරපීමට ලක්වීම හේතුවෙන් කාලිංඟගේ බඩේ තිබූ වෙදනාව බරපතල ලෙස වැඩිවුනා
දරුව මහ හඬින් මොර දුන්න ඒක කරන්න එපා කියල.
අන්තිමේ ඒ කෑ ගැහිල්ල පීඩනය නිසාම කෙඳිරියක් බවට පත් වෙලා ශරීරය ක්‍රමයෙන් නිසල වන විට වෙනත් කාරුණික වෛද්‍ය වරියක් එය බාර ගෙන විනාඩි දහයකටත් අඩු කාලයකදී ස්කෑන් එකකින් බලාගෙන කැනියුලාව සවිකර ස්වීච් කරල ඩ්‍රෙසින් කරලත් ඉවර කලා ඒත් ඒ වෙද්දි බොහෝ ප්‍රමාදයි පසුව එම වෛද්‍ය වරිය එතන ඉඳපු නර්ස්ට කිව්ව මේ දරුවට පැයක කාලයකදි අවසන් වන ලෙස ඉක්මනින් සේලයින් ප්‍රබේදයක් ලබා දෙන්න කියල ඒත් අර නර්ස් එම වෛද්‍ය වරියට කෑ ගසමින් ඔයා කියන කියන තාලෙට වැඩ කරන්න අපි මැෂින් කියල හිතුවද ඔයාට ඕන නම් කරගන්න අපිට තව ලෙඩ්ඩු ඉන්නව කියල ඇඟට කඩා පැන්න.... එහෙම කියල පැ බාගෙයක් විතර ගිහිල්ලයි සේලයින් එක සවිකරේ. එතනදිත් හොඳටම ප්‍රමාද වුනා . (මම හිතන්නෙ දරුවගෙ ඇඟපත හොඳටම වේලුනා විය හැකියි.)
ඒවන විට අපේ අසරණ චූටිපුතා
මේ ආත්මයේ ඔහුගේ විමුක්තිය වෙනුවෙන් ගමනට බොහෝ ලංවෙලා. තිබුණ...........
බොහෝ ප්‍රමාදවී අක්‍රමවත්ව ඇරඹුණු. සහ අරඹලත් ප්‍රමාද වෙවී කාලය කා දමමින් කල විශේෂ ප්‍රතිකාර කටයුතු හේතුවෙන් කෑමොර ගසමින් අධික වද වේදනාවන්ට ලක්වූ දරුවා අවසිහියෙන් කතාකල වචන කීපයද නවතා දමා ඇස් උඩතාබා ගත් නිසල කෙඳිරිලි ඉරියව්වක් වෙත වෙනස් වුනා.
අන්තිමට සවස හය පමණ වනවිට එතෙක් ඇඳක් වත් නොතිබුණු රෝහලේ අයිසීයූ එකක් වෙත යොමු කරන්න අවශ්‍ය බව පවසා කටයුතු යෙදුණ . ඒත් අයිසීයූ වල ඉඩ නෑ කියකියා තව සෑහෙන වෙලාවක් කාලය නාස්ති කලා.
මීට බොහෝ වෙලාවකට කලින් කරන්න තිබුණ ප්‍රතිකාර ඊට පස්සෙ ඉක්මනින් කලා
අනතුරුව ඔහුගේ සොයුරි රංශිකාත් සහ මවත් මමත් දෙපැත්තේ සිට හිස අත ගාමින් වෙන කල හැක්කක් නොතිකමින් දෙවියන්ට යදිමින් යාඥා සහ දේව කන්නලව් කරමින් සිටි අතර තුරේ ඔක්සිජන් සේලයින් එහෙම වේගයෙන් ඇඟට වැටෙද්දි ටිකක් වගේ පියවි තත්ත්වයට පත් වුනා
පසුව ඳගලන කෑ මොර ගසන තත්ත්වය වෙනස් වී සුවපත් ස්වරූපයක් පෙන්වූ අතර කොහොමින් කොහොමින් හරි අයිසීයූ එකක් වෙත යොමු කෙරුණ
ඒකත් දැඩි උපස්ථාන ඒකකයක් නෙවෙයි නිකංම SICU එකක් විතරයි
එතන එයාට අවශ්‍ය නියමාකාරයෙන් මැසින් පහසුකම් නොමැති තැනක්.
එහිදී පැය දෙකක පමන ප්‍රතිකාර වලින්
------ Post added on Jul 13, 2023 at 2:29 AM