මිය ගිය ආගමික දේශකයාගේ අනුගාමිකයෝ දෙදෙනක් වස බී මරුට

monson

Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    ආගම් පිස්සෝ :lol:

    හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද විස ශරිරිගතවීමකින් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි

    මෙලෙස මිය ගොස් සිටින තරුණයා සහ තරුණිය දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි

    එලෙස මියගොස් ඇත්තේ යක්කල රාසල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් බව කියන තරුණියක සහ අම්බලන්ගොඩ තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙකි

    එම තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකදී මියගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි

    - https://www.lankadeepa.lk/news/මිය-ගිය-දර්ශනවාදීයාගේ-දේශනවලට-ගිය-දෙදෙනක්-විස-ශරීරගතවී-මරුට/101-645530

    වස පානය කළ තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවේ​


    වස පානය කර මියගිය දෙදෙනෙකුගේ සිරුරු යක්කල සහ මහරගම ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා.

    එලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි යක්කල - රාපල්වත්ත ප්‍රදේශයේ තරුණියක් සහ අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

    පසුගිය 28 වනදා කොට්ටාව ප්‍රදේශයේදී 48 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කර මියගොස් තිබූ අතර, අනතුරුව ඔහුගේ බිරිඳ, පුතුන් දෙදෙනා සහ දියණියගේ සිරුරු ද ඔවුන් පදිංචිව සිටි මාළඹේ - කහන්තොට ප්‍රදේශයේ නිවසක තිබී හමුවුණා.

    පසුව හෙළිවුණේ අදාළ 48 හැවිරිදි පුද්ගලයා ගුප්ත විද්‍යාවට දැඩි ලැදියාවක් දැක්වූ පුද්ගලයෙකු බවටයි.

    රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති ඔහු ආගමික දේශන පවත්වා ඇති අතර, එම දේශන ඇතුළත් වීඩියෝ පට ද ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කර තිබෙනවා.

    ඊයේ වස පානය කර මියගොස් ඇත්තේ ඔහුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

    මියගිය 34 හැවිරිදි පුද්ගලයා ඊයේ පස්වරුවේ මහරගම පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති අතර, ඔහු පස්වරුවේ ඉන් පිටව නොයාම හේතුවෙන් කාමරය පරීක්ෂා කිරීමේදී ඔහු ඇද මත වැටී මියගොස් සිටිනු දැක එහි සේවකයෙකු පොලීසිය දැනුවත් කර තිබුණා.

    ඔහු මියගිය ස්ථානයේ තිබී සයිනයිඩ් බවට සැකකෙරෙන බෑගයක්, වතුර බෝතලයක් සහ ජංගම දුරකථන දෙකක් ද හමුව තිබෙනවා. ඔහු මීට පෙර වස පානය කර මියගිය 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ සිටි අයෙකු බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

    කෙසේ වෙතත්, රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා වස පානය කර මියයාමෙන් පසු ඔහුගේ බිරිඳ, ළමයින් තුන්දෙනාගේ සිරුරු මාළඹේ - කහන්තොට ප්‍රදේශයේ ඥාති සොහොයුරෙකුගේ නිවසක තිබී හමුවුණා.

    පසුව හෙළි වුණේ ඔවුන් ද වස පානය කර මියගොස් ඇති බවටයි.

    - https://www.hirunews.lk/358217/වස-පානය-කළ-තවත්-දෙදෙනෙකුගේ-මළ-සිරුරු-හමුවේ

    HyKlCnV.jpg
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,867
    3,052
    113
    colombo
    බෝරන් ඇගෙන් එකාට හරි
    බෞද්ද නම් අර ඉරාජ් එක්ක ඉන්න සාදු ට ඔය පිස්සුව ගැහුවා නම් සොරි තමයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මීට වඩා හොදයි සාෆි මුන් වද කරා නම්😛
    ඒකාලෙ බයියො වඳ වෙලා හිටියෙ. දැන් ආපහු පුස් ඇටයක් මෝරලා
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    :baffled::baffled::baffled::baffled:


    මුන්ට් මෙච්චර මෝල් අයි බන්
    eka athakata sathutu weyan. oya wage scam walata ahu wena, easily manipulate wena mind set ekak thiyana un ekka lokayak diyunu wenne na. un vanish wenna ona.

    hithapanko, mita wada serious situation walata unta kohomawath face karanna ba. failures
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113

    රුවන්ගේ දේශනා අහපු අයගේ ඥාතීන්ට දැනුම්දීමක්​

    January 3, 2024 04:55 pm


    කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
    විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදුකර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වනවිට සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
    විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.
    මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් ඔහුගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
    තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනාවලදී සඳහන් කර ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නොමැති බවත් මේ වනවිට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
    එසේම ඔහු මාසයකට රුපියල් 150,000ක් වැනි මුදලක් ගෙවා කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @shenat නම් සැරයම වද වෙලා හිටියා කියලා මතකයි🤣🤣
    වඳ වෙච්ච කාලෙ පුකේ මල් ගහගෙන නෑවා මතකයි .උඹත් ඒ කාලෙ ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ. උඹත් වඳවෙලාද හිටියෙ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මීට වඩා හොදයි සාෆි මුන් වද කරා නම්😛
    සාපි දැන් නෑ නේ.

    චන්න ජයසුම්නට කියල මෙහෙක් මෙහෙක් කරලා පැලෝපිය නාලය මිරිකලා වද කරා නම් හරි. උදව්වට මේල් නෙර්ස් කෙනෙක් විදියට තිස්ස ජනනයකවත් සෙට් කරගත්ත නම් හරි.