මිය ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවකගේ අම&#3540

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මටත් පේන විදියට නම් shutter speed එකේ අඩුවීම නිසා වැදිච්ච පින්තූරයක්. අනිවා මේ පින්තූරේ අරගන්න ඇත්තේ මේ පින්තූරේ blur වෙලා ඉන්න කෙනාගේ, ඒ කෙනා එලියට එනකොට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    motion blur

    Motion-Blur.jpg

     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඉරිදා ලංකාදීපෙයි, රිවිරෙයි දෙකේම දාලා තියෙනවා......බලපල්ලා.......
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    පත්තරේ විකුණා ගන්න ඒකාලේ ඉදන් රිවිර කරන්නේ කගේ හරි ආත්මයක් විකුණන එක තමා, මේ ලින්ක් එකට ගිහින් බැලුවම තේරී ඇත්ත. මට නම් පව් හිතුන ඒ ගැණු ළමයාගේ අහිංසක parentsla ගැන. :(


    http://www.lankadeepa.lk/index.php/articles/56982
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන්න එපා යකෝ.....!!!

    මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන්න එපා යකෝ.....!!!
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මෙහෙමයි සීන් එක....දැනට අවුරැදු 3 කට කලින් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ශාලාවේ පැවැත්වුණු පෙදර්ශයණයක් (හරියට වදින්න ටයිප් කරන්න බෑ) නරඹන්න ගිය නුවර කාන්තා පාසලක ශිෂ්‍යාවෝ වගයක් ආපසු එන විට රිය අනතරකට මුහුණ දීලා එක ලමයෙක්ගේ පාදයක් ඉවත් කරන්න වෙලා...ඒත් මේ ළමයගේ දෙමාපියෝ අකමැති වෙලා තියෙනවා....ඒ නිසා මාස ගණනාවක් මේ ළමයා රෝහල් ගතකරලා පසුව පාදය ඉවත් කර තිබෙනවා....ඒත් අවාසනාවකට මේ දරැවා දැයෙන් සමු අරගෙන....ඒ පරණ කථාව.....

    දැන් අපි බහිමු අලුත් කතාවට....දැනට මාස 3 කට විතර කලින් හෙදියන් විසර යාමේ උත්සවයක්
    පැව්ත්විලා තියෙනවා මේ පාසලේ..උත්සවය පැවැත්වෙන දාට කලින් දා පාසලේ රංග ශාලාව සැරසීම් කටයුත කරලා අවසානයේ එක් හෙදියක් ජායාරෑපයක් අරගෙන තිබෙනවා...ඊට පසු දා ඡායාරෑප පරිඝණකයෙන් නරඹද්දි තමයි දැකලා ‍තියෙන්නේ....ගෑනු ළමයෙක් සුදු ගවුමක් ඇදගෙන තනි කකලකින් ඉන්නා ජායාවක් මේ ඡායාරෑපයේ තිබෙන බව...පසුව කල සොයාබෑලීම් වලින් තමයි දැනගන්න ලැබී ඇත්තේ මේ ඉන්නේ දැනට අවුරැදු 3 කට විතර කලින් නැතිවුණ මේ ගැහැණු දරැවා කියලා.....


    මෙහෙම තමයි මේක ගැන කටකතාව යන්නේ....
    ලබන ඉරිදා පත්තරේ ආටිකල් එකක් යනවා මේක ගැන..වැඩි විස්තර ඒක බලලා දැනගන්න...
    ජායාරෑපයත් පහතින් දමන්නම්...

    View attachment 40808
    රෙප්, කොමන්ට් එහෙම දෙන්න අමතක කරන්න එපා.....හොට් නිව්ස් එකක්නේ මේක.:yes:...

    මිනිස්සු රවට්ටන්න උත්සාහ කරන්න එපා යකෝ.....!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන රෙද්දක්ද බං මේ.. ඔය පිංතූරෙ දිහා හොඳට බලපං කෙල්ලගෙ කකුල නැවිලා නැද්ද කියලා.. ඔය ගෑනු ළමයෙක් එතනින් දුවගෙන යනකොට පිංතූරෙ ගන්න ඇති.. පිස්සු යක්කුනේ ඉන්නෙ.. පරන ෆෝන් කට්ටකින් ගත්තු පිංතූරයක් වෙන්න ඇති..:dull:

    මෙන්න පැහැදිලි ඡායාරූපයක්.. හොදින් නිරීක්ෂණය කරපල්ලා..

    04-Rasa-P3-1.jpg


    ”මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගියා. ඔය කියන සිසුවිය තමා භූතාත්මයක් වෙලා විදුහලේ සැරිසරන්නේ. මියගිය සිසුවියගේ භූතාත්මය අපේ නර්ස් කෙනෙක් ගත්තු පොටෝවල ඉන්නවා. මේ ගැන ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්න”

    හිතවත් හෙදියක් ඉල්ලා සිටියේ සිසුවියගේ භූතාත්මය යැයි කියන ඡායාරූපයක් ද මගේ අතට පත් කරමිනි.

    මා වෙත මේ තොරතුරු ලබා දුන් හෙදිය සේවය කරන්නේ මහනුවර ශික්‍ෂණ රෝහලේය.

    සුදු ගවුමකින් සැරසුණු යුවතිය ඡායාරූපයේ සිටින අතර ඇයගේ එක් පාදයක් නොමැති බවද ඒ ඡායාරූපය පරීක්‍ෂාකර බැලීමේදී පැහැදිලිවම පෙනී යයි.

    හදිසි අනතුරකට ලක්වී පසුගිය වසරේ මිය ගොස් ඇති සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලබා ඇත්තේ පේරාදෙනිය ශික්‍ෂණ රෝහලේදීය. පසුව ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

    හදිසි අනතුර නිසා ඇයගේ එක් පාදයකට ද දැඩි ලෙස හානි සිදුවී තිබී ඇත.
    පාසලේ සැරිසරනු ලබන බව කියන්නේ මෙලෙස මියගිය සිසුවියගේ අවතාරය බව මා සමග තොරතුරු හෙළිකළ හෙදිය කීවාය.

    මහනුවර ප‍්‍රදේශය පමණක් නොව මධ්‍යම පළාත පුරා මේ අවතාර සිද්ධිය ප‍්‍රසිද්ධියට පත්ව ඇත.

    මේ හොල්මන් කථාවෙන් පළාතේ පාසල් සිසු සිසුවියන් පමණක් නොව මවු පියෝ ද තිගැස්සීමකට ලක්ව සිටින බව අපට දැන ගැනීමට ලැබිණි.

    සිසුවියගේ භූතාත්මය යැයි කියා අප සතුව ඇති ඡායාරූප ඒ පළාතේ සිටින බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවල හා පරිගණක යන්ත‍්‍රවල ඇතුළත් කරගෙන ඇත.

    ඒ අද්භූත ඡායාරූපය සතුව ඇති අය ඔවුන් දන්නා හඳුනන තවත් අයගේ ජංගම දුරකථන හා පරිගණකවලට යවා ඇත.

    මේ භූත ඡායාරූපය පමණක් නොව ඒ හා බැඳුනු කතා ද පිට පළාත්වලට ද පැතිර ගොස් ඇති බව තවදුරටත් අප කළ සොයා බැලීම්වලදී දැනගැනීමට ලැබිණි.

    කට කතා පැතිරවීමට වර්තමානයේ නූතන විද්‍යාත්මක මෙවලම් ද යොදා ගන්නා බව මේ අනුව පෙනී යයි.

    මහනුවර හෙද පාසලේ පුහුණුව ලැබූ නවක හෙදි පිරිසක් පුහුණුවෙන් පසු විසිරයාමේ උත්සවයක් පසුගියදා පවත්වා ඇති අතර එම උත්සවය පවත්වා ඇත්තේ මහනුවර ප‍්‍රදේශයේ පිහිටි බාලිකා විද්‍යාලයක පිහිටි ශාලාවකය.

    නවක හෙදියන් පිරිසක් උත්සවය පැවැත්වෙන මේ ශාලාව මධ්‍යම රාත‍්‍රිය වන තෙක් අලංකාර ලෙස සරසා ඇත්තේ උත්සවය පැවැත්වීමට කලින් දිනයේදීය.
    උත්සවය පැවැත්වන ශාලාව අලංකාර ලෙස සැරසීමෙන් පසු එක් නවක හෙදියක් ඇය සතු ඩිජිටල් කැමරාවෙන් ශාලාව ඡායාරූපකර තිබේ.

    නවක හෙදිය ලබාගත් එක් ඡායාරූපයක පාසල් නිල ඇඳුමින් සැරසුණු යුවතියක් උත්සවශාලාවේ ඇවිද යන ආකාරය අපූරුවට ඡායාරූපගතවී ඇති අන්දම දැක ඇය පුදුමයට පත්වෙලාය.

    ”මොකක්ද මේ පුදුමය බලන්නකො. පාසල් ඇඳුමෙන් සැරසුණු නංගි කෙනෙක් උත්සවශාලාවෙ හිටියෙත් නැහැ. සැරසිලි කරපු උත්සවශාලාව පොටෝ ගනිද්දී කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒත් පාසල් සිසුවියක් මේ පොටෝ එකේ ඉන්නවා.”

    ඡායාරූපය ලබාගත් හෙදිය මිතුරු හෙදියන්ට කියා ඇතැයි කියන්නේ දැඩි කුතුහලයකින් යුතුව බව කියති.

    මේ තොරතුරු අප දැන ගත්තේ හෙදියන් පිරිසක් පැවසු ආකාරයටය.
    බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට හා පරිගණකවලට පසුව ඇතුළත් කරගෙන ඇත්තේ මෙම ඡායාරූපය බව අපට දැන ගැනීමට ලැබිණි.

    ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති මේ අවතාර කතාව බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම දැඩි කතා බහකට ද ලක්ව ඇති නිසා ඒ ගැන විද්‍යාත්මක ගවේෂණයක් කර මේ කථාවේ ඇත්ත කුමක් ද යන්න ගැන සොයා බැලීමට ඉදිරිපත් වූයේ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.

    මෙවැනි අද්භූත දේවල් රැසක් ගැන පරීක්‍ෂණ පවත්වා ජනතාවට ඒවායේ ඇති මිථ්‍යාව ගැන කරුණු අවබෝධකරදී ඇති විද්වතෙකු වන වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පරීක්‍ෂණය ආරම්භ කිරීමට මුල පිරුවේ සිසුවියගේ අවතාරය රාත‍්‍රි කාලයට සැරිසරන බව කියන මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයෙන්ය.

    මේ ගැන විස්තර දැනගැනීමට මම මුලින්ම බාලිකා විද්‍යාලයට දුරකථනයෙන් කතා කළා. මගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ ඒ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියයි.

    අපේ පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්වෙල හිටිය සිසුවියක් කාලයකට ඉහතදී මිය ගියා. හෙදියක් ගත්තු ඡායාරූපයක ඔය කියන සිසුවියගේ අවතාරය ඡායාරූපගත වෙල තියෙනවා කියා කියන ආරංචිය මටත් ලැබුණා. මා මේ කතාවේ ඇත්ත නැත්ත සොයා මධ්‍යම රාත‍්‍රියේ ඔය ශාලාව ඡායාරූප ගත කිරීමට කටයුතු යෙදුවා. ඒ ඡායාරූප පරීක්‍ෂා කර බැලූවත් කිසිම අවතාරයක් ඒවායේ තිබුණේ නැහැ. ඒකයි මට තියන පුදුමය. ඔය කියන විදිහට අවතාරයක් අපේ ඉස්කෝලෙ සැරිසරනවා නම් අපි ගත්තු ඡායාරූපවල හිටියෙ නැත්තේ ඇයි. ඒකයි අපට තියෙන පුදුමය. මේ සිද්ධිය ආරංචිවෙලා ළමයි බයට පත්වෙලා හිටියේ. දැන් ඒ බිය සම්පූර්ණයෙන්ම පහව ගිහින් තිබෙනවා යැයි ද නියෝජ්‍ය විදුහල්පතිතුමිය මා සමග කීවා යැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසීය.

    පස්සේ මම මේ ගැන තොරතුරු සොයා බලන්න මහනුවර හෙද පුහුණු පාසලට ගියා. එහි සිටි ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක් පරිගණකයට ඇතුළත් කරගෙන තිබුණ ඒ ඡායාරූපය මට පෙන්නුවා. මා ඒ ඡායාරූපය ඉතා හොඳට පරීක්‍ෂාකර බැලූවා. එදා හෙදියක් ගත්තු බව කියන ඡායාරූපයේ පාසල් නිල ඇඳුමකින් සැරසී සිටින සිසුවියගේ දකුණු පාදය නොමැති බව පෙනී ගියා යැයි වෛද්‍ය ජයසූරිය මහතා පැවසීය.

    හෙදිය මුලින්ම ශාලාවේ ඡායාරූපයක් ගෙන තිබෙන බවත් එය සෙළවී තිබූ නිසා ඊට තප්පර 10කට පමණ පසු තවත් ඡායාරූපයක් ගෙන ඇති බවත් අද්භුත දසුන ඇතුළත් ඡායාරූපය එහි සටහන්ව තිබූ බවත් එහි සිටි හෙද නිලධාරියෙක් කිව්වා. යැයිද ඔහු පැවසීය.

    හදිසි අනතුරට පත්ව මියගිය සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලබාගෙන ඇත්තේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලෙන් වන අතර පසුව ඇය කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප‍්‍රතිකාර ලබාගනිමින් සිටියදී මියගොස් ඇත.
    සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලැබූ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් තොරතුරු සොයා බැලීමට වෛද්‍ය ජනක ජයසූරිය මහතා පියවර ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

    සිසුවිය ප‍්‍රතිකාර ලබමින් සිට ඇත්තේ පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවේ. මම ඒ වාට්ටුවට ගොස් එහි සිටි හෙදියන් හමුවී ඇය ගැන විස්තර විමසා සිටියා. ඇයගේ වම් පාදයට දැඩි ලෙස හානි සිදුවී ඇති බවත් දකුණු පාදයට කිසිදු ආකාරයක හානියක් සිදුවී තිබුණේ නැති බවත් මට හෙදියන්ගෙන් දැනගැනීමට ලැබුණා. වම්පාදය ශල්‍යකර්මයකින් කපා දැමීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර තිබුණත් ඇයගේ මව්පියන් එයට අකමැත්ත ප‍්‍රකාශකර තිබුණි. ඒ නිසා මව්පියන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති බවත් එම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් දැනගත්තා. ඒ රෝහලේදී ද ඇයගේ හානියට පත්ව තිබූ වම්පාදය ශල්‍යකර්මයකින් ඉවත් කරලා නැහැ යැයිද වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

    හදිසි අනතුරකට ලක්වෙලා මිය ගිය සිසුවියගේ හානි වෙලා තිබුණේ වම් පාදයටයි. ඡායාරූපයේ ඉන්නා සිසුවියගේ නැත්තේ දකුණු පාදයයි. ඉතිං මගේ ප‍්‍රශ්නය මෙයයි. හදිසි අනතුරින් මිය ගිය සිසුවියගේ අවතාරය ඉස්කෝලෙ ඉන්නවා කියලා කියන්නේ මොන පදනමක් මතද? වෛද්‍ය ජනක ජයසූරිය මහතා ප‍්‍රශ්න කරයි.

    මේ වගේ බොරු කතාවලට රැවටිලා අනවශ්‍ය ලෙස බියට පත්වීමට කලින් බුද්ධිමත්ව හිතලා ගවේෂණය කරපුවාම මේ වාගේ කතාවල ඇත්ත ඇති සැටියෙන් හෙළිවෙනවා. ඔබ හැඟීම්වලට වහල් නොවී බුද්ධියට තැන දෙන්න සෑම විමට පුරුදුවන්න යැයි වෛද්‍යවරයා විශේෂ ඉල්ලීමක් ද කර සිටී.

    භූතයින්, අවතාර ගැවසෙන ස්ථානවලට මහ රෑ ගොස් පරීක්‍ෂණ පවත්වලා තියනවා. ඒත් තවම එහෙම භූතයෙක් හෝ අවතාරයක් මට නම් හම්බවෙලා නැහැ. වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

    කෙනකු මරණයට පත්වීමෙන් පසු ඔහුගේ ආත්මය භූත ආත්මයක්, අවතාරයක් ලෙස සැරිසරන්නේ දැයි යන්න විමසා සිටියේ හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා ගෙනි.

    මේ ඒ පැනයට විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා දුන් පිළිතුරයි.
    ”යම් පුද්ගලයකු මිය ගිය පසු ඔහුගේ ආත්මය භූතාත්මයක් ලෙස සැරිසරනවා යැයි පැවසීම කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යාවක්. භූතාත්මවලට ජීවත්ව සිටින මිනිසුන්ව ලෙඩ කිරීමට වෙනම බලපෑම් කිරීමට හැකියාවක් තිබෙන බවටත් ඇතැමුන් තුළ විශ්වාසයක් පවතිනවා මේවාත් මිත්‍යා විශ්වාස පමණයි.

    ස්වසනය සහ හෘද ස්පන්ධනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන සේ නතරවීම එම නිසා මොළයට රුධියර සැපයීම විනාඩි 4කට වඩා වැඩි කාලයක් නතරවීම නිසාත් මොළයේ නියුරෝන ෙසෙල විනාශවී මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි ලෙස ඇණ හිටීම මරණය ලෙස හඳුන්වනවා.

    මෙවැනි ආකාරයට මරණයක් සිදුවෙද්දී ඔහු හෝ ඇයගේ සිරුරෙන් ආත්මයක් පිටවී යනවා යැයි කීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති කතාවක්. ඉතිං මේ පදනමෙන් ගත්තාම ඔය කියන පාසලේ ඉගෙනගත් දැරියක් මිය ගිය පසු ඇයගේ භූතාත්මය සැරිසරනවා යැයි කීමත් බොරුවක්. භූතාත්ම, අවතාර කියලා දෙයක් නැහැ. ඒවා ඇතැමුන් සිතින් මවාගත් මනස්ගාත බව කියන්න පුළුවනි යැයි විශේෂඥ වෛද්‍ය අඹේපිටිය මහතා අවසන් වශයෙන් පැවසීය.

    තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ඉංජිනේරුවරයෙකු වන ඩිල්ෂාන් ජයසූරිය මහතා මේ අවතාර පින්තූරය ගැන විග‍්‍රහයක යෙදෙමින් පැවසුවේ මෙවැනි කතාවකි.
    පරිගණක ආශ‍්‍රයෙන් ඔය වගේ අවතාර ඡායාරූප බොහොම අපූරුවට කිසිම කෙනකුට සැකයක් ඇති නොවන ආකාරයට සකස් කරන්න පුළුවනි. ඒ තරමට අද තාක්‍ෂණය දියුණුයි. මේ වාගේ ඡායාරූප මවන එක වර්තමානයේ බොහෝම පහසු දෙයක්. මේ කියන අවතාර ඡායාරූපයත් ඔය වගේ නිර්මාණයක් විය යුතුයි. ඒ ගැන විවාදයක් සැකයක් නැහැ.

    මට මේ වගේ නිර්මාණයකට හොඳම උදාහරණයක් කියන්නත් පිළිවන් ප‍්‍රභාකරන් වගේ කෙනෙක් තමාගේම මළ සිරුර දෙස බලාගෙන සිටින අන්දම දැක්වෙන ඡායාරූප පෙළක් ඒ කාලයේ අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය කර තිබුණා. මේ ප්‍රෝඩාව කළේ දෙමළ ඩයස් පෝරාව. ඔවුන් එදා එවැනි ප්‍රෝඩාවක් කළේ ප‍්‍රභාකරන් අපේ රණවිරුවන් අතින් මැරුම් කෑවේ නොමැති බවත් ඔහු තාම පණ පිටින් ඉන්නා බව ලෝකයා ඉදිරියේ කියා පෑමටයි. දෙමළ ඩයස් පෝරාව ලෝකයා රැවටීමට ගත් මේ උත්සාහය වැඩක් වුණේ නැහැ. මෙය පරිගණක ආශ‍්‍රයෙන් කරපු නිර්මාණයක් බව පසුව ඔප්පුකර පෙන්නුවා. ඉන්පස්සේ ජාත්‍යන්තරය ඇත්ත කතාව පිළිගත්තා යැයි ඉංජිනේරු ඩිල්ෂාන් ජයසූරිය මහතා පවසයි.

    අද්භූත ඡායාරූපයක් සිතා මතා නිර්මාණය නොකළ බවත් හෙද පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරියෙක් කියා සිටියත් ඡායාරූපය ගත්තා යැයි කියන නවක හෙදිය හමුවීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

    හෙදියක ගත් බව කියන කැමරාවේ මියගිය සිසුවියකගේ අවතාරය තිබීමත් විදුහල ගත් ඡායාරූපවල එවැනි අවතාරයක් දිස් නොවීමත් හේතු ගැන මෙන්ම වම් පාදයට දැඩි ලෙස හානිව සිටියදීත් මියගිය සිසුවිය අවතාරයක් වී සැරිසරන විට දකුණු කකුල අහිමිවී තිබීමට හේතු සාධක කවරේ ද යන්න ගැනත් සිහි බුද්ධියෙන් යුතුව විමසා බලන විට මේ අවතාර කතාව හුදු නිර්මාණයක් බව ඕනෑම කෙනෙකුට පසක් වනවා නොවනුමානය.

    කොතරම් කාර්ය බහුල වුවත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පිළිබඳව ගවේෂණය කිරීම නිසා මේ පාසල් අවතාර කතාවේ ඇත්ත ඇති සැටියෙන් හෙළිවී ඇත.

    සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය


    වෛද්‍ය ජනක ජයසූරිය

    ඔය ලංකාදීප පුවත්පතේ තිබුණ ලිපියක්..

     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මොන රෙද්දක්ද බං මේ.. ඔය පිංතූරෙ දිහා හොඳට බලපං කෙල්ලගෙ කකුල නැවිලා නැද්ද කියලා.. ඔය ගෑනු ළමයෙක් එතනින් දුවගෙන යනකොට පිංතූරෙ ගන්න ඇති.. පිස්සු යක්කුනේ ඉන්නෙ.. පරන ෆෝන් කට්ටකින් ගත්තු පිංතූරයක් වෙන්න ඇති..:dull:

    මෙන්න පැහැදිලි ඡායාරූපයක්.. හොදින් නිරීක්ෂණය කරපල්ලා..

    04-Rasa-P3-1.jpg




    ඔය ලංකාදීප පුවත්පතේ තිබුණ ලිපියක්..

    mama liyapu eka matama danne epa bun:yes::yes: