මට නම් මේකේ වරදක් පෙන්නේ නැහැ...සමහර දවස් වල පන්සලේ ලොකු පින්කමක් තිබුණම හාමුදුරුවන්ට දානේ පිලිගන්නවලා වැඩ ඔක්කොම ඉවර උනාම ඒ දාන ශාලාවෙම ඉඳන් මටත් කෑම කන්න කියලා ඕන තරම් නායක හාමුදුරුවෝ කියලා තියනවා..එහෙම කෑම කනකොට හාමුදුරුවෝ නොයෙක් ව්‍යංජන අරන් ඇවිත් එපා හාමුදුරුවනේ කියනකොට පිඟානට බෙදනවා...එහෙම කළා කියලා අබමල් රේණුවකින් තරම් වත් ගරුත්වය අඩු වෙලා නැහැ...හාමුදුරුවන්ගේ හැටි ඒක...උන්වහන්සේට ඕන අපේ බඩ කටත් පුරවන්න... දැනටත් සමහර දවස් වලට මම මේ ඉන්න තැනට පලතුරු වට්ටිය උස්සන් වඩිනවා මට කාලෙකින් පන්සල පැත්තට යන්න බැරි උනොත්..