මිරිස්සේ_අතවර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
"අපේ අයියලා පොලිසියත් දැලේ දාගනීදැයි බයයි "

_101067523_dennaa.jpg

විදේශීය සංචාරකයන් මුහුණ දෙන හිරිහැර පිළිබඳව නිතරම මිරිස්සෙන් වාර්තා වෙයි.

ලෝකයේ සුන්දරතම වෙරළ තීරයක් වන මිරිස්ස ජාත්‍යන්තර සංචාරක කලාපය කෙරෙහි මේ දිනවල දෙස් විදෙස් මාධ්‍ය අවධානය යොමු වෙමින් පවතී.

සංචාරක කලාපයක් ජනතාව ආකර්ෂණයට ලක් වන්නේ එහි ඇති ස්වාභාවික අලංකාරය සහ පහසුකම් නිසා වුනත් මිරිස්ස සංචාරක කලාපය එවැනි කතාබහට ලක් වෙමින් පවතින්නේ එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මුහුණ දීමට සිදුවන හිරහැර හේතුවෙනි.

"මට තාම පුදුමයි, මේ අවසන් සිදුවීම ගැන මාධ්‍ය අවධානය මේ තරම් යොමු වීම ගැන. මොකද? මිරිස්සට මේවා සාමාන්‍ය දේවල්. ලේ පෙරා ගෙන, එහෙමත් නැත්නම් අඬමින් ඉන්න සුද්දෙක් හැමදාම උදේට මුහුදු තීරයේ ඉන්නවා" මිරිස්ස හෝටල් හිමිකරුවකු වන නිශ්ශංක ජයසූරිය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මිරිස්ස ප්‍රදේශයේ දී විදේශික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමක් සහ තවත් විදේශිකයකුට පහර දීමක් පසුගිය අප්‍රියෙල් අට වෙනිදා අලුයම වාර්තා වූ අතර, මාධ්‍ය මගින් ඒ ගැන හෙළිකිරීමත් සමග සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

"විදේශිකයන් ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නාම සාමාන්‍යයෙන් ඒ ගැන පැමිණිලි කරන්නේ නැහැ- ඔවුන් කැමති නැහැ ඉවරයක් නැති නඩු හබ ආදියට පැටලෙන්න. සිදුවීමක් වුනාම ඔවුන් කරන්නේ පසුදා උදෙන්ම මිරිස්සෙන් පිටවෙලා යන එකයි" හෝටල් හිමිකරුවකු වන නිශ්ශංක ජයසූරිය පවසයි.

සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මිරිස්ස ප්‍රදේශයේ සිදු කෙරෙන ඉහත කී ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් අදහස් දක්වන හෝටල් හිමියෝ "මුහුදු වෙරළ ආසන්නයේ නීති විරෝධීව පවත්වා ගෙන යන කුඩා DJ සංගීත බාර් සහ ඒවායේ නිරත බීච් බෝයිස්ලාට" චෝදනා කරති.

"එළිවෙන තෙක් DJ සංගීතය. රෑට මල් වෙඩි ගහනවා. හවස හයේ හතේ ඉඳල උදේ හය හත වෙනකම් DJ සංගීතය. ගොඩක් විදේශිකයෝ නිදාගන්නවත් බැරි නිසා මිරිස්සෙන් පිටවෙලා යනවා" මිරිස්ස හෝටල් කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ආනන්ද ජයදේව පවසයි.

හෝටල් හිමියන් පවසන පරිදි "ලෝකයේ ඕනෑම මත්ද්‍රව්‍යක් මිරිස්ස මුහුදු තීරයෙන් මිල දී ගැනීමට හැකියාව" ඇත.

" එල්.එස්.ඩී, එක්ස්ටසි සහ කොකේන් (LSD,ECSTASY,COCAINE) වගේ ඕනෑ දෙයක් මිරිස්සේ තියෙනවා. කවුරු ගේනවද දන්නේ නැහැ. හැබැයි, තියෙනවා" මිරිස්සේ හෝටල් ව්‍යාපාරික නිශ්ශංක ජයසූරිය කියා සිටියේ ගැටුම් වලට හේතුව අධික මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව පවසමිනි.

"ඇතැම් විදේශික සංචාරකයනුත් මේ දේවල් පාවිච්චි කරනවා. මත් ද්‍රව්‍ය කළවමේ පාවිච්චි කරලා හොඳටම මත්වෙනවා. ඊට පස්සේ ඔවුනුත් ආවේගශීලී වෙලා ප්‍රශ්න ඇතිකර ගන්නවා. තමන්ට සිද්ධ වුණේ මොකක්ද කියල ඔවුන් උදේට දන්නේ නැහැ" නිශ්ශංක ජයසූරිය පවසයි.

'සර්ෆින්' ක්‍රීඩාවේ නිරත වෙන්නන් සහ හෝටල් සේවකයන් ලෙස රැකියා කරන ශ්‍රී ලාංකික තරුණයන් මිරිස්සට පැමිණෙන විදේශීය තරුණියන් සමග සිටීම එම මුහුදු තීරයට යන්නෙකුට නිතර දකින්නට ලැබෙන දර්ශනයකි.

_101074850_sameera.jpg

මේ කර්මාන්තයෙන් තමයි අපි යැපෙන්නේ-සමීර

"අපේ 'අයියලා' හිතනවා - හැම තරුණියක්ම එහෙම එනවා කියලා. ඉතින් ඒ ගොල්ලොත් එක්ක කවුරු හරි තරුණියක් ආවේ නැත්නම් රෑට බීලා රණ්ඩු ඇතිකර ගන්නවා. ඒ තරුණියන් බේරගන්න එන විදේශික තරුණයන්ට පහර දෙනවා" එක් හෝටල් සේවකයක් බීබීසී සිංහල සේවය සමග ප්‍රකාශ කළේය.

සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මිරිස්සේ දී එල්ල කෙරුණ අවසන් පහර දීම බීබීසී සිංහල සේවය විසින් වාර්තා කරනු ලැබීමෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් බීබීසී සිංහල සේවය වෙත සටහනක් එවමින් මිරිස්ස ප්‍රදේශයේ දී 2017 වසරේ තමන් මුහුණ දුන් කටුක අත්දැකීමක් ගැන සඳහන් කළාය.

"තම පෙම්වතා සමග රාත්‍රි සාදයකට ගිය අවස්ථාවක පෙම්වතාගේ බීම වීදුරුවට මත් පෙත්තක් දමා ඔහු සිහිසුන් කරමින් තමාත් මත්කොට දූෂණය කිරීමට 'බීච් බෝයිස්' කණ්ඩායමක් තැත්කළ" බව ඇය කියා සිටින්නීය.

සිහිසුන්ව සිටි තම පෙම්වතා ප්‍රතිකාර සඳහා රෝහලකට ගෙන යාමට කිසිවකු උපකාර නොකළ බවත් ඇයගේ සටහනේ දැක්වෙයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ සංචාරක සාද පවත්වන ආයතනයක හිමිකරුවෙක්, ඉතා සුළු පිරිසක් පමණක් එවැනි ක්‍රියාවල නිරත වන බව සඳහන් කළේය.

මහා පරිමාණ හෝටල් හිමියන්, එවැනි සිදුවීම දඩමීමා කර ගනිමින්, ප්‍රදේශයේ තරුණයන් විසිපස් දෙනකුට පමණ රැකියා ලබා දෙමින් මුහුදු තීරයේ පවත්වා ගෙන යන තම අවන්හල වැනි සාමාන්‍ය හෝටල් ඉවත් කිරීමට උත්සාහ ගන්න බවට ඔහු චෝදනා කරයි.

_101074852_jayantha.jpg

හෝටල් කළමනාකරුවෙක් - WDMM ජයන්ත

"වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් දැන් කරන්න යන්නේ පොඩි ව්‍යාපාරිකයන්ගේ බඩට ගහන්න. අපට ලියා පදිංචියක් දෙන්නේ නැහැ-නීති විරෝධී ඉදිකිරීම් කියලා" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

"විදේශිකයන් මිරිස්සට එන්නේ පාටි දාන්නත් එක්ක" මුහුදු තීරයේ තමන් පවත්වන සාදවලට විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙන බවත් එම සුළු ව්‍යාපාරිකයා පවසයි.

"විදේශික සංචාරකයන්ට පහරදීම සම්බන්ධයෙන් හෝටල් සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග සමස්තය වෙත ඇඟිල්ල දිගු වීමත්, නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමග තම රැකියා අවදානම් තත්වයකට පත්ව ඇතැයි" බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ හෝටල් සේවකයන් රැසක් පෙන්වා දුන්හ.

"සීසන් එක තියෙන මාස හයේ හම්බකර ගෙන තමයි, අපි ජීවත් වෙන්නේ.දැන් හැමෝම අපි දිහා වැරදි විදියටයි බලන්නේ. අපට අපේ රැකියා ගැන බයක් තියෙනවා" හෝටල් සේවකයෙක් වන සමීර ප්‍රකාශ කළේය.

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ඇතැම් විදේශික සංචාරකයන්ගේ නොමනා හැසිරීම්ද ප්‍රශ්න ඇතිවීමට හේතුවෙන බව සමීර පෙන්වා දෙයි.

"ප්‍රශ්න ඇති වුනොත් අපටමයි ඒවා බලපාන්නේ.දැන් බලන්න! මේ සතියේ 'ගෙස්ට්ලා' නැහැ. අපි මේක තේරුම් අරගෙන වැඩ කරන්නේ. අවාසනාවකට සුළු පිරිසක් කරන වැරදි අපි හැමෝටම බලපානවා"

ලියාපදිංචියක් නොමැති අවන්හල් සහ මත්පැන් බලපත් නොමැති අවන්හල් බහුතරයක් මිරිස්ස මුහුදු තීරයේ පවත්වා ගෙන යති.

"මේ ටිකේ මිරිස්සේ මත්පැන් ටිකක් හොයා ගන්න බැහැ. මොකද?අහුවෙයි කියල බයයි, මේ එක්කෙනෙකුටවත් මත්පැන් විකුණන්න බලපත් නැහැ. බලපත් තියෙන්නේ හෝටල් තුනකට විතරයි" මිරිස්ස ප්‍රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

_101074855_pirisa.jpg

මත්පැන් බලපත් ලබා ගනිමින් නීත්‍යනුකූල මට්ටමින් ව්‍යාපාරය පවත්වා ගෙන යාමට පියවර නොගන්නේ කුමක් නිසාදැයි විමසූ විට "මත්පැන් බලපත්‍ර ගන්න නම් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕන. ඒකට නීති ගොඩයි. ඊට වඩා හොඳයි පගාවක් දීලා, ඉඳල හිටලා අහුවෙලා දඩයක් ගෙවා ගෙන මෙහෙම කරගෙන යන එක" එක් ව්‍යාපාරිකයෙක් පිළිතුරු දුන්නේය.

"සංචාරක මණ්ඩලයේ මට ලියාපදිංචි වෙන්න නම් 'රූම්ස්' ගණනට වාහන නැවැත්වීම් පහසුකම් ඕන කියනවා. මේ පොඩි ඉඩකඩ තුළ ඒක කොහොමද කරන්නේ?" ඔහු ප්‍රශ්න කරයි.

පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයේ සිටින බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මිරිස්ස ප්‍රදේශයේ බොහෝ දෙනකුගේ අදහස විය.

"අපි කැමති නැහැ - මේ ව්‍යාපාරය මිරිස්සෙන් විනාශ වෙලා යනවට. මේක සංවර්ධනය කරලා දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක්. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ සියලු ආයතන මේ ප්‍රදේශයට ඇවිත් තියෙන ප්‍රශ්න ගැන හොයලා බලලා අඩුපාඩු හදන්න ඕන" යන්න එම ජනතාවගේ පිළිගැනීම වී ඇත.

"මිරිස්සට මේ හැමදේම ඕන. DJ සංගීතයත් ඕන. කුඩා අවන්හලුත් ඕන. නමුත් සියල්ලටම ක්‍රමවේදයක් අවශ්‍ය කරනවා. DJ සංගීතය සඳහා කාල නියමයක් තියෙන්න ඕන" හෝටල් කළමනාකරුවකු මෙන්ම ප්‍රදේශවාසියකු වන ඩබ්ලිව්.ජයන්ත පෙන්වා දෙයි.

මිරිස්සේ සංචාරක කර්මාන්තය තුළ රැකියා කරන සියලු දෙනා රැක ගනිමින් එම ව්‍යාපාරය දියුණු කිරීමට රජයේ සහයෝගය අවශ්‍ය බවත් ඔහු කියා සිටියි.

"කීප දෙනෙකුගේ වැරදි නිසා මිරිස්ස සංචාරක කලාපය විනාශ වීමට ඉඩ දෙන්න බැහැ" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ වන විට මිරිස්ස ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති අතර, ඉදිරි කාලය තුළ එහි සංචාරක කලාපය සඳහා විශේෂ සංචාරක පොලිස් ඒකකයක් පිහිටුවීමට ද තීන්දු කර ඇත.

"එය හොඳ පියවරක්.නමුත් අපේ පොලිසියේ අයත් හොඳට කන බොන අයනේ. අපේ අයියලා පොලිසියත් දැලේ දා ගනීද කියන එකයි බය" එක් හෝටල් හිමියෙක් කියා සිටියේ මුහුණේ සිනහවක් ද ඇතිවය.

bbc-blocks-dark.png
 
Last edited:
  • Like
Reactions: bulkhead

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    නීති නැති රටක ඕවා අපි කොච්චර කිව්වත්.වැඩක් නැහැ.
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    "මට තාම පුදුමයි, මේ අවසන් සිදුවීම ගැන මාධ්‍ය අවධානය මේ තරම් යොමු වීම ගැන. මොකද? මිරිස්සට මේවා සාමාන්‍ය දේවල්. ලේ පෙරා ගෙන, එහෙමත් නැත්නම් අඬමින් ඉන්න සුද්දෙක් හැමදාම උදේට මුහුදු තීරයේ ඉන්නවා" මිරිස්ස හෝටල් හිමිකරුවකු වන නිශ්ශංක ජයසූරිය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
    එහෙම වෙනවා නම් පොලිසිය දැනුවත් කරනවා වෙනුවට බීබීසී එකට කියන්නෙ මොන තරම් මෝඩයෙක්ද :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    නීති නැති රටක ඕවා අපි කොච්චර කිව්වත්.වැඩක් නැහැ.

    එහෙම වෙනවා නම් පොලිසිය දැනුවත් කරනවා වෙනුවට බීබීසී එකට කියන්නෙ මොන තරම් මෝඩයෙක්ද :baffled:

    නීති වල නෙමෙයි ප්‍රශ්නෙ
    සාමාන්‍යෙන් පිටරට එකෙක්ට ප්‍රශනයක් වෙලා කම්ප්ලේන් කරොත් ගොඩක් වෙලාවට නීතිය හරියට වෙනවා මොකද පොලිසියෙ උනුත් දන්නවා කේස් එක ඇදුනොත් උන්ටත් කෙලවෙනවා කියලා

    අවුල තියෙන්න පොඩි පොඩි ජොයින්ට් වල උන්ට කම්ප්ලේන් කරන්න බැහැ මොකද උන්ට කිසිම දේකට අවසරයක් නැහැ උන් කම්ප්ලේන් කරන්න ගියොත් උන්ටමයි කෙලවෙන්නෙ

    ඔය පැත්තෙ ඉස්කෝලෙ යන එවුන්ට පවා ඉගෙන ගන්න උවමනාවක් නැහැ O/L ඉවර උන ගමන් කොන්ඩෙ වවලා ඩයි කරගෙන බීච් බෝයි කෙනෙක් වෙන්න තමයි උන්ගෙ ටාගට් එක, එහෙම යන හැම එකාම ටික දවසක් ගිහින් කීයක් හරි හොයාගෙන තමන්ගෙ ගෙදරත් කාමරයක් අටවලා රූම්ස් කියල බෝඩ් එකක් ගහගෙන දෙන තැන් හැම ගෙදරකම වගේ තියනවා, ඒවට නීති අවසර මොනවත් නැහැ

    බීච් බෝයිලා රෑට බීලා පිස්සො වගේ ඉන්නෙ ත්‍රීවිල් වල එහෙම පිස්සො වගේ යන්නෙ. රෑට ඔය පැත්තෙ ඔයවගේ එවුන් බස් එකකටවත් නග්ග ගන්නෙ නැහැ, බස් කාරයොත් දන්නවා එහෙම එවුන් නග්ගගෙන නිකන් කේස් දාගන්න වෙනවා කියලා

    මේ ආටිකල් එකේ තියෙන්නෙ සැබෑ තත්වෙන් 5%ක් විතර. මිරිස්සෙ ඔය ෆීල්ඩ් එක ආපහු ගොඩගන්න බැහැ එන්න එන්න නරක් වෙනවා විතරයි

    මමත් ඕන තරම් දැකලා තියනවා සුද්දියො පාරෙ අඩ අඩා යනවා(අනිවාර්යෙන් ලංකාවෙ එවුන්ගෙ මොකක් හරි වැඩක් නිසා වෙන්න ඇති, ඔය හැම එකක්ම කම්ප්ලේන් වෙන්නෙ නැහැ), ගොඩක් වෙලාවට උදේ පාන්දර මිරිස්ස පැත්තෙ හරි වැලිගම පැත්තට හරි යනකොට

    මේ දවස් වල නම් STF බස්සලා තියනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Navy1ta wade baradunna nam iwarane. sadda na ehenam. un lassanata beach1 balagannawa and ekewath raganne na.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හරියට හොයල බලල ලියපන් බන් මේ වගේ බොරු දාන්නෙ නැතුව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    High quality Suddiyan saha val suddiyan, ven kara haduna ganna bari kama thiyenne, samahara val kollanta.High quality suddhiyan innava, Kamathi naha, val kollan kittu venavatavath.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama dakka, Kandy valadi, Police constable kenek, Suddyekuta , pitata hand eka thiyala, padika vedikaven yanna kiyala. Suddhi hyiyen kaa gahala kiwwa----DO NOT TOUCH ME.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    High quality Suddiyan saha val suddiyan, ven kara haduna ganna bari kama thiyenne, samahara val kollanta.High quality suddhiyan innava, Kamathi naha, val kollan kittu venavatavath.
    සුද්දියන්ගෙ නෑ කොලිටි සුද්දියො වල් සුද්දියො කියල ජාති දෙකක්. ඔක්කොම සුද්දියො කොලිටි ඒ වගේම ඔක්කොම සුද්දියො ජීවිතේ විදිනව. අනිත් එක සුද්දියො හැමෝම වගේ ලංකාවෙ කොල්ලන්ට කැමතියි. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් වෙනකොට පජාත වෙන කොටස් දෙකක් ඉන්නවනෙ. එකක් ලංකාවෙ කෙල්ලො, අනිත් එක සුද්දො. මොකද උන්ගෙ පජාතකම හින්දනෙ එහෙම වෙන්නෙ. එතකොට සුද්දන්ට මල පැනල ගේම ඉල්ලගෙන එනව ඊට පස්සෙ උන් ගුටිකනව. ඕක තමා වෙන්නෙ මෙතන කතාව වෙන විදිහකට කියල තිබ්බට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mama dakka, Kandy valadi, Police constable kenek, Suddyekuta , pitata hand eka thiyala, padika vedikaven yanna kiyala. Suddhi hyiyen kaa gahala kiwwa----DO NOT TOUCH ME.
    හරි එහෙම දෙයක් උනාම කියමුකො. පොලිස් කාරය වැරදියි තමා ඒත් එකෙක්වත් හිතුවෙ නැත්තෙ ඇයි පොලිස් කාරය එහෙම කරන්න පෙළඹුනේ කියල. ලංකාවෙ චාටර්ම කෙල්ලො දැකල ඉතින් සුද්දියෙක් දැක්කම ඕනම කොල්ලෙක්ට ඉන්න බෑ තමා ඒක ස්වභාවිකයි. කවුරු මොනා කිව්වත් හේතුව ඕකනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    හරි එහෙම දෙයක් උනාම කියමුකො. පොලිස් කාරය වැරදියි තමා ඒත් එකෙක්වත් හිතුවෙ නැත්තෙ ඇයි පොලිස් කාරය එහෙම කරන්න පෙළඹුනේ කියල. ලංකාවෙ චාටර්ම කෙල්ලො දැකල ඉතින් සුද්දියෙක් දැක්කම ඕනම කොල්ලෙක්ට ඉන්න බෑ තමා ඒක ස්වභාවිකයි. කවුරු මොනා කිව්වත් හේතුව ඕකනෙ.

    :lol::lol::lol:
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    සුද්දියන්ගෙ නෑ කොලිටි සුද්දියො වල් සුද්දියො කියල ජාති දෙකක්. ඔක්කොම සුද්දියො කොලිටි ඒ වගේම ඔක්කොම සුද්දියො ජීවිතේ විදිනව. අනිත් එක සුද්දියො හැමෝම වගේ ලංකාවෙ කොල්ලන්ට කැමතියි. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් වෙනකොට පජාත වෙන කොටස් දෙකක් ඉන්නවනෙ. එකක් ලංකාවෙ කෙල්ලො, අනිත් එක සුද්දො. මොකද උන්ගෙ පජාතකම හින්දනෙ එහෙම වෙන්නෙ. එතකොට සුද්දන්ට මල පැනල ගේම ඉල්ලගෙන එනව ඊට පස්සෙ උන් ගුටිකනව. ඕක තමා වෙන්නෙ මෙතන කතාව වෙන විදිහකට කියල තිබ්බට.

    මචන් මට PM එකක් දාපන් මම දන්න psychiatrist කෙනෙක් ඉන්නවා උඹව contact කරලා දෙන්නම්. උඹේ ඔය මානසික ලෙඩේට ඌ බෙහෙත් දෙයි.