මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි

raichu

Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි

    මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි

    අවුරුදු 75 ක්‌ පමණ වයස ඇති වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා මියගොස් ඇත. :(:(:(

    දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි.

    පසුගිය දා මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක්‌ පැවැත්වූ අතර එහිදී අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්‌පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීමසිදු වූ අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්‌සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය.


    millangoda.jpg



    Source
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝයි.......!!!!!:(:(:(
    මේ වගේ ප්‍රෞඩ පෙනුමක් ඇති සත්ත්වයෙක් කවද ආයෙ දකින්නට ලැබෙයි ද මන්දා....!!!!!!:sorry::sorry::sorry:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලංකාවේ දැන් ඉන්න හීල ඇතුන් ගන්නත් හොඳටම අඩුයි... ඉස්සරහට පෙරහැරකට යන්න අලියෙක්ව හොයාගන්න අමාරුවෙයි.. :(:(
     

    skd

    Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    මචන්.. සිරාවටම දුකයි.. :( :(
    පොඩි කාලේ ඉදලා උදේ හවස දකින ඇතා..
    අපේ මහ ගෙවල් ගාව..

    මේ ඇතා ගැන වැඩිය අහලා නැති කතාවක් උඹලට කියන්නම්.. එක කාලෙක මේ ඇතාව විකුනන්න හැදුවලු.. මරක්කල මනුස්සයෙක් ආවලු සල්ලිත් ඇරගෙනම.. ඇතාව දෙන්න හදද්දිම ඇතා කවදාවත් නැති විදිහට පිට පැත්තේ කකුල් දෙකෙන් හිට ගත්තලු.

    එතකොට සිලි සිලි ගාලා ගජමුතු දළ දිගේ පල්ලට එනව ඇහුනලු..
    ඊට පස්සෙ මිල්ලන්ගොඩ මහත්තයා ඇතා දෙන්න බෑ කිව්වලු..

    බලහන් මචන් මේ ඇතාගෙ වාසනා මහිමේ..
    මරක්කල මනුස්සයට දුන්නනම් දළදා වහන්සෙ වඩම්මන්න නැති වෙනව.. ඒත් එහෙම උනේ නෑ..

    ඇත්තටම වාසනාවන්තම ඇත් රජෙක්..

    නිවන් සුව ප්‍රර්ථනා කරනවා!
     
    • Like
    Reactions: wisal