මිහින් ලංකා' යළි ගුවනට
ඔක්. 16 - ලබන දෙසැම්බර් මාසයේ සිට තම ගුවන් සේවා යළි ආරම්භ කරන බව මිහින් ලංකා සමාගමේ නව සභාපති රාජා එදිරිසූරිය මහතා පවසයි.
ඔහු මේ බව ප්*රකාශ කළේ, සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමට සමගාමීව කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව උත්සව සභාව අමතමිනි.
රජයේ බජට් ගුවන් සේවාව ලෙස ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම ප්*රථම වර්ෂයේදී ලැබූ පාඩුව රුපියල් බිලියන 1.9 කි.
අනතුරුව, මිහින් ගුවන් ගමන් සේවා පසුගිය අප්*රේල් මාසයේ සිට අත්හිටවනු ලැබීය.
මීට මාස කිහිපයකට ඉහතදී මිහින් ගුවන් සේවාව මුහුණදී ඇති තත්ත්වය හා එහි මූල්*ය කාර්යසාධනය පිළිබඳ මහජනතාවට කරුණු හෙලි කරමින් සිටි ප්*රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතා ප්*රකාශ කළේ, පසුගිය ජූලි මාසයේ සිට නැවත ගුවන් සේවා අරඹන බවය.
කෙසේ වෙතත්, මිහින් ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කෙරෙන්නේ මේ වසර අවසානයේදී බව සිය නව කළමනාකරන සැලසුම් පිළිබඳ විස්තර කරමින් මිහින් ලංකා සමාගමේ අභිනව සභාපති රාජා එදිරිසූරිය මහතා පෙන්වා දුන්නේය.