මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

Jun 26, 2012
591
162
0
මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

mihindu.jpg


ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න විසින් රචිත මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති බ්‍රාහ්මී හෝඩිය යන මැයෙන් 1964-65 ශ්‍රී ලංකා විෙද්‍යාදය විශ්වවිද්‍යාල ගිහි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සංග්‍රහය වන "සරසවි" සඟරාවේ පළවූ මෙම ලිපිය බදාදා අතිරේකයට යොමුකරන ලද්දේ විල්ප්‍රඩ් තිසේරා විසිනි.

ලංකාවේ දැනට සොයාගෙන ඇති සියලුම ශිලා ලේඛන මිහිඳු හිමියන්ගේ පැමිණීමට පසුව කොටන ලද ඒවා වෙති. එම නිසා මෙතෙක්‌ බොහෝ දෙනා පිළිගත් අදහස වූයේ මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලා ලංකාවට අක්‍ෂර විද්‍යාව රැගෙන ආ බවයි. එසේ නම් ලංකාවේ ආදීම බ්‍රාහ්මී හෝඩිය අශෝක බ්‍රාහ්මී අක්‍ෂරයන්ට සමාන විය යුතුයි. ඉන්දියාවේ බ්‍රාහ්මී අශෝක ලිපිවලින් කිසිම ලිපියක හෝඩිය සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ලංකාවේ ආදීම බ්‍රාහ්මී හෝඩිය (අංක 1 බලන්න) සමග නොසැසඳේ. මිහිඳු හිමියන්ට පෙර ලංකාවේ පැවැති කිසිම ලෙඛනයක්‌ මේතාක්‌ සොයාගෙන නැතත් ලංකාවේ ආදීම බ්‍රාහ්මී හෝඩියේ විශේෂ ලක්‍ෂණ එය අශෝක හෝඩියටත් වඩා පැරණි බව පෙන්වයි.

letter.jpg


මොහෙන්ජෝදාරෝ-හරප්පා මුද්‍රවල අඩංගු සින්ධු රූපාක්‍ෂර ක්‍රමය මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් තෝරන ලද්දේ ලංකාවේ ආදීම බ්‍රාහ්මී ලිපි අගට යොදා ඇති සංකේත වල අනුසාරයෙනි. ක්‍රි.පූ. දෙවැනි ශත වර්ෂය දක්‌වා මේ සංකේත වල අගය ලක්‌දිව ලිපිකරුවන් දැන සිටියා නම් මොහෙන්ජෝදාරෝ - හරප්පා ශිෂ්ඨාචාර දඹදිව පැවති සමයෙහිත් ලාංකිකයන් ඒ සමාන අක්‍ෂර විද්‍යාවක්‌ දැන සිටියෑයි නොකිව හැකිද? සින්ධු රූපාක්‌ෂර ලිවීමෙහිදී අනුගමනය කරන්නේ දකුණේ සිට වමට ලියන ක්‍රමයයි. දකුණේ සිට වමට ලියූ බ්‍රාහ්මී ලිපි රාශියක්‌ ලංකාවේ නොයෙක්‌ තැනින් ලැබී ඇත. එසේ ලියන ලද බ්‍රාහ්මී ලිපි දඹදිව ඇත්තේ ඉතා විරල වශයෙනි.

දඹදිව පැරණි අක්‍ෂර ගැන බොහෝ පර්යේෂණ පැවැත්වූ බියුලර් නමැති පඬිවරයා බ්‍රාහ්මී හෝඩිය එක්‌තරා අවධියකදී දකුණේ සිට වමට හා වමේ සිට දකුණට යන දෙවිධියෙන්ම ලියන ලදැයි සිතීය. බ්‍රාහ්මී හෝඩිය සෙමිටික්‌ මූලයකින් ඇතිවිය යනු ඔහුගේ මතයට මෙය එක්‌ සාක්‍ෂියක්‌ විය. බ්‍රාහ්මී හෝඩිය එක්‌ අවධියකදී දකුණේ සිට වමට ලියන ලදැයි යන මතය බොහෝ දෙනා පිළිනොගත්තේ ඒ සඳහා දඹදිව ඇති සාධක විරල නිසාය. ඒරාණයෙන් ලැබුණු කාසිය දකුණේ සිට වමට ලියූ බ්‍රාහ්මී අකුරෙන් ලියා තිබුණද එය කාසිය සාදන්නාගේ වරදින් සිදුවුණා යෑයි සිතන ලදී. ධර්මාශෝක රජුගේ යෙරාගුඩි ලිපිය දෙ ආකාරයෙන්ම ලියා ඇති ලිපියකි. ලිපිකරු ඛරොෂ්ඨි ක්‍රමය දත් කෙනෙකුයෑයිද ඒ නිසා දෙවිධියටම මේ ලිපිය ලියන්නට ඇතැයි ද සළකන ලදී. එහෙත් ලංකාවේ බහුලව ලැබෙන දකුණේ සිට වමට ලියන ලද බ්‍රාහ්මී ලිපි එම ක්‍රමය පැරණි එකක්‌ බවත් ලාංකිකයෝ ටික කලක්‌ එය අනුගමනය කළ බවත් දක්‌වයි.

අශොකාක්‍ෂරවලට "බ්‍රාහ්මී" යෑයි ද දකුණු ඉන්දියාවේ පැවැති බ්‍රාහ්මී අක්‍ෂර වලට "ද්‍රවිඩී" යෑයි ද බියුලර් ව්‍යවහාර කරයි. විශේෂයෙන්ම භටටිප්‍රොලු ලිපි වල අක්‌ෂර බියුලර් හඳුන්වන්නේ ද්‍රවිඩී වශයෙනි. මේ අනුව තීරණය කරණවා නම් ලංකාවේ ආදිම හෝඩිය හැඳින්විය යුත්තේ "බ්‍රාහ්මී" යනුවෙන් නොව "ද්‍රවිඩී" යනු වෙනි. බියුලර්ගේ පර්යේෂණ අවස්‌ථාවලදී ලංකාවේ අක්‌ෂර ගැන සම්පූර්ණ දැනුමක්‌ ඔහුට තිබුණා නම් දකුණු ඉන්දියාවේ අක්‌ෂර මෙන් ලංකාවේ අක්‌ෂරද මේ ගණයට වැටෙනවා ඇත.

ලංකාවේ ආදිම බ්‍රාහ්මී හෝඩිය වඩාත් නෑසබඳකම් කියන්නේ දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මී හෝඩි සමගයි. මීට හොඳම නිදර්ශනය 'ඉ' අක්‌ෂරයේ රූපයයි. අශොකාක්‌ෂර වල මෙය තිත් තුනක්‌ වන අතර දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ එය කෙළින් ඉරක්‌ සහ දෙපැත්තේ තිත් දෙකක්‌ වෙයි. ආදීම මූධ_ජ 'ළ' යන්න ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ එක සමානය. මෙය වෙස්‌සගිරි ලිපියේ 'පළිකඳ' යන තැන දක්‌නට ලැබේ. (අංක 3 බලන්න.) දකුණු ඉන්දියාවේ සිත්තන්නාවාසල් නමැති තැන ගල් ඇඳන් මත කෙටූ ලිපිවල මීට සමාන අක්‌ෂර දකින්නට ලැබේ. මේ ගැන විස්‌තර 'සිත්තන්නවාසල් ලෙන හා චිත්‍ර' පිළිබඳව ලියූ ටී. ඇන්. රාමචන්ද්‍රන් විසින් දක්‌වා ඇත.

මිහිඳු හිමියන්ට පසු ලංකාවේ බ්‍රාහ්මී අක්‌ෂරවල ද්‍රවිඩී ස්‌වරූපය නැතිවී මෞය_ ආභාෂය අනුව හැඩගැසීම පටන් ගත්තේය. ද්‍රවිඩී 'ඉ' කාරය අතුරුදන්වී මෞර්ය 'ඉ' කාරය භාවිතයට පැමිණියේය. අංක 2 බලන්න.) මේ සමගම පැරණි 'ම' යන්නද තාලුජ 'ශ' යන්න ද, පැරණි 'ළ' යන්නද නැතිව ගොස්‌ මෞය_ 'ම' යන්නද දන්තජ 'ස්‌ යන්නද උතුරු දඹදිව 'ළ' යන්න ද ව්‍යවහාරයට ආහ. මේ අනුව බලන කල ආදීම බ්‍රාහ්මී හෝඩිය මිහිඳු හිමියන් විසින් ගෙනෙන ලද්දක්‌ නොවූ නමුත් මෞය_ ආභාෂය අනුව හෝඩිය හැඩගැසුණු බව කිව යුතුය. මිහිඳු හිමියන් ප්‍රධාන ධම_දූතයන් වහන්සේලා අපේ රටේ අක්‌ෂර විකාශයට තුඩු දෙන සාහිෙත්‍යාන්නතියක්‌ ආරම්භ කළ සේක.

දැනට අභාවයට ගොස්‌ තිබෙන සීහළට්‌ඨ කථා ආදීම සිංහල සාහිත්‍ය කෘතීන් වූවාට සැක නැත. ලංකාවේ මුල් සිංහල ප්‍රාකෘතයට ද ධම_දූතයන් වහන්සේලාගේ භාෂාවේ ආභාෂය ඇති විය. ආදීම ලෙන් ලිපිවල අතෙවශික, ශදිවිහරිය, උපශක, අගත අනගත චතුදිශශගශ, ආදී බෞද්ධ පාරිභාෂික වචන දක්‌නට ලැබේ. මේවා සිංහල භාෂාවට වහා ඇතුළත්වී ආදීම ප්‍රාකෘතයෙහි පෝෂණයට ඉවහල් විය. වළගම් අබා රජු දවස ත්‍රිපිටකය ලේඛනාරූඪ කිරීමට තරම් ශක්‌තියක්‌ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට ලැබුණේ මහින්දාගමනයෙන් ඇතිවූ ධර්ම ශාස්‌ත්‍රොන්නතිය නිසායි.

අශෝක මහාධිරාජයන්ගේ ධර්මදූත ව්‍යාපාර අතුරෙන් ඉතාමත්ම සාර්ථක වූයේ මිහිඳු හිමියන් විසින් මෙහෙයවන ලද්දයි. රණ බෙර නවත්වා දහම් බෙර හැඬවූ අශෝක මහ රජුගේ ධර්මවිජයෙහි උසස්‌ම ප්‍රතිඵල ලබාගන්නට හැකිවූයේ සිංහලයන්ටයි. ලංකාවේ ආදීම බ්‍රාහ්මී හෝඩිය මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් පසු පල බරව වැඩී අවුරුදු දහසකට පසු වර්තමාන - නවීන සිංහලයේ මුල් ස්‌වරූපය ලබන්නේය.

Divaina News Paper
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති බ්‍රා
    :baffled::baffled:
     
    Jun 26, 2012
    591
    162
    0
    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති බ්‍රා
    :baffled::baffled:
    :no::no: Title එකෙන් භාගයයි අනේ වැටිලා තියෙන්නෙ........ බලන කෙනෙක්ට පේන්නෙ වැරදි විදියට තමා.. :(
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    ෴සමනලී෴;12985044 said:
    බ්‍රාහ්මී හෝඩිය කියලා ලියුවෙ. ඉතින් Title එකෙන් භාගයයි වැටිලා තියෙන්නෙ.. :no::no:


    takkala re edit karanna duve..:yes::rofl:

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෴සමනලී෴;12985054 said:
    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැත බ්‍රාහ්මී හෝඩිය :yes::yes::yes:

    ඒක මිසක්... මං මේ දඩ බඩ ගාල දුවගෙන ආවෙ සමනලී මොනවද මේ දාල තියෙන්නෙ කියල බලන්න.. :lol::lol:
     
    Jun 26, 2012
    591
    162
    0
    takkala re edit karanna duve..:yes::rofl:

    ඔව් මම ඇඩ්මින් අයියට කියුවා...........

    ඒක මිසක්... මං මේ දඩ බඩ ගාල දුවගෙන ආවෙ සමනලී මොනවද මේ දාල තියෙන්නෙ කියල බලන්න.. :lol::lol:
    :lol::lol::lol::lol::lol:

    ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් කොහේහරි අනා ගන්නවා....
    ඔව් අනේ. කරුමෙ තමා....................... :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෴සමනලී෴;12985015 said:
    :no::no: Title එකෙන් භාගයයි අනේ වැටිලා තියෙන්නෙ........ බලන කෙනෙක්ට පේන්නෙ වැරදි විදියට තමා.. :(

    ඒකෙ වැරැද්දක් නැහැ..:yes: