මීගමුව-අත්අඩංගුවට
මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුවට.
නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කළ පැමිණිලකට අදාලව අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසු ගිය 23වනදා අදාල පැමිණිල්ල කර ඇති අතර අද (07) දහවක් මීගමුව නගරයෙදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 53ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචි ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් අයයි.
මෙම පුද්ගලයා මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා ( එක්සත් ජාතික පක්ෂය) ලෙස කටයුතු කරයි.
මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බව පොලිසිය පවසයි.
අද දින අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.