මීගමුව-අත්අඩංගුවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මීගමුව-අත්අඩංගුවට

    මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුවට.

    1562491992-nigambo_L.jpg


    නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කළ පැමිණිලකට අදාලව අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසු ගිය 23වනදා අදාල පැමිණිල්ල කර ඇති අතර අද (07) දහවක් මීගමුව නගරයෙදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 53ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචි ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් අයයි.

    මෙම පුද්ගලයා මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා ( එක්සත් ජාතික පක්ෂය) ලෙස කටයුතු කරයි.

    මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බව පොලිසිය පවසයි.

    අද දින අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    oya manussaya meeta kalinuth Jewellery shop ekaka seen ekakata remand wela hitiya neda
     

    Similar threads