මීගමුව අවට කසිප්පු ජාවාරම 80%කින් පහළට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,311
    8,453
    113
    kasippu-1-860x677.jpg.webp



    මීගමුව අවට පළාත්වල කාලාන්තරයක් තිස්සේ මහා පරිමාණයෙන් සිදුවූ කසිප්පු ජාවාම් සියයට අසූවක් පමණ ප්‍රමාණයකින් අඩුවී ඇතැයි පොලිස් වාර්තාවලින් අනාවරණය වී ඇත.

    මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ මීගමුව, වෙන්නප්පුව, දංකොටුව, බෝලවලාන ඇතුළු පළාත් රැසක සිදු කළ පොලිස් මෙහෙයුම් නිසා මෙම ජාවාරම් මෙසේ බිඳවැටී ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

    මෙම කසිප්පු ජාවාරම් අඩුවීමට තවත් හේතුවක් වී ඇත්තේ මීට සති කීපයකට පමණ උඩදී විෂ සහිත කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයන් තිදෙනකු මියයෑම බවද කියති.

    මෙම තත්ත්වය මත සමහරු කසිප්පු පානය කිරීම අත්හැර ඇති බවද පොලිසිය කියයි.

    ජාඇළ, දඬුගම ඔය අද්දර සහ මුතුරාජවෙල අද්දර කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරවලට අවශ්‍ය රැස්කර තිබූ ගෝඩා බැරල් ඇතුළු කසිප්පු පෙරීමේ උපකරණ විශාල ප්‍රමාණයක් විනාශයට පත්කර ඇති බව පොලිසිය කියයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    පොහොට්ටු කසිප්පු අරුන්දික වල් තඩියාගේ ස්ව්‍යං රැකියා නේද මේ නැතිවෙන්නේ. :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    මේක දැක්කම News එක 100% ක්ම ඇත්ත කියලා Confirm උනා :baffled: (y)
    මටත් හිතෙන්නේ පොලොසියෙන් කරපු වික්‍රමයක් නෙවෙයි, අර වයසක ගැණු කෙනාගේ මැජික් අරිශේටේ පිහිටං උන දෙයක්...
    පොලියටනම් දුක ඇති, ආපු ආදායමෙන් 80%ම කෙල උනානේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    මටත් හිතෙන්නේ පොලොසියෙන් කරපු වික්‍රමයක් නෙවෙයි, අර වයසක ගැණු කෙනාගේ මැජික් අරිශේටේ පිහිටං උන දෙයක්...
    පොලියටනම් දුක ඇති, ආපු ආදායමෙන් 80%ම කෙල උනානේ.
    අපේ මිනිස්සු කන්න නැත්තම් වතුර බීලා බඩිගින්නේ බුදියනවා.

    බොන්න නැත්තම් ? යකෝ ගෙදර පෙරාගන හරි බොනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මෙම කසිප්පු ජාවාරම් අඩුවීමට තවත් හේතුවක් වී ඇත්තේ මීට සති කීපයකට පමණ උඩදී විෂ සහිත කසිප්පු පානය කිරීමෙන් පුද්ගලයන් තිදෙනකු මියයෑම බවද කියති.
    Eka misak😂
    Bila Merenakm idala jawarama adu unama News gahanava😂😂