මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස&#

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස&#

    gossiplanka_2018-12-28-979.jpg


    source - https://goo.gl/Hk4x7A

    ත්රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්රිරෝද රථ
    රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

    ත්රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි බැවින් සේවාවක් වශයෙන් සලකා ත්රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය

    අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය.

    පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්රවාහනයේ යෙදෙන ලක්ෂයක පමණ ත්රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය.

    මගී ප්රවාහනයේ යෙදෙන සියලු ත්රිරෝද රථ පළමු කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්රකාශ කළේ ත්රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්රවාහන අමාත්යවරයාට විරුද්ධව අධිකරණ ක්රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.

    -මහින්ද නිශ්ශංක-
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගාන 50 ඉදන් 60 කරද්දී මුන්ට සල්ලි ප්‍රශ්න නෑ කියන පමාව විතරයි :baffled::baffled:
    අඩු කරන්න කියද්දී තමයි මුන්ට නැති බණේ:angry::angry:
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    ගාන 50 ඉදන් 60 කරද්දී මුන්ට සල්ලි ප්‍රශ්න නෑ කියන පමාව විතරයි :baffled::baffled:
    අඩු කරන්න කියද්දී තමයි මුන්ට නැති බණේ:angry::angry:
    එ්ක අැත්ත වැඩි කරන්න නම් කිසිම අවුලක් නෑ. 150 නෙමෙයි 200 කිව්වත් මීටර් එක adjust කරනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ගාන 50 ඉදන් 60 කරද්දී මුන්ට සල්ලි ප්‍රශ්න නෑ කියන පමාව විතරයි :baffled::baffled:
    අඩු කරන්න කියද්දී තමයි මුන්ට නැති බණේ:angry::angry:

    :angry::yes::yes::angry::angry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇප් තියෙන යුගයක මොන හුයන්නකට ද ඇනලොග් මීටර් හයි කරන් ඉන්නේ.a
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Prasidda kiyamanak dan balaporottu wiya hakiya.

    "Oya car wala yana aya newei paraka karadarayak wela manussayek hitiyoth nawathwanne. Threewheel."

    :rofl:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මීටරේ වෙනස් කරන්නම බැරි නම් බහිනකොට 10ක් අඩුවෙන් ගන්නකො. ඉවරයි නේ.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ 150ක් ගෙවාගන්න බැරිනං මොන රෙද්දට ත්‍රීවීල් එකක් දුවන්නෙ... පුස් සයිකලේ පට්තර තියන් බෙදුවත් ලාබයි උන්ට.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,672
    113
    නීතියක් හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙ නැති කාලකණ්ණි රටක ඔයිට වඩා දෙයක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?

    හෙට ඉදන් රුපියල් 5ක් ගාස්තුව වැඩි කරොත් මේ මංකොල්ලකාරයෝ ලස්සනට මීටර් හදයි.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oya meter hadanna puluwanda ban? mata km gana wenas wena widiyanam echchara sure ekak na
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ගාන 50 ඉදන් 60 කරද්දී මුන්ට සල්ලි ප්‍රශ්න නෑ කියන පමාව විතරයි :baffled::baffled:
    අඩු කරන්න කියද්දී තමයි මුන්ට නැති බණේ:angry::angry:
    :yes::yes: