මීටර් කරකැවූ වාහනයක් හදුනාගෙනනේ කෙසේද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,238
    8,251
    113
    M-Town
    මීටර් කරකැවූ වාහනයක් හදුනාගෙනනේ කෙසේද?

    1.ටයර් සෙට් වලින්
    40000-45000KM පනිනකන් ටයර් දාන්න ඕනේ නෑ. 40000 විතර යටින් තියෙන වාහනේක මීටර් එකේ තියෙන millage එකයි වාහනේ ටයර් වල තත්වෙයි compare කරන්න. උදාහරණයක් විදිහට 35000KM නන් මීටර් එකේ තියෙන්නේ ටයර් සෙට් එක අලුත්ම නන් අව්ලක්. ඒ වගේම 20000-25000KM මීටර් එකේ තියෙද්දී ටයර් නට් වෙන්නම ගෙවිලා නම් එකත් අව්ලක්

    2. ඉස්පෙයාර් wheel එක . නට් වෙන්න ගෙවිච්ච ස්පෙයාර් වීල් එකක් එක්ක 30000KM අඩු මීටර් එකක් තියෙනවා නන් සැක සහිතයි.

    3. දුම්සහතිකය සැගවීම
    මේක ගොඩක් කරන්නේ සේල් වල. Document දෙද්දී දුම්සහතිකය හන්ගනවා දුම් සහතිකයේ millage එක තියෙන නිසා හන්ගන්න බලනවා. ඒහෙම නැත් නම් ආදායම් බලපත්‍රය ගත්තට පස්සේ ගත්ත දුම්‍සහතිකයක් පෙන්නනවා.( මීටර් එක කැරකෙව්වට පස්සේ ගත්ත එකක්)

    4.Low millage නමුත් පරන document නෑ. ගොඩක් Low millage වාහන අයිතිකාරයෝ පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඒ වගේම service record , දුම්‍ සහතික ඔක්කොම තියා ගන්නවා. ඒත් low millage වෙලා මේ පරණ document නැත්නම් සැක සහිතයි.

    5. Owners ගාන. ගෝඩාක්ම low millage වාහන owners එකයි උපරිම උනොත් 2යි. එහෙම කියන්නේ වැඩියපදින්නේ නැති කෙනෙක් ගෙන් ආයෙත් වැඩියේ පදින් නැති කෙනෙක්ම ගන්න ඔනේ. එහෙම අය අඩු නිසා එහෙම වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

    6. වාහනේ condition එක. මේක අපිට වාහනේ බාහිර පෙනුම සීට් වල තත්වය සහ ඇතුලත තත්වය සහ විශේෂන්ම කල්ච්,බ්‍රෙක්, ඇක්සිරේටර් පැඩල් එක කොච්චර ගෙවිලාද යන එකෙන් අවබෝදයක් ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට බ්‍රේක් පැඩල් එකේ රබර් එක ගෙවිලා යකඩේ මතුවෙන්නම ඇවිත් නම් 70000Km එහා මිසක් මෙහා නෙවේ.

    7. හොද දැනුමක් තියෙන පුද්ගලයකුට පෙන්වීමෙන්.හොද බාස් කෙනෙක්ට engin සද්දේ පැටල් පෑගෙන විදිහ අනුව දල වශයෙන් කියන්න පුලුවන් වාහනේ කොච්චර දුවලද කියලා . ( හොද වැඩ්ඩෙක් හොයා ගන්න එක ඔබේ වැඩක්)

    වාහනයක් ගන්න බලන්න යද්දී විශේෂයෙන් වාහනය කොච්චර පැරණිද එම කාලය අනුව සාමන්‍ය විදිහට කොච්චර දුවලා තියෙනවද කියලා අදහසක් ගන්න. ඊට පස්සේ ඔබ බලන වාහනේ low millage නම් ඉහත විදිහට පරීක්ෂා කරලා බලන්න. ඉහත සදහන් කල දේත් වංචනික සැකසිය හැකි නිසා Low millage නම් සියලුම දුම් සහතික සහ service record ඉල්ලා සිටින්න. එසේ නොවේ නම් මීටර් අගය ගැන එතරම් තැකීමෙන් වලකින්න. උදාහරණයක් ලෙස 2015 Alto නම් දල වශයෙන් බහුතරයක් 50000KM -60000KM පමණ දාවනය කර ඇත. ඊට අඩු millage සහිත රථයක් මිලදී ගැනීමදී සැලකියමත් වීම වැදගත්ය.

    මීටර් කැරක්වීමේ වංචාව Alto රථ පමණක් නොව ලංකාවේ සියලුම වාහන විකිණීමේදී දැකිය හැකිය. මීට වාහන මිලදී ගන්නන් ලෙස සෑම විටම විමසිලිමත් වීම හා එලෙස මීටර් කරකැවූ වාහනයක් යැයි හදුනාගත හොත් ඉතා ඉහල කේවල් කිරීම් යටතේ වාහනය මිලදී ගැනීමට ඉල්ලීම් මගින් විකුනුම්කරු පීඩාවට ලක් කර මෙම වංචාව අධර්‍යමත් කල හැකිය.

    මම මෙම articel එක ලිවීමේ අරමුණ low millage හැල්ලු කිරීම නොවේ. Low millage ලෙස පෙන්වා වංචනික ලෙස වාහන විකිණීමට තැත් කරන්නන්ගෙන් බේරී සිටීමය.
    සෑම වාහනයකට එහි වර්ගය, නිශ්පාදිත වසර සහ condition එක මත සාදාරන මිලක් පවතී. එයට වංචා කිරීම වරදකි.

    මාගේ අත්දැකීම් මත සැකසූ articel එකකි. වැරදි ඇත්නම් පෙන්වා දෙන ලෙසත් ඉතා කැමෙත්තෙන් පිලිගැනීමට කැමෙත්තෙමි.
    මම මාත්‍රකාවට අදාලව ඔබේ අදහස් ,අත්දැකීම් comment කිරීම ඉතා අගනා වේ.
    Tharidu sasanka
    Copied..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    බැහැ බන් අපේ එක තාම 38 k ටයර් මාරු කලා. ටයර් වලට වඩා අනිත්වා නම් හරි. ඒත් හයිබ්රිඩ් වලට දුම් සහතිකය නැහැ.ස්ර්විස් රෙකෝඩ් හරියට දෙන්නේ නැහැ. ලංකාවේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තව දෙයක්, Engine bay එක ඇතුලෙ හොදට බලන්න. Timing belt එන vehicle එක්ක් නන් belt මාරු කරපු mileage එක දාලා පොඩි hard sticker එකක් ගහල ඇති. මට දවසක් සෙට් උනා NGO driven auctioned toyota hilux එකක්. මීටරෙ 245000, හැබැයි belt මාරු කරල තියනවා 456000 :lol:.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ස්ර්විස් රෙකෝඩ් හරියට දෙන්නේ නැහැ. ලංකාවේ.

    විංකල් වලින් දෙන්නෙ නෑ තමා ඒත් හැම ඒජන්ට් කෙනෙක්ම වගේ සර්විස් රෙකෝඩ්ස් ඩේටාබේස් එකක් මේන්ටේන් කරනව කස්ටමර්ට දෙන රෙකෝඩ් එක verify කරගන්න පුළුවන්. සමහර 3rd party වර්ක්ශොප් වලත් එහෙම කරනව (Laughs, Sterling)
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    tyre walinnam kiyanna bh bn. mokda ape gawa thiyena eke tyre danna una 21000km walin kambi kadila. anthimata 4ma danna una. pawichchi nokara thiyla.
     
    • Like
    Reactions: Solo Rider

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Brake peddle ekee accelarator side eken kochchara gewila thiyenawada balanna.. hoda indicator ekak wahanee kochchara use karalada kiyala adahasak ganna.

    driver door ekee arm rest ekee thathwaya.

    dash board ana/nuts galoopu salakunu

    meter board ekee athul paththe thiyena marks/finger prints/pihadaapu marks
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    යාලුවෙක් සෙට් කරගෙන ඉන්සුරන්ස් කොම්පැනි වලින් විස්තර ගන්න. වෙන චරිත සහතික ඕනෙම නැ.
    යාලුවක් සෙට් කරගෙන දුම් සහතික විස්තර ගන්න..
     
    • Like
    Reactions: Solo Rider

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    බැහැ බන් අපේ එක තාම 38 k ටයර් මාරු කලා. ටයර් වලට වඩා අනිත්වා නම් හරි. ඒත් හයිබ්රිඩ් වලට දුම් සහතිකය නැහැ.ස්ර්විස් රෙකෝඩ් හරියට දෙන්නේ නැහැ. ලංකාවේ.
    Ow Tire walin hariyatama kiyanna ba. Mage tire thibbe Toyo. 0 millage wahane gaththe. 30,000km wenakota tire wala kaali kaali galawila yanna patan gaththa. Godak aya kiuwe thawa aduma gane 10k kms wath duwanna puluwan wei kiyala. Eth wahane tire tika hodata thiyenna ona. Risk ekak ganna ba. Ithin man 32k km waladi tire maaru kala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මටත් හිතෙන්නෙ ටයර්, ස්පෙයාවීල් වලින් බලන එකනං සාර්ථක මදි කියල.
    මගේ වාහනේ ගන්න කොට ලක්ශ2කට කිට්ටුවෙන්න දුවල. ස්පෙයා වීල් එක අලුතින් ගද්දි වගේ තිබුණ.

    හොඳට දන්න කෙනෙකුට බ්රේක් ඩිස් කැපිල තියෙන විදිහෙනුත් බලන්න පුලුවන්.

    කලින් තිබුණ ඇල්ටො එක ගන්න ආව කෙනා කිවුව කතාවක්,
    මිනිහ කලින් ඇල්ටො එකක් ගන්න ගිහින්. කි.මී ගාන 50000ට අඩුයි. සර්විස් ටැග් එකේ 100000ට වැඩි ගානක් තිබිල.