දේශපාලනේ කරන උන්ගේ ළමයින්ට ඕන ඕන වෙලාවට උපාධි කොල ලියල දෙන්නේ colombo university එකේ නේද දැනටමත්?
උබ හොඳම උදාහරණයක් දුන්නෙ. තෑන්ක්ස් මචන්.

අන්න ඒක තමයි මම කියන ප්‍රශ්නෙ. වරද තියෙන්නෙ රටේ නීතියක්, ප්‍රතිපත්තියක් හරියට නැති කම කියන එක ඒකෙන් හොඳටම පේනවනේ.
ඔතන වරදක් වෙලා තියෙනව කියල උබලටත් හිතෙනවනෙ. ඒ උනත් ඒකට පියවරක් ගන්න පුළුවන්ද? මම දන්න විදියට නං ඒක හරිම අමාරු / බැරි වැඩක්. ඒකෙන් කියවෙන්නෙ ඒ වැඩේ හරි කියලද? ඒ වගේ තමයි.
එතන BSc එකකට නෙවෙයිනෙ ඒ select කරලා තියෙන්නෙ. BSc වලට ගනිද්දි මොන gov University එකේද එහෙම වෙලා තියෙන්නෙ? BSc එකකට ඔහොම ගන්න හැදුවොත් මොකක්ද වෙන්නෙ කියල බලපන්. අන්න ඒ වගේ තියෙන්න ඕන කියලයි මම කියන්නෙ.
ලංකාවෙ, මේ මොහොතේ private medical colleges දානවට මම නං විරුද්ධයි. ඒ වංන මොනවත් නිසා නෙවෙයි මේ මොහොතෙ ලංකාවෙ හරිහමන් නීතියක් නැති කම නිසා. හොඳටම කරල පෙන්නපු අත්දැකීමක් තියෙනව SAITM කියලා. ඒක තමයි proof එක.

මම කොහේවත් කියල නෑ private ඒව එපා කියල. කොහෙද කියල තියෙන්නෙ?
මේ ඔක්කොම ඇහුවම
@shenat ගෙ තර්කෙ බංකොලොත්.

මොකක්ද බංකොළොත් කියලත් පෙන්නපන්කො.

------
Post added on Jul 31, 2021 at 5:21 AM
මිනිහා කියන කතාව ඈත්තනේ.. පිටරට කෑම්පස් එකකට ගිහින් සල්ලි තියෙන එකෙක්ට ඉගෙන ගෙන එන්න පුලුවන්. ලන්කාවේ ඊට වඩා හුගක් ඉහල ප්‍රතිපල තියෙන එවුන් ලන්කාවේ වාත වෙනවා.. එහෙම ගිහින් ආපු එවුනුත් කිසිම අවුලක් නෑතිව ලන්කාවේ රස්සාව කරනවනේ. ඉස්සර වගේ නෙමේ දෑන් යන්නේ බන්ගලිදේශේ.. ඉතින් මු කියන කතාව ඈත්ත. ඊට වඩා හොද කෑම්පස් ලන්කාවේ ප්‍රයිවට් පටන් ගන්න පුලුවන් නේ.
ඌ කියන්නෙ ලංකාවෙ medical faculty යන්න බැරුව ඉන්න අය ඉස්සරත් රට ගිහින් ඉගෙන ගත්තලු. දැනුත් රට ගිහින් ඩිග්‍රි ගන්නවලු. ඒක ඌ කියන්න ඕන නෑනෙ ඒක ඇත්තනෙ.
හැබැයි ඒ කාටවත් ලංකාවට ඇවිත් act16 පාස් වෙන්නෙ නැතුව ලංකාවෙ දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ. ලංකාවෙ නෙවෙයි ලෝකෙ රටවල් බහුතරයක වැඩ කරන්න බෑ, ඒ අදාළ රටේ විභාග වලින් පාස් වෙන්නෙ නැතුව.
ඉතින් හරිම සරලයිනෙ. SAITM උන්ටත් ඒක ලියන්න කිව්වම උන් බෑ කියනවනෙ.
(වෙන private ඒව ආවත් එච්චරයි. දැන් මේ එන්නෙ KDU එක හරහා ඒක කරන්න. )
ඒකත් පැත්තක තියමු. ලංකාවෙ ඔක්කොම medical faculty වල අය එකම final exam එකක් ලියන්නෙ. එහෙනම් ඒක ලියන්න ඕන ඒගොල්ලො. එහෙම උනාද ? නෑ. ඒ දෙකම නෑ.
ලංකාවෙ medical faculty වලින් out වෙනකොට හැමෝම රජයේ සේවයට එන්නෙ. (ඒ කිව්වෙ හැමෝම රජයේ සේවයට qualified) සුදුසුකම් හරියට සම්පූර්ණ කරන්නෙ නැති incompetent අයටත් automatically ම ඒ විදියට qualified කරන්න ඉඩ දෙන්න ඕන කියලද කියන්නෙ?
අන්න ඒකයි මං කිව්වෙ. මේක නිකන් කොහේහරි software කොම්පැණියක code කොටනව වගේ නෙවෙයි. ඇපරල් කොම්පැණිවල ඇඳුම් මහනව වගෙත් නෙවෙයි. කන්ස්ට්‍රක්ෂන් කොම්පැණිවල සිමෙන්ති දානව වගෙත් නෙවෙයි. පරණ ගෙවල් වල පේන්ට් එක වැලිකොලෙන් මැදලා අලුත් පේන්ට් එකක් ගානව වගෙත් නෙවෙයි. ඒ ඔක්කොම වැරදුණොත් ආයෙ හදනවා. දිගින් දිගටම වරද්දන අය අයින් කරනවා. වැඩ්ඩො ඉතුරු වෙනවා. Financial හානි විතරයි වෙන්නෙ ගොඩක් දුරට. නමුත් හදිසි ප්‍රතිකාර කරන ඩොකෙක්ට වැරදුනොත් ජීවිත නැතිවෙන්නේ. වැරදීම් හදන්න තියෙන ඉඩ සීමිතයි. Staff අඩු, technology අඩු, අත්‍යවශ්‍ය පහසුකම් පවා අඩු ලංකාවෙ සෞඛ්‍ය සේවයේ වැඩ තව අමාරුයි. වැඩ හොඳ නැති බාස් කෙනෙක් අයින් කරලා වෙන එකෙක්ව ගන්නව වගේ සරලයි කියන දුරට විතරයි සමහර ගොන්නුන්ට හිතන්න පුළුවන්. 

(දැන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද වගේ හද්දා ගොන් ප්‍රශ්න අහන උන්ට තේරුම් කරන්න ගියාම නං සසර කළකිරෙනවා.
)
ඔයා මේව ඕන කියන්නෙ සද්භාවයෙන් කියල මම විශ්වාස කරනවා. ඒ උනාට ඇයි මේක අනිත් ඒව එක්ක සසඳන්න බැරි කියල මම උදාහරණ කිව්වා. ඒ වගේම අපිට past experience තියෙනවා අපි හැමෝම දන්න. ඒ වගේම ඇයි මේ private කිව්ව ගමන් මම medicine ගැනම කතා කරන්නෙ කියන එකටත් ඒව තමයි හේතු. අනිත් හේතුව තමයි, ඔය මොන පනත නැතුවත් දැනටත් ලංකාවෙ private universities/degree Awarding institutions තියෙනවා. එහෙනම් අමුතුවෙන් පනතක් ගෙනල්ල කරන්න දෙයක් තියෙනවද? මෙච්චර කල් අනිත් ඒව දාපු විදියටම තව ඒව දාන්නත් පුළුවන්නෙ. එහෙනම් මොකටද අලුතෙන් පනත් ඕන?
දන්න විදියට වැඩිපුරම තියෙන්නෙ engineering සම්බන්ධ ඒවා. අපි engineering ඩිග්‍රි කරලත්, University ඉන්න කාලෙවත්, දැන්වත් ඒවට විරුද්ධ නැහැනෙ. ඉතින් මෝඩ බයියන්ට හීන පෙන්නුවට දැන් නැති එකකට තියෙන්නෙ medical faculty විතරයි. ඒක හරි පාරෙන් දාන්න ගියොත් කඩේ ලාබ ලබාගන්න බැරිවෙන නිසා හොර පාරෙන් කරන්න එනවා. ඔය මම දකින එක අරමුණක් ඕකෙ. කට ඇරන් හීන බලන බහුතර බයියොන්ට හීන තමයි ඕව ඉස්සරහටත්. මූණ එක්ක තරහවෙලා නහය කපාගන්න යනවා. 

------
Post added on Jul 31, 2021 at 6:11 AM