මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම් .....

TLS

Well-known member
  • Apr 6, 2009
    996
    35
    48
    Anytime Anywhere !!!
    මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම් .....

    ඉතා රහසිගත යුධ සේවයේ තනතුරක් පිරවීම සඳහා පුරවැසියන්ගෙන් ලැබුන අයදුම්පත් සියල්ල පිරික්සීමෙන් අනතුරුව අවසාන පරීක්ෂණයට සුදුසුකම් ලැබූයේ තුන් දෙනෙකි. ඇත්තේ එක තනතුරකි. දෙදෙනෙක් පුරුෂයන් වූ අතර, එක් අයෙක් කාන්තාවකි. මොවුන්ගේ අවසාන පරීක්ෂණයේදී .....
    පළමුවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
    පරීක්ෂකයා දෙසත්, පිස්තෝලය දෙසත් මදක් බලා සිටි ඔහු, මේ සේවයට මා සුදුස්සෙක් නොවේ.... මට මෙය කල නොහැකියි. කියා පිටවී ගියේය.
    දෙවැනි අයදුම්කරු ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ භාර්යාව. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඇයව මරා දමන්න.
    පිස්තෝලය අතට ගත් දෙවැන්නා කාමරය පිවිස ටික වේලාවකි. කිසිත සද්දයක් නැත. ටික වේලාවකට පසු හඩමින් එලියට ආ ඔහු. අනේ මා කෙසේනම් ඇයව මරා දමන්නද කියමින් පිස්තෝලය පරීක්ෂකයාට දී බිරිඳගේ අතින් අල්ලාගෙන පිටවී ගියේය.
    ඉතිරිව ඇති කාන්තාව ඇමතූ පරීක්ෂකයා - ඔබ බඳවාගැනීමට යන්නේ ඉතා රහසිගත මෙන්ම හමුදාවට ඉතා පක්ෂපාත සේවයකට. ඔබ මේ මුහුණ දෙන්නේ ඔබගේ අවසාන පරීක්ෂාවට. මේ කාමරය ඇතුලේ පුටුවක ඉඳගෙන ඉන්නේ ඔබගේ ස්වාමිපුරුෂයා. මේ පිස්තෝලය අතට ගෙන කාමරය ඇතුලට ගොස් ඔහු මරා දමන්න.
    පිස්තෝලය අතට ගත් ඇය. මොහොතක් ඒ දෙස බලා සිටියාය. ඇය කාමරයට ඇතුළුවිය....
    ගතවූයේ නිමේශයකි. පළමුවෙනි වෙඩි ශබ්දය පිටවිය. දෙවෙනි, තෙවෙනි ශබ්දද පසුව පුරවා තිබූ උණ්ඩ දහතුනම පත්තුවිය. කාමර තුල දැඩි ගුටි බැට හුවමාරුවක් සිදුවන බව පෙනී යයි. අවසානයේදී හඩමින් අවුල්වී ගිය හිසකෙසින් යුතුව එලියට ආ කාන්තාව...
    ‍තූ...... ....... නොදකින් පිරිමි ‍ඔක්කොම එකවගේ..... තොපි ඇයි මට කලින් නොකිව්වේ පිස්තෝලෙට දාල තියෙන්නේ පුහු උන්ඩ කියලා. මීට වැඩිය හොඳයි තොපි මාව කෑවනම්. දැන් කොහොමද යකුනේ මම ඌත් එක්ක ගෙදර ගිහින් ඉන්නේ ?........