ඔබ නැතිව, ඔබ එක්ක වාරණය වීම mokada hetuwa ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබ නැතිව, ඔබ එක්ක වාරණය වීම mokada hetuwa ...

    චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මෑතක දී ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කලේ ය. විනාඩි 90ක් පුරා දිවෙන ඔහුගේ වෘත්තාන්ත චිත්‍රපටය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආන්ඩුව දියත් කල තිස් අවුරුදු යුද්ධයේ මානව වන්දිය ගැන ඔහු නිර්මානය කල තුන් ඈඳුතු යුද චිත්‍රපට මාලාවේ අවසන් දිග හැරුම යි. පූර්ව චිත්‍රපට යුගල වූයේ 1997 දී තිරගත කල පුරහඳ කලුවර හා 2003 වසරේ නිර්මානය කල ඉර මැදියම යි.

    Prasanna+Vithanage.jpg

    2013 වසර මුල දී ඔබ නැතිව, ඔබ එක්ක ජාත්‍යන්තරව මුදා හරිනු ලැබ සම්මාන ගනනාවක් දිනා ගත්තත් ශ්‍රී ලංකාව තුල චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනය තහනම් කෙරී තිබිනි. ශ්‍රී ලංකා රැඟුම් පාලක මන්ඩලය කියා පෑවේ, විතානගේගේ චිත්‍රපටය නිසා සන්නද්ධ හමුදාවන් ජාත්‍යන්තර වසයෙන් “අපකීර්තියට ලක් විය හැකි“ බව යි.

    රුසියානු ගත් කතුවර ෆියදෝර් දොස්තෙයෙව්ස්කි විසින් 1876 දී රචිත ද ගුඩ් වුමන් නම් කෙටි නවකතාව චිත්‍රපටය සඳහා පාදක වන අතර එය සමකාලීන ශ්‍රී ලංකාවට ගලපා තිබේ. සරත්සිරි නම් සිංහල උකස් බඩු ගන්නෙකු සහ සෙල්වි නම් සිය දෙමාපියන් විසින් දිවයිනේ උතුරු යුද කලාපයේ සිට ආරක්ෂාව පතා මධ්‍යම කඳුකරයට එවන ලද දෙමල තරුනියක අතර ඇති වන සම්බන්ධතාව එයට කේන්ද්‍ර වේ. දෙදෙනා ආදරයෙන් බැඳී විවාහ ප්‍රාප්ත වන නමුත් යුද සමයෙහි සිදු කෙරුනු ගොරතරකම් පිලිබඳ මතක සටහන්වලින් ඔවුන්ගේ සබඳතාවට විෂ කැවෙයි.

    ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2014 ජූනි මාසයේ දී ඔබ නැතිව, ඔබ එක්ක විචාරයට ලක් කල අතර චිත්‍රපටය තහනමට ලක් කිරීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන එම වසරේ දෙසැම්බර් 25 දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

    සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නව රැඟුම් පාලක මන්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව පසු ගිය මාසයේ චිත්‍රපටය මුදා හැරුනු අතර ශ්‍රී ලංකාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය කරමින් තිබේ. කෙසේ නමුත්, මර්දනකාරී වාරන තන්ත්‍රය තව මත් පවතී. 1990 දී ඝාතක කල්ලි විසින් වධ දී මරා දැමුනු රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ ජීවිතය පිලිබඳ චිත්‍රපටයක් තැනීම නවත්වන්නැයි චිත්‍රපට අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රියට මාර්තු මාසයේදී දන්වා තිබින.
    ***
    වසන්ත රූපසිංහ
    : යුද්ධයේ යථාර්ථයත් සමග ගනුදෙනු කිරීම ඕනෑ ම සිනමාකරුවෙකුට අභියෝගයක්. ශ්‍රී ලංකාව තුල දී එය විශේෂයෙන් ම දුෂ්කර කටයුත්තක්. ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය නිර්මානය කලේ ඇයි?

    ප්‍රසන්න විතානගේ: ජාත්‍යන්තරව ගත් විට යුද්ධයක් පැවති කාලයක යුද්ධය ගැන කතා කරපු චිත්‍රපට බිහි වෙලා තියෙන්නේ අතලොස්ස යි. එහි ආරම්භය තමයි ඉතාලියානු සිනමාකරු රොබෙටෝ රොසෙලිනීගේ Rome Open City චිත්‍රපටය. එය ඉතාලියානු ෆැසිස්ට්වාදයට එරෙහිව විවිධ කන්ඩායම් සටන් කරපු විදිය පිලිබඳව සංවේදීව සටහන් කලා. ඉතාමත් අපහසුවෙන් හදපු චිත්‍රපටයක්. ඒත් ඒක ලෝක සිනමාවට ම බලපාන රැල්ලක් ඇති කලා. ජීවිතයට, තමන් අවට දකින දේට ප්‍රේක්ෂක දෑස් විවර කරන්න එය සමත් උනා.

    ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටියෙහි දර්ශනයක්
    ශ්‍රී ලංකාව ගත්ත ම, අපේ රටේ 30 අවුරුදු යුද්ධයක් තිබුනා. අපි හැමෝම දන්නවා, ඒ කාලය තුල මා හැදූ පුරහඳ කලුවර වාරනයට ලක් වුනා. අපි දැක්කා, අදාල අමාත්‍යවරයා එයට විරුද්ධව විශාල මැදිහත් වීමක් කලා. එයට ප්‍රතිවිරුද්ධව ගොඩ නැගුනු විරෝධතාවක් හා අධිකරන ක්‍රියා මාර්ගයක් හරහා තමයි ඒ චිත්‍රපටය තිරගත කිරීමට අවස්ථාව ලැබුනේ.

    යුද්ධය ප්‍රාග්ධනයේ මෙහෙයුමක් සහ ලාභය පදනම් කර ගත්ත දෙයක්. එහි දී මාධ්‍ය විසින් පාලක පන්තිය වෙනුවෙන් සැම විට ම මතවාද නිර්මානය කරනවා. කෙසේ වෙතත්, පාලක පන්තියේ මෙම මතවාද ඉරා දමමින් යුද්ධයේ යථාර්ථය හෙලිදරව් කිරීමේ ශක්‍යතාව කලාකරුවන් සතුව පවතිනවා.

    පුරහඳ කලුවර චිත්‍රපටයේ දී සිදු කලේ, සිංහල හමුදාවේ තරුනයන් යුද්ධයට මුහුන දුන් ආකාරය පිලිබඳව සාකච්ඡා කිරීම. ලංකාවේ යුද්ධයට බැඳුනේ රටේ උතුරු මැද පලාතේ, වයඹ පලාතේ විවිධ ආර්ථික දුෂ්කරතා පැවති තරුනයන්. රැකියා වියුක්තිය, ග්‍රාමීය ආර්ථීකය බිඳ වැටීම යන කරුනු මත යි ඔවුන් හමුදාවට බැඳුනේ. ඒ වගේ ම, මෙම යුද්ධය කොහොම ද සමාජ ආචාර ධර්මවලට බලපාන්නේ, එය වැඩිහිටි පරම්පරාවේ ආචාර ධර්මවලට බලපාන්නේ කොහොම ද කියන කාරනාව. මේ ප්‍රදේශයට ගියා ම දැකපු දේ තමයි මේ චිත්‍රපටයෙන් ගෙනාවේ.

    ඉන් පසුව අශෝක හඳගමගේ මේ මගේ සඳයි, විමුක්ති ජයසුන්දරගේ සුලඟ එනු පිනිස වගේ නිර්මාන හරහා යුද්ධය විවිධ කෝනයන්ගෙන් නිරාවරනය කෙරුනා. ඒවාට බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය තමයි ඒ චිත්‍රපට වාරනය කිරීම, ඒ සිනමාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් එවක සිටි හමුදා නිලධාරීන් ඔවුන්ට තර්ජනය කිරීම, ඒ වගේම නිෂ්පාදනයේ දී හා ප්‍රදර්ශනයේ දී ඒ චිත්‍රපටවලට බාධා පැමිනවීම.

    මේ තත්වය යුද්ධයේ අවසානයත් සමග වඩාත් නරක අතට හැරෙනවා, යුද වින්දනීය සිනමාවක් අපේ රටේ බිහි කරන්නට බලධාරීන් හිතාමතා ම කටයුතු කිරීමත් සමග, එම බලධාරීන් හිතාමතා ම එම නිර්මානවලට දෙන සහයෝගයත් සමග. මේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා ම, පුවත්පත් කතුවරුන්, විචාරකයන් සඳහන් කලා, අපි ඒ හදන්න හදපු යථාර්ථවාදී සිනමාව දැන් අවසාන යි කියලා.

    අපි යුද්ධයට කැඩපතක් ඇල්ලුවා. ඒත් මේ ආකාරයේ චිත්‍රපට තැනීමට තව දුරටත් පුලුවන්කමක් නැතැයි තර්ක කල මාධ්‍ය විසින් ඒවා හෙලා දකිනු ලැබුවා. ඒ කැඩපතට ගල් ගහලා ඉවර යි, තව දුරටත් එය කරන්න බෑ කියලා ඔවුන් කීවා. මම දකින්නේ, ඒක පරාජිත මානසික ස්වභාවයක්. මම එයට අභියෝග කලේ ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය හරහා. වාසනාවට වගේ මා කෙරෙහි විශ්වාසය තියෙන, මගේ චිත්‍රපටවලට කැමති තිදෙනෙක් චිත්‍රපටයට මුදල් යෙදවීමට ඉදිරිපත් වුනා. මොහොමඩ් ඇඩම් අලි, විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වන ලසන්ත නවරත්න, ඒ වගේ ම ඉන්දියාවේ රාහුල් රෝයි තමයි මේ තිදෙනා.

    ව.රූ.
    චිත්‍රපටයේ නාමයේ ඇති වැදගත්කම කුමක් ද?

    ප්‍ර.වි. ඔබ නැතිව, ඔබ එක්ක විවිධ මානයන්ගෙන් දැක ගත හැකි චිත්‍රපටයක්. එක පැත්තකින් එය පරිභෝජනවාදය කෙරෙහි මෙන් ම පුරුෂා‎ධිපත්‍යය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක්. අනෙක් පැත්තෙන් එය උද්වේගකර ප්‍රේම කතාවක්.

    එකට ජීවත් වෙලා හිටියත් අනෙකාව තේරුම් නො ගැනීම මිනිසිුන් සම්බන්ධයෙන් ගත් විට අසාමාන්‍ය දෙයක් නොවේ. - අනෙකා ආදරවන්තියක, කාන්තාවක්, මිත‍්‍රයෙක් හෝ වෙනත් ජාතියකට හෝ වර්ගයකට අයිති තැනැත්තෙක් විය හැකියි. එනමුත්, තමන්ව අත්හැර දැමූ පසු, නැත්නම් තමන්ගෙන් වෙන් වූ පසුව පවා ඔවුන් අනෙකා පිලිබඳ මතකයන් තුල ජීවත් වෙනවා. ඔහුට ඉදිරියට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. මොක ද ඔහු මෙම මනුෂ්‍ය ස්පර්ශය, මෙම ජීවිත ස්පර්ශය, මෙම මානව සබඳතාව තේරුම් නොගත් නිසා ඔහුට සිදු වෙනවා මනඃකල්පිත ලෝකය තුල අනෙකා සමග ජීවත් වෙන්න. ඒක නිසා ඔබ නැතිව ඔබ එක්ක මාතෘකාවට අර්ථ දෙකක් තියෙනවා: මා ඔබත් එක්ක ඉන්න කාලේ ඔබ නැතුව ඔබ එක්ක යි මා සිටියේ. ඒ වගේ ම ඔබ වියෝවීමෙන් පසුවත් මා ඔබ නැතිව තාමත් ඔබත් එක්ක යි ඉන්නේ.

    ව.රූ.
    ඔබ දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවට ආකර්ෂනය වූයේ මක් නිසා ද? ඔබට එහි ලා අවධාරනය කිරීමට අවශ්‍ය වූයේ කුමක් ද?

    ප‍්‍ර.වි. රාහුල් රෝයි ඉන්දියාවේ වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු මට කීවේ අපි පුරුෂාධිපත්‍යය පිලිබඳ චිත‍්‍රපටයක් කරමු කියලා. මම කතා කීපයක් ම සලකා බැලූවා. දොස්තෙයෙව්ස්කිගේ කෙටි නවකතාව කියවපු මට වැටහුනු කාරනය තමයි, පුරුෂාධිපත්‍යයේ තියෙන අඥාන කම මෙතරම් හොඳින් මතු කරන කෘතියක් තවත් නෑ කියන එක. පුරුෂාධිපත්‍යය කියන්නේ කුමක් ද? සමාජයක පුරුෂයෙකු විසින් කාන්තාවක් සමානයෙකු ලෙස නො සලකා දෙවන පන්තියෙහි ලා සැලකීම. ඇයගේ හඬ මතු වීමට නො දී පුරුෂයාගේ හඬ මතු කිරීම, ඇයගේ හඬ යටපත් කිරීම. ලියොන් ට්‍රොට්ස්කි සහෝදරයා සඳහන් කරලා තියෙනවා, හොඳ කලාකරුවෙකුගේ මූලික ලක්ෂනය තමයි සමාජය තුල දෙවන පන්තියෙහි ලා සැලකෙන පීඩිත ජනතාව හා කාන්තාවන් කෙරෙහි ඔහු දක්වන දයාව කියලා.

    මේ පුරුෂාධිපත්‍යය ගැන කීමේ දී එය මගේ පුරුෂකම ගැනත් කැඩපතක් වෙනවා. අපි මොන අදහස් දැරුවත්, අපි අපේ පුරුෂකම පාවිච්චි කරනවා ද තව කෙනෙකු පෙලන්න කියන එක අපෙන් ම ප‍්‍රශ්න කරන්න මේ කෙටි නවකතාව බලපෑවා. මෙම ආධිපත්‍යය ලිංගිකත්වයට විතරක් සීමා වෙන්නේ නෑ. රාජ්‍යයේ ආධිපත්‍යයක් තියෙනවා. රාජ්‍යයක් සුලූ ජනවර්ගයකට වෙනස් විදියට සලකන්නේ මහ ජාතියේ ආධිපත්‍යය මත. මෙම ආධිපත්‍ය රාජ්‍යයක් මත හෝ ලිංගිකත්වයක් මත පදනම් විය හැකි යි. ඒක මම ලංකාවේ අත්දැකීම්වලින් දැකලා තියෙනවා. අපි දෙමල ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක මේ අත්දැකීම් ලංකාවේ දී විඳලා තිබෙනවා.

    ඒ නිසා මම පෙලඹෙනවා, ප්‍රේමය කියන මානව සබඳතාව මතු කරන අතරේ, පශ්චාත් යුද කාලීන තත්වයක් තුල මෙම ජාතික ප්‍රශ්නය රූපකයක් ලෙස දකින්නට ප්‍රේක්ෂකයන් මෙහෙයවීම සඳහා දොස්තයෙව්ස්කිගේ කතාව පාදක කර ගන්න. ඒක තමයි මම කරන්න උත්සාහ කලේ. ඒක යි මම කීවේ මේකේ තල කීපයක් තියෙනවා කියලා. තල කීපයකින් මේ කතාව දකින්න පුලුවන්.

    ව.රූ.
    චිත්‍රපටය දෙමල ජනයාගේ ඛේදජනක ඉරනම බලගතු ආකාරයෙන් හෙලිදරව් කරනවා. එහෙත් චිත්‍රපටයේ පසුතලය වසයෙන් මෙම ප්‍රදේශය තෝරා ගැනීමට ඔබ තීන්දු කලේ ඇයි?

    ප්‍ර.වි. ඔව්, එහි සත්‍ය කාරනාව තමයි, අපි දන්නවා ජනවාර්ගික යුද්ධයේ දී මේ ප්‍රදේශය තුල කිසිදු ආකාරයක ගැටුමක් ඇති වුනේ නෑ. ඒ කියන්නේ යුද්ධයක් තිබුනේ නෑ මේ ප්‍රදේශයේ. බැලූ බැල්මට බොහොම සන්සුන්. නමුත් ඒ සන්සුන්කම ඇතුලේ අපි දන්නවා, වතු කම්කරුවන්ගේ ජීවිතය පීඩාකාරී ජීවිතයක්. තේ අපේ රටේ ප්‍රධාන අපනයන භෝගයක්. ඒත් මේ ප්‍රධාන අපනයනයට දහදිය හෙලන කම්කරුවන්ගේ ජීවන තත්වය ඉතා මත් ම දිලිඳු යි. ඒකයි මේ ප්‍රදේශයේ තත්වය. ඒ ප්‍රදේශය බැලු බැල්මට අතිශය රමනීය යි. නමුත් යට විශාල පීඩනයක් තියෙනවා වගේ ම සංකීර්න සමාජ සම්බන්ධතාවනුයි පවතින්නේ.

    ඒ වගේ ම යි, මට දැනගන්න ලැබුන විදියට, යුද්ධයේ අවසාන කාලයේ දී එල්ටීටීඊයට දෙමල තරුන තරුනියන් බලාත්කාරයෙන් බඳවා ගනු ලැබීම වැලැක්වීමට උතුරේ දෙමව්පියෝ මේ ප්‍රදේශයට තම ලමුන් ගෙනැත් නතර කලා. ඇතැම් දෙමව්පියන්, තමන්ගේ ලමුන් දෙමල වතු කම්කරුවන්ගේ ආරක්ෂාව යටතේ නතර කර නැවතත් උතුරට ගියා.

    චිත්‍රපටයේ දී මම පෙන්වන වතු කම්කරුවන්ගේ හැසිරීම් රටාව බලමු. චිත්‍රපටයේ දී වැඩිහිටි පුද්ගලයෙකුට මෙම තරුනිය විවාහ කර දීමට ඔවුන්ට සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පීඩිත භාවය නිසා. ඒ වගේ ම සරත්සිරිගේ ගෙදර සේවිකාවගේ මනුෂ්‍යත්වය පෙන්වීමට මට අවශ්‍ය වුනා. උතුරුකරයෙන් එන තැනැත්තියව තේරුම් ගන්න එක ම තැනත්තිය ඇය පමන යි. ඔවුන් අතර තිඛෙන්නේ මානුෂීය සබඳතාවක්. ඒ වගේ ම සරත්සිරි කවදා වත් මුහුන බලලා අර සේවිකාවට කතා කරන්නේ නෑ.

    ඒ වගේ ම ඔහුගේ සාප්පුවට පැමිනෙන මුහුනු අතිශය පීඩිත මුහුනු. මේ මුහුනුවලින් මට අවශ්‍ය වුනා ඔවුන්ගේ ජීවන තතු කියන්නට. ඒ වගේ ම සරත්සිරි කිසි ම තැනක දී මේ මිනිසුන් සමග ඔවුන්ගේ භාෂාවෙන් කතා කරන්නේ නෑ. මොක ද ඔහු කල්පනා කරනවා තමන් කතා කරන සිංහල භාෂාව ඔවුන් තේරුම් ගන්න ඕන කියලා. බිස්නස් කරද්දී වත් ඔහු කතා කරන්නේ නෑ. එහෙත් අවසානයේ සේවිකාවගේ නිවස සොයා යාමට මෙම පුද්ගලයාට සිදු වෙනවා. එහි දී දකිනවා මේ ලයින් කාමරවල තියෙන්නේ මොන තරම් අඳුරු ජීවිතයක් ද කියලා. මම එය ගෙනෙන්නේ ප්‍රතිසංවාදයක් වසයෙන්. සුන්දර පරිසරයක අඳුරු ජීවිත. අඳුරු වෙන්නේ මොකෙන් ද? ඔවුන් පීඩාවට පත් කරන ආර්ථීක හා සමාජ තත්වයෙන්.

    ව.රූ.
    දෙමල හා සිංහල ජනයාට සාමයෙන් ජීවත් විය නොහැකි ය යන වර්ගවාදීන්ගේ කියා පෑම් චිත්‍රපටය විසින් කීතු කෙරෙනවා. මිනිසුන් ආදරයෙන් බැඳුනා ම වර්ගය හා ආගම සමතික්‍රමනය කෙරෙනවා.

    ප්‍ර.වි. මම ප්‍රධාන වසයෙන් ඔබ නැතිව, ඔබ එක්ක චිත්‍රපටය සලකන්නේ ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක් හැටියට -එය, ආදරය සොයා යන චාරිකාවක්. එමෙන් ම, බලවත් ලෙස මානුෂීය ස්පර්ශය ඉල්ලා සිටින්නක් හැටියට. එය, ගැහැනුන් මිනිසුන් අතර වේවා, මිනිසුන් මිනිසුන් අතර වේවා, නැත හොත් එක් ජන වර්ගයක පීඩිතයන් හා තවත් ජන වර්ගයක පීඩිතයන් අතර වේවා මානුෂික බැඳීම ඉල්ලා සිටින චිත්‍රපටයක්. සමහර විචාරකයන් මෙම චිත්‍රපටය අඳුරු එකක් ලෙස දකිනවා. ඔව්, මෙය අඳුරු යි. හැබැයි ඒ අඳුර මැද මේ මානව සබඳතාව ඔවුන්ට අත්පත් කර ගත නොහැකි නිසා ම, එය අත්පත් කර ගැනීමේ උනන්දුව ජනිත කරවනවා. සරත්සිරිට හා සෙල්විට එන බාධක නිසා ම චිත්‍රපටයේ හඬ ගෑම ප්‍රබල වෙනවා.

    ව.රූ.
    මුල දී ආන්ඩුව චිත්‍රපටය තහනම් කලා. ඔවුන් එය යුක්ති සහගත කලේ කෙසේ ද?

    ප්‍ර.වි. මෙහි ප්‍රධාන චරිතය වන සරත්සිරි හිටපු හමුදා සෙබලෙක්. ඔහු රාජකාරියෙන් පසුව තමන්ගේ පිස්තෝලය තබා ගෙන සිටීමේ දර්ශන ඉවත් කරන්න ඕන කියලා රැඟුම් පාලක මන්ඩලය කිව්වා. දොස්තෙයෙව්ස්කිගේ කෙටි නවකතාව තුලත් ඉන්නේ හමුදා සෙබලෙක්. මගේ චිත්‍රපටය තුල දී හමුදා සෙබලා පිස්තෝලය කිසි ම විටෙක අතින් අල්ලන්නේ නෑ. කෙටි නවකතාවේ දීත් එය අල්ලන්නේ නෑ. නමුත් එය දැකීම තරුනියට බලපාන්නේ කොහොම ද කියන එක තමයි කතා දෙකේ ම තියෙන්නේ. ඒ දර්ශනය නැතිව චිත්‍රපටය එතැනින් එහාට තේරුම් ගන්න ප්‍රේක්ෂකයන්ට බෑ.

    ඒ වගේ ම, තරුනිය පවසන දෙබස්වල එන “සිංහල හමුදාව“ කියන යෙදුම “ප්‍රශ්නකාරී“ බව රැඟුම් පාලක මන්ඩලය සඳහන් කලා. හමුදාව නිල වසයෙන් ශ්‍රී ලංකා හමුදාව ලෙස නම් කරලා තියෙන බව හැබෑව. නමුත් මගේ චිත්‍රපටයේ චරිත මගේ අදහස් හුවා දක්වන හොරනෑවල් නෙවෙයි.

    මගේ චිත්‍රපටයේ රිද්මය හැදිලා තියෙන්නේ මේ චරිත දෙකේ තියෙන ගැටුම හා ඔවුන්ට ඇති වෙන්නා වූ හෘද ස්පන්දනය මුසු වෙලා. ඔවුන් දෙදෙනා එකිනෙකා කියවනවා. එකිනෙකා තමන්ට දැනෙන දේවල්වලට ප්‍රතිචාර දක්වනවා. මේ හෘද ස්පන්දනයේ දී, දෙමල තරුනියක්, විශේෂයෙන් ම එල්ටීටීඊ පාලන ප්‍රදේශයක හිටපු තරුනියක්, ඇත්තට ම මොන වචන ද පාවිච්චි කරන්නේ? ඔවුන්ට එය සිංහල හමුදාව නෙවෙයි ද? මම පාවිච්චි කරන්නේ ඒ වචනය. එහෙම නැත් නම් මම අවංක කලාකරුවෙකු වෙන්නේ නෑ. මම පාවිච්චි කරලා තියෙන්නේ ඔවුන් පාවිච්චි කරන වචනය.

    රැඟුම් පාලක මන්ඩලය කියනවා, හමුදාව රත්තරන් සොරකම් කරලා තියෙනවා කියලා සෙල්වි කරන දෝෂාරෝපනය අනුචිත යි කියලා. ඒත් ඇය කියන්නේ ඇය සමාජයේ අසා තිබෙන දේවල්. “ඇයි මේ පුද්ගලයා එල්ටීටීඊය සිදු කල දේවල් කියන්නේ නැත්තේ?“ කියලා රැඟුම් පාලක මන්ඩලයේ සභාපති ගාමිනී සුමනසේකර මගෙන් දුරකථනයෙන් ඇහුවා.

    දැන් බොහෝ දෙනා කතා කරනවා නේ ප්‍රතිසන්ධානය ගැන. ඒ වගේ ම, යුද්ධයෙන් පසු සිංහල හා දෙමල ජනයා අතර සමගිය හා එක්සත් බව ඇති කරන්න ඕන කියලා. එහෙත්, සාමය අත් කර ගැනීමට නම්, අපි දේවල් දකින්න ඕන අනෙකාගේ දෘෂ්ටි කෝනයෙන්.

    ව.රූ.
    සෙල්විගේ ජීවිතයේ ඛේදජනක අවසානය පැහැදිලිව ම යුද්ධයේ ප්‍රතිඵලයක්.

    ප්‍ර.වි. ඒක ඇත්ත. නමුත් කලාකරුවෙකුට මෙකී තත්වයන්ගේ මූලයන් පේන්නේ ඔහු හෝ ඇය අවංක නම් පමන යි. එහෙම අවංක උනා ම ඔබට ඒවා ඔබ අවට සමාජය තුල පෙනේවි. මම රුසියානු සාහිත්‍යයේ ලෝලියෙක්. මේ සම්බන්ධයෙන් චෙකොව් ගත්තොත්, චෙකොව්ට අනුව ජීවිතේ තියෙන ලොකු ම අපරාධ වන්නේ, හුදෙක් වෙඩි තියන, මරන දේවල් විතරක් ම නෙවෙයි, මිනිසුන්ගේ ජීවිත සුපුෂ්පිත කිරීමට ඉඩ නොදීමත් අපරාධයක්. එය දෛනිකව අපේ රටේ දැවැන්ත ලෙස සිදු වෙනවා.

    ලෝකයේ අන් කිසිදු දෙයකට වඩා ක්ෂනිකව මිනිසුන්ගේ බලාපොරොත්තු, ප්‍රාර්ථනාවල් කුඩු පට්ටම් කරලා දාන්න යුද්ධයකට පුලුවන් නිසා යුද්ධය අපරාධයක්. අපි දන්නවා යුද්ධයට වගකිව යුත්තේ පවත්නා සමාජ ක්‍රමය හා එහි පදනම වන ධනවාදය බව. අවුරුදු තිහක් තිස්සේ අපි මෙය අත්දැක තියෙනවා. සිංහල හා දෙමල පීඩිතයන්ගේ ජීවිත පීඩනයට ලක් වෙන්නේ කෙසේ ද යන්න අපි අත්දැක තිබෙනවා.

    ව.රූ.
    චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

    ප්‍ර.වි. චිත්‍රපටය සිනමා ශාලා 20ක ප්‍රදර්ශනය ඇරඹී තිබෙනවා. විශේෂයෙන් තරුන පරපුර චිත්‍රපටය ගැන දක්වන ප්‍රතිචාරය ගැන මම තෘප්තිමත්.

    ඒ වගේ ම මම දකිනවා, මේ චිත්‍රපටය ඇතැමුන්ට අභියෝගයක් වුනා ඔවුන්ගේ විශ්වාසයන් සම්බන්ධයෙන්. ඇතැම් සමාජ මාධ්‍යවල මේ චිත්‍රපටය ගැන විවිධ අදහස් දක්වලා තිබුනා, “කොටි කතක් ඉදිරියේ සිංහල තරුනයෙකු දන ගස්වා තිබෙනවා“ යනාදී වසයෙන්. චිත්‍රපටයෙන් මම මතු කරන මානව ස්පර්ශය පිලිබඳ අභියෝගය සමහරුන්ට දරන්න බෑ.

    මම දකින විදියට මේ දෙපාර්ශ්වයෙහි ම මානව ස්පර්ශයට එකඟ නොවන ජාතිකවාදී බලවේග ඉන්නවා. ඔවුන් ඉතා ම සියුම් විදියට චිත්‍රපටයට එරෙහිව ප්‍රචාරක කටයුතු කර ගෙන යනවා. නමුත්, ඒ මධ්‍යයේ මේ රටේ විශේෂයෙන් තරුන පරපුර, සිතන මතන උගත් පරපුර මේ චිත්‍රපටය කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා.

    ව.රූ.
    ජනවාරි මාසයේ දී, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ගෙන ගිය උද්ඝෝෂනයට ඔබ සහාය දුන්නා. දැන් මාස නවයකට පසු ආපසු හැරී බලන විට, සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආන්ඩු බලයට ගෙන ආ ව්‍යාපාරයකට සම්බන්ධ වීමට ඔබ ගත් තීන්දුව ගැන සිතන්නේ කුමක් ද?

    ප්‍ර.වි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය කෙරෙහි අතෘප්තිමත් විවිධ කන්ඩායම් මතු වුනා. ඒ අතර සැබවින් ම ඉන් පීඩාවට පත් පිරිස් හිටියා, විශේෂයෙන් ම මහින්ද චින්තනය නමැති විසකුරු මෙවලම මේ රටේ කලාව, සංස්කෘතිය ඇතුලු දේවල් ඛාදනය කරපු ආකාරය ගැන කලකිරුනු පිරිසකුත් හිටියා. මම අයත් වෙන්නේ ඒ කන්ඩායමට. එම මොහොතේ, මම පෞද්ගලිකව හිතුවා මේ තත්වය තුල මහින්ද රාජපක්ෂ පරාජය කල යුතු යි කියලා. ඒ අනුව පුරවැසි බලය වේදිකාවේ දී අපි කීවා රාජපක්ෂට විරුද්ධව ඡන්දය දෙන්න කියලා. ඒත් අපි දැන ගෙන හිටියා මේකේ වාසිය යන්නේ සිරිසේනට කියලා. මට දැන් පැහැදිලි යි, කලාකරුවෙකු හැටියට ඒ පෙල ගැස්මේ දී මගේ දෘෂ්ටිය ව්‍යාකූල යි කියලා.

    සිරිසේන සඳහා ගෙන ගිය උද්ඝෝෂනය පිටුපස පෙල ගැසීමෙහි සැබෑ දේශපාලන අර්ථය පිලිබඳව අනතුරු ඇඟවූයේ සමාජවාදී සමානතා පක්ෂය පමන යි. මට පිලිගන්න සිදු වෙනවා, මම බලලා තියෙන්නේ ප්‍රශ්නයේ මතුපිට පමන යි, හදිසි කාරනා ගැන පමන යි. මෛත්‍රීපාල සිරිසේනගේ ධනේශ්වර සන්ධානයට ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුන දී සිටින මොන ම ප්‍රශ්නයකට වත් පිලිතුරක් තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ
    .
    මහින්දගෙන් ගැලවීමෙන් අනතුරුව ඇති වූ වෙනස දැනෙන ප්‍රමානය ගත්තොත් ඉතා අල්ප යි. සුලු අවකාශයක් පෞද්ගලිකව අපට ලැබුනා. මගේ චිත්‍රපටය නිදහස් වුනා. මහින්ද රාජපක්ෂ බලයේ හිටියා නම් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ නෑ. වර්තමාන රජය නව රැඟුම් පාලක මන්ඩලයක් දැම්ම නිසා තමයි මේ චිත්‍රපටය එලියට ආවේ. නමුත් කලාකරුවන් වසයෙන් අප ඉල්ලා සිටියේ මේ රැඟුම් පාලක මන්ඩල, මේ සියලු බන්ධන, කලාකරුවන් රාජ්‍යය සමග බැඳ තිබෙන බන්ධන ඉවත් කරන්න කියලා. ඒ කිසිදු දෙයක් වර්තමානයේ සිදු වන්නේ නැහැ.

    නිදහසෙන් පසුව සෑම රජයක් ම කලාව හා කලාකරුවන් සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ කලාවට අනපනත් පැනවීම, එහෙම නැති නම් කලාව විනාශ කිරීම සඳහා එය ඉල්ලුම සැපයුම මත තීරනය වීමට ඉඩ හැරීම. මෙය කලාත්මක පරිහානියට හේතු වෙලා තිබෙනවා වගේ ම එහි විනාශයට මග සකස් කරනවා. මගේ චිත්‍රපටය නිදහස් කෙරිලා තිබුනත්, කලාවේ වර්ධනය වෙනුවෙන් මොන යම් ම හෝ සාධනීය පියවරක් මෙම ආන්ඩුවට ගත හැකි යැයි මා විශ්වාස කරන්නේ නෑ.

    9Y7qmQ3.png
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක ලස්සන උනත් පට්ට ගොබ්බයි. සිංහල හමුදාවේ උන් දෙමල තරුණියන් සියල්ලම පහේ ධුස්හන්ය කරනවා කියන මතය වපුරන්න හදනවා. එත් එක ඇත්ත නෙමයි කියල හැමෝම දන්නවා. ඒවගේම හමුදාවෙන් පන එන සෙබලා පැනලා එන්න හේතුව වෙන්නේ දෙමල තරුණියක් ධුෂණය වනු දැක කමපවට පත්වීම. එක ඇත්ත වෙන්න් පුලුවන්ද ?? හමුදාවෙන් පැනල එන සොල්දාදුවෙක් පැනලා එන්නේ හමුදාවේ කටයුතු දුෂ්කරහා මැරෙන්න තියන අකමැත්ත නිසා කියල තමයි හිතන්න වෙන්නේ. ජීවිතය පිළිබද ආශාව වෙන් වචනවලින් කියනවනම්. එතන සිනාමා කරුවා යතාරටහ්යෙන් බැහැර වෙලා තියනවා. එතනින් පස්සේ චිත්රටිය බලන එක වැඩක් නැහැ කියල හිතෙන්නේ.
     
    කතාව බොහොම කෙටියෙන් :)

    ඔබ නැතුව, ඔබ එක්ක කෘතියේ ප‍්‍රධාන පිරිමි චරිතය වන සරත්සිරි (ශ්‍යාම් ප‍්‍රනාන්දු), ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දෙමල වතු කම්කරුවන් වාසය කරන කුඩා නගරයක සිය ව්‍යාපාරය පවත්වාගෙන යන සිංහල උකස්කරුවෙකි. සිය දුගී සේවාදායකයින් කෙරෙහි ඔහු තුල මඳ අනුකම්පාවකුදු නැත.

    තම නේවාසික ගාස්තු උපයා ගැනීම පිනිස සිය ස්වර්නාභරන උකසට තැබීමට නිතර පැමිනෙන සෙල්වි (අංජලී පටිල්), සුරූපී දමිල යෞවනියකි. සෙල්වි යුද්ධයෙන් දැදුරු වූ උතුරු පලාතෙන් පැමිනියක වන අතර ඈ පිලිබඳ සිත්කරදරයට පත් දෙමාපියෝ හමුදා ප‍්‍රචන්ඩත්වයෙන් ගලවාගනු පිනිස ඈ මධ්‍යම කඳුකරයට එවති. දැන් ඇය වතු කම්කරු පවුලක් සමග ජීවත් වෙයි. සරත්සිරි පසුව සෙල්වි හා විවාහ වෙයි.

    සිය සැමියා දෙමල ජනයාට එරෙහි බොහෝ අපරාධවලට වගකිව යුතු වූ ශ‍්‍රී ලංකා හමුදාවේ සාමාජිකයකුව සිටි බව අලුත් මනාලිය දැනගත් විට ඕ චිත්තවේගාත්මක කැලඹීමක ගිලී යයි. සත්තකින් ම ඔහුගේ අතීතය පිලිබඳ දැනුවත් බව ඛේදජනක අවසානයක් සහිත සිදුවීම් මාලාවක ආරම්භය වෙයි. මෙය දොස්තයෙව්ස්කිගේ කතාවේ සාමාන්‍ය වැටිසන අනුව ගමන් කරන්නකි.

    අවසාන දර්ශනය ප‍්‍රගාඪ ආතතියක් සේ ම සහානුභූතියක් ද නරඹන්නා තුල ජනනය කරයි. ඒ සමග ම කෘතියේ වේදනාබර කූටප‍්‍රාප්තියට මග පෑදූ සිදුවීම් දාමය බැරෑරුම්ව වගවිභාග කරගැනීමට පේ‍්‍රක්ෂකාගාරයට බල කෙරේ.
    මානව ලාලසාවන් ජන වාර්ගික රේඛා අනුව පටු කල හැකි හෝ කූඩු කළ හැකි නොවන බැව් විතානගේගේ චිත‍්‍රපටය තර්ක කරයි. ඇය, පරිපූර්න ජීවිතයක් අපේක්ෂා කරන සංස්කෘතිකවත් තරුන ස්ත‍්‍රියකි. ඇය, මුදල්, වාර්ගික හා පුරුෂෝත්තමවාදී පසුගාමීත්වයෙන් මෙහෙයවෙන සරත්සිරිට මෙන් ම එවැනි පසුගාමී සංකල්පනයන් ආධිපත්‍යය උසුලන සමාජයක සදාචාර වටිනාකම්වලට ද අභියෝගයක් ඉදිරිපත් කරන්නී ය.

    අලුත් ආරම්භයකට අවස්ථාව ලදුව සෙල්වි සිය මුල් කාලීන වේදනාවන් අමතක කොට ජීවිතය වැලඳගැනීමට තැත් කරයි. සිය විසල් ඇස් කරුනාවෙන් ඔහු වෙත ම යොමු කරගෙන, ඕ සරත්සිරි සමග උතුරා යන ආදර ස්නේහයෙන් යුතු ව කල් ගෙවයි. ඔවුන් එකිනෙකා කෙරෙහි අවංක ද ලෙන්ගතු ද වන සෑම විටක ම සෙල්වි සහ සරත්සිරි අතර වන භාවාත්මක ගැඹුර නරඹන්නාට දැනෙන්නට සැලැස්වීමට විතානගේ සාර්ථක ලෙස සමත් වෙයි.

    දෙමල සුලුතරය යුද්ධයේ කටුකතම ප‍්‍රතිවිපාක අත් වින්දේ ය. සෙල්විගේ දෙමාපියන් මරාදැමුනු අතර යන්තම් පාසැල් සිසුන් පමනක්වූ ඇගේ සහෝදරයන් දෙදෙනා ශ‍්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කෙරෙන්නේ ඔවුන් එල්ටීටීඊ සැකකරුවන් ලෙස හඳුන්වමිනි.

    යුද්ධයේ බලපෑම ඇයට දැනෙනුයේ සිංහලයින්ට වෙනස් ලෙස බව කියන සෙල්වි කෝපයෙන් සරත්සිරිට අභියෝග කරයි, "ඔයා හමුදාවෙ ඉන්නකොට දෙමලු දෙනෙක් මැරුවද?" ඇය දිගටම කියාගෙන යයි:"[දෙමල] ගෑනු ලමයි කීදෙනෙක් දූෂනය කරලා තියෙනවා ද? රත්තරන් කොච්චර හොරකම් කරලා තියෙනවා ද?" සෙල්වි සිය ප‍්‍රශ්න සරත්සිරිට එල්ල කල ද නරඹන්නාට එයින් ඇඟවුම් කෙරෙනුයේ දුක්විඳින දෙමල ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පාලක ප‍්‍රභූවෙන් අසන ප‍්‍රශ්න ලෙසට ය.

    මෙලෙස විතානගේ, ලේ වැකි ගැටුම තුල සිය දහස් ගනන් සාමාන්‍ය ජනතාවට එරෙහි ව සිදු කෙරුනු යුද අපරාධ වසන් කිරීම ඒකායන අරමුන කරගෙන රාජපක්ෂ පාලන තන්ත‍්‍රය සහ ජනමාධ්‍ය විසින් ගෙනයනු ලබන මුසාවාද සිදුරු කර දමයි.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    oka bari welawath hadala thibbanm kellage koti paulen kollage paulata karadara wela eka kolla passe danagaththe wage scn ekak dala balanna thibba redda ussagena kagahana hati...:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19282462 said:

    ෆිල්ම් එක ලස්සනයි මච්න්. එත් නොගලපෙන් තන් තියනව. ඔක තනිකරම හමුඩාවට මඩ ගහන්න හැදුව වගෙ. යුධ්ධේදී මොනා උනත් දැන් යුද්දේ එවරයි. කොතනකවත් දෙමල මිනිහෙක් ෆිල්ම් එකක් හදන්නේ නැහැ අරන්තලාවේ හාමුදුරුවෝ මරපු එක ගැන එහෙම.

    ඕවා නැතව නැතව මතු කරනවා වෙනුවට කරන්න ඕනි ජාතික සමගිය හදන එක එත් මේ යුද්දයේ අදුරු පැත්ත තුවාලයක් වගේ පාර පාර සම්මාන ගන්න හදන එක නම් බලු වැඩක් මචං.

    දෙමල ගනී ප්‍රශ්න අහන්නේ හරියට කොල්ලෝ අමි එකට ගියේ හොරකම් කරන්නයි දුෂණය කරන්නයි වගේ
     
    පොඩ්ඩක් හිත දිග ඇරලා බලහන් මචෝ යුද්දය කලේ දෙපැත්තේම මනුස්සයෝ
    ඒ මිම්මෙන් තමා මේකත් උබ බැලුවොත් හොදයි කියලා හිතෙන්නේ
    6420847.gif

    9Y7qmQ3.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19286037 said:
    පොඩ්ඩක් හිත දිග ඇරලා බලහන් මචෝ යුද්දය කලේ දෙපැත්තේම මනුස්සයෝ
    ඒ මිම්මෙන් තමා මේකත් උබ බැලුවොත් හොදයි කියලා හිතෙන්නේ
    6420847.gif

    9Y7qmQ3.png

    යුද්දය කලේ දෙපැත්තේම මනුස්සයෝ කියන එක ඇත්ත, දෙපැත්තෙන්ම අපරාද වෙනවා කියන එකත් ඇත්ත. එත් ඒවා තව තව ඇමතු කර කර රසවිදින්න් ඕනි කාටද ?? ඕවා යට යන්න දීලා දෙමල සිංහල සුහදතාවය වැඩි කිරීමයි කරන්න ඕනි. නැතුව තුවාල පරණ එක නෙමයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සොහොන;19286037 said:
    පොඩ්ඩක් හිත දිග ඇරලා බලහන් මචෝ යුද්දය කලේ දෙපැත්තේම මනුස්සයෝ
    ඒ මිම්මෙන් තමා මේකත් උබ බැලුවොත් හොදයි කියලා හිතෙන්නේ
    6420847.gif

    9Y7qmQ3.png

    ෆිල්ම් එක බැලුවේ නෑ තාම
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඔවුන් චිත්‍රපටි නිෂ්පාදකයන් ගැන හිතන්නෙ නැහ. හදපු හැම ෆිල්ම් හැම එකක්ම පාඩුයි. මෙයාල ලකුණු දාගන්නවා .. නිශ්පාදකයන් අමාරුවෙ දාල.. මම දන්න විදියට ඕක නිෂ්පාදනය කලේ ඇඩමාලි කියල කෙනෙක්