" මල්ලි උඹලා අරගලේට පලයං...අපිට එන්න විදිහක් නෑ. හයර් එක දහයි. පන්සීයක් දියං. අපි ඉන්නවා උඹලා එක්ක.." කියපු ත්රීරෝද රථ රියදුරා අරගලේට නාවෙ එන්න අකමැති හින්දා නෙමෙයි. ඔහු අරගලේට දවසක් ගියොත් බඩවල් හතර පහක් බඩගින්නෙ හින්දා. නමුත් ඔහු ඇතුළු එහෙම අතිශය සාධාරණ මානුශීය හේතු මත පාරට නොබැස්සට රටේ මිනිස්සු හදවතින්ම හිටියෙ අරගලය එක්ක.
එතකොට මේ වෙනකන් අරගල බිමේ රැඳිලා අල්ලගෙන හිටියෙ අරගලය වෙනුවෙන් වැය කරන්න පුළුවන් කාලයක්, යම් ආර්ථික හැකියාවක් තිබුණ පන්තිය. එයාලා මේ අර්බුදය එක්ක හැප්පෙන්නෙ එයාලගෙ විදිහට. මතවාදීමය පැත්තට බරව, නෛතික ක්රියාවලීන්ගෙන්, සාමකාමීව., විවිධ නිර්මාණශීලී ප්රවේශයන් එක්ක.මොකද එයාලට එයලගෙ ජීවිත අල්ලගෙන ඉන්න තවත් විකල්ප තියන හින්දා. ඒ ප්රවේශයන්ගේ කිසිම වරදක් නෑ. ඉතිහාසයේ බලවත්ම ජනාධිපතිව සතියක් ඇතුළත බිත්තියට හේත්තු කිරීමේ ඉඳන් මේ වෙනකන් දිනාගත්ත සියළු දේවල් වුණේ ඒ ක්රමයන් හින්දා.
නමුත් අර කලින් කියපු මිනිස්සු පාරට බහින්නෙ ජීවන අරගලය ගෙනයාමේ විකල්ප සියල්ල අවසන් වුණ වෙලාවෙදි.
උදාහරණයක් විදිහට එකපාරට තෙල් මිල වැඩිවුනාම අර ත්රීරෝද රථ රියදුරාට දවසෙම හයර් දිව්වත් ජීවත්වෙන්න බැරි මොහොතක් එනවා. දරුවො බඩගින්නෙ ඉන්නවා බලන් ඉන්න බැරි මනුස්සයෙක් පාරට ආවට පස්සෙ අපි කියන ෆේස්බුක් බණ වලින් නිවන්න බෑ.
ඒකයි නන්දසේනට කලින් සිංහලෙන් කිව්වෙ මේක "සාමකාමී අරගලය" ඉර වදින තැනින් නම්බු පිටින් ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න කියලා. මොකද අවුරුදු හැටක් විතර තිස්සෙ හැමදාම පීඩිත වෙලා හිටපු මිනිස්සු පාරට බහින්නෙ පැය හයක් ලයිට් කපලා ෆෑන් එක නැතිවුණාම පාරට බහින අය පාරට බහින විදිහට නෙමෙයි.
ඒකයි කලින් කිව්වෙ සාමකාමී අරගලය කොල්ලන්ගෙ ජෝගියක් විදිහට අරන් දිගටම විහිලු කර කර ඉන්න එක ඉතා භයානකයි කියලා. මොකද නන්දසේන සහ ආණ්ඩුව ඒ විහිලු කර කර හිටියෙ රටේ මිනිස්සු එයාලට නම්බු පිටින් ගෙදර යන්න දුන්න ස්වර්ණමය අවස්තාව එක්ක. ඒක මහජන ධනය හොරාකාපු , රාජ්ය ත්රs තවාදය වපුරපු දුර්දාන්ත පාලනේකට කලාතුරකින් ලැබෙන දුර්ලබ අවස්තාවක්.
තාමත් නන්දසේනට වෙලාව තියනවා රට තවත් අර්බුදයකට ඇදලා දාන්නෙ නැතුව නම්බු පිටින් ඉවත්වෙලා, ජනතාව සන්සුන් කරන්න. මොකද මේ වෙන හැමදේටම වගකියන්න ඕනෙ ජනාධිපති නන්දසේන සහ එයාගෙ ආණ්ඩුව.
කාබනික වගා සංග්රාමෙ වැරදුණා කියලා එයා පිළිගත්තට ඒකෙන් බැටකාපු ගොවියන්ට එයා කරපු බිබික්කමක් නෑ කියන එක මේ වෙද්දී මතක් වෙන්න ඕනෙ එයාට.
එහෙම නැතුව රතුපස්වල සිස්ටම් එකෙන් මේ විරෝධය මර්දනය කරන්න බැහැ කියලත් ආණ්ඩුවට තේරෙන්න ඕනෙ. එයාලා මේ අරගලවලට මැදිහත්වෙලා ඉන්න ක්රියාකාරීන්ගෙ ලිස්ට් හදාගෙන ඉස්සුවා කියලා මේවා නවත්තන්න බෑ. ඇරත් හමුදාවේ පොලීසියෙ මිනිස්සුන්ගෙ පවුල්වල අයත් ඉන්නෙ පාරෙ විරෝධතාවලම තමයි.
ජනතාවගෙන් ඉල්ලන්න තියන එකම ඉල්ලීම මේ අසීරු මොහොතේ තමන්ගේ එකාව තදින් වැළඳගන්න.. අල්ලගන්න. සිහියෙන් වැඩ කරන්න. මර්දනයට එරෙහිවෙන්න. ඔබේ පීඩනය හොඳින්ම දැනෙනවා. තේරෙනවා.නමුත් හැකිතරම් සාමකාමී වෙන්න. මොකද ඔබට අනතුරක් වුණොත් ඒකෙ වන්දිය ගෙවන්නෙ ආණ්ඩුව නෙමෙයි. එක්වෙන්න. එක්වීම හැර විකල්පයක් නෑ අපිට.
පාලිමේන්තුවෙ ඉන්න පිංබතාලට පුළුවන් තවත් ජෝගිනට නට ඉන්නැතුව, අසරණ මිනිස්සුන්ගෙ බදුසල්ලිවලින් පවුල් පිටින් කාපු බත්වල කෙලෙහෙගුණ පොඩ්ඩක් හරි තියනවනං ඉක්මනින් පාලිමේන්තුව ඇතුලෙ මේ අර්බුදය විසඳන්න.
ජනාධිපතිතුමනි,සියළු පාලිමේන්තු මන්ත්රීවරුනි.,
කවදාවත් දරුවො බඩගින්නෙ අඬන අම්මෙක්ගෙ හයිය අවතක්සේරු කරන්න එපා. !