මීතොටමුල්ල_නාය යයි
කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සේවා සදහා කඩිනමින් කි‍්‍රයා කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදාවටට, පොලීසියට සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව අදාළ සියලූ පාර්ශව මේ වනවිටත් බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ.
ගිනි ගැනීම් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ යානයක්ද මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයට යවා තිබෙනවා.
ආපදාව නැරඹීම සදහා එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සෙසු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එලෙස අනවශ්‍ය පිරිස් පැමිණීම බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවාවලටද බාධාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටුණේ අද පස්වරු 3 ට පමණයි.
නිවාස කිහිපයකට එයින් හානි සිදුවී තිබෙනවා.
තුවාල ලැබූවන් හත් දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.
------------------------------------------------------------------------
බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් මීතොටමුල්ල මෙහෙයුමට එක් වෙයි UPDATE 14-04-2017 (06:00)
මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ගුවන් හමුදාවේ බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් ද එක්ව තිබෙනවා.

මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීම නිසා නිවාස 100 ක් යටවෙයි UPDATE 14-04-2017 (05:45)
කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීම නිසා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇති බව පොලිසිය පවසනවා.
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිවාස පෙලක් මෙලෙස කුණු කන්දට යට වී ඇති බවයි.
ඒ අනුව කුණු කන්දට යට වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශ කළේ.
----------------------------------------------------------------------------
මීතොටමුල්ල කසල කන්ද කඩාවැටී නිවාස කිහිපයක් යටවෙයි UPDATE 14-04-2017 (05:00)
කසල කන්දට යට වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා පොලිසිය මෙන්ම ත්‍රිවිධ හමුදාවද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, කුණු කන්දට යට වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
-------------------------------------------------------------------------------
UPDATE 14-04-2017 (04:40)
කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටී ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් අසල පිහිටි නිවාස කිහිපයක් යටවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
වහා මැදිහත්වී පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
කොලොන්නාව කුණු කන්ද 10 දෙනෙකුට මරු කැඳවයි
කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මියගිය ගණන 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු ද ඊට අයත් බව ය.
තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයින් 7 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමේ සිද්ධියෙන් පුද්ගලයින් 180 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ ප්‍රදේශයේ විහාරස්ථානයක ඔවුන් රඳවා ඇති බව ය.
සිද්ධියෙන් විපතට පත්වූවන්ට මුදවා ගැනීම සඳහා කඩිනමින් වහාම පියවර ගන්නැයි ජනාධිපතිතුමා තමුන්ට උපදෙස් ලබාදුන් බව ද ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසයි.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 300 ත් 400 ත් අතර පිරිසක් යොදවා ඇතැයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් විපතට පත්වුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල මිහිඳු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ආපදාවට ලක්වූ පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ස්ථානය නැරඹිට පැමිණිමෙන් වළකින ලෙස ය.
එය මෙහෙයුම්වලට බාධාවක් බව ද ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
මේ අතර මීතොටමුල්ල කුණු කන්ද අවට නිවාස 15 ක ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට සතියකට පමණ පෙර දැනුම් දී තිබූ බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා පවසයි.
මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීම නිසා නිවාස 100 ක් යටවෙයි

Last edited:
paw bn oya minissu