සල්ලි දීලා කඩෙන් කන්නට
අපිට තේරෙන්නැති නිසා
නිවාගන්නට දැනුණ බඩගිනි
කෑම හොය හොය මම ගියා
යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස ගියා
එද්දි අස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහි උණා
පොඩ්ඩ ආසම කන්න පොල්මයි
දැකල මට හිනහත් ගියා
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා
ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා
බලල වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උණා
වෙනද වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිර වෙලා
කටින් අල්ලන් ඇද්ද තදටම
මගේ මුලු හයියම තියා
කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා
උඩින් වැටුණේ යකඩ පතුරක්
බෙල්ල විදගෙන උල් ගියා
පෙලාගෙන කුස රැදුන බඩගිනි
ගසාගෙන කොහෙදෝ ගියා
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උණා
එන්න බැරිවෙයි ආයෙ අම්මට
පොඩ්ඩො අම්මව අහුඋණා
උඹව සිහි වී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උණා
කාපු චුට්ටත් බෙල්ලෙ සිදුරෙන්
පොඩ්ඩො එළියට පිට උණා
හිරවෙලා මම ගොඩක් ඇඩුවා
උඹේ පංගුව බල බලා
කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙළඹුනා
උසස් මනසට මිනිස් මොළයට
තිරිසන්නු අපි පැරදුණා
(අදහස උපුටා ගැනීමකි)
අපිට තේරෙන්නැති නිසා
නිවාගන්නට දැනුණ බඩගිනි
කෑම හොය හොය මම ගියා
යටම ලීයට ටිකක් ඈතින්
රසම දේකට ඇස ගියා
එද්දි අස්සක හංගලා ආ
පොඩ්ඩවත් මට සිහි උණා
පොඩ්ඩ ආසම කන්න පොල්මයි
දැකල මට හිනහත් ගියා
කෑලි කඩ කඩ හපල දුන්නම
කන්නෙ මගෙ තුරුලට වෙලා
ටිකක් කාලා අරන් යනවා
අනිත් ටික පොඩ්ඩට කියා
බලල වටපිට හෙමි හෙමින් මම
පොල් කෑල්ලට ලං උණා
වෙනද වගෙ නෑ මේක අදනම්
මොකෝ මෙච්චර හිර වෙලා
කටින් අල්ලන් ඇද්ද තදටම
මගේ මුලු හයියම තියා
කටට ආවත් පොල් කෑල්ලම
මගේ දත් වල තදවෙලා
උඩින් වැටුණේ යකඩ පතුරක්
බෙල්ල විදගෙන උල් ගියා
පෙලාගෙන කුස රැදුන බඩගිනි
ගසාගෙන කොහෙදෝ ගියා
හයිය නෑ මට ගලව ගන්නට
ඇස් දෙකම මගෙ තෙත් උණා
එන්න බැරිවෙයි ආයෙ අම්මට
පොඩ්ඩො අම්මව අහුඋණා
උඹව සිහි වී එන්න ඇද්දත්
බෙල්ල තව තව තද උණා
කාපු චුට්ටත් බෙල්ලෙ සිදුරෙන්
පොඩ්ඩො එළියට පිට උණා
හිරවෙලා මම ගොඩක් ඇඩුවා
උඹේ පංගුව බල බලා
කෑම පෙන්නල පනත් ගන්නට
පොඩ්ඩො මිනිසුන් පෙළඹුනා
උසස් මනසට මිනිස් මොළයට
තිරිසන්නු අපි පැරදුණා
(අදහස උපුටා ගැනීමකි)



යාන්තන් කොහොමහරි දඟලලා ඌව බේරලා යවලා..
නහයෙන් පොඩ්ඩක් ලේ ආව ඒත් සතා හොඳින්. අන්තිමට කුඩුවක පැටව් ටිකත් එක්ක මී අම්ම හොන්දවෙනකන් තියං ඉඳලා වත්තටම අතැරලා දැම්ම. පස්සේ දවසක් දෙකක් දැක්ක 