මීයාගේ අදෝනාව

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සල්ලි දීලා කඩෙන් කන්නට
    අපි⁣ට තේරෙන්නැති නිසා
    නිවාගන්නට දැනුණ බඩගිනි
    කෑම හොය හොය මම ගියා😇

    යටම ලීයට ටිකක් ඈතින්
    රසම දේකට ඇස ගියා
    එද්දි අස්සක හංගලා ආ
    පොඩ්ඩවත් මට සිහි උණා😘

    පොඩ්ඩ ආසම කන්න පොල්මයි
    දැකල මට හිනහත් ගියා
    කෑලි කඩ කඩ හපල දුන්නම
    කන්නෙ මගෙ තුරුලට වෙලා😍

    ටිකක් කාලා අරන් යනවා
    අනිත් ටික පොඩ්ඩට කියා
    බලල වටපිට හෙමි හෙමින් මම
    පොල් කෑල්ලට ලං උණා😋

    වෙනද වගෙ නෑ මේක අදනම්
    මොකෝ මෙච්චර හිර වෙලා
    කටින් අල්ලන් ඇද්ද තදටම
    මගේ මුලු හයියම තියා😞

    කටට ආවත් පොල් කෑල්ලම
    මගේ දත් වල තදවෙලා
    උඩින් වැටුණේ යකඩ පතුරක්
    බෙල්ල විදගෙන උල් ගියා😖

    පෙලාගෙන කුස රැදුන බඩගිනි
    ගසාගෙන කොහෙදෝ ගියා
    හයිය නෑ මට ගලව ගන්නට
    ඇස් දෙකම මගෙ තෙත් උණා😓

    එන්න බැරිවෙයි ආයෙ අම්මට
    පොඩ්ඩො අම්මව අහුඋණා
    උඹව සිහි වී එන්න ඇද්දත්
    බෙල්ල තව තව තද උණා😔

    කාපු චුට්ටත් බෙල්ලෙ සිදුරෙන්
    පොඩ්ඩො එළියට පිට උණා
    හිරවෙලා මම ගොඩක් ඇඩුවා
    උඹේ පංගුව බල බලා😔

    කෑම පෙන්නල පනත් ගන්නට
    පොඩ්ඩො මිනිසුන් පෙළඹුනා
    උසස් මනසට මිනිස් මොළයට
    තිරිසන්නු අපි පැරදුණා😞

    (අදහස උපුටා ගැනීමකි)​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    එන්න බැරිවෙයි ආයෙ අම්මට
    පොඩ්ඩො අම්මව අහුඋණා

    එකපාරට පැටව් 6-8 දාන්න පුළුවන්ලු (Average) අවම 3, උපරිම 14

    අවුරුද්දට 5-10 පාරක් පැටව් දානව, 8 පාරක් කියමුකො

    අවුරුද්දට සාමාන්‍යයෙන් පැටව් 8 x 8 = 64

    අවුරුදු 2-3 ජීවත් වෙන්න පුළුවන් මැරුවෙ නැත්නම් ඒ කියන්නෙ අවම පැටව් 128 දාන්න පුළුවන් කපල් එකක් ෆුල් කාලෙම ජීවත් වෙලා හිටියොත්, ගෙදර ඉන්න වෙන්නෙ නෑ


    Source : https://en.wikipedia.org/wiki/House_mouse
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ ගෙදරත් මී කතුරු තියන එක නැවතුනා මී කතුරට ලේනෙක් අහු වෙලා ඉඳලා..:sorry:
    අම්මා යාන්තන් ඌව බේරගෙන තිබුණා.. :baffled:
    කලන්තේ වගේ ආවලු ඌ දඟලන විදිහ දැකලා..:dull: යාන්තන් කොහොමහරි දඟලලා ඌව බේරලා යවලා..
    මී කතුර තිබ්බට මීයා අහු වෙනවා දකින්නේ නෑනේ. ඒවුනාට සතෙක් අහු වෙනවා දැක්කාම ඒ වැඩේ එපා වෙනවා..:sorry:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලියපු එකාගෙ නම හරි සයිට් එක හරි දැම්මනම් වටිනව මචෝ ..ලස්සනට ලියල තියෙනව...TFS
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මාත් දැං ටික ටික මී කූඩුව තියන්නෙ
    මීකතුරට අහු උනාම පූස කන්නෙ නෑ වලදාන්න එහෙම කරදරේ
    මී කූඩුවට අහු උනාම පූස ලගට ගිහින් කූඩුව ඇරිම ඌ එහෙමම අල්ලගෙන කනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා ඔහොම සීන් එකක් මටත් වුනා.:sorry::sorry: හික්මියෝ දැකල තියෙනවනේ නහය ටිකක් උලට තියෙන අළුපාට පොඩි මියෝ. එකෙක් නිකං ගමේ යනවා වගේ කුස්සියේ මොනවහරි කෑමක් අරන් ගෑස් කුකර් එකේ අවන් එක යටට ගියා. මම පොඩ්ඩක් බලන් හිටියම මෙන්න මූ ආයේ ඔලුව එලියට දැම්මා. අතට අහුවුනේ පොල්කටු හැන්ද. දුන්න පොඩි ෂොට් එකක් ඔළුවට, මියා සෙට්ටපොච්චි.:sorry: පොඩ්ඩක් ගැස් කුකර් එක ඇදලා බලනකොට පැටව් හතරපස්දෙනෙක් අර මැරුණ සතාගෙන් කිරිබොනවා:sorry:

    මට අවුල් වුන පාර පටගාල සතාට වතුර ටිකක් ඉහලා පපුවත් පොඩ්ඩක් තදකලා කටට වතුර බින්දුවක් දැම්මා. වෙලාවට සතාට පන ආවා:shocked: නහයෙන් පොඩ්ඩක් ලේ ආව ඒත් සතා හොඳින්. අන්තිමට කුඩුවක පැටව් ටිකත් එක්ක මී අම්ම හොන්දවෙනකන් තියං ඉඳලා වත්තටම අතැරලා දැම්ම. පස්සේ දවසක් දෙකක් දැක්ක
    මී අම්මත් එක්ක මීපැටව් පෝලිමට පස්සෙන් දුවනවා:love::love:

    හම්මෝ එදානන් ගෙවන්න බැරි පවකින් ගැලවුනා :dull:



    ++
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මියාගේ අඳෝනාව

    7Tl27UU.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    වැදුණා බොක්කටම.

    මම නම් මරන්නේ නෑ..මී කුඩුවකට දාලා පාළු වත්තකට ගිහින් දානවා. බළල්ලු අල්ලන ඒවට කරන්න දෙයක් නෑ..

    දවසක් බයික් කාරයෙක් වේගෙන් ඇවිත් ඇන්නා පිටිපස්සේ ටයර් එකට. ඌ වැටිලා ලේ ගලනවා. මම බෙහෙත් දාලා දෙන්න ඇහුවාම කියනවා "දුව පාරේ තනියෙන්, ඉක්මනට ගත්තේ නැත්නම් එයා වැස්සට තෙමෙයි " කියලා.පොර ලේ පෙර පෙරා ගියේ. පොඩි සමානකමක් තියෙන හින්දායි දැම්මේ.

    හැමෝටම තමන්ගේ ජීවිතය වැදගත් , ගොඩක් වැදගත් වන්නේ තමා නිසා නෙවේ.තමන්ගේ අයවළුන් නිසා.