මීයා සහ බලාපොරොත්තුව

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වසරකට මිලියන එකසිය එකොලහකට වැඩි මීයන් ප්‍රමාණයක් මිනිසුන්ගේ පර්‍යේශනණ සඳහා යොදාගන්නව කිව්වොත් විශ්වාස කරනවද?

    වෙනස් විදිහකට කිව්වොත් බෙහෙත් පෙත්තෙ ඉඳල සුවඳ විලවුන් දක්වා නිෂ්පාදන මිනිස් පරිහරණයට සුදුසුද කියල හොයල බලන්න මීයන් මිලියන එකසිය එකොලහක් වසරකට මරා දානව.

    ජාන හෙවත් ඩී එන් ඒ පිහිටීම හා හැඩගැසීම මත .. ජීව හා කායික ප්‍රථික්‍රියා මත (In terms of anatomy, physiology and genetics) මීයන් මිනිසුන්ට සමාන වීම නිස‍යි මේ අසාධාරණයට මුහුන දෙන්න මීයන්ට සිද්ධ වෙලා තියෙන්නෙ.
    අනිත් අතින් හදිසි අවස්ථාවන් වලට මුහුණ දීමේදී
    මී මොළයට සමාන ලෙස තමයි මිනිස් මොළය ක්‍රියාත්මක වෙන්නෙත්.

    මීයන් යොදාගෙන කරන මේ පර්‍යේශණ 17වන සියවස දක්වා ඈතකට දිවෙනව. හරියටම කිව්වොත් මේ ගැන මුලින්ම වාර්ථා වෙන්නෙ 1678 මැයි තිස්වෙනිදා දොස්තර විලියම් හාවි මහත්තයා එයාගෙ පර්‍යේශණ වලට මීයන් සිය ගණනක් යොදා ගැනීමත් එක්කයි.
    විලියම් හාවි කියද්දි රුධිර සංසරණ පද්දතිය මතක් වුනා නම් නිවැරදියි. ( William Harvey 1578 -1657) ඒ හාවි මහත්තයා තමයි මේ මීයන් උපයෝගී කරගෙන රුධිර සංසරණය වීම ගැන පරීක්ශණ සිදු කරේ.

    නමුත් මේ කතාකරන පර්‍යේශණය සිද්ධ වෙන්නෙ 1950 අවුරුද්ද වගේ මෑතකදි.
    කර්ට් රිච්ටර් මහත්තයාට දැන ගන්න ඕනෙ වුනා අත්දැකීම් අනුව මීයන් කොයිතරම් දේ ඉගෙන ගන්නවද කියල බලන්න.

    ඒ පර්‍යේශනයේ කොටසක් හැටියට ඒ මහත්තයා වීදුරු භාජන දහයක් අරගෙන ඒ භාජනවල භාගයක් විතර වතුරෙන් පුරවනව. අපි හිතමු තරමක් විශාල පර්‍යේශණ නල කියල.

    මේ භාජන වලට එයා දානව මීයන් එක්කෙනා බැගින් දහදෙනෙක්. භාජනයේ කට උස වැඩී නිසා මීයන්ට එලියට පැනල බේරෙන්න බැහැ. ඒ එක්කම වීදුරු නිසා පහුරු අල්ලන්නෙත් නෑ වටේ බිතිතියේ.
    විනාඩි දහයක් විතර යද්දි පලවෙනි මීයා ගිලෙනව.

    විනාඩි දහයෙන් පස්සෙ මීයන් බොහොම මහන්සි වෙනව පීනල බේරෙන්න . විනාඩි දාහතර පහලව වෙද්දි අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නෙ නෑ බේරෙන්න
    විනාඩි පහලව පහුවෙද්දි වෙහෙස නිසාම මේ මීයො දහදෙනාම ගිලිල මැරෙනව.

    දෙවනි සැරෙත් මේ වගේම භාජන වලට වතුර පුරවල අලුත් මීයන් දහදෙනෙක් දානව. හැබැයි විනාඩි දහයට කිට්ටු වෙද්දි රිච්ටර් මහත්තයා එක මීයෙක්ව ගොඩට ගන්නව. ඊලඟ විනාඩියේදී තවත් මීයෙක් ගොඩට ගන්නව. මෙහෙම හැම මීයෙක්ම එකින් එකා ගොඩට ගන්නව විනාඩි පහලව ගත වෙන්න කලින්. ඒ කියන්නෙ එක මීයෙක්වත් මැරෙන්නෙ නෑ. ඊට පස්සෙ එයාලට කෑම වේලක් දීල විවේක ගන්න ඉඩ හරිනව.

    ඊලඟ දවසෙත් මේ විදිහටම මේ මීයො දහදෙනාවම අරගෙන පර්‍යේශණය පටන් ගන්නව. හැබැයි විනාඩි දහයක් යද්දි මීයො ගොඩට ගන්නෙ නෑ.

    ඒ කියන්නෙ විනාඩි පහලවක් විතර ගත වෙද්දි මීයො හැමෝම ගිලිල මැරෙන්න ඕනෙ.
    ඒත් එහෙම වුනේ නෑ. එහෙම නම් ඒ අය කොයිතරම් කාල‍යක් පීනමින් ඉන්න ඇතිද.? විනාඩි විස්සක් වගේ..? නෑ.
    පැය භාගයක් හෝ පැයක්..? නෑ.
    එහෙනම් පැය හයක්..?
    නෑ.

    ඇස් දෙක පියාගෙන මොහොතක් හිතල බලන්න.
    කොච්චර කාලයක්ද.?

    පැය හැටක්. ඔව් පැය හැටක් වෙනකල් එක මීයෙක් වත් ගිලිල මැරෙන්නෙ නෑ. ඒ කියන්නෙ දවස් දෙක හමාරක් යනකල් එක මීයෙක්වත් ගිලෙන්නෙ නෑ.

    ඒ කියන්නෙ කලින් දවසෙ අත්දැකීම අනුව මීයන්ගෙ මොලය කියනව තව ටිකක් ඉවසපන්. .. උඹව කවුරු හෝ බේරගනීවි.. ඉන් පස්සෙ කාල බීල නිදා ගන්න පුළුවන් කියල.
    මේ පණිවිඩේ දෙන්නෙ කවුද ..? ඒ පණිවිඩේ දෙන්නෙ මීයන්ගෙ මොළේ.

    මොලය නිකුත් කරන මේ පණිවිඩය නිසා විනාඩි දහයක පහලවක් කාලයක් පීනන්න හැකියාව තිබුනු මීයන් ඒ හැකියාව පැය හැට දක්වා වර්ධනය කරගන්නව.
    ඒ කියන්නෙ කලින් තිබුනු හැකියාව වගේ 240 ගුනයක හැකියාවක් මීයන්ට ලැබෙනව මේ පුංචි පණිවිඩය නිසා.

    එක මීයෙක් පැය අසූ එකක් තිස්සෙ පීනමින් හිටිය සටන අතාරින්න කලින්.

    මේකෙන් අදහස් වෙන්නෙ මොකද්ද..? කලින් කරන්න බෑ කියල හිතුන දේ මේ අයට කරන්න පුලුවන් කියල හිතුන..” කවුරු හෝ තමන්ව බේරගනියි” කියන අදහස නිසා.

    කල නොහැකි යැයි සිතුනු ඕනෑම දෙයක් ධනාත්මක සිතිවිලි නිසා කිරීමට හැකියාව ලැබෙන බවයි මෙහි නිගමනය.

    මේක මිනිසුන් සම්භන්ධයෙනුත් සත්‍යයි.

    බලාපොරොත්තු සහ විශ්වාස කිරීම ඔනෑම ආශ්චර්‍යක් සිද්ධ කල හැක කියලත් තව විදිහකට අර්ථ දක්වන්න පුළුවන්.

    මීයන් කියන්නෙ මිනිස් මොලයට ආසන්න ක්‍රියාකාරීත්වයක් ඇති මොලයක් සහිත සතුන්.
    ඒකෙන් අදහස් වෙන්නෙ ඔබටත් අවශ්‍ය වෙන්නෙ මොලයෙන් ලැබෙන මේ සුභවාදී හෝ ධනාත්මක පණිවිඩය විතරයි.

    අන්තිම මොහොත වෙනතෙක් අතාරින්න එපා.. සටන් කරන්න කියනව වගේම මේ පර්‍යේශණය හරහා තවත් කාරණයක් වටහා ගන්න ඉඩ සැලසෙනව.
    ඒ තමයි තමන් පුරුදු සාමකාමී පරිසරය අහිමි වූවත්
    දුශ්කර/අසාධාරණ පරිසරයකට හැඩ ගැහෙන්න මීයන් වගේම මිනිසාත් පුරුදු වෙනව කියන එක.
    රිච්ටර් මහත්තයා වතුර භාජන තුල නිර්මාණය කරන්නෙ අසාධාරණ අමිහිරි පරිසරයක් ඔහුගේ වාසිය සඳහා. නමුත් බලාපොරොත්තුව මත අසාධාරණයට හැඩ ගැහෙන්න ... පිලිගන්න මීයන් පුරුදු වෙනව.
    සමහර විට මීයන්ට හැකියාවක් නැහැ රිච්ටර් මහත්තයාට විරුද්ධව හඬ නගන්න.
    නමුත් රිච්ටර් මහත්තයා පාලකයාටත් ... මීයන් ජනතාවටත් සමාන කලොත් .... ජනතාවට හැකිවිය යුතුයි දේශපාලකයා මවා දෙන අසාධාරණ පරිසරයට එරෙහි වන්න.
    නැතිනම් සිදුවෙන්නෙ දුශ්කර සමාජයට ටිකින් ටික හුරුවෙලා ..අනුගත වෙලා ගිලිලා යන්න සිදුවීමයි.
    ඒක නොදැනීම සිදුවෙනව මේ මොහොතෙදිත්.

    මීයන් තනි භාජන තුල හිටියත් ජනතාව ඉන්නෙ එකට.. එක විශාල භාජනයක් ඇතුලෙ බව මතක් කල යුතු නැහැ.

    (Curt Richter 1894-1988)

    FB_IMG_1678715099813.jpg