මීවනපලානයගේ ගොං කතා ඉවරයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවෙ බොහෝ දෙනා නොදන්නා, නමුත් ඉතා වැදගත් විවාදයක් පසුගිය දාක සිදුවුණා. ඒ, බුදුහාමුදුරුවන් වහන්සේ ජන්මලාභය ලැබූ දේශය ලංකාව ද යන්න ගැනයි. විවාදය සඳහා සම්බන්ධ වූයේ ජම්බු පාර්ශ්වයෙන් ජයරත්න පතිර ආරච්චි සහ අනෙක් පාර්ශ්වයෙන් මහාචාර්ය ගල්වැවේ විමලඛන්ති ස්වාමීන් වහන්සේ. විවාදය පැවැත්වූයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී.

    විය යුතු පරිද්දෙන් ම, බුද්ධචරිතයට අදාළ ප්‍රධානතම ස්ථාන හතර, එනම්, ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතන මිගදාය, සහ කුසිනාරාව ඇත්තේ ලංකාවේ බව පෙන්වාදීමට, ජම්බු පාර්ශ්වයට කිසිදු සාහිත්‍යමය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් පෙන්වා දීමට අපොහොසත් වුණා. අවසානයේ, මෙම සතර සංවේගස්ථාන තිබෙන්නේ ලංකාවේ ය යන අදහස හුදෙක් තමන්ගේ අදහසක් හෙවත් අත්තනෝමතයක් බව පිළිගැනීමට ජයරත්න මහතාට සිදු වුණා. අනෙක් අතට ගල්වැවේ හිමියන් ඇසූ ප්‍රශ්නවලට, ජයරත්න මහතා ගෙදර යන තුරුත් කිසිදු පිළිතුරක් දීමට අපොහොසත් ව අසරණ වූ ආකාරය පෙනී ගියා. ඇත්තෙන් ම විවාදයකට වඩා එහිදී සිදු වූයේ ගල්වැවේ හිමියන්ගෙන් කුප්පියක් දමා ගැනීමයි.

    කෙසේ වෙතත් කරුණු දෙකක් නිසා අප පතිරආරච්චි මහතාට අපේ ගෞරවය පුද කරන්නට ඕනෑ. ඉන් පළමුවැන්න නම්, බුදුන්වහන්සේ වත් නොකී අමුතු "සං" දේශනාවක් කරන්නේ යැයි කියමින්, අමු අමුවේ ම සූත්‍ර දේශනා විකෘති කරන මීවනපළානේ භික්ෂුව, සිය දේශනාවල ඉදිරිපත් කරන කතන්දර බොහොමයක්, ජයරත්න මහතාගෙන් ණයට ගත් ඔහුගේ බුද්ධිමය දේපළ බව ප්‍රකාශ කිරීම.

    දෙක, යූටියුබ් එකේ පාළුගෙයි වළං බිඳින "සක්වළ පවුර" කල්ලිය මෙන්, නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයක් නොයිල්ලා, ජය ගන්නට හෝ පරාජය වන්නට, ජයරත්න මහතා කොන්ද කෙළින් තබාගෙන විවාදයට පැමිණීමයි. සක්වළ පවුරට අවශ්‍ය වූයේ ඔන්ලයින් විවාදයක් කරන්නට යැයි කීවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව වූයේ එයිනුත් යූටියුබ් වීව්ස් ටිකක් දමාගැනීම පමණක් බව දැනගත් සම්පාදක මණ්ඩලය, එම කොන්දේසිය එක හෙළා ම ප්‍රතික්ෂේප කිරීම ගැන අපේ බලවත් ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. හැරත් අවශ්‍ය නම් ඔය පෙන්වනවා යැයි කී සියලු මූලාශ්‍ර ඇරගෙන විත්, විවාදය කරන අතරේ එය පටිගත කොට යූටියුබ් දමාගන්නටත් අවස්ථාව නොතිබුණා නොවෙයි.

    සජීවී ව විවාදයක් කළොත් තමන්ට ඕනෑ ඕනෑ හැටියට කෑලි කෑලි කපා කොටා මූට්ටු කර පරාජය සඟවාගන්නට බැරි බව අප කාටත් තේරෙන සත්‍යයක්. Next Watch නාලිකාවේ Folk Watch වැඩසටහනේ අපි, සක්වළ පවුරට අප සමග විවෘත විවාදයකට එන්නැයි ආරාධනා කොට දැන් මාසයකට වැඩියි. අදටත් ඔවුන් පාළුගෙයි වළං බිඳිනවා පමණයි. මේ විවාදයේදීත් ඔවුන් අන්තිමට පළා ගියේ "විශ්වවිද්‍යාල වල නව දැනුම සංවාද කරන්නට ඉඩක් නැතැයි" කියමින්. විශ්වවිද්‍යාලවල නව දැනුම සංවාද කරන්නට කිසිදු බැරිකමක් නැහැ. නමුත් ඒ කියවන දෑට යම් ඇකඩමික ශක්නුතාවක් (academic rigour) තිබිය යුතුයි. විශ්වවිද්‍යාලවල වෙනස් අදහස් සංවාද කරන්නට නොවෙයි බැරි, කිසිදු පදනමක් නැති විකාර බහුභූත මනස්ගාත කියවන්නට තමයි බැරි.

    කෙසේ හෝ, කිසිදු සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පදනමක් නැති, හුදෙක් තනි තනි පුද්ගලයන්ගේ සිතේ පහළවල මනස්ගාතයන් ඓතිහාසික කරුණු සේ මවා පෙන්වමින්, ඉතිහාසය විකෘති කරන මෙවැනි දුර්මතයන්ට ප්‍රසිද්ධියේ ම අභියෝග කරන්නට සහ ඒවා සජීවී විවාදයකදී සකාරණ ව බිඳ හෙළන්නට උත්සුක වෙනවා යනු ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. ඒ සඳහා අත්‍යන්ත වෙහෙසක් දැරිය යුතු වෙනවා. රැකියා කරන ගිහියන් ලෙස අපට ඒ වෙහෙස දරන්නට බැහැ. ඒ බර දැරිය යුත්තේ භික්ෂූන් වහන්සේලා විසින්. අවාසනාවකට මෙන් බොහෝ භික්ෂූන් ඊට ඉදිරිපත් වන්නේ නැහැ. එවැනි වාතාවරණයකදී, ගල්වැවේ විමලඛන්ති මහාචාර්ය ස්වාමිපාදයන් වහන්සේට අපගේ ශීර්ෂප්‍රණාම ගෞරවාචාරය මෙසේ පුදකරන්නට කැමැතියි.

    CHAMEERA JEEWANTHA DEDDUWAGE


     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මිස්සක කමලසිරි හාමුදුරුවෝ පැහැදිලිව සාක්ෂි සාධක එක්ක දිර්ඝ සංවාදයකින් ලංකාවේ බුදුන් උපන් නා යැයි කියන බොරුව කඩලා ඉවරයි. යුටියුබ් ඇති බලන අයට බලන්න.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,679
    2,118
    113
    පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද?

    පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා.
    තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා.
    තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා.
    තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා.
    තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා.
    තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා.
    පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම.

    - අර්‍ය පර්‍යේශන සූත්‍රය