අසත්‍යය පරදා සත්‍යය ජයගන්නා දිනය වැඩි ඈතක නොවේ.නමුත් අසත්‍යයම රජ කරවන්නට උත්සාහ කරන බුද්ධගෝෂ පරපුරේ වත්මන් පදපරමයින් හට අනුකම්පා කිරීම හැර අන් කළ හැකි යමක් නොමැත.ඔවුන් සතර අපායෙන් මුදවා ගැනීමද ලේසි පහසු නොවන බව පෙනේ.
පින්වත් ජිංතක ජිල්ලබකිට,
තවත් පුද්ගලයෙකු පදපරම යැයි වටහා ගන්න හැකි ඥාණයක් ඔබට තිබෙනවාද? මට නම් නැහැ. එහෙම ඥාණයක් මට නැති නිසා අතිශයන්ම අඥාන ලෙස අධර්ම සහ අවිනය කරුණු පැවසුවත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්වවත් පදපරම යැයි මම කියන්න යන්නේ නැහැ. එසේ නොකියන්නේ මට අන් අය පදපරම යැයි දකින්න ඥාණයක් නැති නිසා. ඒ ඥාණය උතුම් දෙයක් නොවැ.
ඕන්න මට නම් නැහැ අන් කෙනෙක් පදපරම යැයි කියන්න ඥාණයක්. එහෙම ඥාණයක් තියෙන මේ කාලේ ජීවත් වෙන අන් කෙනෙක් ගැනවත් මම දන්නේ නැහැ.
ඒත් සමහරක් අය "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසුවාට ඒ සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකි ධර්ම ඥාණය ගැන විස්තර අහපුවාම විස්තර කියාගන්න බැරි වෙලා තියෙනවා. මේ එළකිරියේම "ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download" කියන ත්‍රෙඩ් එකේ ඒ ගැන තියෙනවා. එහෙම අය තමන්ට එහෙම කියන්න ඥාණයක් නැතය කියා දැනගන්නේත් අපිම ඉන්න හින්දා.
ඒ වාගේ අය අන් අයගේ පදපරම බව ගැන දකින්න තමන්ට ඥාණයක් තියෙනවාද, නැද්ද කියලා තේරුම් ගන්නත් අපිම අහන්න වේවිද මන්දා?
Skylark

