මීවිත ඇදිරිය.....

මීවිත ඇදිරිය

මම ඇදේ ඉහ ඉද්දර අතගා බැලීමි.කුඩා මොටර් ඇන්ජිමක් මෙන් පුරු පුරු ගා මගේ උනුහුම අපේක්ෂාවෙන් සිටින පූස් තඩියා අතින් ගෙන බිමට දැමූ මම
ඇද විට්ටමට කොට්ටය දමා ඇල වීමි.කුස්සියේ දැල්වෙන බල්බයෙනුත් හිරමනයෙන් නැගෙන ජරබර හඩිනුත් අනුත්තරාගේ උදෑසන වික්‍රමය ආරම්භ වී ඇතැයි යන්න
අවබෝධ විය.

චිප් දුවනවා අහකට...

අනුත්තරා පූසාට සැර වූවාය.මම විදුලි පන්දම ගෙන ඔරලෝසුව දෙසට අල්ලා බැලුවෙමි.

හතර හමාරයි.අරනෙක් අතට හැරී නිදාගන්නට දෑස කිව්වද අනුත්තරාට ලූණු බිකක් හෝ සුද්ද කර දෙන්නට මගේ සිත මට බල කලාය.
අනුත්තරා මා සමග ඇත්තේ අමනාපයෙන් විය යුතුය.ඉදහිට හෝ මිතුරෙකු සමග සෙට් වුවහොත් අනුත්තරා මා සමග රොස් වෙයි.
පෙරදිනනම් නිවසට පැමිණියේ කෙසේද යන්න වත් මගේ මතකයේ නැත.උදෙන්ම ෂේප් එකක් දාගන්නවා.මම එසේ සිතමින් ඇදෙන්
බැස කුස්සියට ගියේය.

ම්... හංහහ්.... හතර හමාරයි... මම ඈ කථාවට ඇදගනු වස් කීවෙමි.ඈ කරබාගත් වනම හිරමනය කැරකුවාය.

කෝ දෙන්න අනූ පොල් ටිකක් ගාලා දෙන්න.....

ඈ නිහඩව පොල් බෑය තබා කේතලය ලිප මත තැබුවාය.අනතුරුව බෝන්චි කරල් කීපයක් කුල්ලකට දමාගත් ඇය ඒවාගේ නූල් අදින්නට විය.
මට අම්මා සිහි වෙයි.අම්මේ චූ බරයි... අම්මා උදෑසන උයද්දී මම බොහොවිට ඇහැරගන විත් අම්මාගේ ඇගේ දැවටුනු අන්දම මට අද මෙන්
මතකය.මම අනුත්තරා අසලට ගොස් ඇගේ බද වටා අතක් යැව්වෙමි.අනුත්තරාද මට මවකි.බිරිදකි.විටෙක දියනියක මෙන් මා හා සුරතල් වෙයි.

අහකට වෙන්න මාලන් මට පරක්කු වෙනවා.... ඈ එසේ කියමින් මගෙන් මිදුනය.ඈ දැන් අනුත්තරා නොවේය.තවමත් ඇත්තේ ඊයේ යකා නැගගත්
ගැහැණියයි.මම නිහඩ වීමි.ඈ විසින් ලිප තබන ලද කේතලය ගිනිදැලින් තැලුම් කා ඉවසා ගත නොහැකිව හෝස් හෝස් ගාන්නට විය.විස්කෝතු ටින්
එක මා අසලින් තැබූ ඈ කහට කෝප්පයක් වත් කලාය.වෙනදානම් ඈ කිරි කෝප්පයක් හදන්නීය.එකත් එකටම කිරිපිටි ඉවරවී ඇති සෙයකි.මගේ
ඉහ මොල රත් වෙන්නේ දැන්ය.පෙරදා උදෑසන අනුත්තරා මට බඩු ලිස්ට් එකක් දුන්නාය.කිරි පිටි අනුත්තරාගේ අකුරු මගේ කලිසම් සාක්කුවේ
ගුලිවී තවමත් තිබිය යුතුය.

කිරිපිටි ඉවරද?... මම හොරෙක් මෙන් කොදුරා ඇයගෙන් ඇසුවෙමි.අනුත්තරා වහා මා දෙස බැලුවාය.

නිකන් විහිලු කරන්න එපා මාලන්... අනුත්තරාගේ දෑසින් කදුලු කඩාහැලුනේය.ඇගේ හඩ දරුවන්ටද ඇසේයැයි සිතන තරම් විය.

ඔයා ඊයේ ගෙදර ආවේ හතර ගාතෙන්.හොද වෙලාවට අර පැටවු දෙන්නා නිදාගෙන උන්නේ.මාලන් ඔයා මිදුලේ වැට ගාව ඉදල ගෙට අරගෙන එන්න
මං මොන තරම් දැගලුවද.බඩුත් අරගෙන ගෙදර එනව කිව්ව මිනිහ ගෙදර ආවේ අතේ සතයක්වත් ඉතුරු කරගෙනද?

ඩයස්.... ඩයස් කථා කලානේ...අනුත්තරා... මම ඇයට පිලිතුරු දෙන්නට වෙහෙසුනෙමි.

කවුරු කථා කලත් මාලන් ඔයාට ඔයාගේ සීමාව තේරෙන්න ඕනි.ඔයා පොඩි ලමයෙක්ද?ඔයා දන්නවද ඔයාගේ සපත්තු දෙක ඔරලෝසුව අඩුම
තරමේ මං ඔයාට දාපු මගුල් මුද්දවත් ඔයාගේ අතේ තියෙනවද?

මොනවා....

මම මගේ ඇගිලි දෙස බැලුවෙමි.දෙවියනේ.... මට මගේ වෙරි මතයෙහි රස දැන් රත් වූ ඊයම් කල්දේරමක බැස ඉන්නාක් මෙන් දැනෙයි.

මං කොච්චර පිරිමහ ගත්තත් ඔයා හම්බ කරන දේ ඉතිරි කලත් වැඩක් නෑ මාලන්.අපි කොච්චර ආදරෙන් හිටියත් වැඩක් නෑ මාලන් ඔයාට බැරිනම්
වීදුරු බෝතල් වලින් ඈත් වෙලා ජීවිතේ පටන් ගන්න....

අනුත්තරා පියවි ලොවේ සිට අමතන්නේ මේ සැබෑ සත්‍ය හඩින් නොවේද?මම වැරදි කල කුඩා දරුවෙකු මෙන් ඇයට සවන්දී සිටියෙමි.පිටුපස හැරී
ලිපේ දර සකසන අනුත්තරාගේ නයිටි ගවුම උරහිස අසලින් ඉරී ඇත.ඈ එය අන්ඩ දමා සකසාගෙන බොහෝ කල් වියයුතුය.ඒහෙත් ඒ පිලිබදව
ඇගෙන් කිසි මැසිවිල්ලක් මා වෙත මීට පෙර නොලැබුනි.අපි කොච්චර ආදරෙන් හිටියත් වැඩක් නෑ අනුත්තරාගේ ඒ වචන මගේ දෙකන් හරහා
යන යවුල් මෙනි.එහෙත් අද මේ ඈ කෙරෙහි බිදී යන්නේ ඈ අතින්ම සාර්ථකාංකය දක්වාම වටහාගත් දුක නොවේද?මම කොතරම් ඇයට ආදරය කලත්
මගේ බීමත් කම නතර කරන්නට මට පුළුවන් කමක් නොවීය.බීගත් කල මා අධමයෙක් ලෙස නොහැසිරෙන බව මම දනිමි.එහෙත් මා බීගන්නේ
කුමක් අරඔයාද යන්න මමවත් නොදනිමි.මා ඇතුළු අප සියළු දෙනාම එක්ව ලබන ජොලිය කුමක්ද?මා මගෙන්ම ප්‍රෂ්ණ කලෙමි.ඩයස්ගේ හෝ
නන්දනගේ ආරාධනයෙන් මම බෝතලයකට සම්මාදම් වීමි.එසේ සප්පායම් වන මා ගෙදර එන්නේ සිහිකල්පනාවකින් තොරවය.අනුත්තරා මං
ඔයා ගැන බැලුවේ නෑ මම සිහියෙන් ගෙදර ආවේ නෑ මගෙ සිත මටම දොස් තබන්නට විය.අනුත්තරා වහා මගේ දෙපා මුල ඇදවැටුනාය.
ඇසේ කදුලු කෙතරම් උණුසුම්දැයි මට මේ සීතල උදෑසන හොදින් දැනුනි.අනුත්තරා මේලෙස මගේ දෙපා සිප ගන්නේ දෙවන වරටය.පලමු කොට
අපේ විවාහයේදීය.මම වහා ඈ නැගිට්ටුවා මගේ ලයට තද කර ගත්තෙමි.

මට නැතත් මගෙ අහිංසක දරුවෝ දෙන්නට බේබදු තාත්තෙක් වෙන්න එපා මාලන්....

ඒ උදෑසන උදා වුයේ එලෙසය.ඒ දිනය ගෙවී ගියේ එලෙසය.රෑ දෙගොඩහරියේ හතර ගාතෙන් ගෙදරට එන මම එදා පටන් දෙපයින් සැබෑ සැමියෙක්
සැබෑ පියෙක් ලෙස ගෙට ගොඩවන්නට පුරුදු වීමි.

අප්පච්චියට අද නිමාඩුද?

මගේ පුතු මගෙන් ඇසුවාය.මං පුතුන් දෙදෙනා දෑතින් ගෙන කුස්සියට ගියෙමි.

අද අප්පච්චියා අපිත් එක්ක තේ බොන්නේ...ලොකු පුතා එසේ කියමින් මල්ලී සමග වේගයෙන් සාලයට දුව ගියේය.මම අනුත්තරා වෙත ලංවීමි.
ඇගේ මුහුණේ මහත් වූ කාන්තියක් විය.මම ඇගේ අතගෙන සාක්කුවේ වූ දේ තැබූවෙමි.

මොනාද?

මගුල් මුද්ද.... ඔෆිස් එකේ චිරන්ත තමයි හොයලා දුන්නේ....

නෝනා කැමති නම් සුරා සූදුවෙන් තොර හැන්සම් කොල්ලෙකුට.මාත් කැමතියි මේ නෝනව අයෙත් කසාද බඳින්න.....

මම තොල්පට විකාගෙන සිනාව නවත්වාගෙන කීවෙමි.අනුත්තරා මගෙ උරහිසෙහි එල්ලී මගේ පපුවට තුරුල් විය.මීවිත ඇදිරිය සදහටම අප පුංචි
කූඩුවෙන් තුරන් විය..


:):):):):):):):):):):):):)
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    යාළුවා ඔයාට එලට ලියන්න පුළුවන්නේ.........කතාව හිතේ මවාගන්න පුළුවන් විදියට ලියනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් හොඳයි මචං.. ඒත් මේක මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා මට මතකයි.. ඒත් කොහේද කියලා මතක නෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සඳකැළුම්;9567506 said:
    කොපි කරපු එකක් නෙමෙයි.මේක මං පත්තරේට ලිව්ව එකක්.ඒක බලන්න ඇති
    එහෙනම් පත්තරේ වෙන්න ඇති දකින්න ඇත්තේ.. :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාර්ථක උත්සහයක් මචන් කොයි පත්තරේද මේක ගියේ.
    මම මේක මගේ යාලුවන්ටත් පෙන්නන්න ඕන.
    මමනම් බොන්නෙත් නැහැ
    බැඳලත් නැහැ.
    එත් අනෙක් උන් හරි වැඩක් ගනියිනේ
    Rep4+
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගෑනී එකපාරක් ඇඬුවම බොන එක නවත්තන ස්වාමිපුරුෂයෝ ඉන්න එක නම් හොඳයි. හැබැයි ඒ කතාවල විතරයි