මී_කිරි_හොරු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මතු පිට සුදු වුණාට කිරි කන්නේ බලාගෙනයි රසට වඩා දුරට ගියපු තිත්ත ඈත්ත



    l5.jpg

    අනාදිමත් කාලයක පටන් අපේ රටේ අතුරුපසක් ලෙස මීකිරි වලට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම ග්‍රාමිය ජනතාව අතර මීකිරී වඩා ජනප්‍රිය අතුරුපසකි. වයස් භේදයකින් තොරව අප හුග දෙනෙක් මුදවපු කිරි අනුභවයට වඩා රුචි වෙති. විශේෂයෙන් කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක භාවය නිසාය එහෙත් අපි මෙහිදි කතා කිරීමට උත්සහ කරන්නේ මීකිරිවල පවතින රසයට ගුණයට වඩා වෙනස් කාරණාවක් පිලිබදවයි. ඔබ මේ ලිපිය කියවීමෙන් අනතුරු ව මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් වේයැයි අපි සිතමු.

    මේ ලිපිය විශේෂයෙන් අපේ රටේ මීකිරි කර්මාන්තය සහ අප මෙතෙක් අසා නොතිබුණු එහි ඇතුළාන්තය පිලිබදවයි. අප මහමඟ ගමන් කරන විට මුණගැසෙන මීකිරි නිෂ්පාදනය සිදුවෙන පලාත්වල පාර දෙපැත්තේ කුඩා තට්ටුවක කඩයක එසේම ග්‍රාමීය පෙදෙස්වල සතිපොළට ගමෙන් ගෙන එන කිරි හට්ටිදෙකතුනක් විකුණන වෙලෙදුන් පිලිබදව නොවෙයි. මේ කතා බහා සිය ගණන් ගවයින් මගින් සිදු කරන මහ පරිමාණයේ මුදවපු කිරි නිෂ්පාදනයන් ගැනයි. බොහෝ විට අපි දන්නා කරුණක් මේ මීකිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන කිරි ලබා ගන්නා ගවයින්ගාල් ඇති ගමෙන් බොහෝ ඈත වන රොද ආශ්‍රිත පෙදෙස්වල ය. ඒ වනය ඇතුළේ ඉන්න දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නැවත භාජනවල අසුරා නගරයේ ඇති නිෂ්පාදනාගාර වෙතට රැගෙන යෑම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට සිදුවන්නේ ගව පට්ටිය ආසන්නයේ ස්ථානයක මීකිරි නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමයි.

    මේ ආකාරයට ජනගහණයෙන් තොර කැලෑ බද පරිසරයක මුදවාපු කිරිහට්ටි නිෂ්පාදනය සිදු කරන නිසා ඕනෑම ආකාරයක වස විස මිශ්‍ර මීකිරි නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට කිසිදු බාධාවක් නැත. මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන මීකිරි වල ගුණාත්මක භාවය සේම එම නිෂ්පාදනාගාර වල තිබෙන්නාවු අඩුපාඩු සහ පිරිසිදු බව පිළිබදව සොයා බැලීමට සිටිනා අදාළ රජයේ නිලධාරීන් පරික්ෂාවට ලක් වුවත් ඒ අදාළ නිලධාරින්ට පවා සොයා ගැනීමට නොහැකි සුක්ෂම ක්‍රමවේදයන් මේ කූට නිෂ්පාදකයන් විසින් යොදාගන්නා ලද බවට තොරතුරු හෙළි වී තිබේ. වස විස යොදා මේ ආකාරයෙන් සිදු නිෂ්පාදනයන් කිරීමෙන් එම නිෂ්පාදනයන් පාරිභෝජනය කරන්නන්ට එහි අනිසි ප්‍රතිවිපාක ක්ෂණිකව නොලැබෙයි. නමුත් දීර්ඝකාලිනව අනිසි ප්‍රතිවිපාක අත්වෙයි.

    මේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කළහොත් මුලින්ම දෙනුන්ගෙන් දොවා ගත් කිරි පදම් කොට ගත් පසු එම කිරි හට්ටිපේළියට තබන අතර එම මැටි හට්ටිවලට අසුරා ඇති කිරි සදහා පුලුන් කැබැල්ලක තවරන ලද ෆොමලින් ස්වල්පයක් මුසු කරනබවට කරුණු හෙළිදරව් කර තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට මේ ක්‍රියාවලියට ඉතා හොඳ පලපුරුද්දක් තිබිය යුතුයි. ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල කුඩා කිරි හට්ටිට ඇතුල් කර එකවර නැවත එළියට ගත යුතුයි. පුළුන් කැබැල්ලට පොඟවන ප්‍රමාණය ගැන හොද අවබෝධයක් ද තිබිය යුතු සේම කිරිහට්ටිය තුළට ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල දමා තිබිය යුතු කාලය පිලිබදවත් මිශ්‍ර කරන්නාට අවබෝධයක් තිබිය යුතුයි. මේ ෆොමලින් මිශ්‍රකිරීමෙන් නිෂ්පාදකයන් අපේක්ෂා කරන්නේ කල් තබාගැනීමයි. වෙනත් මීකිරිවලට වඩා වැඩිකාලයක් මේ මීකිරි කල් තබා ගැනීමේ හැකියාවක් ඇත. දුර පළාත්වලට කිරි බෙදා හරින විට මේ කිරි නිෂ්පාදිත දිනයක් කල් ඉකුතු දිනයක් නැත. නමුත් කිරි හට්ටිය පරික්ෂා කර බැලුවොත් එහි කිරි නරක් වීද නැත. එනිසාම ලේබල් ඇලවීම ඇතුළු සියලු දේ සිදුකෙරෙන්නේ කොළඹ හො නාගරික පෙදෙස්වලට රැගෙන ආ පසුවය. දින කිහිපයක් පසුවුවද මේ තොග ගැනුම් කරුවන්ට කිසිදු ගැටලුවක් නැත. ඊට හේතුව මුදවන ලද කිරි නරක් නොවීමයි.

    මේ පිරිස මේ ආකාරයට කිරිමුදවා ගන්නා අතර තවත් පිරිසක් ප්ලාස්ටර් පැරිස් කලවම් කරන බවත් ඒ පිරිස උණු කරන ලද කිරි කලවම් කර කල්දේරමට දමා ප්ලාස්ටර් පැරිස් කලවම් කරන කුඩා මැටිහට්ටිවලට අසුරනු ලබන බවද සදහන් වෙයි. තවත් පිරිසක් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් යොදා ගන්නා බවටද තොරතුරු සදහන් වන බවත් මේ සියල්ල සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණයෙන් මේ මුදවාපු කිරි කර්මාන්තයේ යෙදෙන්නන් නොවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.

    විශේෂයෙන් මහ පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැළෙන්නන් විසින් භාවිත කරන මේ ෆොමලින් කලවම් කර තිබෙන කිරි හට්ටියක් සොයා ගැනීම අසීරු කාරියකි. නමුත් ප්ලාස්ටර් පැරිස් කලවම කරන ලද මුදවන ලද කිරි හටිටියක් සොයා ගැනීම පහසුවෙන් කළ හැකිය. මුදවන ලද කිරි මැටි හට්ටියේ ඇලී තිබුණොත් ඒ ගැන සැළකිළිමත් විය යුතුයි. විශේෂයෙන් මේ ප්ලාස්ටර් පැරිස් කළවම් කරලා තිබුණ මීකිරි හට්ටියත් සමඟ එකට පැලැස්තරයක් එකට ඇලී තිබිය හැකියි. අනෙත් අතට හැරවුවත් කිරි හට්ටියෙන් ඉවත් නොවෙයි. නමුත් මුදවන ලද කිරි හට්ටිය ඉවත් කළ පසු හට්ටියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුවත් මේ කිරී යම් ප්‍රමාණයක් භාජනයේ ඉතිරි වීම බොහො විට ෆෝමලින් මිශ්‍රකිරීමෙන් සිදුවිය හැකිය.

    කෙසේ වෙතත් මුදවපු කිරි පරිභෝජනය කරන්නන් විසින් නියම මීකිරි හඳුනා ගන්නා ආකාර දෙක තුනක් මෙහිදි සදහන් කළ යුතුයි. කිරි හට්ටිය උඩ කොටසේ මිදී තිබෙන යොදය සුදුපාට නම් ඒ පිළිබද සිතා බැලිය යුතුයි. සාමාන්‍යයන් එම උඩ කොටස ලා කහ පැහැයෙන් යුතුවිය යුතුයි. එවැනි කිරි හට්ටියකට යොදය ඈත් කර එක් තැනකින් කිරි හැන්දක් ගත් විට ටික වෙලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි.

    ඇතැම් ප්‍ර දේශවල මහ පරිමාණයේ මීකිරි නිෂ්පාදකයන් තමන්ගේ නි‍ෙවසේ යම් උත්සව අවස්ථාවලදී කිසිදු හේතුවක් මත තම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය වන මීකිරි පරිභෝජනය සදහා යොදාගන්නේ නැත. පාරිභෝගිකයා ගැන නොසිතා මුදල් පසුපස පමණක් දුවන මෙවැනි කූට නිෂ්පාදකයන්ගෙන් හැකිතාක් ප්‍රෙව්ශම් වනවාට වඩා කළ හැකි වෙනත් විකල්පයක් නැත .

    සුභද්‍රා දේශප්‍රිය
    පසුබිම් කතාව
    නුවරඑළිය සමූහ සී. මහගම
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කන බොන දේට හොර වැඩ කරන උන්ගේ පවුල් පිටින් හැදී ගෑවිලා පල.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kanne wasa.. bonne asanik..

    api nm bonne mineral water kiyala hitena ayata kiyanna tyenne ehnm watte wawagena elawalu kanna. mineral water dala kumburu kotanna kiyala thama
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තවත් පිරිසක් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් යොදා ගන්නා බවටද තොරතුරු සදහන් වන බවත් මේ සියල්ල සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණයෙන් මේ මුදවාපු කිරි කර්මාන්තයේ යෙදෙන්නන් නොවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.

    මචන් මේ කතාව නම් 100% හරි. මම ජනාධිපති මැතිවරණය කාලෙ ලංකාවේ හිටියෙ ඒකාලේ ඔය දේශපාලන වැඩ වලට හම්බන්තොට පැත්තේ තමයි වැඩිපුර හිටියේ. දවසක් අපිට දවල් කෑමට ඒ පළාතේ ඉන්න මීකිරි නිෂ්පාදකයෙක් එන්න කිව්වා. ඉතින් අපි පොරගෙ ගෙදරට ගියා. දවල්ට බත් කාල අවසන් වුනාට පස්සෙ අපිට මීකිරි කන්න දුන්න. හැබැයි මි කිරි හට්ටි සියල්ලම හදල තිබුනෙ වෙන නිෂ්පාදකයෙක්. මට ඒක ප්‍රශ්නයක් නිසා මගේ මිතුරා ගෙන් මම ඒ ගැන ඇසුව. මගේ යාළුවා ඒ ගැන කිරි මුදලාලිගෙන් විමසු විට මුදලාලි කියපි උගේ කිරි තවම මිදිල නැ කියල. ඒක නිසා පිට තැනකින් අපිට කිරි අරගෙන දුන්න කියල කිව්වා. මම ඇහුව කිරි මිදෙන්න කොපමණ කාලයක් යනවද කියල. පැය අටක් විතර යනව කියල මිනිහ මට කිව්ව. මම කිව්වා මට කිරිහට්ටි 4ක් හවසට ගන්න ඕන කියල. මිනිහ ටිකක් වැඩේට කැමති නෑ වගේ. මිනිහ මට කිව්ව අද තියෙන කිරි ටික order එකකට හදපුව කියල, මහත්තයට මම දැන් ගෙනාපු තැනින් ගෙන්වල දෙන්නම් කිව්ව. පස්සෙ දැනගත්තෙ පොර කිරි මුදවන්න ඇසිටික් ඇසිඩ් දානව කියල. ඒක තමයි ඌ අපිට පිටින් කිරි අරගෙන දුන්නෙ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මචන් මේ කතාව නම් 100% හරි. මම ජනාධිපති මැතිවරණය කාලෙ ලංකාවේ හිටියෙ ඒකාලේ ඔය දේශපාලන වැඩ වලට හම්බන්තොට පැත්තේ තමයි වැඩිපුර හිටියේ. දවසක් අපිට දවල් කෑමට ඒ පළාතේ ඉන්න මීකිරි නිෂ්පාදකයෙක් එන්න කිව්වා. ඉතින් අපි පොරගෙ ගෙදරට ගියා. දවල්ට බත් කාල අවසන් වුනාට පස්සෙ අපිට මීකිරි කන්න දුන්න. හැබැයි මි කිරි හට්ටි සියල්ලම හදල තිබුනෙ වෙන නිෂ්පාදකයෙක්. මට ඒක ප්‍රශ්නයක් නිසා මගේ මිතුරා ගෙන් මම ඒ ගැන ඇසුව. මගේ යාළුවා ඒ ගැන කිරි මුදලාලිගෙන් විමසු විට මුදලාලි කියපි උගේ කිරි තවම මිදිල නැ කියල. ඒක නිසා පිට තැනකින් අපිට කිරි අරගෙන දුන්න කියල කිව්වා. මම ඇහුව කිරි මිදෙන්න කොපමණ කාලයක් යනවද කියල. පැය අටක් විතර යනව කියල මිනිහ මට කිව්ව. මම කිව්වා මට කිරිහට්ටි 4ක් හවසට ගන්න ඕන කියල. මිනිහ ටිකක් වැඩේට කැමති නෑ වගේ. මිනිහ මට කිව්ව අද තියෙන කිරි ටික order එකකට හදපුව කියල, මහත්තයට මම දැන් ගෙනාපු තැනින් ගෙන්වල දෙන්නම් කිව්ව. පස්සෙ දැනගත්තෙ පොර කිරි මුදවන්න ඇසිටික් ඇසිඩ් දානව කියල. ඒක තමයි ඌ අපිට පිටින් කිරි අරගෙන දුන්නෙ.[/SIZE]

    :(
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෑම වලට හොර වැඩ කරන හොරුන්ට අන්නියන් එකේ වගේ දඩුවම් දෙන්න ඕනි

    මේ තියෙන්නෙත් කෑම වලට හොර කරපු එකෙක්ට අන්නියන් එකේ දඩුවම් දෙන හැටි