මුගලන් ඝාතනය කලේ ...?

monson

Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    මුගලන් ඝාතනය කලේ ...?

    උඩවලව පිටවාන අසලදි වෙඩි තබා ඝාතනය කරන ලද මුගලන් නැමති ඇත්පැටවා ගේ දළ වනජීවි නිළධාරින් විසින් ගලවාගෙන ගොස් තිබිණි. ඇත්පැටවාගේ මරණය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට දළ රැගෙන ගියේ නම් එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වු පසු එම දළ යුගල විනාශ කර දැමීම කල යුතු බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියා සිටියි. එසේ නොවන්නේනම් එම දළ ලබා ගැනිම වෙනුවෙන් ඇතා ඝාතනය කිරීමේ වරදට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද වගකිව යුතු බව ඔහු සඳහන්කර සිටියි.

    ea18788a6ad6b903f32d1d4ea3260cc7-L.jpg


    කාරියවසම් මහතා මේ තත්වය පිළිබද වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
    ලංකාවේ බොහෝ ඇතුන් ඝාතනය වීමෙන් පසු දළ කපාගෙන විත් ඒවා පන්සල් වලට පුජා කල ඉතිහාසයක් තිබිණි. නැත්නම් ජනපතිවරු , හෝ දේශපාලඥයන්ගේ ගෙවල් වලද ඒවා ගොඩ ගසමින් ඇති අතර දේව පුජා ,යක්ෂ පුජා පිළිබද මිත්‍යාව අදහන රාජ්‍ය පාලකයෝද මෙම අපරාධ ඉතිහාසය පුරාම සිදුකරන ලදී. දළ වලට ඇති වටිනාකම සමාජයේ නැති කිරීමටනම් රජය මැරුණු අලින්ගේ දළ ගලවාගෙන විත් සන්තකයේ තබා ගන්නවා වෙනුවට ඒවා ප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුවා මෙන්ම රජයේ මෙන්ම මේවාට සම්බන්ධ අනෙක් ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගතයුතුය.
    නමුත් පසුගිය කාලය පුරාවට දළ පමණක් නොව හොර අලි ළග තබා ගත් අලි රෝෂාන් ,උඩුවේ ධම්මාලෝක, වාසනා මුදලාලි, නිලංග දෑළ වැනි අයට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීය. එහි ප්‍රතිපලය විසින් අනෙක් අලි හොරු හෝ ඇත් දළ ජාවාරම් කරුවන් තමන්ට අවැසි පරිදි සිය ජාවරම් කරලෙන යනු ලබයි. මුගලන් ඝාතනය එහි එක් පියවරකි. මේ සියල්ල එකිනෙක බැඳී පවති.
    සියඔලන්ගොමුවේ ඇතාගේ මරණය හෝ මුගලන්ගේ මරණය මෙහි කෙළවර නොවන්නේ හොරුන්ට ජාවරම් කරුවන්ට අවශ්‍ය පරිදි පරිසර සම්පත, සත්ත්ව සම්පත විනාශකිරීමටත් එයින් පසු නිදැල්ලේ සිටීමත් අවශ්‍ය තරම් නිදහස රටේ තිබීමයි. එය නීතිය පිළිබද ගැටළුවකට වඩා ජනතාවගේ ගැටළුවකි. මිත්‍යා දෘෂ්ටික ජනතාවක් කිසිදිනක මෙහි අක් මුල් තෙරුම් ගන්නේ නැත. පන්සලක අලි තබාගන් අලි බෙට්ටටත් වන්දනාමාන කරති. දම්වැල් වලින් ගැටගසා සිටින අලි ඇතුන් මුදල් දී බැලීමට යති. එලෙස මේ සියළු ජාවාරම් සදහාද මහජන සහය ලබා දි ඇත.
    මෙහෙවු රටක මුගලන් තියා සැරියුත් මුගලන්වත් ආරක්ෂා කරගැනීමට හැකිවේද?''


    - https://sinhala.srilankamirror.com/news/16398-mugalan
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උඩුවේ ධම්මාලෝක නිලංග නිසා තමයි දැන් මෙහෙම කරන්නෙ අනේ උඹේ අම්මට හුකා ගන්නෙ නැතුව හිටපන්
    ඩොලර් කුක්කා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුගලන් මරපු කැරියගේ, පුකට කම්බි කටු බස්සන්න ඕන බන් ,

    පොන්න රජය , මරණ දඩුවම දෙන එක එවෙලේ මරුවනම් මේවා මෙහෙම වෙන්නේ නැ බන්...

    අලියෙක් මැරුව කියන්නේ ජීවිතාන්තය දක්වා හිරේ යන බරපතල වරදක් මට මතක හැටියට ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    maha ponna ratak bn.api dakka muwa.marila kiyala danne na.u hitagena wage htye.mara dukai bn.u mara lassana sathek.munta therenne naththe ai manda me saththunge watinakama

    ඔය පැටියෙක් බන්... දල දෙක ලස්සනට ඇවිල්ල ලොකු වෙන්න දුන්න නම් ගොඩක් වටිනා ඇතෙක්
    දල දෙකත් ලස්සනට තියෙනවා..

    වෙඩි තියල තියෙන්නෙත් බන් හොද වෙපන් එකකින් ඔලුවටම
    හොදට ඉලක්කේ අරන් ලගට ඇවිල්ල නැත්නම් දුර ඉදල පවර්ෆුල් වෙපන් එකකින්...

    මොකක් හරි ලොකු කේස් එකක් මේක... කව්රුහරි සම්බන්දය්....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඩුවේ ධම්මාලෝක නිලංග නිසා තමයි දැන් මෙහෙම කරන්නෙ අනේ උඹේ අම්මට හුකා ගන්නෙ නැතුව හිටපන්
    ඩොලර් කුක්කා




    උඩුවේ දම්මලොකයා ත් සල්ලි වලට කෑදර වේසිගෙ පුතෙක් තමයි සෝමාගේ බෝයිෆ්‍රෙන්ඩ්



    නිලංග ගැන දන්නේ නෑ උගේ පව්ලේ උන් සල්ලි කාරයෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනිව ඕකට වනජීවී උන් සම්බන්ද ඇති දෙසපලුවොත් ඇති. අලිරොසන් වගේ උන් දේශපාලුවෝ පිහිටෙන් තමයි ඕව කලේ අර ඊට කලින් මැරුණ අලියා ගැනත් සැකයි බං අර ලොකු එකා. තව සජිත එහෙමත් දල සීන් එකේ හිටියලු නේද
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඔය පැටියෙක් බන්... දල දෙක ලස්සනට ඇවිල්ල ලොකු වෙන්න දුන්න නම් ගොඩක් වටිනා ඇතෙක්
    දල දෙකත් ලස්සනට තියෙනවා..

    වෙඩි තියල තියෙන්නෙත් බන් හොද වෙපන් එකකින් ඔලුවටම
    හොදට ඉලක්කේ අරන් ලගට ඇවිල්ල නැත්නම් දුර ඉදල පවර්ෆුල් වෙපන් එකකින්...

    මොකක් හරි ලොකු කේස් එකක් මේක... කව්රුහරි සම්බන්දය්....

    ane manda bn.api ganan gaththe na wadiya.ado mara majestic look ekak uge thiyenne kiyala gya balagena.u para aina kittuwatama awith htye.me kalakanni minissunta inna ratak nathi karanawa madiwata sathektaawath inna denne na.mara awul me rata gana
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    One shot Aliyawa marala thinawa. Hoda purudu karayekge wedak wage.


    Me wage kalakanni weda karanne aliyage dala ganna ne. Aliyawa marapu ewuntai Dala ganna giya ewuntai sapa wenna ona.


    47119196_2262881123948130_1184580043553112064_n.jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    උඹේ අම්මට හුකා ගන්නෙ නැතුව හිටපන්
    ඩොලර් කුක්කා

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    පහුගිය සමයේ ලංකාවේ වැඩිපුරම අලි පැටවු ඉපදී ඇත්තේ මහරගම ආශ්‍රිතව බව පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි.

    දුෂණ විරෝධී පෙරමුණ පසුගියදා (16 වනදා) පැවැත්වු මාධ්‍ය හමුවේදී නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගැනීම පිළිබඳව ගවේශණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම අලි ජාවාරම පිළිබඳව අදහස් දැක්වු පරිසරවේදී තිලක් කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්වීය.

    “සංගණන වාර්තා අරගෙන බැලුවම පහුගිය කාලේ ලංකාවේ වැඩිපුරම අලි පැටවු ඉපදිලා තියෙන්නේ ඔය මහරගම ආශ්‍රිතව. එහෙම තමයි පොත් පත්වල සටහන් වෙන්නේ.

    මේ අලි පැටව් මහරගම ආශ්‍රිතව සීග්‍රයෙන් වර්ධනය වුනා නෙවෙයි වර්ධනය කෙරෙව්වා.

    කැලේ ඉන්න මව් ඇතින්නට වෙඩි තියලා මරලා පැටියව උස්සන් ඇවිල්ලා මව්ගුණ ගැන බණ දෙසන හාමුදුරුවරු පන්සල් වල තියාගත්තා.

    ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි එහෙම ගේන අලිපැටව් විකුණුවා.

    එහෙම ගේන අලි පැටවුන්ට හොර උප්පැන්න හදපු නිසා තමයි මහරගම ආශ්‍රිතව පහුගිය කාලේ අලි පැටවු වැඩිපුරම ඉපදුනා කිලයා වාර්තා වල සඳහන් වෙන්නේ.

    සන්නස් පත්‍රයකින් අලි 6 ක් දීලා :


    හිටපු ජනාධිපතිවරයා සන්නස් පත්‍රයකින් අලි 6 දෙනෙක් දීලා තියෙනවා. මේ අලි පැටව් සන්නස් පත්‍රයකින් දීලා තියෙන්නේ තමන්ගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට.

    අපි අහනවා සන්නස් පත්‍රවලින් මේ රටේ අලි දෙන්නේ කොහොමද?අප්පච්චි තමන්ගේ දරුවන් බුදලේ බෙදනවා වගේ තමන්ගේ ආරක්ෂකයින්ටයි හිතවතුන්ටයි පුතාටයි මල්ලිටයි අලි බෙදලා දීලා.


    දැන් විනිසුරු තිලිණ ගමගේ ලග නීති විරෝධි අලි පැටියෙක් ඉන්නවා. දැන් එතකොට අලි පැටියෙක් තියාගෙන ඉන්නවා කියලා උඩුවේ ධම්මාලෝක අත්අඩංගුවට ගත්ත නම් ඇයි තිළිණ ගමගේ අත් අඩංගුවට ගන්නේ නැත්තේ? උඩුවේ ධම්මාලෝකයි තිළිණ ගමගේයි අතර වෙනස මොකක්ද ? නීතියේ තියෙන වෙනසක් ඇයි? එහෙනම් මෙයා අත්ඩංගුවට ගන්නේ නැත්තේ?

    මේ අලි පැටවු ගැන සවිස්තරාත්මක ගවේෂණ වාර්තාවක් මේ වෙකොට දුෂණ විරෝධී පෙරමුණ විසින් අදාල බලධාරීන්ට යොමු කරලා තියෙන්නේ. අපි කියනවා මේ රජයට වහාම මේ නීති විරෝධි අලි ජාවාරම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා“.

    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝණය කරමින් අලි අතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම පිළිබඳව අනාවරණය වු තොරතුරු සහ මව් ඇතින්න මරා පැටවුන් ලබා ගැනීම පිළිබද ගවේෂණ වාර්තාව පහත පළවේ.


    LetterPDF_600px_16_03_22.jpg


    - http://www.sinhala.srilankamirror.com/news/item/12513-2016-03-21-14-25-58

    More:
    රාජපක්ෂ අලි පැටවුන් ජාවාරම - ආරක්ෂාවට PSD දාල

    ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    ඇලන් මැතිනියාරාමයේ අලි පැටවුන් ජාවාරම | ‘ආරක්ෂාවට PSD දාලා‘

    by Sajeewa Chamikara on March 4, 2016

    ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි.

    DSC_0490-800x365.jpg


    පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කි‍්‍රයාත්මක වූ නීති විරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට වත්මන් රජය විසින් යම් උත්සාහයක් ගනිමින් සිටී. නමුත් එම කි‍්‍රයාවලිය නතර කිරීමට මේ වන විට බලවේග බොහොමයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. එ් අතරතුර අලි පැටවුන් ජාවාරමේ නිරත වූ ඇතැමුන් සමාජය හා අධිකරණය මුලා කරමින් ඉතාම සාවද්‍ය හා හාස්‍යජනක ප‍්‍රකාශ කරමින් නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. එ් අතුරින් ප‍්‍රධාන වන්නේ පොල්හේන්ගොඩ, ඇලන් මැතිනියාරාමයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ය. එතුමන් වහන්සේ භාරයේ සිටි අලි පැටවා නීති විරෝධීව වනාන්තරයෙන් අල්ලා ගත් බලපත‍්‍රයක් රහිතව රදවාගෙන සිටි අලි පැටවකු බව තහවුරු වී තිබිය දී උන්වහන්සේගේ ආරාමයේ දමා ගොස් සිටි අලි පැටවකු තමන් ඇති දැඩි කර ගත් බවට සාවද්‍ය හා හාස්‍යජනක ප‍්‍රකාශ කරමින් අධිකරණය මුලා කර නීතියෙන් ගැලවීමට උත්සාහ ගනිමින් සිටී. නමුත් එම උත්සාහය තුළ ම උන්වහන්සේ නීති විරෝධීව අලි පැටවා රදවා ගෙන සිටි බවට තහවුරු කර තිබේ.

    2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 22 අ (1) වගන්තියට අනුව බලපත‍්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීම කළ නොහැකිය. මෙම පනතේ 22 අ (7) වගන්තියට අනුව ලියාපදිංචි නොකර, බලපත‍්‍රයක් නොමැතිව අලියකු සන්තකයේ තබා ගෙන සිටින පුද්ගලයකු වරදකරුවකු වන අතර රුපියල් ලක්ෂයකට නොඅඩු හා දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර දෙකත් පහත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ. පනතේ 22 අ (12) වන වගන්තියට අනුව ලියාපදිංචි කළ බලපත‍්‍රයක් නොමැතිව රදවා ගෙන සිටින අලියකු පොදු දේපලක් ලෙස සැලකෙන අතර 1982 අංක 12 දරන පොදු දේපල පනතේ විධි විධාන වලට යටත්ව නීතිය කි‍්‍රයාත්මක කළ හැකිය. මේ සියළුම වගන්ති ධම්මාලෝක හිමියන් උල්ලංඝනය කර ඇත.

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප‍්‍රකාශ වලට අනුව තමන් අලි පැටවා රදවා තබාගෙන ඇත්තේ බලපත‍්‍රයක් නොමැතිව බව තහවුරු කර තිබේ. ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමට උන්වහන්සේ කටයුතු කරන ආකාරය ඉතාම වැරදි සහගතය. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය. එසේ නම් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතට අනුව අලි පැටවුන් නීති විරෝධීව රදවා තබා ගෙන සිටින සෑම පුද්ගලයකුටම එකම ආකාරයෙන් සර්ව සාධාරණව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව ඇත.

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කුමන සාවද්‍ය ප‍්‍රකාශ කළ ද යතාර්තය ඊට ඉදුරාම වෙනස් ය. ඇලන් මැතිනියාරාමයේ රදවා සිටි ටිකිරා නම් අලි පැටවා වනාන්තරයෙන් නීති විරෝධීව අල්ලා ගෙන ඇත්තේ අලි පැටවුන් ජාවාරමේ ප‍්‍රධාන මෙහෙයුම්කරු වන නිරාජ් රොෂාන් මහතාය. 2014 වසරේ දී අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුද්දක් පමණ විය. 2015 ජනවාරි 28 වන දින මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැනට මෙම අලි පැටවාව උඩවලව ඇත් අතුරු සෙවණේ රදවා සිටී.

    ඇලන් මැතිනියාරාමයේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි භාරයේ සිටියේ මෙම අලි පැටවා පමණක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු අමාත්‍ය සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් අලි පැටවුන් දෙදෙනා ද වරින් වර මෙම ආරාමයේ රදවා තබන ලදී. එසේ අලි පැටවුන් රදවා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ රැකවරණය ද ලබා දෙමිනි.

    o8yl36.jpg


    ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව සිටි යුධ හමුදාව විසින් ති‍්‍රකුණාමලයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවා වැඩි කාලයක් රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව 2015 ජනවාරි 31 වන දින මෙම අලි පැටවාව හා පින්නවල අලි අනාථාගාරයෙන් ගෝඨාභය මහතාට ලබා දී තිබූ අලි පැටවා ද සමඟ පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලදී. නමුත් තවම එ් පිළිබඳව පරීක්ෂා කිරීමක් හෝ නීති විරෝධීව කැලයෙන් අල්ලාගත් අලි පැටවාව සන්තකයේ තබා ගැනීමට එරෙහිව ගෝඨාභය මහතාට නඩු පැවරීමක් හෝ මේ වන තුරුත් සිදු කර නොමැත.

    සචින් වාස් ගුණවර්ධන මහතාට අයත් සන්දක නම් අලි පැටවාව බොහෝ අවස්ථා වල දී රදවා සිටියේ ඇලන් මැතිනියාරාමයේ ය. 2011 වසරේ දී හබරණ කැලයෙන් නිරාජ් රොෂාන් මහතා විසින් අල්ලා ගන්නා ලද මෙම අලි පැටවාගේ එවකට වයස අවුරුදු 3 ක් පමණ විය. පන්නිපිටිය, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි භාරයේ සිටි මෙම අලි පැටවාව 2011 වසරේ දීම සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇත්තේ රුපියල් කෝටියක මුදලකටය. මෙම අලි පැටවා මිල දී ගෙන ඇත්තේ ගුණවර්ධන මහතාගේ වැඩිමහල් පුතනුවන්ගේ උපන් දිනයට ත්‍යාගයක් ලෙස ලබා දීමට ය. අද වන විට මෙම අලි පැටවාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත උඩවලව, ඇත් අතුරු සෙවණේ රදවා තබා ඇති අතර මේ වන විට නීතිය කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී.

    2f0f1qe.jpg


    අප අලි පැටවුන් ජාවාරමේ නිරත වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය යන්න අවධාරණය කරන්නේ එය නීති විරෝධී කි‍්‍රයාවක් පමණක්ම නිසා නොවේ. මෙම සියලූ අලි පැටවුන්ට ස්වාභාවික පරිසරය තුළ ජීවත් වීමට හා එම සතුන්ගේ කාර්යය භාරය ස්වාභාවික පරිසරය තුළ කි‍්‍රයාත්මක කිරීමට නිදහස් අයිතියක් ඇති නිසා ය. එපමණක් නොව ඉදිරියේ දීද අලි – ඇත් පරපුරට බාධාවකින් තොරව ස්වාභාවික පරිසරය තුළ තම ජෛව කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කරමින්, පාරිසරික තුළිතතාවය ඇති කරමින් නිදහසේ බාධාවකින් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසාය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තියට අනුව ස්‍වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් රැක ගැනීම ශී‍්‍ර ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම ලෙස ද තහවුරු කර ඇත. එම යුතුකම ඉටු කිරීම පරිසරවේදීන් ලෙස අප බැදී සිටී. මේ නිසා නීති විරෝධීව රදවාගෙන සිටින අවසන් අලි පැටවා දක්වා සාධාරණය ඉටු වන තුරු අප හඬ නගන්නෙමු.

    පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටස යටතේ 32 වන පිටුවේ සඳහන් කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත නොබියව හා පක්ෂග‍්‍රාහී බැවින් තොරව දැඩි ලෙස කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවය.

    එසේ නම් කළ යුතුව ඇත්තේ අපක්ෂපාතීව අලි පැටවුන් ජාවාරමට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම සියලූ අලි පැටවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කර ස්වාභාවික පරිසරයට මුදා හැර එම සතුන්ට අනාගත පරපුරක් බිහි කිරීමේ අයිතිය සුරක්ෂිත කර දීමය.

    Sajeewa-Chamikara.jpg


    සජීව චාමිකර |Sajeewa Chamikara
    පරිසර සංරක්ෂණ භාරය


    - http://www.vikalpa.org/?p=26393

    ...
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    1e1c088a183c78c850b30bc5904c23d3_XL.jpg






    මේක සෑහෙන්න දිග කතාවක්. වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

    ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.

    ඒ කතාව මෙන්න මෙහෙමයි.

    මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී Nadeeka Jayanath Wijeweera ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Madhavi Lokukaravia නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.

    ‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්.“

    ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.

    නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.

    ඒ වනවිට මම මගේ මල්ලිටත්, Madura De Silva , Nadika Hapuarachchi , Jagath Gunawardana, Sajeewa Chamikara, Karyawasam Thilak (තිලක් කාරියවසම්), Pubudu Weerarathna වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)

    ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.

    මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.

    ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ Nadika Hapuarachchi තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.

    මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.
    වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.

    නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.

    පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.

    මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.
    උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.

    අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)
    මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.

    ‘‘මේ දරුව කාගෙද ? "

    ‘‘මගේ හාමුදුරුවනේ"

    ‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා."
    මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම් ''

    මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.

    මධම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.

    එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
    මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.

    අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.
    මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.
    මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.

    රුපියල් ලක්ෂ හතරක් පමණ වැය කරමින් පුවත් පත් දැන්වීම් දමා පන්සලට ගෙනවිත් දැමූ අලියා වෙනුවෙන් නඩු කියන්න රුපියල් 10 ඉල්ලන අපේ හාමුදුරුවනේ දෙසනවා ද බුදු බණ ඩිංගිත්තක්.

    - මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව ෆේස්බුක් සමාජ ජාලයෙන් උපුටා ගන්න ලදී.

    කෙසේ නමුත් උඩුවේ නම් කහකඩයා නිති විරෝධීව ළඟ තබා ගත් අලි පැටවා කොලොන්නාවේ සුමංගල නම් හොර අලි ජාවාරමේ යෙදුනු කහඩකයා මඟින් අලි රොෂාන් නම් වල අලි ජාවාරම් කරුවාගෙන් මිලදී ගෙන ඇති බව මේ වන විට පොලීසිය තහවුරු කර ගෙන ඇති බව පැවසේ.



    ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    Case against elephant racketeers 'Ali Roshan' and seven others to be heard on Feb 13

    5 December 2018

    The case filed against 'Ali Roshan' and seven others over charges of elephant racketeering will be taken up on a daily basis before the High court from February 13, 2019.

    The order was issued when the case was taken up before a three-member judge bench in the High Court today (Dec 05).

    Samarappulige Niraj Roshan alias 'Ali Roshan' and seven others have been charged under 24 counts by the Attorney General public under the Flora and Fauna act and the public property act. The Attorney General has filed 24 cases in 24 charges including the illegal possession of four elephants and illegal conspiracies.

    The suspects are alleged to have possessed four elephants without a valid license.

    - http://www.sundaytimes.lk/article/1...roshan-and-seven-others-to-be-heard-on-feb-13
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    Investigations reveal elephant killed for its tusks, 2 suspects remanded

    By Kasun Warakapitiya

    Two villagers in the Udawalawe area have been arrested and produced in the Wellawaya Magistrate’s court over the killing of Mugalan, police said.

    The suspects identified as Tennakoon Mudiyanselage Kulatunga Banda and Abeysekara Chandrasena were remanded until December 19.

    Acting Officer in Charge (OIC) S.D Dissanayake said their investigations have revealed that the suspects had killed the tusker to obtain its tusks.

    “We have found evidence that the suspects had shoved pieces of metal into a muzzleloader gun to shoot the tusker. The mettle particles were extracted from the gunshot wound,” he said.

    The officer said the arrests were made on information obtained from Special Task Force officials and police intelligence.

    He said the trap gun set up by the two suspects had been found and investigations are continuing to find the “muzzleloader gun” that was used to shoot the animal.

    “They shot a protected animal which was inside protected park,” said Udawalawe head park ranger R.A.D.D.D Samaranayake, adding that they were also conducting their own investigation.

    He said their probe revealed that only two shots had been fired to kill the tusker so as not to alert wildlife officials.

    Mr Samaranayake said the tusker had been shot from the direction of the main road.

    More:
    http://www.sundaytimes.lk/181209/ne...for-its-tusks-2-suspects-remanded-323993.html