මුගලන් ඝාතනය කලේ ...?
උඩවලව පිටවාන අසලදි වෙඩි තබා ඝාතනය කරන ලද මුගලන් නැමති ඇත්පැටවා ගේ දළ වනජීවි නිළධාරින් විසින් ගලවාගෙන ගොස් තිබිණි. ඇත්පැටවාගේ මරණය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට දළ රැගෙන ගියේ නම් එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වු පසු එම දළ යුගල විනාශ කර දැමීම කල යුතු බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියා සිටියි. එසේ නොවන්නේනම් එම දළ ලබා ගැනිම වෙනුවෙන් ඇතා ඝාතනය කිරීමේ වරදට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද වගකිව යුතු බව ඔහු සඳහන්කර සිටියි.
කාරියවසම් මහතා මේ තත්වය පිළිබද වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
ලංකාවේ බොහෝ ඇතුන් ඝාතනය වීමෙන් පසු දළ කපාගෙන විත් ඒවා පන්සල් වලට පුජා කල ඉතිහාසයක් තිබිණි. නැත්නම් ජනපතිවරු , හෝ දේශපාලඥයන්ගේ ගෙවල් වලද ඒවා ගොඩ ගසමින් ඇති අතර දේව පුජා ,යක්ෂ පුජා පිළිබද මිත්‍යාව අදහන රාජ්‍ය පාලකයෝද මෙම අපරාධ ඉතිහාසය පුරාම සිදුකරන ලදී. දළ වලට ඇති වටිනාකම සමාජයේ නැති කිරීමටනම් රජය මැරුණු අලින්ගේ දළ ගලවාගෙන විත් සන්තකයේ තබා ගන්නවා වෙනුවට ඒවා ප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුවා මෙන්ම රජයේ මෙන්ම මේවාට සම්බන්ධ අනෙක් ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගතයුතුය.
නමුත් පසුගිය කාලය පුරාවට දළ පමණක් නොව හොර අලි ළග තබා ගත් අලි රෝෂාන් ,උඩුවේ ධම්මාලෝක, වාසනා මුදලාලි, නිලංග දෑළ වැනි අයට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීය. එහි ප්‍රතිපලය විසින් අනෙක් අලි හොරු හෝ ඇත් දළ ජාවාරම් කරුවන් තමන්ට අවැසි පරිදි සිය ජාවරම් කරලෙන යනු ලබයි. මුගලන් ඝාතනය එහි එක් පියවරකි. මේ සියල්ල එකිනෙක බැඳී පවති.
සියඔලන්ගොමුවේ ඇතාගේ මරණය හෝ මුගලන්ගේ මරණය මෙහි කෙළවර නොවන්නේ හොරුන්ට ජාවරම් කරුවන්ට අවශ්‍ය පරිදි පරිසර සම්පත, සත්ත්ව සම්පත විනාශකිරීමටත් එයින් පසු නිදැල්ලේ සිටීමත් අවශ්‍ය තරම් නිදහස රටේ තිබීමයි. එය නීතිය පිළිබද ගැටළුවකට වඩා ජනතාවගේ ගැටළුවකි. මිත්‍යා දෘෂ්ටික ජනතාවක් කිසිදිනක මෙහි අක් මුල් තෙරුම් ගන්නේ නැත. පන්සලක අලි තබාගන් අලි බෙට්ටටත් වන්දනාමාන කරති. දම්වැල් වලින් ගැටගසා සිටින අලි ඇතුන් මුදල් දී බැලීමට යති. එලෙස මේ සියළු ජාවාරම් සදහාද මහජන සහය ලබා දි ඇත.
මෙහෙවු රටක මුගලන් තියා සැරියුත් මුගලන්වත් ආරක්ෂා කරගැනීමට හැකිවේද?''
- https://sinhala.srilankamirror.com/news/16398-mugalan