හා හා උඹල දේශ ද්‍රෝහියො වෙන්නද හදන්නෙ ? ඕවට විරුද්ධව කතාකරලා ඇමරිකන් කුමන්තරණයක කොටස් කාරයො වෙන්න එපා. දේශප්‍රේමියො වගේ කටවල් වහගෙන බලාගෙන ඉදපල්ලා

පිස්සු පුසා;14844050 said:තොට පයිත්තියන්ද ,
මම කිවුවේ කුලයක් ගැන නෙවෙයි ගොනෝ, හාලි කටවල් ගැන

tharaha ganna epa mama upahasayak kare hali hodai anduwe inna aemathilata wada wage upahasayak mama kare...uba naetta pagan inna epa haema thisema![]()









යකෝ BBS කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙමෙයි. ආණ්ඩුවේ හැම දේම විවේචනය කරන්න ගියොත් ඔය කරන වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට විරුද්ධ වෙච්ච ගමන් ආණ්ඩුව කරන්නේ ගහන්න පටන් ගන්න එක. BBS එකට කරන්න තියෙන හොඳම දේ තමයි ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් ඉඳගෙන බෞධාගමට එල්ල වෙන ප්‍රශ්න වලට හීන් නූලෙන් උත්තර හොයන එක. හකීම්ල කරනෙත්, ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න දෙමල පක්ෂ කරන්නෙත් ඕකමයි. ආණ්ඩුවේ හදන්න යන්නේ නැතුව තමන්ගේ වැඩේ කර ගන්නවා.
මගේ අදහස නම් BBS නෙමෙයි ඕනෙම සන්විදානයක් කරන්න ඕනේ ඕකම තමයි. මුලින්ම ආණ්ඩුව අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන්ගේ වැඩේ ශේප් එකේ කරගන්න.
කල්පනා කරලා බලන්න, බුදු හාමුදුරුවෝ කලෙත් ඔය වගේම වැඩක් තමයි. කොහේ හරි ප්‍රදේශයකට ගියාම මුලින්ම කරන්නේ එම ප්‍රදේශයේ නායකයට එහෙම නැත්නම් රජතුමාට ධර්මය දේශනා කරලා ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීපු එක. ඊට පස්සේ අනිත් ප්‍රශ්න හිමීට ඉබේම විසදෙනවා. නැතුව බුදුන් වහන්සේ කොහෙවත් රජයකට කිව්වේ නැහැ, අන්තහ්පුරය වසා දමන්න, බ්‍රහ්මදන්ඩනය මිස වෙන කිසිම දඬුවමක් දෙන්න එපා, හිර ගෙවල් ඇරලා දාන්න, සියලුම සූදු පොළවල් වසා දමන්න, තැබෑරුම් වසන්න කියල.
අද ඉන්න අපේ සමහරක් බත් කන වස්සන්ට ඕනේ, කැසිනෝ කාරයෙක් එනකොට ඒකටත් බොදු බල සේනා යන්න, මසාජ් ක්ලිනික් එක වහන්නත් ඕනේ බොදු බල සේනා.







ඇමතිතුමෝ තමුන්නාන්සේගේ මෑණියන්දගේ සහනය වෙන්නැති නේද ඔය.
මම මේ සියලුම එළකිරි සාමාජිකයන්ට කියන්නේ හොඳට අහගන්න ....
ආණ්ඩුව කියනවා නේද යම් යම් දේවල් වලට සහන දෙනවා කියල. කියන්නේ හරියට භාණ්ඩාගාරයෙන් දෙනවා වගේනේ. පට්ටපල් අමූලික බොරු. ඔය එක සහනයකටවත් ආණ්ඩුවට සත පහක් යන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමෙයි. අපි උදාහරණයට ගමු පෙට්රෝල්. මම මේතැනදී ගන්න බදු අයිතම ඇත්තම ඒවා නෙමෙයි. මට වෙලා නැහැ ඕව හොයා හොයා ඉන්න. නමුත් වෙන දේ තමයි මේ.
පෙට්රෝල් ලීටරයක් ඉරානයෙන් මිලට ගෙන කොළඹ වරාය තෙක් ගෙනෙන්නට යන මිල: රු 70
බදු #1 රු. 20
බදු #2 රු. 30
බදු #3 රු. 30
බදු #4 රු. 25
බදු #5 රු. 40
සියල්ලේම එකතුව හෙවත්, පෙට්රෝල් ලීටරයක් මහජනතාවට විකිණිය යුතු යයි ආණ්ඩුව තීරණය කරන මිල. රු.215
සහනාදාරය ලීටරයකට: රු. 35
අවසාන වෙළඳපොල මිල ලීටරයක් රු. 175
දැන් තමයි සීන් එක පටන් ගන්නේ. ඉතින් දේශපාලන වේදිකා වලයි, ටීවී එකෙයි, ප්‍රවුර්ති වලටයි එකී නොකී මෙකී හැම හුයන්නෙම හැම හුයන්නම කියවන්න පටන් ගන්නවා තෙල් මිල ඉහල ගිහින්, අපි මහජතාවට ලීටරයකින් මෙච්චර සහනයක් දෙනවා, ඒක නිසා භාන්ඩාගාරේට අවුරුද්දට බිලියන මෙච්චරක් පාඩුයි. කියල.
මිල තීරණය කරන ආකාරය දන්නේ නැති අපේ මෝඩයොත් හිතනවා ආණ්ඩුව මේ ඇත්තටම අපිට ආදරේට සහනාදාර දෙනවා කියල. උන් කරන්නේ උන්ම දාපු බදු මිලෙන් කොටසක් සහනාදාරය විදියට අපිට දෙන එක.
කොටින්ම කියනව නම් අපිව අසාදාරන විදියට ගොනාට අන්දනව....
(ඉහත මිල ගණන් මිල යාන්ත්‍රනය පැහැදිලි කෙරීමට යොදාගත් ඒවා පමණි)
විදුලියෙනුත් ඒකකයකින් මෙච්චර පාඩුයි පාඩුයි කියන්නේ ඔය සෙල්ලමම තමයි.




